කොහොඹ යුෂ හා කීකිරිඳිය යුෂ හිසකෙස්‌වලට ඉතා ගුණයි


ප්‍රශ්නය - හිසකෙස්‌ හැලීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස මානසික ආතතිය දැක්‌විය හැකි බව පසුගියදා ඔබ පෙන්වා දුන්නා. ආර්ථික දිනුම් කණුව කරා දිව යන මේ ගමනේදී මහල්ලාගේ සිට දරුවා දක්‌වා සියලුම දෙනා ධාවන තරගයක යෙදී සිටින බවත් ඒ තරගයේදී විවේකය හා පෝෂ්‍යදායක ආහාර අමතක කර දමා අතට අහුවන දෙයක්‌ කටේ දාගෙන ඔවුන් යාන්තමින් දිවි ගෙවන බවත් ඔබ පෙන්වා දුන්නා. පෝෂ්‍ය පදාර්ථ නැති ආහාර වේලකින් කෙස්‌වලට සාරවත් භාවයක්‌ ලැබෙන්නේ නැහැ. ඒ නිසා කෙස්‌ හැලෙනවා...

වෛද්‍ය කළුආරච්චි - මානසික ආතතිය නිසා අපේ ශරීරයේ තිබෙන රසායනික සංයුතිය වෙනස්‌ වෙනවා. එවිට ප්‍රතිශක්‌තිකරණය සම්පූර්ණයෙන් ම අවුල් වෙනවා. එක්‌කෝ ප්‍රතිශක්‌තිකරණය කෙස්‌ මුල්වලට පහර දීලා alopecia areata ඒ කියන රෝග තත්ත්වය ඇති කරලා කෙස්‌ හලනවා. එහෙමත් නැතිනම් ප්‍රතිශක්‌තිකරණය දුර්වල වෙලා කිසියම් රෝග තත්ත්වයක්‌ හටගෙන කෙස්‌ හැලෙන්නට පටන් ගන්නවා.

ප්‍රශ්නය - කෙස්‌වල වර්ධනයට බලපාන විශේෂ ආහාර තිබෙනවාද?

වෛද්‍ය කළුආරච්චි - කෙස්‌ වර්ධනයට යකඩ සහ ප්‍රොaටීන අත්‍යවශ්‍යයි. මේ නිසා තමන් ගන්න ආහාරවේලට පිරිසිදු පලා වර්ග, මාළු, ධාන්‍ය වර්ග යනාදිය එක්‌කර ගත යුතුයි. හැබැයි, රසකාරක සහ වර්ණකාරක සහිත ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුයි.

ප්‍රශ්නය - කෙස්‌ යැමට බලපාන තවත් හේතු තිබෙනවාද? 

වෛද්‍ය කළුආරච්චි - ඇතැම් රෝග තත්ත්වයන් නිසාත් හිසකෙස්‌ යනවා. සමහර රෝගවලදී ශරීරයට පෝෂණය උරා ගැනීම නවතිනවා. උදාහරණයක්‌ ලෙස පිළිකාව ගනිමු. පිළිකාව හැදුනාම ශරීරයට ගන්නා සියලු පෝෂ්‍ය පදාර්ථ යන්නේ පිළිකාව වර්ධනය වීමට මිස ශරීරය වර්ධනය වීමට නොවෙයි. ඒ නිසා ශරීරය කෘෂ වෙනවා. කෙස්‌ හැලෙනවා. ඒ සමඟම හෝමෝන විෂමතා ඇතිවන විටත් කෙස්‌ හැලෙනවා. ගර්භණී කාලයේදී, දරු ප්‍රසූතියෙන් පස්‌සේ, ආර්ථවහරණයේදී කාන්තාවන්ගේ කෙස්‌ හැලීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවා. හැබැයි මෙය රෝගයක්‌ නොව තාවකාලික තත්ත්වයක්‌. ශරීරයේ හෝමෝන යළි සමතුලිත භාවයට පත් වුණාම හිසකෙස්‌ වර්ධනය වීමට පටන් ගන්නවා. එසේම ඖෂධ පාවිච්චියේදීත් හිස කෙස්‌ යනවා. රසායනික ද්‍රව්‍ය බහුලව තිබෙන සේදුම්කාරක ද්‍රවණ හිසට යෙදව්වත් කෙස්‌ යන්නට පටන් ගන්නවා. ඇතැම් ජෙලි වර්ග සහ කන්ඩිෂනර් වර්ග හිසකෙස්‌වලට ඉතාම අගුණයි. හිසකෙස්‌ Perm කිරීම, ස්‌ටේ්‍රට්‌ කිරීම, ටින්ට්‌ කිරීම පමණක්‌ නොව අයන් කිරීමත් සමහර හිසකෙස්‌වලට ඉතාම නරකයි. පුද්ගලයන්ගෙන් පුද්ගලයාට හිසකෙස්‌ වෙනස්‌ වෙනවා ඒ නිසා එක්‌ අයකුට ගැලපෙන ශැම්පු තව කෙනකුට හරියන්නේ නැහැ.

ප්‍රශ්නය - කෙස්‌ කියන්නේ මොනවාද?

වෛද්‍ය කළුආරච්චි - ආයුර්වේදයේ තිබෙනවා සප්ත ධාතු සංකල්පය කියලා එකක්‌. රස, රක්‌ත, මාංශ, මේද, අස්‌ථි, ම-ජ, ශුක්‍ර යන එම සප්ත ධාතූන් අතුරින් අස්‌ථි කියන ධාතුවේ උප නිෂ්පාදනයක්‌ හැටියට තමයි කෙස්‌ සැළකෙන්නේ.

ප්‍රශ්නය - හිසකෙස්‌ වර්ධනය කර ගැනීමට දිය හැකි විශේෂ සාත්තුවක්‌ හෝ ඖෂධයක්‌ ගැන ඔබට යෝජනා කරන්න පුළුවන්ද?

වෛද්‍ය කළුආරච්චි - අද ඉන්න තරුණ පරපුර හිසට තෙල් දානවට අකමැතියි. ඖෂධීය තෙල් කෙරෙහි ඔවුන් තුළ කිසියම් ආකාරයක නොකැමැත්තක්‌ තිබෙනවා. එළිමහනේ වැඩ කරන විට, ඇවිදින විට තෙල් සහිත හිසකෙස්‌වල දුහුවිලි දැවටෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඒත් සතියකට තුන් පාරක්‌වත් ඖෂධීය තෙල් වර්ගයක්‌ යොදා හිස සම්බාහනය කරන්න පුළුවන් නම් ඒ මගින් හිසට හොඳ සාත්තුවක්‌ ලබා දිය හැකියි. ඊට අමතරව කීකිරිඳිය කොළ කොටලා ලබා ගන්න ඉස්‌ම, කොහොඹ කොළ කොටලා ලබා ගන්න ඉස්‌ම කෙස්‌ මුල්වලට යොදලා සම්භාහනය කරල සෝදා හරින්න පුළුවන් නම් එමගින් හිසකෙස්‌වල ශක්‌aaතිමත් පැවැත්ම වර්ධනය කර ගන්න පුළුවන්.

නොමිලේ උපදෙස්‌ සඳහා 0766739977 -0777620948 
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments