නාසා ආයතනය සොයාගත් පුදුම හත

අපේ සූර්යයා ගෙන් පරිබාහිර තාරකා ආශ්‍රිත ව පෘථිවියට සමානකම් දක්‌වන ග්‍රහලෝක පවතින්නේ දැයි සෙවීමට තාරකා විද්‍යාඥයන් උනන්දු වන්නේ කලක පටන් ය. විශේෂයෙන් ම ජීවයට සුදුසු පරිසරයක්‌ සහිත ග්‍රහලෝක සෙවීම ඔවුන් ගේ ඉලක්‌කය වෙයි. ජීවයට සුදුසු පරිසරයක්‌ වීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කෙරෙන සුදුසුකමක්‌ වන්නේ කිසියම් ග්‍රහලොවක ජලය පැවතීමයි. 

මේ වන විට පෘථිවිය හා විවිධ ආකාරවලින් සමාන ග්‍රහලෝක සොයාගැනීම් ගණනාවක්‌ ම සිදු කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව ඇත. 2015 වසර මැද වන විට, ජලය පැවතීමට සුදුසු දුර පරතරයක්‌ ඇති ව තාරකා වටා ගමන් කරන (ඒ බව සියයට 99ක්‌ ම විශ්වාසයකින් කිව හැකි) ග්‍රහලෝක 1200කට වැඩි සංඛ්‍යාවක්‌ විද්‍යාඥයන්ට හමු වී තිබිණි. 

ඉකුත් සතියේ වාර්තා වූයේ මෙකී සොයාගැනීම් පෙළෙහි තවත් සුවිශේෂී අවස්‌ථාවකි. 

එය අතිශය විරල ගණයේ සොයාගැනීමක්‌ වූ අතර එක්‌ තාරකාවක්‌ වටා, ජලය පැවතීමට සුදුසු දුර පරතරයකින් ගමන් කරන, පෘථිවියේ විශාලත්වය හා සමාන ග්‍රහලෝක 7ක්‌ ම හමු වීම එහි විශේෂත්වයයි. මේ සොයාගැනීම තහවුරු කරන ලද්දේ නාසා ආයතනයට අයත් ස්‌පිට්‌සර් අභ්‍යවකාශ දුරේක්‌ෂය මඟිනි. මෙයින් 3ක්‌ ම මවු තාරකාවේ සිට, ජලය පැවතීමට සුදුසු දුරකින් පිහිටා තිබීම ද විශේෂත්වයකි.

පෘථිවිවාසීන් වන අප විශ්වයේ සිටින එක ම ජීවීන් කොට්‌ඨාසය ද යන පැනයට පිළිතුරක්‌ සෙවීමේ උත්සාහයට මේ සොයාගැනීම ද වැදගත් දායකත්වයක්‌ දෙනු ඇතැයි විශ්වාසය පළ වී ඇත.

අලුතින් සොයාගත් ග්‍රහ මණ්‌ඩලය පිහිටා තිබෙන්නේ කුම්භ තාරකා රාශිය දෙසින් අපෙන් ආලෝක වර්ෂ 40ක්‌ දුරිනි. මේ දුර සැතපුම් ටි්‍රලියන 235ක්‌ වැනි දුරකි. 

මේ ග්‍රහ මණ්‌ඩලය ඇත්තෙන් ම පළමු වරට සොයාගැනුණේ පසුගිය වසරේ මැයි මාසයේ දී වන නමුත් එහි දී සොයාගත හැකි ව තිබුණේ ග්‍රහලෝක 3ක්‌ පමණි. සොයාගැනීමට යොදාගන්නා ලද චිලී රාජ්‍යයේ පිහිටි දුරේක්‌ෂයේ නමින් එම ග්‍රහ මණ්‌ඩලයේ මවු තාරකාව TRAPPIST-1 ලෙසින් තාරකා විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ තිබිණි. 

ස්‌පිට්‌සර් දුරේක්‌ෂය මඟින් දැන් සිදු කර තිබෙන්නේ තවත් භෞමික දුරේක්‌ෂ කිහිපයකින් ද ලද දත්ත අනුසාරයෙන් එම සොයාගැනීම තහවුරු කිරීමත් ඊට අමතර ග්‍රහලෝක කිහිපයක්‌ ද තාරකාව වටා තිබෙන බව සොයාගැනීමත් ය. මේ සොයාගැනීම ඉකුත් බදාදා (22) නේචර් ජර්නලය මඟින් පළමුවරට විද්‍යාත්මක ප්‍රජාව වෙත ප්‍රසිද්ධ කරන ලදි. ඊට අමතරව නාසා ආයතනය විසින් මේ බැව් දැනුම් දීමේ මාධ්‍ය හමුවක්‌ ද කැඳවා තිබිණි.

ස්‌පිට්‌සර් අභ්‍යවකාශ දුරේක්‌ෂය යනු හිරු වටා පෘථිවිය ගමන් කරන ගමන් පථයෙහි ම, එහෙත් පෘථිවියෙන් මේ වන විට කිලෝමීටර 230,000,000ක පමණ පිටුපසින් හිරු වටා ගමන් කරමින් තිබෙන නාසා ආයතනයට අයත් දුරේක්‌ෂයකි. පෘථිවියට වඩා අඩු වේගයකින් හිරු වටා ගමන් කරන බැවින් ස්‌පිට්‌සර් දුරේක්‌ෂය වසරකට කිලෝමීටර 15000000 දුරකින් බැගින් පෘථිවියෙන් ඈත් වෙයි. මේ ලිපිය පළ වන අද දිනය වන විට එය අභ්‍යවකාශයෙහි දින 4934ක කාලයක්‌ ගත කර ඇත. (දියත් කරන ලද්දේ 2003 වසරේ දී ය). සාමාන්‍ය ආලෝකයෙන් දැකිය නොහැකි විශ්වයේ සැඟවී ඇති වස්‌තූන් සෙවීම මේ දුරේක්‌ෂයේ ප්‍රධාන මෙහෙවර වේ. ඒ සඳහා එය අධෝරක්‌ත කිරණ පරාසයෙහි ක්‍රියාත්මක වේ. 

ස්‌පිට්‌සර් දුරේක්‌ෂයේ සහායයෙන් නව ග්‍රහ මණ්‌ඩලයට අයත් ග්‍රහලෝක 7හි විශාලත්වයන් ද ඉන් 6ක ස්‌කන්ධය ද ගැන අදහසක්‌ ලබාගැනීමට විද්‍යාඥයෝ සමත් ව සිටිති. මේවායේ ඝනත්වය අනුව විද්‍යාඥයන් ගේ නිගමනය වන්නේ මේවා පෘථිවිය වැනි ම පාෂාණමය ග්‍රහලෝක විය යුතු බවයි. මෙතෙක්‌ ස්‌කන්ධය ගණනය කර නොමැති ඈතින් ම පිහිටි ග්‍රහලොව අයිස්‌වලින් ගහන වූවක්‌ යෑයි අනුමාන කරනු ලැබේ. කෙසේ නමුත් මේ ග්‍රහලෝකවල ජලය තිබේ ද යන්න තහවුරු කරගැනීමට වැඩිදුර පරීක්‌ෂණ කටයුතු සිදු කළ යුතු වේ. 

TRAPPIST-1 මවු තාරකාව 'අති ශීත රතු වාමන තාරකා' කාණ්‌ඩයට අයත් තාරකාවකි. මේ කාණ්‌ඩයට අයත් තාරකාවක උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස්‌ අංශක 2430ට පහළ අගයක ය. (සන්සන්දනය පිණිස ( අපේ සූර්යයා ගේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක මිලියන 15කි). මෙය ප්‍රමාණයෙන් ද අපේ සූර්යයාට වඩා කුඩා ය. 

එයට සමීප ව ඒ වටා ගමන් කරන ග්‍රහලෝකවල ද්‍රව ජලය පැවතීමට මවු තාරකාවේ අතිශය පහළ උෂ්ණත්වය ආශිර්වාදයකි. සොයාගෙන ඇති ග්‍රහලෝක 7 ම බුද ග්‍රහයාත් අපේ සූර්යයාත් අතර දුරට වඩා අඩු දුර පරතරයකින් මේ තාරකාව වටා ගමන් කරන ග්‍රහලෝක වේ. ඒ අනුව අදාළ දුර පරතරය පෘථිවියත් අපේ සූර්යයාත් අතර පරතරයට ද වඩා අඩු වූවකි. තව ද මෙකී ග්‍රහලෝක අතර පරතරය ද ඉතා ම අඩු ය. මිනිසකු මේ එක්‌ ග්‍රහලොවක්‌ මත සිටගෙන අහස දෙස බැලුව හොත් ළඟ ම ඇති ග්‍රහලෝකයක වලාකුළු පවා ඇසට හසු වන තරමට ඒවා සමීප ව දිස්‌ වනු ඇත. එනම් අපට සඳ දිස්‌ වනවාට ද වඩා සමීපයෙන් අදාළ එක්‌ ග්‍රහලෝකයක්‌ තවත් ග්‍රහලෝකයකට දිස්‌ වේ. 

මේ ග්‍රහලෝකවල තවත් විශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ භ්‍රමණය (තාරකාව වටා ගමන් කිරීම) සිදු වන්නේ එක ම පැත්තක්‌ තාරකාව දෙසට මුහුණ ලා සිටින අන්දමින් වීම ය. ඒ අනුව මේවායේ දිවා කාලය හෝ රාත්‍රි කාලය සදාකාලික වූවකි. මේවායේ ජීවයක්‌ ඇත්නම් රාත්‍රිය ගත කරන ජීවීන්ට කිසි දා රැය පහන් නො වන අතර දිවා කාලය ගත කරන්නන්ට කිසි දා රාත්‍රිය උදා නො වේ.

මේවායේ කාලගුණය ද පෘථිවියට වඩා වෙනස්‌ ය. දිවා අර්ධයෙහි සිට රාත්‍රී අර්ධය දෙසට තදබල කුණාටු හමා යයි. උෂ්ණත්ව වෙනස්‌ වීම් ද තියුණු ය. 

TRAPPIST-1 තාරකාව අධෝරක්‌ත පරාසයෙහි දිදුළන තාරකාවක්‌ බැවින් ස්‌පිට්‌සර් දුරේක්‌ෂයට මැනැවින් දර්ශනය වේ. විද්‍යාඥයන් 2016 වසරේ දී ස්‌පිට්‌සර් දුරේක්‌ෂය ඒ වෙත අඛණ්‌ඩව පැය 500ක්‌ යොමු කර දත්ත ලබාගෙන ඇත. 

මේ වන විට විද්‍යාඥයන් හබ්ල් අභ්‍යවකාශ දුරේක්‌ෂය වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා අලුත සොයාගත් ග්‍රහලෝකවලින් 4ක්‌ වෙත යොමු කර ඇත. මෙහි දී ජලය පැවතීමට වැඩි ඉඩක්‌ ඇති ග්‍රහලෝක 3 කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු වනු ඇත. කෙප්ලර් දුරේක්‌ෂය ද වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා යොදවා ඇති අතර 2018 දී ෙ-ම්ස්‌ වෙබ් දුරේක්‌ෂය අභ්‍යවකාශයේ රැඳවූ පසු දැනට ද වඩා සියුම් දත්ත රැස්‌ කරගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙයි. 

ඈත එපිට ග්‍රහලෝක සොයාගන්නේ කොහොම ද?

පෘථිවියෙන් ආලෝක වර්ෂ ගණනාවක්‌ ඈතින් තිබෙන ග්‍රහලොවක්‌ තබා තරුවක්‌ හඳුනාගැනීම පවා අභියෝගාත්මක කටයුත්තකි. මෑතකාලීනව වර්ණාවලීක්‌ෂ තාක්‌ෂණයෙහි ඇති ව තිබෙන ප්‍රගතියත් සමග මේ කටයුත්ත වඩාත් විශ්වසනීයව කිරීමේ හැකියාවක්‌ දැන් විද්‍යාඥයන්ට ලැබී තිබේ.

නාසා ආයතනය අපේ සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පරිබාහිර ව තිබෙන ග්‍රහලෝක හඳුනාගැනීම සඳහා ක්‍රමවේද 5ක්‌ අනුගමනය කරයි.

ඉන් පළමුq සහ වඩාත් කාර්යක්‌ෂ්ම ක්‍රමවේදය වන්නේ 'අරීය ප්‍රවේගය' හෙවත් 'ඩොප්ලර් වර්ණාවලීක්‌ෂණය' ලෙසින් හඳුන්වන ක්‍රමවේදයයි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් මෙහි දී ඉඟිය ලෙස සලකන්නේ තමන් සතු ව ග්‍රහලොවක්‌ ඇත්නම් තරුවක්‌ නිශ්චල ව නො පතින්නේ ය යන සිද්ධාන්තයයි. 

තාරකාවක්‌ වටා ග්‍රහලොවක්‌ ගමන් කරන්නේ නම් එම ග්‍රහලොවේ ගුරුත්වාකර්ෂණයෙහි බලපෑමෙන් තාරකාව ද කුඩා වෘත්තාකාර හෝ ඉලිප්සාකාර හෝ පථයක ගමන් කිරීමට පෙලඹෙයි. මේ චලනය තාරකාවෙන් නිකුත් වන ආලෝක වර්ණාවලියෙහි හෙවත් වර්ණ සටහන්වල ද වෙනස්‌කම් ඇති කිරීමට බලපායි. 

එම ගමන් පථය වෘත්තාකාර/ඉලිප්සාකාර බැවින් එහි පෘථිවිය දෙසට හා පෘථිවියෙන් ඉවතට ලෙස ගමන් අවස්‌ථා දෙකක්‌ හඳුනාගත හැකි ය. පෘථිවිය (නිරීක්‌ෂකයා) දෙසට තාරකාව ඇදී එන විට වර්ණාවලිය දිස්‌ වන්නේ නීල වර්ණයට නැඹුරු ව ය. තාරකාව නිරීක්‌ෂකයා ගෙන් ඉවතට ගමන් කරන විට වර්ණාවලිය රක්‌ත වර්ණයට නැඹුරු වේ.

දුරේක්‌ෂයක්‌ සතු වර්ණාවලීක්‌ෂයෙන් තාරකාවක්‌ පරීක්‌ෂා කිරීමේ දී මෙසේ නිශ්චිත කාලාවර්තයකින් එක ම රටාවකට සිදු වන රක්‌ත හා නීල වර්ණ විස්‌ථාපනයක්‌ දැකගත හැකි වේ නම් එම තාරකාව වටා ග්‍රහලොවක්‌ පවතින බව නිගමනය කළ හැකි වේ. 

මේ ක්‍රමවේදය භාවිත කර මේ දක්‌වා සොයාගෙන ඇති පිටස්‌තර ග්‍රහලෝක සංඛ්‍යාව 621කි.

ග්‍රහලෝක හඳුනාගැනීමේ දෙවැනි ක්‍රමය වඩා සරල වූවක්‌ වන අතර එහි දී ඉඟිය ලෙස සලකන්නේ ග්‍රහලොවක්‌ මවු තාරකාවත් නිරීක්‌ෂකයාත් අතරින් ගමන් කරන විට මුවා වන මවු තාරකාවෙන් නිකුත් වන ආලෝකයේ ප්‍රමාණයයි. මේ ක්‍රමවේදය යොදාගෙන මෙතෙක්‌ සොයාගෙන ඇති පිටස්‌තර ග්‍රහලෝක සංඛ්‍යාව 2712කි.

තුන්වැනි ක්‍රමවේදය වන්නේ ග්‍රහලෝකය සෘජුව ම ඡායාරූපයට නැඟීම ය. මෙහි දී මවු තාරකාව පසෙකින් ඇති ග්‍රහලොවක්‌ ඡායාරූපයට නැ`ගීමට තාරකාවෙන් නිකුත් වන ආලෝකයේ දීප්තිය බධාවක්‌ වන නිසා එය මඟහරවාගැනීමට දුරේක්‌ෂයෙහි තාක්‌ෂණික උපක්‍රම 2ක්‌ භාවිත කෙරෙයි. මින් එකක්‌ වන කොරොනොග්‍රµs තාක්‌ෂණය මඟින් ආලෝකය දුරේක්‌ෂය වෙත පැමිණීමට පෙර ම මුවා කෙරෙන අතර දෙවැන්නේ දී (ස්‌ටාර් ෂේඩ්) දුරේක්‌ෂය තුළට ආලෝකය පිවිසෙනවාත් සමග ම ආලෝකය මුවා කෙරෙයි. 

සෘජු ඡායාරූපකරණයෙන් මේ දක්‌වා සොයාගෙන ඇති පිටස්‌තර ග්‍රහලෝක සංඛ්‍යාව 44කි.

සිව්වැනි ක්‍රමවේදය හැඳින්වෙන්නේ 'ගුරුත්වාකර්ෂණ ක්‌ෂුද්‍ර කාචනය' නමිනි. 

අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාද සිද්ධාන්තයෙන් විස්‌තර කෙරෙන පරිදි ග්‍රහලොවක්‌, තරුවක්‌ වැනි විශාල ආකාශ වස්‌තු විසින් අවකාශ-කාල වියමනෙහි රැලිති හටගන්වනු ලැබේ. මේ ආචරණය මඟින් තරුවට/ ග්‍රහලොවට පිටුපසින් ඇති තවත් තරුවක සිට නිරීක්‌ෂකයා වෙත එන ආලෝකයට ද බලපෑමක්‌ සිදු වේ. ආලෝකය පැමිණෙන දිශාව වෙනස්‌ වී පෙනීම මෙවැනි බලපෑමකි.

මේ ගුරුත්වාකර්ෂණ ආචරණය මඟින් කදිම සිදුවීම් ඇති කෙරෙන අතර ඉන් එකක්‌ වන්නේ පිපුපසින් ඇති තරුවෙන් එන ආලෝකය විශාලන කාචයක්‌ හරහා ගමන් කර එක්‌ තැනකට නාභිගත කරනවාක්‌ වැනි නැමුමකට බඳුන් කිරීම ය. 'ගුරුත්වාකර්ෂණ ක්‌ෂුද්‍ර කාචනය' යනු මෙයයි.

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ග්‍රහලොවක හෝ තාරකාවක හෝ බලපෑමෙන් අවට අවකාශ-කාල වියමනෙහි සිදුවන විකෘති වීම හේතුකොට ගෙන ඉන් ඔබ්බෙහි පිහිටි තරුවකින් පැමිණන ආලෝකය කෙටි වේලාවකට තියුණු වී නිරීක්‌ෂකයාට දිස්‌ වීමයි. මේ ක්‍රමයෙන් මෙතෙක්‌ ග්‍රහලෝක 44 ක්‌ හඳුනාගෙන ඇත.

පස්‌වැනි ක්‍රමය හැඳින්වෙන්නේ තාරකාමිතිය නමිනි. මෙහි දී ද සලකා බැලෙනුයේ පළමු ක්‍රමවේදයේ විස්‌තර කළ පරිදි ග්‍රහලොවේ බලපෑමෙන් තාරකාවෙහි සිදු වන චලනයයි. එහෙත් මෙහි දී අදාළ තාරකා චලනය මැන බැලෙන්නේ අවට ඇති තාරකාවලට සාපේක්‌ෂව ය. තරවේත් අවට ඇති තරුවලත් පිහිටුම් ඡායාරූපයට නඟා මේ සන්සන්දනය සිදු කරනු ලැබේ. කෙසේ වෙතත් මෙය බොහෝ දුෂ්කර ක්‍රමවේදයක්‌ ලෙස සලකනු ලැබේ. එම නිසා මේ ක්‍රමවේදයෙන් සොයාගත හැකි ව තිබෙන්නේ ග්‍රහලෝක එක ම එකක්‌ පමණි. 

කෙසේ වෙතත් ස්‌පිට්‌සර් දුරේක්‌ෂය මඟින් මිනුම් කෙරෙන්නේ තාරකාවක හෝ ග්‍රහලොවක හෝ සිට එන අධෝරක්‌ත විකිරණ ප්‍රමාණයයි. පළමුව තාරකාව හා ග්‍රහලොව යන දෙකෙන් ම ලැබෙන අධෝරක්‌ත විකිරණ ප්‍රමාණය මිනුම් කර ග්‍රහලොව තරුවට මුවා වූ පසු තරුවෙන් පමණක්‌ ලැබෙන අදාළ විකිරණ ප්‍රමාණය මිනුම් කරනු ලැබේ. ඒ අනුව පළමුවැන්නෙන් දෙවැන්න අඩු කර ග්‍රහලොවෙන් නිකුත් වන අධෝරක්‌ත විකිරණ ප්‍රමාණය ගණනය කරනු ලැබේ.

සඳහා අලුත සොයාගත් ග්‍රහලෝකවලින් 4ක්‌ වෙත යොමු කර ඇත. මෙහි දී ජලය පැවතීමට වැඩි ඉඩක්‌ ඇති ග්‍රහලෝක 3 කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු වනු ඇත. කෙප්ලර් දුරේක්‌ෂය ද වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා යොදවා ඇති අතර 2018 දී ඡේම්ස්‌ වෙබ් දුරේක්‌ෂය අභ්‍යවකාශයේ රැඳවූ පසු දැනට ද වඩා සියුම් දත්ත රැස්‌ කරගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙයි. ඈත එපිට ග්‍රහලෝක සොයාගන්නේ කොහොම ද?

Post a Comment

0 Comments