වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්සේ ඇය සිදු කරන්නීය.
ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ ආත්රයිටිස් රෝගය සම්බන්ධයෙන් රෝගීන් දැනුවත් කිරීමට මේ තීරුව ඔස්සේ හැකිවුණා. සාමාන්‍ය ආත්රයිටිස් සහ වාතරක්ත ආත්රයිටිස් හෙවත් රුමැටයිස් ආත්රයිටිස් ගැන රෝගීන්ට විද්‍යාත්මක කරුණු හෙළිකර දීම සිදුකෙරුණා. අද අප ඔබෙන් විමසන්නේ පූති පර්වදාහය හෙවත් Seචඑසජ aරඑයරසඑසි රෝගය ගැනයි. මෙය සන්ධි ආසාදනය යනුවෙනුත් වනවා.
වෛද්‍ය වික්‍රමාරච්චි - ආත්රයිටිස් රෝගය ඇතිවීමට හේතුකාරක වන සැරව ආසාධනයක් ශරීරයේ සන්ධි ආක්‍රමණය කිරීම තමයි අප පූති ප්‍රදාහය ලෙස හඳුන්වන්නේ. විශේෂයෙන් ආසාධනය වී විනාශ වූ සන්ධි වෙනුවට කෘත්‍රිම සන්ධි බද්ධයක් සිදු වූ ස්ථානවල මේ රෝගය හටගැනීම බහුලයි. පූති ප්‍රදාහයට බලපාන්නේ එකම විෂබීජයක් නොවෙයි. විෂබීජ වර්ග කිහිපයක්ම එයට බලපානවා. ඒ නිසා එක් රෝගියකුට කරන ප්‍රතිකාරය තව රෝගියකුට වැඩ කරන්නේ නැතිව විය හැකියි. ආසාදනයට ලක් වූ විෂබීජය හඳුනාගෙන ප්‍රතිකාරය කළ යුතුයි. පූති පර්වදාහය හෙවත් seචඑසජ aරඑයරසඑසි රෝගය වෛද්‍ය විද්‍යාව තුළ හැඳින්වෙන්නේ හදිසි තත්ත්වයක් නැත්නම් පැdසජ්ක eපැරටැබජහ ලෙසයි. හරියාකාරව ප්‍රතිකාර නොකළහොත් මේ රෝගය ශරීරයේ සෙසු කොටස්වලටත් පැතිර යැම වළක්වන්නට බැහැ.
ප්රශ්නය - මේ රෝගය ගැන තවදුරටත් පැහැදිලි කළ හැකිද?
වෛද්‍ය වික්‍රමාරච්චි - මෙහිදී සිද්ධ වන්නේ සන්ධිය තුළ සැරව හටගැනීම. මෙය බොහෝ විට මූලික ආත්රයිටිස් රෝගයේ දෙවන අවස්ථාවක් ලෙස ගන්නටත් පුළුවනි. බැක්ටීරියා, වෛරස්, පුස් යනාදියෙන් මේ සැරව හටගන්නවා.
ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - මේ රෝගය සන්ධිය චලනය කරන විටත් රිදෙනවා, නිකම් තිබෙන විටත් රිදෙනවා. වෙනත් ආත්රයිටිස් රෝග බොහොමයක් හැදුනාම සන්ධි වේදනාව එන්නේ ඒවා චලනය කළ විටයි. ඉතින් පූති පර්වදාහ රෝගයේදී නිතර හටගන්නා වේදනාව මැඬපැවැත්වීම සඳහා සන්ධි දැඩි ලෙස මිරිකාගෙන ඉන්නට පවා රෝගීන්ට සිදුවෙනවා. මේ රෝගයේදී සන්ධි ඉදිමීම, රතුපැහැයට හැරීම වගේම සන්ධි මතුපිට උණුසුම ඉහළ යැම සිදු වෙනවා. මා පෙර ලිපියක සඳහන් කළ පරිදිම ආසාදිත සන්ධිය තුළ විශිෂ්ට ගුරුත්වය ඉහළ යැම නිසයි.
ප්රශ්නය - කොහොමද මේ සන්ධි ඇතුළට විෂබීජ ගමන් කරන්නෙ?
වෛද්‍ය වික්‍රමාරච්චි - වැදගත් ප්‍රශ්නයක්. මේ විෂබීජ මුලින්ම තැන්පත් වන්නේ සම මතයි. ඊළඟට සම ආසාදනය වී තුවාල හටගන්නවා. මේ තුවාලය පැසවා ශරීරයේ රුධිරයට විෂබීජ කාන්දු වෙනවා. ඊළඟට ඒ විෂබීජ රුධිරය මගින් ශරීරය පුරා ගමන් කරනවා. සමහර විෂබීජ සන්ධිවල නතර වෙනවා. ඉන්පසු ආසාදනය වීම පටන් ගන්නවා. මෙහිදී ආසාදනය වන්නේ සන්ධිය තුළ තිබෙන sහබදඩස්ක පැපඉර්බැ හෙවත් ලසිකා පටලය නමැති කොටසයි.
ප්රශ්නය - රෝගය වැළඳී ඇති බව හඳුනාගන්නේ කොහොමද?
වෛද්‍ය වික්‍රමාරච්චි - නිතරම සහ ඉක්මනින් රිදුම් ගැන සන්ධියක් ඔබේ ශරීරයේ තිබෙනවා නම් ඔබට ප්‍රති පර්වදාහය වැළඳී තිබෙන බව සැක කළාට කමක් නැහැ. එහෙත් සමහර අවස්ථා තිබෙනවා ශරීරයේ සන්ධි කිහිපයක්ම එකසේ වේදනාවට ලක්වන ඒ එක්තරා සුවිශේෂ බැක්ටීරියාවක් රුධිර ධාරාවට එකතු වූ විටයි. මෙය රෝග නිශ්චය කිරීමේදී අල්ලා ගැනීමට ඉතාම අපහසු රෝගයක්. එහෙත් සන්ධිය අතගා බලා එහි අභ්‍යන්තර ස්වභාවය හඳුනාගත හැකි ක්‍රමවේදයක් පිරිසිදු සිංහල වෙදකමේ තිබෙනවා.
ප්රශ්නය - දරුණු සමාජ රෝග වැළඳෙන අයටත් ආත්රයිටිස් හටගන්න බව කියනවා....
වෛද්‍ය වික්‍රමාරච්චි - ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳුණු අයගේ විලුඹ සහ මැණික්කටුව බලවත් ලෙස ආසාදනය වෙනවා. ඉන්a පස්සෙ සන්ධිය ඉදිමෙනවා. දිගු කලක් රෝගය පවතින විට ආසාධිත සන්ධියට කටුවකින් ඇන්නොත් දියරයක් පිටවීමට පටන් ගන්නවා.
මේ පිළිබඳ උපදෙස් සඳහා
0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ
අශේන් රඹකොස්වැව
0 Comments