දියවැඩියාවයට උපරිම ගුණ දෙන භස්‌නයක්‌

ප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ දියවැඩියාවට සුදුසු අගනා ඉපැරැණි කසායක්‌ ගැන අපේ පාඨකයන් දැනුවත් කළා. එය උග්‍ර දියවැඩියාව පාලනය කරන කසායක්‌ බවයි ඔබ කියා තිබුණේ.

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - ඔව්· මේ කසාය පෞරාණික කසායක්‌ පමණක්‌ නොව වට්‌ටෝරු අස්‌ථානගටම ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුවයි රෝගීන්ට ලබා දෙන්නේ.ගත වීම නිසා පරම්පරා කිහිපයක්‌ පුරාමපරිහරණයට නොගත් ඖෂධ මාලාවක්‌. අප අතට මෙය හමු වූයේ වසර කිහිපයකට පෙරයි. එයින් පසු අප මේ කසාය අපගේ පර්යේෂණාගාරයේදී පරීක්‍ෂාවට ලක්‌ කර ගුණදොස්‌ විමසා සායනික පර්යේෂණවලට යොමුකර දිගින් දි

ප්‍රශ්නය - එය පිළිගත් වට්‌ටෝරුවක්‌ නම් තවදුරටත් සායනික පරික්‍ෂණ සිදු කරන්නේ ඇයි?

වෛද්‍ය මුහන්දිරම් - වට්‌ටෝරුව පරණයි. එය අවසන් වතාවට රෝගීන්ට දී ඇත්තේ අවුරුදු සියයකට පමණ පෙරයි. ඒ කාලයේ සිටි ජනයාගේ සිරුර අද සිටින අයට වඩා වෙනස්‌. ඒ කාලේ අයගේ ප්‍රතිශක්‌තිකරණය ශක්‌තිමත්. එහෙත් ඒ කාලයේ මේ වගේ පරිසර දූෂණය නැහැ. අද සිටින අයගේ ප්‍රතිශත්තිකරණය දුර්වලයි. එහෙත් එදාට වඩා විශාල පරිසර දූෂණයක්‌ අද තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ උඩ එදා ශාකසාර ඖෂධ අද රෝගීන්ට කොතරම් දුරට ගැලපෙනවා ද යන්න ගැන තක්‌සේරුවක්‌ තිබිය යුතුයි. ඒ නිසයි එම ඖෂධ නූතන කාලයට ගැලපෙනවාද යන්න සෙවීමට පර්යේෂණ කරන්නේ.

ප්‍රශ්නය - තයිරොයිඩ් ග්‍රන්ථියේ අසමාන ක්‍රියාකාරීත්වයන් සහ දියවැඩියාව අතර සම්බන්ධයක්‌ ඇති බව අසන්නට ලැබුණා. මෙය ඇත්තද?

වෛද්‍ය මුහන්දිරම් - Thyroid stimulating hormone (TSH) නමැති හෝර්මෝනය මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කරන අතර එවිට එම ග්‍රන්ථිය මගින් T3 සහ T4 යන හෝමෝන රුධිර සංසරණ පද්ධතියට මුදාහරිනවා. එමගින් ශරීරයේ ක්‍රියාකාරකම්වලට විධිමත් බලපෑමක්‌ වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය රෝගී වුණාම මේ සියල්ල අවුල් වී දියවැඩියා තත්ත්වය පැන නැගෙනවා. මේ නිසා සුදුසුම දේ වන්නේ නිවැරැදි ලෙස ආහාර අරගෙන විවේකය අරගෙන, ව්‍යායාම කරලා ලෙඩවලින් ඈත්ව සිටීමයි.

ප්‍රශ්නය - සුපුරුදු පරිදි දියවැඩියා රෝගීන් සඳහා අද ඔබ දෙන ඖෂධය කුමක්‌ද?

වෛද්‍ය මුහන්දිරම් - මෙයත් ඉතාම පැරැණි භස්‌නයක්‌. අලුකෙසෙල් ගෙඩියක්‌ ගෙන උණු අලු පල්ලේ තම්බාගෙන ලෙල්ල ඉවත් කර මදය ලබා ගන්න. මදයේ බරටම විලඳ (පොරි) අරගන්න. මේ දෙකම සීනි මිශ්‍ර නැති කිතුල් හකුරු ග්‍රෑම් 100 ක්‌ පමණ දමා අඹරා ගන්න. දැන් තැඹිලි ගෙඩියක්‌ ගෙන එහි ඇස්‌ස විද වතුර ටිකක්‌ ඉවත් කර අර අඹරාගත් මිශ්‍රණය තැඹිලි ගෙඩිය තුළට දමන්න. ඉන් පසු වැටකෙයා බඩ කිහිපයක්‌ ගෙන වංගෙඩියේ කොටා යුෂ කෝප්ප 3 ක්‌ පමණ ගෙන එය තැටියකට දමා ඒ ද්‍රdවණය මත තැඹිලිගෙඩිය තබා ගින්දර දමා තම්බා ගන්න. ඉන් පසු තැඹිලි ගෙඩිය තුළ ඇති මිශ්‍රණය ගෙන පෙරා උදේ හවස පානය කරන්න. මෙවැනි තැඹිලි ගෙඩි 7 ක්‌ පානය කළ පසු සීනි මට්‌ටම මැන බලන්න. ඉන්පසු ආහාර පාලනය කරන්න. මෙය ඕනෑම වර්ගයක දියවැඩියා රෝගියකුට ගුණදායකයි.

නොමිලේ විවිස්‌තර සඳහා 
0753224360/ 071 22277620/ 0815736155 අමතන්න.

Post a Comment

0 Comments