ස්‌වභාධර්මයේ අනුහසින් වර්ණවත් වී ඇති මේ දේශය, සත්ත්ව ලෝකයේ තවත් වාර්තාවකට හිමිකම් කියා ඇති බව වාර්තා වූයේ පසුගිය මාසයේය. මේ වාර්තාව ශ්‍රී ලංකාවට හිමිකර දෙන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කිත්සිරි රණවන, පරිසර විද්‍යාඥ වී.ඒ. සංජීව ජයරත්න සහ චෙක් ජනරජයේ සත්ත්ව විද්‍යාඥ µ්‍රeන්ටි සෙක්‌කොවාරීක් ඇතුළු පර්යේෂණ කණ්‌ඩායමක් විසිනි. ලෝකයේ විශාලතම ගෝනුස්‌සා මෙන්ම කුඩාම ගොනුස්‌සාත් ජීවත්වන්නේ ශ්‍රී ලංකාවේ බව මෙම පර්යේෂණ කාණ්‌ඩායම විසින් තහවුරු කරගෙන තිබේ.
සත්ත්ව විද්‍යාත්මක වර්ගීකරණයේදී ඇරැක්‌නීඩා වර්ගයට අයත් ගෝනුස්‌සා සන්ධිපාදකයෙක් ලෙස සිංහල භාෂාවෙන් හඳුන්වාදිය හැකිය. කුල 18 කට අයත්, විශේෂ 1750 ගෝනුසු ප්‍රජාවක් ලෝකය පුරා පැතිරී සිටින බව මේ වන විට සොයාගෙන ඇත.
විශේෂත්වය වන්නේ මෙයින් විශේෂ 111 කට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ ලෝකයට සමුදීමට ආසන්න මොහොතේ හෙවත් වඳවී යැමේ තර්ජනය මත වීමය. ගෝනුස්‌සා වාර්තා වන්නේ උෂ්ණාධික කලාපයන් තුළිනි. ශීතල අධික රටවල් අයත් මහාද්වීපයන්හි දකින්නට නොලැබෙන මෙම සත්ත්ව වර්ගය ඝර්ම කලාපය සිය වාසස්‌ථාන බවට පත් කරගෙන තිබේ. මෙයින් විෂ සහිත බව වැඩිම ගෝනුසු ප්‍රජාව වාසය කරන්නේ කාන්තාර පරිසරයේය. ආහාර අවමයෙන් ඇති කාන්තාර පරිසරයේදී අල්ලාගත් ගොදුර ක්‌ෂණිකව අඩපන කර දැමීම සඳහා වන අනුවර්තනයක් ලෙස විෂ සහිත ස්‌වභාවය ගෝනුස්‌සා වෙත ලැබී ඇති බව පෙනේ. එම විෂ පිට කිරීම සිදුවනුයේ සපා කෑමෙන් නොවේ. ගෝනුස්‌සා සපා කන සතෙකු නොවන අතර, වල්ගයේ අග පිහිටි තුඩක් වැනි අවයවය උපයෝග කරගෙන ඌ විසින් දෂ්ට කරනු ලබයි. මෙහිදී විෂ ග්‍රන්ථි තුළින් පිට කරන අධි ප්‍රොaටීන ශ්‍රාවය විෂ ලෙස ක්‍රියා කරනු ලබයි.
එම්පයර් ස්‌කෝර්පියන් ලෙස හඳුන්වන ශරීර ප්‍රමාණයෙන් විශාල ගෝනුස්‌සන් වර්ග කිහිපයක්‌ම ලොවපුරා වාසය කරන අතර ඉන් ඇතමෙක් උග්‍ර විෂ සහිතය. සමහරෙක් ශරීර ප්‍රමාණයට සාපේක්‌ෂව විසකුරු ස්‌වභාවයෙන් තොර නමුත් ඔවුන්ගේ ප්‍රමාණය විශාල හෙයින් මිනිසුන් එම සතුන් දුටු විගස තැතිගැන්මට පත්වීම සාමාන්‍ය සිදුවීමකි. ව්‍යාප්තිය අතින් ගත් කල අප්‍රිකා මහාද්වීපයට අයත් විවිධ ප්‍රදේශවල මෙම වර්ගයේ ගෝනුස්‌සන් බහුලව ජීවත් වේ.
අඩුම පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇති ශ්‍රී ලංකාවේ ගෝනුස්‌සන් පිළිබඳව පුළුල් පර්යේෂණයක් සිදුවන්නේ මෑත භාගයේදීය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉන්දියාවේ පළවූ පොතක, ලංකාවේ ගෝනුස්‌සන් පිළිබඳව ස්‌වල්ප ලෙස වාර්තා වී තිබුණ නමුත් ඉන් පසු 1989 වනතෙක් කිසිදු ආයතනයකින් ලංකාවේ ගෝනුස්‌සන් පිළිබ`දව පර්යේෂණ සිදුවී නොතිබිණි. 1989 වසරේ ප්‍රංශ විද්‍යාඥයෙක් ලංකාවේ ගෝනුස්‌සන් පිළිබඳ පර්යේෂණයක් සිදුකර තිබූ අතර එහි වාර්තාව ප්‍රංශ බසින් පළවීම නිසා එය ශ්‍රී ලංකාවේ දැනුමක් බවට පත් කර ගැනීමට නොහැකි විය. පසුව, ආචාර්ය නන්දන පී. දිනමිත්‍රාන්, වෛද්‍ය සිවපාලන් සිවන්සුදන්, ඉරෝනි අයි. නාගසේන, මහාචාර්ය සෑම් කුලරත්න, කිත්මිණි ඖචිත්‍යප වික්‍රමාරච්චි වැනි කිහිපදෙනෙකු ලංකාවේ ගෝනුසු පර්යේෂණ සඳහා දායකවී තිබුණි. දීපව්‍යාප්ත වශයෙන් ගෝනුස්‌සන් පිළිබඳ පර්යේෂණයක් සිදුවන්නේ මහාචාර්ය කිත්සිරි රණවන, පරිසර විද්‍යාඥ වී.ඒ. සංජීව ජයරත්න සහ චෙක් ජනරජයේ සත්ත්ව විද්‍යාඥ µ්‍රන්ටි සෙක්‌කොවාරීක් ඇතුළු පර්යේෂණ කණ්‌ඩායමේ මූලිකත්වයෙනි. ඒ අනුව මෙතෙක් කාලයක් ශ්‍රී ලංකා මාතාව විසින් සිය තුරුලෙහි සඟවා ගෙන සිටි ඇයගේ ගෝනුසු දරු පිරිවර පිළිබඳ රහස් රැසක් ලෝකයට නිරාවරණය වන්නට විය.
ශ්‍රී ලංකාව සතු ගෝනුසු ප්‍රජාව විශේෂ වශයෙන් ගත් විට දහඅටක් බව 2016 වර්ෂය වන විට සොයාගැනීමට මෙම පර්යේෂණ කණ්‌ඩායමට හැකියාව ලැබුණි. මෙම විශේෂ දහඅට අතරින් දාහතරක් හෙවත් ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන ගෝනුස්‌සන් සියයකගෙන් හැත්තෑ අටක්‌ම මෙරටට ආවේනිකය. මෙය ආඩම්බරයක් සේම වගකීමක් ලෙසද අප විසින් භාර ගත යුතුව තිබේ. විෂකුරු භාවය හිස තබාගෙන ගෝනුස්‌සන් දුටු සෑම තැනකදීම මරා දමන්නට යන විට මේ සත්ත්ව කොට්‌ඨාශයක් අපේ රටෙන් තුරන් වුවහොත් උන් ලෝකයටම අහිමිවන බව අප විසින් සිහි තබා ගත යුතුය.
ඒ මෙරටට ආවේණික වූ නව ගෝනුසු විශේෂ හතරක් ද (4) සමගිනි. ඒ බුතිඩේ (Buthidae) කුළයට අයත් Charmussaradieli, Reddyanus ceylonensis, Reddyanus jayarathnei
iy Reddyanus ranawanai යන විශේෂයන්ය. සූර සරදියෙල් ස්‌මරණය කිරීම වෙනුවෙන් පර්යේෂණ කණ්‌ඩායම විසින් එක් ගෝනුස්‌සෙකු ඔහුගේ නමින් නාමකරණයට ලක්‌කර ඇත. ඒ චාර්මුස් සරදියෙල් (Charmus saradieli) ලෙසය. එය චෙක් ජන රජයේ µ්‍රeන්ටිසෙක් කොවාරීක් මහතාගේ යෝජනාවක් අනුව සිදුකරන ලදී.
ගෝනුස්‌සන් ලෙස අප නිතර දකින කළු හෝ තද අඳුරු පැහැති අඟල් 5 ක් 6 ක් පමණ දිගින් යුත් විශාල ගෝනුස්‌සන් වර්ග වශයෙන් ගත් කල විශේෂ හතරක් (4) මෙරට හඳුනාගෙන ඇත. ස්‌කෝර්පියොනිඩේ (Scorpionidae) කුලයට අයත් මෙම විශාල ගෝනුස්‌සන් Heterometrus gravimanus,
Heterometrus indus, Heterometrusserratus, iy Heterometrusswammerdami ලෙස නම් කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජීවත් වන බවට සොයාගෙන ඇති ප්‍රමාණයෙන් විශාලතම ගෝනුසු විශේෂය වන්නේද ඉහත දැක්‌වූ Heterometrusswammerdami නැමති විශේෂයයි. මෙයින් indus iyserratus යන විශේෂ දෙක මෙරටට ආවේණික වේ. හඳුනා ගැනීමේ විෂමතා සහිත විශේෂ තුනක් (3) එම විෂමතා ඉවත් කොට යළි නිවැරදිව නාමකරණය කර ඇත. ඒ බුතිඩේ (Buthidae) කුළයට අයත් රැඩියානස් බැසිලිකස්
(Reddyanus basilicus), රැඩියානස් බෙසුචෙටි (Reddyanus besucheti) හා රැඩියානස් ලොයිබ්ලි
(Reddyanus loebli) යන විශේෂ තුනය. මෙම විශේෂ තුනම ශ්‍රී ලංකාවට ආවේණික ගෝනුසු විශේෂයන්
ශ්‍රී ලංකාවේ ගෝනුස්‌සන්ගේ ව්‍යාප්තිය පිළිබඳව සොයාබැලීමේදී වැදගත් කරුණක් ලෙස පෙනී යන්නේ වියළි සහ අතරමැදි දේශගුණික කලාපයන්හි ව්‍යාප්තිය බෙහෙවින් ඉහළ බවය.
මෙරට තෙත් කලාපයේ දී පමණක් ගෝනුසු විශේෂ තුනක් වාර්තා වේ. එය අතරමැදි කලාපයේදී විශේෂ එකක් (1) පමණක් වන අතර වියළි කලාපයේදී විශේෂ හතරක් (4) තරම් වේ. සුවිශේෂී කාරණය නම් තෙත් කලාපයේ ගාල්ල ආශ්‍රිතව හමු වන Heterometrus gravimanus නැමති විශේෂය අතරමැදි දේශගුණික කලාපයේ හමු නොවී වියළි කලාපයේ යාපනය අර්ධද්වීයෙන් හමු වීමය.
නමුත් එම ව්‍යාප්තිය දක්‌වන ආකාරයට අතරමැදි දේශගුණික කලාපයේ ද එම විශේෂය ජීවත් වීමට 100% ක්‌ම අවස්‌ථාව ඇත. එමන්ම රැඩියානස් බැසිලිකස් (Reddyanus
basilicus), රැඩියානස් ලොයිබ්ලි (Reddyanus loebli) සහ හෙටරොමට්‍රස් ස්‌වමර්ඩාමි (Heterometrusswammerdami) යන විශේෂ තුන දේශගුණික කලාප තුනම ආවරණය වන පරිදි පැතිරීමක් පෙන්වයි.
ලොව විශාලතම ගෝනුස්‌සා වන හෙටරොමට්‌රතස් ස්‌වමර්ඩාම් දිගින් අඟල් නවයක් වන අතර පුත්තලම, වවුනියාව, ගාල්ල, මාතර ඇතුළු වියළි කලාපයේ සහ තෙත් කලාපයේත් වාසය කරන බව හඳුනාගනු ලැබුවේ මෙම පර්යේෂණ කණ්‌ඩායම විසිනි. ලෝකයේ කුඩාම ගෝනුස්‌සා වන චාමුස් සරදියෙල් හඳුනාගන්නා ලද්දේ මෙම කණ්‌ඩායමය. දිගින් සෙන්ටිමීටරයක් වන මෙම ගෝනුස්‌සා වැඩි වශයෙන් වෙසෙන්නේ, වියළි කලාපයේය.
ලොව වෙසෙන ගෝනුස්‌සන් අතරින් විශාලතම ගෝනුස්‌සා සහ කුඩාම ගෝනුස්‌සා ශ්‍රී ලංකාවේ වෙසෙන බවත් මෙම ගෝනුස්‌සන් ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්වයන් බව සිය පර්යේෂණ ඔස්‌සේ මේ විද්වතුන් පිරිස ලෝකයට හෙළිකර තිබේ.
ගෝනුස්‌සෙක් කියපු ගමන් මිනිස්‌සු මහා භීතිකාවක් ඇති කර ගන්නවා. මේ සතා කාපු ගමන් මනුස්‌සයෙක් මැරෙනවා කියලා හිතනවා. මේවා හිතළු විතරයි. ගෝනුස්‌සා බියගුළු සතෙක්. ඌ නිතරම සැඟවිලා ඉන්නේ කොළ රොඩු අස්‌සේ, ගල් අස්‌සේ බෙන ගුහා අස්‌සේ අඳුරේ. ආහාරයට ගන්නේ, පුංචි පුංචි කෘමි සත්තු. ඇත්තෙන්ම ගෝනුස්‌සා මිනිසුන්ව පන්න පන්නා සපා කන්නේ නැහැ. මේ දුර්ලභ සත්ත්ව විශේෂය ආරක්‌ෂා කරගන්න සමස්‌ත ලෝ වැසි සියලු දෙනාම කැප වෙන්න ඕනෑ.' මෙම සිදුවීම ලටපටයක් යෑයි යමෙකුට හැඟී යන්නේ නම් එය නිවැරදි විය යුතුය. මන්ද මේසා විස්‌තීර්ණ ලෝක ගෝලයක අබැටක් තරම් වූ මේ මනරම් දිවයින පිළිබඳව ජාත්‍යන්තරයේ කතාබහට නතු වෙමින්, සොබාදම් දියණිය රැකගැනුමේ අනුහස් පහළ වීමට විලෝමය සත්ත්ව ලෝකය මෙවන් සිද්ධීන් ඔස්‌සේ පෙරට එන බැවිනි.
මේ ආකාරයට වටිනාකම කෙතරම් පැහැදිලි කර දුන්නත් ගෝනුස්‌සා පිළිබඳව අප සමාජයට ඇත්තේ බිය සහ අප්‍රියජනක හැඟීමකි. සරලව ගත් විට, ගෝනුස්‌සන් වූ කලී තම වර්ගයා පවා කා දමන විලෝපික සත්ත්ව කොට්‌ඨාසයකි. එසේ වුවත් ලංකාවේ වෙසෙන ගෝනුස්‌සන්ගෙන් එක් වර්ගයක් හැරුණුවිට අනෙක් පිරිස් මාරාන්තික භාවයෙන් තොරය. තමන්ට හිංසාවක් වුවහොත් මිස උන් විසින් මිනිසා වෙත හිතාමතා පහර දෙනු නොලබයි. අප විසින් අප්‍රිය කළද යුරෝපයේ දී ගෝනුස්‌සා ජනප්‍රිය වී ඇත්තේ සුරතලයට ඇති කරන සතෙකු ලෙසය. සිය ජීවිතයේ දී අහිංසක සහ බියගුළු ස්‌වභාවයක් පෙන්වන ගෝනුස්‌සා සිය ආරක්‌ෂාව උදෙසා සටන්කාමි භාවයක්‌ද පෙන්වයි. එසේම ඔවුන් හොඳ ආදරවන්තයන් ලෙස ද සත්ත්ව විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. උන් ඉතා ප්‍රේමණීය ආදරවන්තයන් ය. එනම්, තමන් තෝරා ගත් සහකාරිය සමඟ මෘදු ලෙස ප්‍රේමාලිංගනයෙහි වෙළෙමින් සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්තේ යෙදෙන්නන් ය.
ගෝනුස්‌සන් සිය ප්‍රජනන කටයුත්තේ යෙදෙන්නේ වර්ෂා කාලයේදීය. පරිණත පිරිමි ගෝනුස්‌සෝ නොයෙක් රැඟුම් ඉදිරිපත් කරමින් එම කාලයේදී හැසිරෙති. අඬු පඬු දිග හැර ගෙන, නොයෙක් විලාශ මවමින් රඟන ඔවුහු එහිදී මුහුණ දෙන්නේ ස්‌වයංවරයකටය. එම නැටුමට ආකර්ෂණීය වන රඟන්නේ සහකාරියන් ආකර්ෂණය කර ගැනීම සඳහා ය. රැඟුම් සංදර්ශනය කෙළවර බොහොමයක් යොවුන් ගෝනුස්‌සන්ට සහකාරියන් ලැබේ. එහි දී ඉදිරි අඬුවලින් තම පෙම්වතියගේ සිරුර අල්ලා ගන්නා පිරිමි සත්තු, ඇය බොහොම ප්‍රවේශමෙන් සුදුසු පරිසරයක් සහිත ස්‌ථානයකට කැඳවා ගෙන යති. මේ ආදර චාරිකාව ඇතැම් විට මීටර් 100 ක් හෝ 1000 ක් වුව දිගු විය හැකි ය. සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්තට උන් අත තබන්නේ මේ ගමනාන්තයේදීය. ගෝනුස්‌සන්ගේ ප්‍රජනක අවයව පිහිටන්නේ, උන්ගේ පපු පෙදෙසෙහි ය. පිරිමි සතා විසින් මෝචනය කරන ශුක්‍රාණු, ගැහැනුq සතා විසින් තම ලිංගේන්ද්‍රියෙහි තවරා ගැනීම, ඔවුන්ගේ සංසර්ගීය කටයුත්තය.
ගෝනුස්‌සා විසින් වරකට පැටවුන් රාශියක් බිහිකරන අතර, ගෝනුසු අම්මලා පැටවුන් රකින්නේ, උන් සිය පිට මත රඳවා ගනිමිනි. එහි දී ශක්‌තිවන්ත පැටවුන්, දුබල පැටවුන් කා දමමින් වැඩේ. අවසන ඉතිරි වන්නේ සවිමත් සිරුරු සහිත, පරිසරයට ඔරොත්තු දිය හැකි සතුන් කිහිප දෙනෙක් පමණි.
ආහාර පිණිස ගොදුරු අල්ලා ගැනීමේ දී ගෝනුස්‌සන් මුලින්ම භාවිත කරන්නේ, ඉදිරිපස ඇති විශාල zඩැහි අඬුZ යුගළයයි. ඒවා ඉතා ශක්‌තිමත් ය. අල්ලාගත් ගොදුර අඩපණ කිරීම සඳහා වලිගය කෙළවර ඇති විෂ පිරි විත (දළය) යොදා ගනියි. වල්ගය හිසට ඉහළින් මෙහෙයවා ගොදුරට දෂ්ට කිරීම උන්ගේ සිරිතයි.
අපේ රටේ ගෝනුස්‌සෝ, වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආඥා පනත යටතේ රැකවරණ ලබන්නෝ ය. එසේ වුවත් පසුගිය කාලයේදී පැතිරීගිය මිථ්‍යා ප්‍රචාර හේතුවෙන් සමහරු ගෝනුස්‌සන් එකතු කරන්නට පටන් ගෙන තිබුණි. 2014 වසරේ අගෝස්‌තු මාසයේදී මෙලෙස ගෝනුස්‌සෙකු සිය ගමන් බෑගයක සඟවාගෙන රැගෙන යමින් සිටි තරුණයකු මොරවක බස් නැවතුම් පොළේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොරවක දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000.00 ක ශරීර ඇප මත මුදාහැර තිබුණි. මේ මිථ්‍යා මතද අපේ රටෙන් ගෝනුසු ප්‍රජාව වඳ කර දැමීම සඳහා සේවය කරමින් තිබේ. පරිසර පද්ධතිය සඳහා සිදුකරනා මිල කළ නොහැකි සේවය හැරුණු කල මෙවැනි වටිනාකමක් ගෝනුස්‌සන්ට නැති බව තවමත් සමහරු තේරුම්ගෙන නැත.
ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන මාරාන්තික විෂ සහිත ගෝනුස්‌සා වාර්තා වන්නේ යාපනය අර්ධද්වීපයෙන්ය. කරෙයිනගර්, අච්චුවේලි, පලාලි යන ප්‍රදේශවලින් දැනට හමුවී ඇති මෙම ගෝනුස්‌සා ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බවටයි සිදුකළ මූලික පරීක්‌ෂණවලදී හෙළි වී ඇත. මෙම ගෝනුස්‌සා දෂ්ට කිරීමෙන් වසර 2009 ට පෙර පුද්ගල මරණ වාර්තා වී ඇතත්, ඉන් පසුව මරණ වාර්තා වී නොමැති බව යාපනය රෝහලේ වෛද්‍ය එන්.පී. දිනමිත්‍රා ප්‍රකාශ කළේය.
මාරාන්තික විෂ සහිත මෙම සුදු ගෝනුස්‌සා යාපනය අර්ධද්වීපයේ පමණක් ව්‍යාප්ත වීමට හේතුව නිශ්චිතව ප්‍රකාශ වී නැත. ඒ පිළිබඳව පර්යේෂණ සිදුකළ කණ්‌ඩායමේ සාමාජිකයන් අතර ද ඒ පිළිබඳව විවිධ මත පවතී. ඇතැමුන් පවසන්නේ පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ජීව විද්‍යාත්මක අවියක් ලෙස භාවිතා කිරීම සඳහා මෙම ගෝනුස්‌සා රැගෙන එන්නට ඇති බවයි. Hottentotta tarmulus විද්‍යාත්මක නාමය දරන මේ ගෝනුස්‌සා අතීතයේ යාපනයේ නොසිටි බව එහි වැසියෝ පවසති. පර්යේෂකයන් පවසන්නේ මෙම ගෝනුස්‌සා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ දැකිය හැකි බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්. ඒ. එම්. කුලරත්න මහතා පවසන්නේ, මෙම සුදු ගෝනුස්‌සා ඉන්දීය සාම හමුදාව සමඟ ලංකාවට පැමිණ ඇති බවයි. මෙම ගෝනුස්‌සා, දෂ්ට කිරීමෙන් 2003 වර්ෂයේදී ළමුන් 13 දෙනකු මරණයට පත්ව ඇති බව පරීක්‌ෂණ වාර්තාවේ සඳහන් වේ. උපරිම දිගින් අඟල් 3 ක් පමණ වන මෙම සත්ත්වයා ඔහු ජීවත් වන පරිසරයට බොහෝ සෙයින් අනුවර්තන දක්‌වන හෙයින් පියවි ඇසට ක්‌ෂණිකව දැකගැනීම ඉතා අපහසුය. ඒ නිසාම ඔහුගේ තර්ජනයට හසු නොවීමට මිනිසෙකුට හෝ තවත් ජීවියෙකු හට එම පරිසරයේදී ඉතා අපහසුය. මෙම ගෝනුස්‌සා හැරුණු කොට වෙනත් විශේෂයක් මෙතරම් උග්‍ර විෂ සහිත බව මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සොයාගෙන නොමැත.
කෙසේ නමුත් ගෝනුසු දෂ්ටනයකදී වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම තුළින් ඇති වීමට ඇති අතුරු අනතුරු වළක්‌වා ගත හැකි බව වෛද්‍ය නිර්දේශයයි. අත් බෙහෙත් හෝ ප්‍රථමාධාර මත යෑපීම වෛද්‍යවරුන් අනුමත නොකරන්නේ දෂ්ටනයට ලක්‌වූ පුද්ගලයාගේ වෙනත් ශාරීරික දුබලතාවයක් මත මෙම හානිය කුමන ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්‌වන්නේදැයි නොදන්නා නිසාය.
මෙම ගෝනුස්‌සාගේ විෂ පිළිබඳව දැනට පර්යේෂණ පවත්වමින් සිටින අඟල් 5 ක් පමණ දිග යෝධ ඊශ්‍රායල ගෝනුස්‌සා දරුණු විෂ සහිත වන අතර ඒ තුළින් ලබාගන්නා ක්‌ලෝරෝටොක්‌සින් නම් රසායනිකය නිසා වසරක් පාසා ග්ලයෝමාව නම් වූ සුව කළ නොහැකි මොළේ පිළිකාවෙන් පෙළෙන ඇමෙරිකානුවන් 25,000 ක ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබී තිබේ.
ලොව විශාලතම ගෝනුස්‌සන් අතර කාගේත් අවධානයට ලක් වූ ගෝනුස්‌සන් විශේෂය ලෙස හැඳින්විය හැකි වන්නේ Pandinus Imperator ය. නැතහොත් ඔවුන් Empero¯corpian වශයෙන් ද හැඳින්වේ. එම ජීවීන් බහුල වශයෙන් හමුවන්නේ අප්‍රිකා වැසි වනාන්තරය තුළය. බූකිනෝµdසෝ, ගැම්බියාව, ගිනි, ගිනි බිසව්, ටෝගෝ, ලයිබීරියාව, මාලි, නයිජීරියාව, සෙනෙගල් සහ සියරාලියෝන් වැනි අප්‍රිකා රාජ්‍යවල ඔවුහු බහුල වශයෙන් වාසය කරති. ඔවුන් ප්‍රමාණයෙන් විශාලය. පරිණත තත්ත්වයට පත් ජීවියකු 20 ජප ක් පමණ දිගතිය. ජීවියකුගේ ආයු කාලය වසර 5 සිට 8 දක්‌වා කාල ප්‍රමාණයක් බව අනාවරණය වී තිබේ. ඔවුන්ගේ ශරීරය අඳුරු පැහැතිය. මේ අඳුරු පැහැය තද නිල් පැහැයේ සිට දුඹුරු කලු පැහැ දක්‌වා වූ වර්ණ පරාසයක් තුළ විහිදී ඇත. ජීවින්ගේ ශරීරය කෙළවර විෂ ග්‍රන්ථි පිහිටා තිබේ. මේ විශේෂයේ ගෝනුස්‌සකු මිනිසුන්ට දෂ්ට කළහොත් එම විෂ මිනිස් සිරුර තුළට ඇතුළු වේ. එහෙත් මිනිසාට එමගින් අහිතකර බලපෑමක් එල්ල නොවන බව පැවසේ. එයට හේතුව ඡ්බාසබමි ෂපචැර්එදර ගෝනුසු විශේෂය තුළ පවතින විෂ මිනිසාට උග්‍ර විෂක් වනවාට වඩා ඖෂධයක් වීමයි. ඔවුන් තුළ අඩංගු විෂ හැඳින්වෙන්නේ ෂපචැර්එදංසබ යන නමිනි. මෙම රසායනික ද්‍රව්‍ය මිනිසාට වැළඳෙන ඇතැම් හෘද රෝගවලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකිද යන සැකය මතුව තිබේ. එහෙත් එය තවමත් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු නොකළ කරුණක් බව අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකාවේ ජනතාවට ගෝනුස්‌සා යන නම බිය සහ අප්‍රියභාවයක් ඇති කරන නමුත් චීනය, මැලේසියාව ආදී රටවල ජනතාවගේ ප්‍රණීත ආහාරයක් බවට ගෝනුස්‌සෝ පත්ව සිටිති.
ඔසිත අත්තනායක
0 Comments