ප්රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ හෘද රෝග ගැන සාකච්ඡා කරන විට කොලෙස්ටරෝල් ගැන කියෑවුණා. කොලෙස්ටරෝල් ගැන අප නිතර කතා කළත් එය හරිහැටි හඳුනා ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. මොනවද මේ කොලෙස්ටරෝල්?
වෛද්‍ය වික්‍රමාරච්චි - සිරුරේ තිබෙන සෑම සෛලයකම කොලෙස්ටරෝල් තිබෙනවා. ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරිත්වයට කොලෙස්ටරෝල් අත්‍යවශ්‍යයි. මෙම ද්‍රව්‍යය සිරුර තුළ නිෂ්පාදනය වෙනවා. ඒ සමඟම අප පිටතින් ආහාර වශයෙන් ගන්නා දේවල් සමඟත් කොලෙස්ටරෝල් ශරීරය තුළට එනවා. මෙය තෙල් හෙවත් මේදය පදනම් කරගත් ද්‍රව්‍යයක්. ඒ නිසා ජලය පදනම් කරගත් ද්‍රව්‍යයක් වන රුධිරය සමඟ මෙය මිශ්ර්ර වන්නේ නැහැ. මේ නිසා රුධිරය තුළ වෙනම අංශු වශයෙන් කොලෙස්ටරෝල් සිරුර පුරා ගමන් කරනවා. එසේ ගමන් කරන කොලෙස්ටරෝල් අංශු තුළ කොලෙස්ටරෝල් වර්ග 2 ක් තිබෙනවා. එකක් තමයි LDL හෙවත් Low-density lipoprotien හෙවත් ශරීරයට ගුණ එයට හානි නොකරන කොලෙස්ටරෝල්. අනිත් වර්ගය හඳුන්වන්නේ HDL හෙවත් High density lipoprotien හෙවත් ශරීරයට නුසුදුසු, අයහපත් අගුණ කොලෙස්ටරෝල්. ඇත්තම කියනවා නම් කොලෙස්ටරෝල් නැතිව ශරීරය පවත්වාගෙන යන්න අපට බැහැ. එයට හේතුව පහත සඳහන් සේවාවන් සමූහය ඒ මගින් ශරීරයට ඉටුවීමයි. එනම්,
1. සෛල බිත්තිවලට ව්‍යහය සෑදීමට කොලෙස්ටරෝල් උපකාරී වෙනවා.
2. ආහාර දිරවීමට අවශ්‍ය කරන ආමාශයික ඕජස් නිෂ්පාදනය වන්නේ හෙවත් පිත් අම්ල නිෂ්පාදනය වන්නේ කොලෙස්ටරෝල් නිසයි.
3. කොලෙස්ටරෝල් මගින් ශරීරය තුළ විටමින් D නිෂ්පාදනය වෙනවා.
4. සමහර හෝමෝන වර්ග ශරීරය තුළ නිෂ්පාදනය වීමටත් කොලෙස්ටරෝල් උපකාරී වෙනවා.
ප්රශ්නය - කොලෙස්ටරෝල් හදවතට සුදුසු නැති බව අපි දන්නවා. එය විද්‍යාත්මකව විස්තර කරන්න.
වෛද්‍ය වික්‍රමාරච්චි - මෙය බලපාන්නේ මූලිකවම හෘදයටයි. කිරීටක හෘද රෝග හෙවත් Coronary heart disease සඳහා මෙය දැඩිව බලපානවා. මෙහිදී සිදු වන්නේ හෘදයට ඔක්සිජන් සහ රුධිරය ගෙන යන කිරීටක ධමනි හෙවත් ලේ නහර සිහින් වීමයි. ඒ කියන්නේ එම ලේ නහර ඇතුළේ කොලෙස්ටරෝල් බැඳෙනවා.
කොලෙස්ටරෝල්වලට අමතරව කැල්සියම් වැනි ද්‍රව්‍ය ඉහත සඳහන් නහර බිත්තිවල තැන්පත්වෙලා. බිත්ති ඝන වීමෙන් රුධිර ගමනාගමනයට බාධා හටගෙන හෘදයාබාධ හටගැන්මද සිදුවිය හැකියි.
ප්රශ්නය - කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන අවස්ථා මොනවද?
වෛද්‍ය වික්‍රමාරච්චි - දියවැඩියාව, අක්මාවේ සහ වකුගඩුවල හටගන්නා රෝග, ගර්භනී කාලයේදී සහ වෙනත් අවස්ථාවලදී හෝමෝන මට්ටම ඉහළ යැම, තයිsරොයිඩ් ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය අඩුවීම LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීම සඳහා ඖෂධ පාවිච්චි කිරීම යන අවස්ථාවලදීත් කොලෙස්ටරෝල් තත්ත්වයේ අසමතුලිතතා හට ගන්නවා. කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්නේ ඇයිද කියන කාරණය මා මෙහිදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒ ගැන අවස්ථා කිහිපයකදීම මේ පිටුවෙන් අප සාකච්ඡා කර තිබෙනවා. ඊට අමතරව මස් සහ තෙල් සහිත ආහාර නිසා කොලෙස්ටරෝල් නගින බව අද පොඩි ළමයි පවා දන්නවා.
ප්රශ්නය - හෘදයාබාධය සුවපත් කිරීම සඳහා ඔබ තෙල් වර්ගයක් නිපදවා තිබෙනවද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. එහි නම රාජකන්තකී. මෙහි ඖෂධ වර්ග සිය ගණනක් තිබෙනවා. එය පාරම්පරික වට්ටෝරුවකට තවත් ශාකමය ඖෂධ විස්සකට වඩා එකතු කර සාදන ලද්දක්. මේ මගින් මුලින්ම කරන්නේ ලේ නහරවල බැඳී තිබෙන කොලෙස්ටරෝල් සහ කැල්සියම් තට්ටු ගලවා ඉවත් කිරීමයි.
ප්රශ්නය - කොලෙස්ටරෝල් මට්ටම පහත දමා ගැනීමට සුදුසු අත් බෙහෙතක් අපට කියන්න.
වෛද්‍ය වික්‍රමාරච්චි - පිරිසිදු වතුර වීදුරුවක් අරගෙන එයට වියළි කොත්තමල්ලි ඇට මේස හැඳි 2 ක් දමා විනාඩි 15 ක් උතුරු වන්න. ඉන් පසු එය පෙරාගෙන නිවීගිය පසු පානය කරන්න. දිනකට මෙවැනි වීදුරු 3 ක් පානය කළ යුතුයි. සති 3 ක් වත් අනුගමනය කර කොලෙස්ටරෝල් පරීක්ෂණයක් කරගෙන ඒවා අඩුවී ඇති ආකාරය දැනගන්න. ඒ සමඟම සුදුසු ආහාර විතරක් ගන්න. හැබැයි මෙය හෘදයාබාධයට හෝ කොලෙස්ටරෝල්වලට තාවකාලික සහනයක් විතරයි. ඉහත රෝගී තත්ත්ව තුළදී වෛද්‍යවරයකු හමුවීම තමයි වඩාත්ම සුදුසු දෙය.
(පසුගිය සතියේ මේ ලිපියෙහි HDL හෙවත් High density lipoprotien ශරීරයට සුදුසු බව පල වූයේ ප්‍රමාද දොaෂයකිනි.)
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0713464276/ 0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
0 Comments