මොකක්‌ද මේ භගන්දර රෝගය


භගන්දර තත්ත්වයක්‌ තුළ තට්‌ටමේ හටගන්නා තුවාල සිදුර ගුද මාර්ගය දක්‌වා ගොස්‌ ගුද නාළයෙන් පිටවන අවස්‌ථා තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ යටතේ භගන්ද රෝගියකු මළ පිට කරන විට යෙදෙන පීඩනය නිසා භගන්දර සිදුර දිගේ තට්‌ටමේ ඇති තුවාලයෙන් පවා මළ ඉවතට එන්න පුළුවන්. මෙය සනීපාරක්‍ෂාවට බලපාන විශාල ගැටලුවක්‌. ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය ක්‍රමය යන දෙකම සිඑමක්‌ හෝ භගන්දර රෝගය අර්ථ කථනය කරන ස්‌වභාවයන් අතර වැඩි වෙනසක්‌ නැහැ. ප්‍රධානතම ප්‍රශ්නය තමයි භගන්දර රෝගියාට එම රෝගය ගැන වැටහීමක්‌ නැතිකම. 

ප්‍රශ්නය - ගුදය ආශ්‍රිත රෝග කොයි එක ඇති වුණත් එමගින් විඳින්නට සිදුවන පීඩාව ඉතා විශාලය. ගුදය සහ එය ආශ්‍රිත රෝගවලදී සැත්කම් කිරීම සුදුසු නැති බවට මතයක්‌ පැතිර යමින් තිබෙනවා. ඒ නිසා බොහෝ දෙනා ආයුර්වේදයට යොමුවෙමින් සිටිනවා. අද අප සාකච්ඡා කරන්නට යන්නේ ගුදය ආශ්‍රිතව හටගන්නා මහත් කරදරකාරී රෝගයක්‌ වූ භගන්දර රෝගය ගැනයි.

වෛද්‍ය පුෂ්පකුමාර - ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Fistula යන නමින්. ශරීරයේ තිබෙන හිස්‌ තැන් දෙකක්‌ යා කරන අසාමාන්‍ය ධමනියක්‌ (anastomosis) ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. භගන්දර රෝගය හටගන්නා ක්‍රම කිහිපයක්‌ තිබෙනවා. සැත්කමකදී ඇතිවන තුවාලයකින් හෝ මෙය ඇතිවෙන්නට පුළුවන්. ආසාදනයක්‌ හෝ ඉදිමීමක්‌ දුරදිග යැම නිසාත් මෙය හටගන්නට පුළුවන්. කෙනකුගේ තට්‌ටම මත හටගන්නා තුවාලයක්‌ ඔහුගේ හෝ ඇයගේ ගුද මාර්ගය දක්‌වා තට්‌ටම හරහා පැතිර යන අවස්‌ථා තිබෙනවා. එතැන හටගන්නේ නාළයක්‌ වැනි ස්‌වභාවයක්‌. අපි වනිය කියන වචනය යොදන්නේ ඒ අර්ථයෙන්. සමහර විට ගුදය ආශ්‍රිතව ඉන් පිටත තට්‌ටම් කොටසේ හටගන්නා මෙවැනි සිදුරු පිරිමියකුගේ නම් වෘෂණ කෝෂ කරා ව්‍යාප්ත වෙන අවස්‌ථා තිබෙනවා. Fistula හටගන්නා ශරීරයේ සෙසු ස්‌ථාන තමයි ඇස, කන ශරීරයේ තිබෙන සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, පේශී පද්ධතිය සහ එයට යාබද පටක, මෞත්‍රවාහිනි පද්ධතිය යනාදිය. කෙසේ වුවද අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ගුදය ආශ්‍රිතව හටගන්නා භගන්දර රෝග තත්ත්වය ගැනයි. මන්ද යත්, Fistula රෝගය ශරීරයේ හටගත හැකි තැන්වලින් වඩාත්ම කරදරකාරී ස්‌ථානය වන්නේ ගුදය ආශ්‍රිත ප්‍රදේශයයි.

ප්‍රශ්නය - එය කරදරකාරී වගේම අවදානම් තත්ත්වයක්‌ බවයි කියෑවෙන්නේ.

වෛද්‍ය පුෂ්පකුමාර - භගන්දර තත්ත්වයක්‌ තුළ තට්‌ටමේ හටගන්නා තුවාල සිදුර ගුද මාර්ගය දක්‌වා ගොස්‌ ගුද නාළයෙන් පිටවන අවස්‌ථා තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ යටතේ භගන්ද රෝගියකු මළ පිට කරන විට යෙදෙන පීඩනය නිසා භගන්දර සිදුර දිගේ තට්‌ටමේ ඇති තුවාලයෙන් පවා මළ ඉවතට එන්න පුළුවන්. මෙය සනීපාරක්‍ෂාවට බලපාන විශාල ගැටලුවක්‌. ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය ක්‍රමය යන දෙකම Fistula හෝ භගන්දර රෝගය අර්ථ කථනය කරන ස්‌වභාවයන් අතර වැඩි වෙනසක්‌ නැහැ. ප්‍රධානතම ප්‍රශ්නය තමයි භගන්දර රෝගියාට එම රෝගය ගැන වැටහීමක්‌ නැතිකම. මෙය මුලින් කීවා වගේ ගුද මාර්ගය ආශ්‍රිත තට්‌ටමේ හටන්නා තුවාලයක්‌ හැටියට තමයි රෝගියා දන්නේ. මූලික අවස්‌ථාවේදී එය සම මත ඇතිවන වෙනත් තුවාලවලින් වෙන්කර හඳුනා ගැනීමත් අපහසුයි. වෛද්‍යවරුන්ටත් මෙය පැටලෙන අවස්‌ථා තිබෙනවා. ඔවුන් දකින්නේ ශරීරයේ බාහිර තැනක තිබෙන සැරව ගලා එන තුවාලයක්‌. මේ නිසා සමහර බටහිර වෛද්‍යවරු මෙය නිකම් තුවාලයක්‌ හැටියට හඳුනාගෙන ප්‍රතිකාර කරනවා. සමහර වෛද්‍යවරු මෙය අර්ශස්‌ රෝගය හැටියට හඳුනාගෙන ප්‍රතිකාර කරනවා.

ප්‍රශ්නය - මේ රෝගය ගැන ඉතිහාසයෙත් එනවද?

වෛද්‍ය පුෂ්පකුමාර - එයට පිළිතුරු දීමට කලින් කිවයුතුයි භගන්දර රෝගයට කටින් විතරක්‌ බෙහෙත් බීලා එතරම් ප්‍රයෝජනයක්‌ නැති බව. මෙය රෝගය පවතින තැනටම ප්‍රතිකාර කළ යුතු රෝගයක්‌. ඊළඟට, ඔබේ ප්‍රශ්නයට උත්තරය තමයි මෙය අවුරුදු 5000 ක ලිත ඉතිහාසයක්‌ තිබෙන රෝගයක්‌ බව. පැරණි ආයුර්වේද පොත්වල එන පරිදි මෙය සුව කිරීමට අපහසු, නමුත් සුව කිරීමට පුළුවන් රෝගයක්‌. බුදුරජාණන් වහන්සේ පවා භගන්දර රෝගය ගැන සඳහන් කළා. අලුත් රෝග කියලා දෙයක්‌ නැහැ. රෝග තියෙනවා. ඒවා එදත් අදත් කවදත් තිබුණා.... හැම කාලයකම ඒ රෝගවලට ප්‍රතිකාරත් කෙරුණා. අලුත් අලුත් ප්‍රතිකාර හඳුන්වා දුන්නා. එහෙත් භගන්දරයට ප්‍රතිකාර කිරීම හරිම අමාරුයි. ලෝකයේ තිබෙන රෝගාබාධ සහ ඒවාට සුදුසු ඖෂධ ගැන පර්යේෂණ කරන ප්‍රධාන ආයතන දෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි එංගලන්තයේ s.t. Mark රෝහල. අනෙක ඇමරිකාවේ Mayo චිකිත්සාගාරය. ඒ අයත් මේ රෝගයට ප්‍රතිකාර සොයා ගැනීමට පර්යේෂණ කළත් නිට්‌ටාවට සුව කළ හැකි ඖෂධයක්‌ සොයාගෙන නැහැ. එයට ප්‍රධානම හේතුව තමයි මේ රෝගයේ තිබෙන සංකීර්ණ තත්ත්වය. Fistula එක්‌ උමගක්‌ වගේ ඒත් මතු පිටින් පටන්ගෙන එය භාරගෙන ගිහින් අනෙක්‌ මතුපිටින් මතුවෙනවා. මෙහිදී බටහිර වෛද්‍යවරුන්ට කරන්නට සිදුවන්නේ රෝගී ප්‍රදේශය කපා ඉවත් කිරීමයි. එසේ කපා ඉවත් කිරීමේදී ගුද මාර්ගයේ මළ පිට කරන මාංශ පේශීන් කැපිල ගියොත් පාලනයක්‌ නැතිව මළ පිටවීම සිදුවෙනවා. එහෙම වුණොත් යළි කවදාවත් ඒ තත්ත්වය නිවැරදි කරන්නට බැහැ. ඒ නිසා බටහිර වෛද්‍යවරු කරන්නේ ගුද මාර්ග පේශීන්ට ආසන්න වන තැනින් කැපුම් නවත්වන එක. එහෙම වුණාම එය මතුපිටින් සුව වුණත් කෙටි කලකදී ඇතුළතින් මතුවෙනවා. සමහර විට මෙවැනි රෝගීන් දස වතාවක්‌ හෝ පසළොස්‌ වතාවක්‌ මෙවැනි සැත්කම් සිදුකර ගන්නවා. අවසානයේදී තවදුරටත් සැත්කම් කරන්නට බැරි තත්ත්වයට රෝගියා පත්වෙනවා. එහිදී කරන්නට සිදුවන්නේ ශරීරයේ පහළ කොටසේ ගුදයට ආසන්න තැනකින් කැපුමක්‌ දමලා එතැනින් බටයක්‌ දමලා එහි කෙළවර ප්ලාස්‌ටික්‌ බෑගයක්‌ සවි කරලා ශරීරයේ මළ එයට මුදාහරින වැඩපිළිවෙළකට යන්නයි. මෙතැන් සිට තවදුරටත් ගුද මාර්ගය ප්‍රයෝජනයට ගැනීමක්‌ සිදුවන්නේ නැහැ. මෙවිට රෝගියාගේ ජීවන තත්ත්වය බිඳවැටෙනවා. මෙය වෛද්‍යවරයාගේ වරද නොව භගන්දර තත්ත්වය ඉවත් කිරීමට තිබෙන දුෂ්කරතාව මත හටගන්නා තත්ත්වයක්‌ බව කිව යුතුයි. මේ නිසා මේ රෝගය හටගත් බටහිර වෛද්‍යවරු පවා ආයුර්වේදයේ පිහිට පතනවා. මොකද මෙය නිට්‌ටාවටම සුව කළ හැක්‌කේ ආයුර්වේදයට විතරයි.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055.

Post a Comment

0 Comments