ආත්‍රයිටිස්‌වලට සහනය දෙන බෙහෙත් වට්‌ටෝරු 2 ක්‌

ප්‍රශ්නය - ඔබ අද අපට කියා දෙන්නට සූදානම් වන්නේ මොනවා ගැන ද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඉතා ප්‍රයෝජනවත් ආයුර්වේද බෙහෙත් වට්‌ටෝරු කිහිපයක්‌. ශ්‍රොaණිත රක්‌තය සහ රූමැටික ආත්‍රයිටිස්‌ කියන්නේ ඉතාම වේදනා ගෙන දෙන රෝග දෙකක්‌. මේ රෝග දෙක නිසා සන්ධි ආසාදනය වුණාම කියන්න බැරි තරම් වේදනාවක්‌ එනවා. ඒ සඳහා ඖෂධ වට්‌ටෝරු කිහිපයක්‌ කියන්නම්.

1 වැනි වට්‌ටෝරුව

එඬරු තෙල් මිලි ලීටර 5
ඉතා සිහින්වට අඹරාගත් අරළු ග්‍රෑම් 5 යි
උණු වතුර කෝප්ප භාගයයි.

සාදන ක්‍රමය

එඬරු තෙල් හා අරළු කුඩු හොඳින් මිශ්‍ර කරන්න. මෙයින් ග්‍රෑම් 3 ක්‌ උණු වතුර කෝප්ප භාගය සමඟ පානය කරන්න. සන්ධි වේදනාව ඉතා සුළු වේලාවක්‌ තුළ නැති වෙනවා. මෙය වේදනා නාශක පෙතිවලට වඩා ඉතාම ගුණදායක අතර වේදනා නාශක පෙතිවලින් වන හානිsය ශරීරයට සිදු වන්නේ නැහැ.

මෙය උදේට හෝ රෑට ආහාරයෙන් පසු ගත හැකියි. මෙය ඉතාම තිත්ත බෙහෙතක්‌ වුණත් ඉතාම ගුණදායකයි.

මේ ඖෂධය දින 7 ක්‌ තබා ගත හැකියි. ඉන් පසු නැවත සාදා ගත යුතුයි. 

සති 4 ක්‌ එක දිගටගත් විට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

මෙය ක්‍රියා කරන හැටි

ආයුර්වේදයට අනුව රූමටික ආත්‍රයිටිස්‌ හට ගන්නේ ශරීරයේ ආමය ඇවිස්‌සීම නිසයි. ආමය ඇවිස්‌සෙන්නේ ආහාර ජීර්ණ ශක්‌තිය හීන වීම සහ ප්‍රතිශක්‌තිකරණය දුර්වල වීම නිසයි. අරළු සහ එඬරුතෙල් වලට පුළුවන් මේ තත්ත්වය නිවැරැදි කරන්නට. ආමාශය සහ බඩවැල් පිරිසිදු කිරීමට මේ ඖෂධයට පුළුවන්. මේ ප්‍රතිකාරය කරන අතර තුර මහානාරායන තෛලය යොදාගෙන සන්ධි සම්බාහනය කළොත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

නිතර පාචන තත්ත්වයේ පසුවන අය මේ ඖෂධය පරිහරණය නොකළ යුතුයි.

2 වැනි වට්‌ටෝරුව - 

වියළි මිදි අහුරක්‌ ගෙන එය දශමූලාරිශ්ඨය ස්‌වල්පයකට දමා සතියක්‌ පදම් වෙන්නට තබන්න. ඉන් පසු රාත්‍රි නින්දට පෙර එම මිදි ගෙඩි 6 ක්‌ ආහාරයට ගන්න. මෙයට සමගාමීව එළඟිතෙලින් බදින ලද සුදුලූනු බිකක්‌ හැමදාම ආහාරයට ගන්න.


මෙය ආත්‍රයිටිස්‌ රෝගයට ඉතාම හොඳ අත් බෙහෙතක්‌.

දිනපතාම බෝංචි ආහාරයට ගන්න. එහෙම නැත්නම් බෝංචි කරල් 10 ක්‌ අමුවෙන් බ්ලෙන්ඩරයේ දමා වතුර කෝප්ප භාගයක්‌ දමා ගසා ඒ යුෂ මිරිකා දෛනිකව පානය කරන්න.

පාර්ස්‌ලි කියා එළවළුවක්‌ සුපිරි වෙළෙඳසල්වල තිබෙනවා. කුඩාවට ලියන ලද අමු පාර්ස්‌ලි කෝප්පයක්‌ උතුරවන වතුර කෝප්ප 2 කට මිශ්‍ර කර විනාඩි 15 ක්‌ තබන්න. ඉන් පසු ජලය පෙරා හැර ශීතකරණයක දමා පාවිච්චි කරන්න.

ෆාමසියකින් ලබා ගත හැකි කොඩ්ලිවර් ඔයිල් තේ හැන්දක්‌ උතුරවා හැන්දක්‌ උතුරුවා නිවා ගත් කිරි අවුන්ස 6 කට දා දෛනිකව පානය කරන්න.

සුදුලූනු බික්‌ කිහිපයක්‌ ගෙන අබරා වේදනා ගෙන දෙන සන්ධිවල තවරන්න. වහා සුවය ලැබෙනු ඇත.

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

Post a Comment

0 Comments