ලංකාවේ වෙසෙන ලොව විශාලතම ගෝනුස්‌සා හෙටරොමට්‍රස් ස්‌වමර්ඩාම් ය. දිග අඟල් නවයකි. පුත්තලම, වවුනියාව, ගාල්ල, මාතර ඇතුළු වියළි කලාපයේත්, තෙත් කලාපයේත් මෙම ගෝනුස්‌සන් වෙසෙයි. කුඩාම ගෝනුස්‌සා චාමුස් සරදියෙල්ය. දිගින් සෙන්ටිමීටරයක් වන මෙම ගෝනුස්‌සා වැඩි වශයෙන් වෙසෙන්නේ, වියළි කලාපයේ ප්‍රදේශවල ය.
නව සොයා ගැනීම් කියන්නේ කොයි කාලෙටත් වලංගු දෙයක්. අලුතින්ම දෙයක් හොයා ගන්නවා වාගේම තියෙන දෙයට අගයක් දීලා එහි ඇති සුවිශේෂී බව ඉස්‌මතු කරන එකත් වැදගත් කාර්යයක් බව කිව යුතුය.
ලොව වෙසෙන ගෝනුස්‌සන් අතරින් විශාලතම ගෝනුස්‌සා සහ කුඩාම ගෝනුස්‌සා ශ්‍රී ලංකාවේ වෙසෙන බවත් මෙම ගෝනුස්‌සන් ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්වයන් බවත් පරික්‌ෂණ නිගමන ඔස්‌සේ තහවුරු කර ගැනීමට විද්වතුන් පිරිසක් සමත්ව ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කිත්සිරි රණවන, සත්ත්වවේදී සංජීව ජයරත්න, චෙක් ජනරජයේ සත්ත්ව විද්‍යාඥ µeන්ටිසෙක් කොවාරික් යන මහත්වරු එක්‌ව මෙම නව සොයාගැනීම ඉකුත් දා වාර්තාවක් ලෙස ද එළිදක්‌වා තිබේ.
ඒ අනුව, ලංකාවේ වෙසෙන ලොව විශාලතම ගෝනුස්‌සා හෙටරොමට්‍රස් ස්‌වමර්ඩාම් ය. දිග අඟල් නවයකි. පුත්තලම, වවුනියාව, ගාල්ල, මාතර ඇතුළු වියළි කලාපයේත්, තෙත් කලාපයේත් මෙම ගෝනුස්‌සන් වෙසෙයි.
කුඩාම ගෝනුස්‌සා චාමුස් සරදියෙල්ය. දිගින් සෙන්ටිමීටරයක් වන මෙම ගෝනුස්‌සා වැඩි වශයෙන් වෙසෙන්නේ, වියළි කලාපයේ ප්‍රදේශවල ය.
මෙයට අමතරව උග්‍ර විෂ සහිත ගෝනුස්‌සන් වර්ගයක් වන සුදු ගෝනුස්‌සා යාපනය ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් දක්‌නා ලැබෙයි.
බුතිඩේ ගෝනුසු කුලයට අයත් මෙම ගෝනුස්‌සන් විශේෂ දහඅටක් ලොව පුරා ජීවත් වන අතර ඉන් විශේෂ දහහතරක්‌ම ශ්‍රී ලංකාවට ආවේණික ගෝනුස්‌සන් බවද මෙම විද්වත් කණ්‌ඩායම විසින් සොයාගෙන ඇත. තවද ඇරැක්‌නීඩා ගණයේ ලා සැලකෙන පාද අටකින් යුත් ගෝනුස්‌සන් කුල දහඅටකට අයත් විශේෂ එක්‌දහස් හත්සිය පනහක් ලොව පුරා සිටින අතර ඉන් ගෝනුස්‌සන් විශේෂ එකසිය දහහතරක්‌ම වඳවීමේ තර්ජනයට නතුව ඇති බවද සොයාගෙන තිබේ.
මෙම කර්තව්‍යයේ ප්‍රමුඛතාව ගනිමින් කටයුතු කළ මහාචාර්ය කිත්සිරි රණවන මහතා මෙසේ කියා සිටියේය. zඅපි වසර 2013 සිටම ගෝනුස්‌සන් ගැන පර්යේෂණ සිදු කළා. ක්‌ෂේත්‍ර විමර්ශනවලදී අලුත් තොරතුරු රැසක් ගොනු කරගන්නත් හැකියාවක් ලැබුණා. 2015 වසරේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‌ෂේත්‍ර පර්යේෂණ සිදු කළා පමණක් නෙවෙයි, ජාත්‍යන්තර මට්‌ටමෙන් සංසන්දනය කරන්නත් හැකියාව ලැබුණා. මේ අනුව අපේ පර්යේෂණ නොහිතපු තරම් සාර්ථක කර ගන්න අපට හැකියාව ලැබුණා. ලංකාවට ආවේණික ගෝනුස්‌සන් විශේෂ නම් කිරීමේ කාර්යය සිදු කළේ µeන්ටසෙක් කොවාරික් මහත්මයා. ඒ අනුව දිගින් අඟල් පහක් හයක් වන ගෝනුස්‌සන් විශේෂ හතර, චාමුස් සරදියෙල් , රුඩියානෙස් ජයරත්නෙයි, රුඩියානෙස් රණවනෙයි සහ රුඩියානෙස් සෙලොනෙන්සිස් යනුවෙන් නම් කරනු ලැබුවා.
මේ ගෝනුස්‌සන් ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකයටම වැදගත් වෙනවා. පරිසර පද්ධතිය සමඟ අනුවර්තනය වෙමින් පරිසරය සමබර කරන්නේ ඉතාම සියුම්වයි. ඒ බව ජීවී අජීවී සමස්‌ත ලොවටම දැනෙන්නේ ඉවෙන් වගේ.
මිනිසාගේත් සෙසු සත්ත්වයන්ගේත් අයහපත හේතුවෙන් , ගෝනුස්‌සන් දුටු සැණින් කවුරු වුණත් ඒ සතාව මරා දමනවා. මේ නිසා ඉක්‌මනින් වඳවීමේ තර්ජනයට නතුවන සත්ත්වයෙක් තමයි ගෝනුස්‌සා කියන්නේ. මෙම සත්ත්වයින් විනාශ නොකර රැක ගන්න සමස්‌ත ජනතාවම අපට සහාය වෙන්න ඕනෑ.Z
මෙම කාර්යයේදී මහාචාර්ය රණවන මහතාට ශක්‌තියක් වෙමින් කටයුතු කළ සත්ත්වවේදී සංජීව ජයරත්න මහතා පැවසූයේ මෙවැන්නකි. ගෝනුස්‌සෙක් කියපු ගමන් මිනිස්‌සු මහා භීතිකාවක් ඇති කර ගන්නවා. මේ සතා කාපු ගමන් මනුස්‌සයෙක් මැරෙනවා කියලා හිතනවා. මේවා හිතළු විතරයි. ගෝනුස්‌සා බියගුළු සතෙක්. ඌ නිතරම සැඟවිලා ඉන්නේ කොළ රොඩු අස්‌සේ, ගල් අස්‌සේ බෙන ගුහා අස්‌සේ අඳුරේ . ආහාරයට ගන්නේ, පුංචි පුංචි කෘමි සත්තු. ඇත්තෙන්ම ගෝනවුස්‌සා මිනිසුන්ව පන්න පන්නා සපා කන්නේ නැහැ. මේ දුර්ලභ සත්ත්ව විශේෂය ආරක්‌ෂා කරගන්න සමස්‌ත ලෝ වැසි සියලු දෙනාම කැප වෙන්න ඕනෑ.Z මෙම සිදුවීම ලටපටයක් යෑයි යමෙකුට හැඟී යන්නේ නම් එය නිවැරදි විය යුතුය. මන්ද මේසා විස්‌තීර්ණ ලෝක ගෝලයක අබැටක් තරම් වූ මේ මනරම් දිවයින පිළිබදඳව ජාත්‍යන්තරයේ කතාබහට නතු වෙමින්, සොබාදම් දියණිය රැකගැනුමේ අනුහස් පහළ වීමට විලෝමය සත්ත්ව ලෝකය මෙවන් සිද්ධීන් ඔස්‌සේ පෙරට එන බැවිනි.
සටහන /ඡායාරූප - සමන්ති වීරසේකර
0 Comments