රතු පැහැති මස්‌ සහ සකස්‌ කළ මස්‌ වර්ග මුත්‍රවාහිනි පද්ධතියේ පිළිකාවට බොහෝ අගුණයි


ස්‌ථුලභාවය, වියපත්භාවය සහ පිළිකා රෝගය පිළිබඳ ඉතිහාසයක්‌ ඇති පවුලකට අයත් කෙනකු වීම මුඛ්‍ය හේතු හැටියට දක්‌වන්නත් පුළුවන්. වයස අවුරුදු 45 ට අඩු අයට මුත්‍රාශයේ පිළිකා හැදෙන්නෙම නැති තරම්. සාමාන්‍යයෙන් අවුරුදු 70 වයස්‌ සීමාවේ සිටින අයට තමයි මෙය බහුලව හැදෙන්නේ. ඒ අතර ලෝකයේ සමහර කලාපවල අවුරුදු පනස්‌ ගණන්වල අයටත් මෙය වැළඳෙන බව සොයාගෙන තිබෙනවා. වසර 2005 දී ඇමරිකාවේ දෙලක්‍ෂ තිස්‌දහසකට මේ රෝගය වැළඳුණා. එයින් 30000 ක්‌ රෝගයෙන් මිය ගියා. ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොකළාමත් පුරස්‌ථි ග්‍රන්ථියේ පිළිකාව හැදෙනවා.

ප්‍රශ්නය - වෘෂණ කෝෂ සහ මෞත්‍රවාහිනි පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකාව ගැන පසුගිය සතියේදී ඔබ යම් ප්‍රමාණයක හැඳින්වීමක්‌ කළා. වෘෂණ ආශ්‍රිත පිළිකා රෝගීන් ඔබට හමු වී තිබෙනවද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. සිංහල බෙහෙත්වලින් සුවපත් කෙරුණු එවැනි පිළිකා රෝගියෙක්‌ ගැන මා කියන්නම්. දැනට අවුරුදු දෙකකට පෙර මා හමුවීමට ආවා මුත්‍රාශයේ පිළිකා තත්ත්වයක්‌ තිබූ කෙනෙක්‌. ඔහු විකිරණ ප්‍රතිකාරයට පවා ලක්‌කර තිබුණා. එවකට ඔහුගේ වයස අවුරුදු 54 යි. වෛද්‍යවරු ඔහු වෙනුවෙන් කළ හැකි අන්තිම ප්‍රතිකාර පවා කර තිබුණත් මා ළඟට එන විට ඔහුගේ මුත්‍රාශයෙන් රුධිරය ගලා යමින් තිබුණා. ඔහු මුත්‍රා කරනවිට රුධිරය කැටි වශයෙන් පිටවුණා. මා ඔහුට දුන්නා විශේෂ කසායක්‌. මේ කසාය ඉතා දුර්ලභ ඖෂධවලින් හදන අතර දරුණුතම පිළිකා තත්ත්වයකදී හැර පාවිච්චි කරන්නේ නැහැ. සති දෙකක්‌ මේ කසාය පානය කළ යුතුව තිබුණා. සති දෙක අවසානයේදී ඔහු මට ඇවිත් කිව්වා මුත්‍රාශයෙන් ලේ යන එක නැවතුණා කියලා. රෝගියෙක්‌ සුවපත් වන ආරංචිය තරම් වෛද්‍යවරයකු සතුටු වන ආරංචියක්‌ තවත් නැහැ. මම කසාය වර්ග වෙනස්‌ කරමින් තවත් මාස 5 ක්‌ ඔහුට එක දිගටම ප්‍රතිකාර කළා. අද ඔහුට පිළිකාව නැහැ. ඔහුගේ ශරීරයේ පිළිකා සෛල තවදුරටත් නැති බව පරීක්‍ෂණ මගින් ඔප්පු වී තිබෙනවා. මාස 5 කට පසු මා කසාය නවත්වා ඔහුට රස බෙහෙත් දෙන්න පටන් ගත්තා. දැන් ඔහු ඒ රස බෙහෙත් පාවිච්චි කරලා අවසන්. ඔහු නිරෝගී කෙනෙක්‌.

ප්‍රශ්නය - මුත්‍රා මාර්ගයේ වෘෂණ කෝෂවල හටගන්නා පිළිකාවලට අපි කියනවා පුරස්‌ථි ග්‍රන්ථියේ පිළිකා කියලත්. මෙය හටගන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි - හේතු එකක්‌ හෝ රැසක්‌ තිබෙන්නට පුළුවන්. ස්‌ථුලභාවය, වියපත්භාවය සහ පිළිකා රෝගය පිළිබඳ ඉතිහාසයක්‌ ඇති පවුලකට අයත් කෙනකු වීම මුඛ්‍ය හේතු හැටියට දක්‌වන්නත් පුළුවන්. වයස අවුරුදු 45 ට අඩු අයට මුත්‍රාශයේ පිළිකා හැදෙන්නෙම නැති තරම්. සාමාන්‍යයෙන් අවුරුදු 70 වයස්‌ සීමාවේ සිටින අයට තමයි මෙය බහුලව හැදෙන්නේ. ඒ අතර ලෝකයේ සමහර කලාපවල අවුරුදු පනස්‌ ගණන්වල අයටත් මෙය වැළඳෙන බව සොයාගෙන තිබෙනවා. වසර 2005 දී ඇමරිකාවේ දෙලක්‍ෂ තිස්‌දහසකට මේ රෝගය වැළඳුණා. එයින් 30000 ක්‌ රෝගයෙන් මිය ගියා. ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොකළාමත් පුරස්‌ථි ග්‍රන්ථියේ පිළිකාව හැදෙනවා.

ජානමය උරුමය

ජානමය උරුමයන් මේ වර්ගයේ පිළිකාවට හේතුවක්‌. සාමාන්‍යයෙන් පියාට මෙවැනි පිළිකාවක්‌ තිබෙන විට පුතාට එවැන්නක්‌ වැළඳීමට තිබෙන ජානමය ඉඩකඩ ඉහළයි. ඇමරිකාව වැනි රටවල සුද්දන්ට වඩා කළු ජාතිකයන්ට පුරස්‌ථි පිළිකාව හැදෙනවා. එසේම මේ රෝගයෙන් කලු ජාතිකයන් වැඩිපුර (සුද්දන්ට වඩා) මිය යනවා.

ආහාර -

පුරස්‌ථි පිළිකාවට ආහාරවල බලපෑමක්‌ තිබෙනවද කියන කාරණය තවම හරියටම ඔප්පු වෙලා නැහැ. කොහොම වුණත් රතු පැහැති මස්‌ වර්ග සහ සකස්‌ කළ ආහාර පිළිකාවට වගකිව යුතුයි කියන පොදු සාධකය බැහැර කරන්නට බැහැ. ඒ අතර විටමින් D ඌණතාවත් මේ පිළිකාවට බලපෑම් කරන බව සොයාගෙන තිබෙනවා.

ඖෂධ -

පුරස්‌ථි පිළිකාව හා ඖෂධ අතර යහපත් මෙන්ම අයහපත් බැඳීම් තිබෙන්නට පුළුවන්. උදාහරණයක්‌ ලෙස, සමහර ලෙඩවලට ගන්නා ඖෂධවලින් පිළිකාව හටගැනීමේ ඉඩකඩ තිබෙනවා. එහි අනෙක්‌ පැත්තත් තිබෙනව. උදාහරණයක්‌ ලෙස කොලෙස්‌ටරෝල් අඩු කිරීමට බෙහෙත් ගන්නා විට පුරස්‌ථි ග්‍රන්ථියේ පිළිකා හැදෙන අවදානමත් අඩු වනවා.

වෙනත් රෝග -

ගොනෝරියා නමැති දරුණු සමාජ රෝගය සහ පුරස්‌ථි පිළිකාව අතර සම්බන්ධයක්‌ තිබෙනවා. එසේම ලිංගික ජීවිතය නිවැරැදිව සහ පිරිසිදු ලෙස ගතකරන අයටත් මේ පිළිකාව වැළඳෙනවා අඩුයි.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා
0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments