ඇදුමට ප්‍රත්‍යක්‍ෂ කසාය දෙකක්‌


ප්‍රශ්නය - ඇදුම රෝගීන්ට වාෂ්ප ඇල්ලීම සුදුසුයි කියන එක ඔබ මෙයට කලින් වතාවකත් අපට නිර්දේශ කර තිබෙනවා.

වෛද්‍ය දුමින්ද රණවීර - වාෂ්ප ඇල්ලීම රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වෙනවා. නිකකොළ, පාවට්‌ටා කොළ, හාතවාරිය පස්‌පංගුව, කොත්තමල්ලි, වියළි ඉඟුරු, අරත්ත අල යන ඖෂධ සම සමව අරගෙන තම්බා එම වාෂ්පය ඇල්ලිය යුතු රෝගීන් ඉන්නවා. එසේම යකිනාරන් කොළ, දෙහි කොළ යනාදිය එකතුකර තම්බා වාෂ්ප ඇල්ලිය යුතු තව පිරිසක්‌ ඉන්නවා. ඒත් පොදුවේ හැම ඇදුම රෝගියකුටම හොඳයි පාවට්‌ටා පස්‌පංගුව ග්‍රෑම් 250 ක්‌ විතර අරගෙන තම්බා වාෂ්ප අල්ලන්න. මෙහිදී අමු පාවට්‌ටා සොයාගැනීමට හැකි නම් ඉතාම හොඳයි. එහෙම බැරි විට බෙහෙත් කඩෙන් ගන්නා වියළි පාවට්‌ටාත් යෝග්‍යයි.

ප්‍රශ්නය - මෙසේ වාෂ්ප දුම් අල්ලන අතරේ රෝගීන්ට සුදුසු කසාය තිබෙනවද?

වෛද්‍ය දුමින්ද රණවීර - එවැනි කසාය එකක්‌ නොව කිහිපයක්‌ම තිබෙන අතර ඒවා කවරාකාර ඇදුම රෝගී තත්ත්වයක්‌ තුළදී වුණත් ගුණ දෙනවා. එයින් එක්‌ කසායක්‌ තමයි දේවදාර, පත්පාඩගම්, සිරිතේක්‌කු, කලාඳුරු අල, වදකහ, කොත්තමල්ලි, ඇත්දෙමට පොතු යනාදී ඖෂධවලින් හදන කසාය. ඒවා කලං 2 බැගින් අරගෙන වතුර කෝප්ප 8 කට දමා මඳගින්නේ එක කෝප්පයකට සිඳගෙන සීනි, මීපැණි උදයටත්, පෙරුම්කායම් කුඩු හවසටත් දමා දින 8 ක්‌ පානය කළ යුතුයි. ඒ අතර අපත්‍ය ආහාර, සීතල ආහාර යනාදියෙන් වැළකීම නොවරදවාම කළ යුතුයි. මේ කසාය පානය කරන විට නිදි වැරීම සහ පිනි බෑම හොඳටම නරකයි.

ප්‍රශ්නය - ඇදුම රෝගය ඇතුළු ශ්වසන පද්ධතියේ ආබාධ ගැන ලොව පුරා රටවල් නිතර පර්යේෂණ කරනවා. ඔබ ඉහතින් සඳහන් කළේ ඔබගේ පරම්පරාවට අයත් දේශීය ශාකසාර වෙදකම මගින් ඇදුම සුවපත් කරන ආකාරයයි. එහෙත් ඉන්දියානු ආයුර්වේදය තුළ ඇදුම පිළිබඳ සාකච්ඡා කරන ආකාරය මෙයට වඩා වෙනස්‌ බව අපට දැනගන්නට ලැබුණා.

වෛද්‍ය දුමින්ද රණවීර - California College of Ayurweda නමින් පර්යේෂණායතනයක්‌ ඇමරිකාවේ කැලිෙµdaර්නියා ප්‍රාන්තයේ තිබෙනවා. මේ ආයතනය ඇදුම රෝගය ගැන ආයුර්වේද පර්යේෂණ පත්‍රිකා රැසක්‌ සකස්‌ කළ ආයතනයක්‌. www.ayurwedacollege.com/articles/ drhalpern/clnical/asthma යන වෙබ් අඩවියේ මෙවැනි පර්යේෂණ පත්‍රිකාවක්‌ ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි එන පරිදි ඇදුම පටන් ගන්නේ පෙනහලු තුළින් නොව ආහාර ජීර්ණ පද්ධතියෙන්. එම ආයතනයට පැමිණි ඉසබෙල් නමැති 44 හැවිරිදි කාන්තාව සම්බන්ධ පර්යේෂණය පහත සඳහන් ආකාරයෙන් එම පත්‍රිකාවේ සඳහන් වෙනවා. ඉසබෙල් නමැති මේ 44 හැවිරිදි කාන්තාව පපුවේ මහන්සිය, හුස්‌ම ගැනීමේ අපහසුතාව, ශරීරයේ බර අඩුවීම, වියළි කැස්‌ස, නින්ද නොයැම, හම වියළීම, ආහාර අරුචිය, මළබද්ධය යන ආබාධවලින් පීඩා විඳිනවා. ඇගේ ඇදුම තත්ත්වය ඉතා නරක අතට හැරී තිබෙන බව තේරුම් ගන්නා ඇගේ වෛද්‍යවරයා ඉන්හේලර් මගින් ඖෂධ ශරීරගත කිරීම සහ කෝටිසෝන කාණ්‌ඩයේ ඖෂධ නිර්දේශ කිරීම අවදානම් බව තේරුම් ගන්නවා. මෙම වෛද්‍ය පර්යේෂණාගාරයට එන විට මසක පමණ කාලයක්‌ තුළ ඇගේ බර රාත්තල් 120 සිට 108 දක්‌වා පහත බැස තිබෙනවා. ඇගේ නාඩි වැටෙන වේගයත් අඩුවන බව වෛද්‍යවරයා නිරීක්‍ෂණය කරන අතර උණුසුම් කෝපි පානය කළ විට නාඩි වැටීමේ වේගය ඉහළ නගිනවා. ඇගේ සිරුරේ zවාතZ තත්ත්වය දොaෂ සහගත තත්ත්වයකට ලක්‌ව ඇති බව තමයි වෛද්‍යවරයා නිරීක්‍ෂණය කරන්නේ. මෙහිදී ඔවුන්ගේ නිරීක්‍ෂණය වන්නේ ඉසබෙල්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ හටගෙන ඇති දොaෂයක්‌ පෙනහලු දක්‌වා පැතිර ගොස්‌ ඇදුම හැදී ඇති බවයි. ඒ අනුව වෛද්‍යවරයා මුලින්ම කරන්නේ ඇගේ ආහාර ජීර්ණ පද්ධතිය යථා තත්ත්වයට පත්කළ හැකි ආහාර වට්‌ටෝරුවක්‌ හඳුන්වා දීමයි. වියළි සාදික්‌කා ගෙඩියකින් අටෙන් එක්‌ පංගුවක්‌ කුඩුකර මෝරු කෝප්ප භාගයකට දමා එවැනිම ප්‍රමාණයක්‌ ජලය එයට කලවම් කර එවැනි කෝප්ප වරකට 1 බැගින් දිනකට තුන්වරක්‌, දින පහක්‌ පානය කරන ලෙස ඇයට උපදෙස්‌ ලැබෙනවා. මෙහිදී සිදුවන්නේ මෝරු ද්‍රdවණය ඉතා ඉක්‌මනින් ආමාශයට උරා ගැනීමයි. එහි ඇති සාදික්‌කා කුඩුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මගින් ශරීරයට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා. ඊට අමතරව සූදුරු, ඉඟුරු සහ මාදුරු එක්‌කර පිසින ලද බාස්‌මතී බත් අභිමත වෑංජන සමඟ අනුභව කරන ලෙස ඇයට උපදෙස්‌ ලැබෙනවා. ඇය මේ ආහාරයට එළඟි තෙල් එකතු කර ගන්නවා.

දින පහකට පසු ඇගේ අහාර අරුචිය ක්‍රමයෙන් පහව යන අතර එළවළු සමඟ බත් ආහාරයට ගන්නා ලෙස ඇයට උපදෙස්‌ ලැබෙනවා. ඊට අමතරව ඉඟුරු දමා ඉතිරවූ එළකිරි ඇය පානය කළ යුතු වෙනවා.

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

Post a Comment

0 Comments