අඩු කරගමු තරබාරුව


මේ වන විට අපි බර අඩු කර ගන්නා වැඩසටහනේ ආහාර පාලනය පිළිබ`දවත් නිසි ව්‍යායාම ලබාගැනීම පිළිබ`දවත් ඉගෙන ගතිමු. ආහාර පාලනයත් නිසි ව්‍යායාම ලබාගැනීමත් එකට, එකවිට, ඒකාබද්ධව, එකම කාලයක්‌ තුළ කිරීමෙන් ඔබට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකිය. එසේ ඒකාබද්ධව කිරීමෙන් ලබාගන්නා ප්‍රතිඵල රැකගැනීමටද ඒවායින් මහ`ගු මෙහෙයක්‌ ඉටුවෙයි. එහෙත් ආහාර පාලනයත් නිසි ව්‍යායාම ලබාගැනීමත් එසේ එකට ඒකාබද්ධව එකම කාලයක්‌ තුළ කිරීමට නම් අපේ මනස දැඩි මානසික ඒකාග්‍රතාවයෙන්ද සතුටෙන් සහ සැහැල්ලුවෙන්ද තබා ගත යුතුය. 

අප මෙලෙස කියාදෙන්නේ ශ්‍රී ලංකාවේ පවත්වන සාර්ථකම බර අඩුකරගැනීමේ වැඩසටහන වුවද එය ඉගෙන ගන්නා කෙනාගේ මනස තිබෙන්නේ දුකෙන් නම් දැඩි ආතතියෙන් හා කලකිරීමෙන් නම් මනස අවුල් වී ඇත්නම් ඔහුට හෝ ඇයට මෙම වැඩසටහනෙන් අප බලාපොරොත්තු වන නිසි ප්‍රතිඵල ලබා ගත නොහැකිය. එසේම වැඩසටහනේ දිගටම රැඳී සිටින්නටද නොහැකිය.

අප කවුරුත් දන්නා පොදු කාරණයක්‌ වන්නේ මිනිසුන් නිරෝගී වන්නේ මනස සතුටෙන් සැහැල්ලුවෙන් තබාගත් තරමට බවයි. එසේනම් මනස සතුටෙන් සැහැල්ලුවෙන් දැඩි ඒකාග්‍රතාවයකින් තබාගන්නේ කෙසේද? කියා දැන් සාකච්ඡා කරමු. 

අප මනස සතුටෙන් තබාගැනීමේ වැදගත්කම කථාකරන්නට මුලපුරන විටම බොහෝ දෙනා කියන්නේ ''අපට නම් නැත්තෙම ඒක තමා'' කියාය. අප සතුටෙන් සිටීමට යෝජනා කරන විට අපේ රටේ බොහෝ දෙනා දක්‌වන්නේ මෙවැනි ප්‍රතිචාරයන්ය.

''මහත්තයා කියනවා සතුටෙන් ඉන්ඩ කියලා. අපි කොහොමද සතුටෙන් ඉන්නෙ... අපේ මනුස්‌සය බීල ඇවිත් අපට රණ්‌ඩු කරනවා.'' 

''අපි කොහොමද සතුටු වෙන්නෙ. අපි මෙච්චර නැහිලත් පන්තියක්‌ පන්තියක්‌ ගාණේ එක්‌ක ගිහිල්ලත් ළමය ශිෂ්‍යත්වෙ පාස්‌කරවගන්න බැරිවුණා.'' 

''අපට මොන සතුටක්‌ද? අපට තවම ගෙයක්‌ වත් හදාගන්න බැරිවුණා.'' 

''දැන් හැමෝටම වාහන තියෙනවා. අපට තවම වාහනයක්‌ ගන්න බැරිවුණා. ඉතින් අපට මොන සතුටක්‌ද?.'' 

''මම රට යන්න තියෙන සේසතම වියදම් කළා. ඒත් තවම යන්න ලැබුණෙ නෑනෙ. ඉතින් මට මොන සතුටක්‌ද?'' 

''අපේ අකමැත්තෙන් අපේ ළමයා නොගැළපෙන විවාහයක්‌ කරගත්තා. එදා ඉඳන් අපේ පවුලට කිසිම සැනසිල්ලක්‌ නෑ.'' 

''මම සුපර් ස්‌ටාර් තරගයකට ගියා. ඒත් මම මුල් වටෙන්ම කැපුණා. කිසිම දක්‌ෂකමක්‌ නැති අය ඉස්‌සරහට ගියා. එදා ඉ`දන් මට ජීවිතෙත් එපා වුණා.'' 

සෑම දෙනාම සතුට හො`ද දෙයක්‌ බව පිළිගනිති. එහෙත් සතුටෙන් සිටීමට යෝජනා කළ විට සතුටෙන් සිටීමට බැරි ඇයිද? යන්න පිළිබ`දව ඉහත ආකාරයේ කරුණු ගෙනහැර දක්‌වයි. එසේත් නැත්නම් කොන්දේසි පනවා ගනියි. තමන් සතුටෙන් නොසිටීම එසේ සාධාරණීකරණය කරයි. අප රටේ වැඩිපුර සිටින්නේ ඉහත ආකාරයේ කුමන හෝ හේතුවක්‌ ඉදිරිපත් කර දුකෙන් සිටීමට අති දක්‌ෂයෝය. නමුත් එසේ ස්‌වයං කොන්දේසි පනවාගනිමින් දුකෙන් සිටීමෙන් වන්නේ මහත් අවැඩක්‌ බව මොවුහු අමතක කරති. 

මොහොතක්‌ සිතන්න. මෙම කොන්දේසි සියල්ල සපුරාගෙන ඔබට ඇති ප්‍රශ්න සියල්ල විස¹ගෙන සතුටු වෙන්නට සිටියොත් ඔබට සතුටු වෙන්නට දිනයක්‌ ලැබේවිද? කිසිසේත්ම නැත. ගැටලු, ප්‍රශ්න, කරදර යනු ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක තිබෙන දේවල්ය. එම නිසා ඔබේ සියලු ප්‍රශ්න විස¹ගන්නා තුරු සතුටෙන් සිටීම කල් දැම්මොත් ඔබට කිසිදිනක සතුටෙන් සිටින්නට ලැබෙන්නේ නැත. එපමණක්‌ නොව ඔබ එසේ කළහොත් මේ ආත්මයේදී තබා ලබන ආත්මයේදීවත් සතුටෙන් සිටින්නට නොලැබෙනු ඇත. එබැවින් සතුට එසේ කල් නොදමන්න. මේ වන විට ඔබට ලැබී ඇති දේවල් සතුටෙන් සිටීමට හො`දටම ප්‍රමාණවත්ය. එම නිසා ඔබට ලැබී ඇති දේවල් වලින් සතුටු වීමට අදම පටන් ගන්න. සතුටු වීමට නම් මෙසේ විය යුතු යෑයි සතුට ට පූර්ව කොන්දේසි නොපනවන්න. 

අපට සතුටක්‌ ඇතිවන්නේ අප කැමති දෙයක්‌ කළොත්ද?. අකමැති දෙයක්‌ කළොත්ද?. පිළිතුරු කැමති දෙයක්‌ කළොත් යන්නයි. අපට සතුටක්‌ ඇතිවන්නේ හො`ද දෙයක්‌ කළොත්ද? නරක දෙයක්‌ කළොත්ද? පිළිතුර හො`ද දෙයක්‌ කළොත් යන්නයි. එහෙත් ඒ දේවල් වලට අප කැමති සහ අපට හො`ද වූවාට මදිය. අවම වශයෙන් අන් අයට හිරිහැරයක්‌ නොවන දෙයක්‌ විය යුතුය. අන් අයට යහපතක්‌ වන දෙයක්‌ නම් වඩාත්ම හො`දය. 

එසේනම් ඔබ කැමති, හො`ද, අන් අයට හිරිහැරයක්‌ නොවන දෙයක්‌ කළහොත් ඔබට සතුටක්‌ ඇතිවේ. අන් අයටත් ප්‍රයෝජනවත් දෙයක්‌ වන්නේ නම් ඔබේ සතුට තවත් වැඩි වනවා නොඅනුමානය. එවැනි දේවල් නිතිපතා කිරීමෙන් ඔබට සැමදාම සතුටෙන් ජීවත් විය හැකිය. ඒ අනුව අපට අපේ ජීවිත සතුටෙන් තබාගැනීමට යොදා ගත හැකි ක්‍රමවේද කිහිපයක්‌ අපි දැන් නිදසුන් ඇසුරෙන් සලකා බලමු. 

ගෙවතු වගාව ගැන සිතන්න. ඔබ බසයේ, වෙනත්a වාහනයක හෝ දුම්රියේ ගමනක්‌ යන විට අලංකාර ලෙස වගාකර ඇති ගෙවත්තක්‌ දුටුවොත් ඔබ නැවත නැවතත් ඒ දෙස බලනවා නේද?. ඊළ`ග දවසේ එම පාරෙන් ගමන් ගන්නා විට එම ගෙවත්ත දකින තුරු ඔබ නොඉවසිල්ලෙන් පසුවනවා නේද?. එයින් කියවෙන්නේ අපට අනුන්ගේ ගෙවත්තක්‌ දකිද්දී පවා සිතට සතුටක්‌ දැනෙන බවයි. එහෙම නම් ඔබම ලස්‌සනට ගෙවත්ත වගාකරගතහොත් ඔබට කොතරම් සතුටක්‌ ඇතිකර ගත හැකිද?. එම සතුට ලබාගැනිම ස`දහා ඔබ එළවළු, පලා, අල වර්ග, පලතුරු ආදියෙන් සමන්විතව ඔබේ ගෙවත්ත උයනක්‌ ආකාරයට ලස්‌සනට වගාකරගන්න. ගෙවත්තෙන් මානසික සුවයට අමතරව නිසි ව්‍යායාමත් සෞඛ්‍යාරක්‌ෂිත ආහාරත් ලැබෙන බව අප මීට පෙරදීත් අවධාරණය කරගත්තා. 

ඔබ, ඔබට හැකිතරම් පත පොත කියවන්න. ඒවා නවකථා, කෙටිකථා, කාව්‍ය සංග්‍රහ, විචාර ග්‍රන්ථ, ඉතිහාස ග්‍රන්ථ, වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථ ආදිය විය හැක. කොයි විෂය ක්‌ෂේත්‍රය වුවත් කියවීමේදී ඔබේ මනස සතුටට පත් වෙයි. මනස දියුණු වෙයි. මානසික සුවතාවය පිළිබ`දව සලකන විට එකම දෙයක්‌ වුවත් රූපවාහිනියෙන් බලනවාට වඩා පොතකින් කියවීම බොහෝ ඉදිරියෙන් සිටී. 

ගීතයකට සවන් දී රසවි`දීම, චිත්‍රයක්‌ බලා රසවි`දීම, සොබාදහමේ චමත්කාර දර්ශනයක්‌ රසවි`දීම ආදී රසවින්දන මාධ්‍යයන්ගෙන්ද ඔබේ සිතට සතුට සැනසිල්ල ඇතිකර ගත හැකිය. අප සවන්දිය යුත්තේ අපේ සිතට සුවයක්‌ දැනෙන සිතට සැනසිල්ලක්‌ දැනෙන හිත නිමෙන ගීත මිස සිත ගිනිගන්නා ගීත නම් නොවේ. වර්තමානයේ ඇත්තේ සිත රත්වෙමින් ගත නැටවෙන ගීතයන්ය. අප මෙම කාරණා පිළිබ`දව සැළකිලිමත් වුවහොත් වර්තමානයේ වුවද අතරින් පතර හෝ හො`ද ගීත සොයාගත හැකිය. නිදසුන් ලෙස බුදුගුණ ගීතයක්‌, වේග රිද්මයේ නොවන මව්ගුණ ගීතයක්‌, සොබා දහමේ අසිරිය ගැන කියවෙන ගීතයක්‌ ආදිය දැක්‌විය හැකිය. 

අධ්‍යාපන, වන්දනා, විනෝද චාරිකා ඔබේ මනස සතුටෙන් සැහැල්ලුවෙන් තබාගැනීමටත් ඒකාකාරිත්වයෙන් මිදීමටතA ඔබට බෙහෙවින් උපකාරී වෙයි. ඔබ කුඩා අවධියේ ගිය එවැනි චාරිකාවක්‌ සිහියට නගාගන්න. එය සිහිකරන විට පවා ඔබේ මනසට සතුටක්‌ ඇතිවේ. එබැවින් එවැනි චාරිකා මනස සතුටෙන් තබාගැනීමට අපට නිර්මාණාත්මකව යොදා ගත හැකිය.

නමුත් බර අඩුකරගන්නා වැඩසටහන පිළිපදින ඇතැම් අය මෙවැනි චාරිකා ගොස්‌ පැමිණි විට ඇතිවන තත්ත්වය පිළිබ`දව අත්දැකීම් රැසක්‌ අපට ඇත. දින ගණනක චාරිකාවකින් පසුව විත් සමහරු මෙසේ පවසති.

''සර් අපි ගියා යාපනේ දවස්‌ 5 ක ටි්‍රප් එකක්‌. මේ පාර මොනව වෙලාද දන්නෙ නෑ. බර බලන්නත් බයයි.'' බර කිරා බැලු විට ඇතැම් අයගේ බර නැවතත් 3 ණට පමණත් වැඩි වී ඇත. එයට හේතුව අප විමසා බැලිය යුතුය.

මෙවන් චාරිකා යන අතර බොහෝ අය තමන් බරඅඩුකරගන්නා වැඩසටහන පිළිපදින බව අමතක කරයි. අතරමගදි ලොකු කලුදොදොල් කුට්‌ටි මිලදී ගෙන ගිල දමයි. නාගදීපය ඇතුළු ස්‌ථානවල කිලෝමීටර් ගණන් දිගට ගොඩ ගසා ඇති තල් හකුරු ආදී සීනි අධික කෑමද බොහෝ සේ ඇ`ගට එක්‌ වෙයි. ප්‍රධාන ආහාර ලෙස ගන්නේද තෙල් සහ මිටිකිරි අධිකව යෙදූ ආහාරය. ඒ බොහෝවිට පොල් සම්බෝල විශාල ප්‍රමාණයක්‌ද සමගිනි. අනෙක්‌ අතට ගමන වාහනයේ ඉ`දගෙන යනවා විනා කිසිම ව්‍යායාමයක්‌ ශරීර ක්‍රියාකාරකමක්‌ නැත. එබැවින් මෙම කරුණු කාරණා ගැන නොතකා කෙනෙක්‌ එවන් ගමනක්‌ ගියහොත් නැවතත් කිලෝග්රෑම් කිහිපයකින් බර වැඩි විය හැකිය. 

මෙවන් ගමනකදී වුව ඔබ ලබාගත් ප්‍රතිඵලය ආරක්‌ෂා කර ගත යුතුය. ගමන අතර තුර අමතර ආහාර ලෙස ඔබට වඩාම සුදුසු වන්නේ පලතුරුය. ඒ ඒ ප්‍රදේශවලට ආවේනික පලතුරු වර්ග මිලදී ගෙන ඔබට භාවිතා කළ හැකිය. එසේම වන්දනාමාන කරන තැන්වලටද නරඹන තැන්වලටද ළ`ගටම වාහනයෙන් නොගොස්‌ වාහනය ඈතින් නවත්වා පයින් ගමන් කළ හැකිය. එසේම අන් අය වෙනත් කටයුතු කරගන්නා අතරේදී ඔබට ඇවිදිය හැකිය. එසේ අපේ වැඩසටහනට අදාළව අවබෝධයෙන් කටයුතු කිරිමෙන් අවම වශයෙන් ඔබට බර වැඩි නොවී තබා ගත හැකිය. එවිට ගෙදර ආ මොහොතේ සිට බියකින් සැකයකින් තොරව නැවතත් සුපුරුදු වැඩසටහන විස්‌වාසයෙන් යුතුව පටන් ගත හැකිය. 

ඔබේ මනස නිවාගැනීමට, සතුටෙන් තබාගැනීමට, එක`ගකර ගැනීමට මෙන්ම ඒ සියල්ලට වඩා දියුණු කර ගැනීමට ඔබට වැඩියෙන්ම උපකාරි වන්නේ ඔබ අදහන ආගම ධර්මය පැත්තට නැඹුරුව ප්‍රතිපත්ති ගරුකව ආගම ධර්මය පිළිපැදීමය. ඒ අනුව ඔබේ ජීවිත හැඩගසාගැනීමය. ඔබ අදහන ආගම කුමක්‌ද? යන්න මෙහිදී ප්‍රශ්නයක්‌ වන්නේ නැත. අප සෑමදෙනාම පාහේ වැඩියෙන්ම ගරුකරන්නේ අප අදහන ආගමේ ශාස්‌තෘවරයාණන් වහන්සේටය. උන්වහන්සේලා එම ආගම් නිර්මාණය කොට දේශනා කර තිබෙන්නේ තමන්ගේ අනුගාමිකයින්ට උපරිම කායික මානසික විශේෂයෙන්ම ආධ්‍යාත්මික සුවයක්‌ ලැබෙන ආකාරයටය.

ඒ ඒ ආගම්වල ඉගැන්වෙන ආකාරයට සිල්ගැනීම බණ දේශනා ආදියට සවන්දීම භාවනා කිරීම ආදිය කරන්නට අපට හැකිනම් අපේ සිත් ඉතාම සතුටෙන් තබාගෙන දියුණු කරගන්නට පුළුවන. අපට හානිකර ආසාවන් පාලනය කරගැනීමටද අපට වැඩදායක වන දේවල්වල වඩාත් කැපවීමෙන් යෙදීමටද එවිට හැකි වෙයි.

එය එසේ වුවත් ''සිල් ගන්නවාද?'' යන ප්‍රශ්නය ඇසූවිට අප සමාජයේ බොහෝ දෙනා දෙන පිළිතුර කුමක්‌ද යන්න අපි අත්දැකීමෙන්ම දනිමු. පිළිතුර වන්නේ ''තවම නෑ'' එහෙමත් නැත්නම් ''ඕව කරන්න තවම අපි ළමයින්ගෙ වැඩ ඉවර කරල නෑ'' වැනි එකකි. දැන් වයස කීයදැයි ඇසූවිට අවුරුදු 49, 52, 55, 60 වැනි පිළිතුරු ලැබෙයි. අපට හැ`ගී යන්නේ මේ අය සිල් ගන්නට ඉන්නේ අවම වශයෙන් අවුරුදු 70 පැන්නහම යන්නයි. තරබාරු බව දියවැඩියාව වැනි ලෙඩ රෝගත් සමග ජීවත්වන අය එවැනි ආයුෂක්‌ ගෙවාවිද යන්නත් සැක සහිතය. එවැනි ආයුෂකට ළ`ගා වුවද එවිට ඇස්‌ නොපෙනේ. කන් නොඇසේ. වාඩි වී සිටින්නටද නොහැකිය. භාවනා ආදිය කිරීමට හො`ද ස්‌මරණ ශක්‌තියක්‌ද නැති වෙයි. එබැවින් ඔබ සිල් ගැනීම ස`දහා වයස 70 සම්පූර්ණ වනතෙක්‌ නොසිටින්න. අද අදම එය පටන් ගන්න.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

Post a Comment

0 Comments