තල්මස්‌ වමනය මේ තරම් ගණන් ඇයි...?

බ්‍රිතාන්‍ය ජාතික කෙන් වයිල්මන් සිය බොක්‌සර් වර්ගයේ සුරතල් සුනඛයා සමඟ ලැන්කෂයර් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගියේ සක්‌මන් කිරීම සඳහා ය. ඒ අතර මඳක්‌ නැවතුණු සුනඛයා වෙරළේ වළක්‌ හාරා කිලෝ ග්‍රෑම් 3 ක්‌ පමණ බර පාෂාණ කැබැල්ලක්‌ වැනි යමක්‌ මතුකර ගත්තේය. සුනඛයා පැත්තකට කළ කෙන් වයිල්මන් ගෙදර ගොස්‌ ඒ පාෂාණයේ ස්‌වරූපය අනුව එය කුමක්‌ විය හැකි දැයි අන්තර්ජාලයෙන් පිරික්‌සා බැලීය. එහිදී හෙළිදරව් වූයේ එය ඝනීභවනය වූ "තල්මස්‌ වමනය" කුට්‌ටියක්‌ බවයි. "පාවෙන රත්තරන්" ලෙස ධීවරයන් සහ සමුද්‍ර ගවේෂකයන් විසින් හඳුන්වනු ලබන මේ වමනය ලෝක ප්‍රකට Cය්බැක නමැති සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන අතර කෙන් වයිල්මන්ට හමු වූ කොටස පවුම් ලක්‌ෂයක්‌ හෙවත් රුපියල් කෝටි 2 ක්‌ පමණ වටිනා බව සොයාගෙන තිබේ.

මේ විෂය ගැන දත් අය තල්මස්‌ වමනය හඳුන්වන්නේ ඇම්බර්ග්‍රීස්‌ යන නමින් ය. එය අළු පැහැති දුම්මල යන තේරුම ගෙන දෙන අතර, පැරැණි දිරාගිය ගස්‌වල හෝ පුස්‌වල සුවඳින් යුක්‌තය. තවත් රසායනික ද්‍රdවණ කිහිපයක්‌ සමඟ එකතු කළ විට එම ගන්ධය ස්‌ථාවර තත්ත්වයකට පත් වෙයි. ඉන් පසු සුවඳ විලවුන්වල පාදක මධ්‍යසාරය වන එතිල් ඇල්කනෝල් සමඟ එය මිශ්‍ර කළ හැකිය.

කෙන් වයිල්මන්ට තල්මස්‌ වමනය කුට්‌ටියක්‌ හමු වූ බව ආරංචි වූ සැණින්ම ඒ සඳහා යුරෝ 50000 ක මිලක්‌ නියම කිරීමට ප්‍රංශ ජාතික වෙළෙන්දකු පියවර ගත්තේය.

යතුරුපැදි අනතුරකට මුහුණ පෑම නිසා හටගත් කොන්දේ ආබාධයක්‌ හේතුවෙන් රැකියාවෙන් ඉවත් වීමට සිදු වූ කෙන් වයිල්මන් කියන්නේ තම බොක්‌සර් සුනඛයා වළ හාරද්දී වමනය කුට්‌ටිය ක්‍රමයෙන් මතු වූ විට ඉවසන්නට බැරි තරම් ගඳක්‌ එයින් හමන්නට වූ බව ය. මෙයින් ග්‍රෑම් කිහිපයක කැබැල්ලක්‌ වැඩි දුර පර්යේෂණ සඳහා අන්තර්ජාතික සුවඳ විලවුන් කර්මාන්තයේ මධ්‍යස්‌ථානය වන ප්‍රංශයට යැවීමට කෙන් වයිල්මන් තීරණය කර තිබේ.

සුවඳ විලවුන් සෑදීමට පෙර තල්මස්‌ වමනය රසායනික ද්‍රව්‍ය සමඟ එකතු කර වයින් පදම් කරන්නාක්‌ මෙන් කාලයක්‌ තිස්‌සේ පදම් කරනු ලැබේ. ඒ සඳහා වෙනම දැනුමක්‌ අවශ්‍යය.

තල්මසකු වමනය දමන්නේ එම සතාට උදරාබාධයක්‌ හෝ උගුරේ ආබාධයක්‌ හට ගත් විටය. තල්මසා මුහුද යටදී වමනය නිකුත් කරන අතර එය ජලයට නිරාවරණය වීමේදී ඝන බවට පත් වේ. දිගු කලක්‌ තිස්‌සේ මහ සාගරයේ පාවීමෙන් පසු එහි වර්ණය වෙනස්‌ වී පුස්‌ ගඳක්‌ හමන්නට පටන් ගනී. කුඩා කුට්‌ටි වශයෙන් මෙන්ම කිලෝ ග්‍රෑම් 200 දක්‌වා විශාල කුට්‌ටි වශයෙන් ද මේවා තිබේ.

වසර 2006 දී ඔස්‌ටේ්‍රලියාවේ මුහුදු වෙරළක ඇවිදිමින් සිටි යුවළක්‌ රාත්තල් 32 ක්‌ (කිලෝ ග්‍රෑම් 13 ක්‌ පමණ) බර තල්මස්‌ වමනය කුට්‌ටියක්‌ සොයා ගත් අතර, එය ඩොලර් තුන් ලක්‌ෂයකට (රුපියල් කෝටි තුනහමාරකට) අලෙවි විය. මේ වන විට වාර්තාවන්නේ, තල්මස්‌ වමනය කිලෝවක්‌ රුපියල් කෝටි එකාහමාරක්‌ පමණ මිළ වන බවය.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us