කුකුළන්ට හෝමෝන ගැසීම සම්පූර්ණ බොරු කතාවක්‌


මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය පරීක්‍ෂක මහතාට බ්‍රොයිලර් කුකුළන්ගේ ඉක්‌මන් වර්ධනය ගැන ප්‍රශ්නයක්‌ වී ඇති බව පෙනේ. එයට හේතු වන විද්‍යාත්මක කරුණු මෙසේ පැහැදිලි කරමි.

බ්‍රොයිලර් සතුන් අභිජනනය කරනුයේ තෝරාගත් බර ගණයේ කුකුළන් වර්ග දෙකක්‌ සංයෝග කිරීමෙන් ය. එනම් වැඩි බරකින් යුත් කෝණිස්‌ වර්ගයේ පිරිමි සතකු සමඟ වැඩි බර ආරයේ වයිට්‌ රොක්‌ ගැහැනු සතකු සමඟ සංයෝග කිරීමෙන් ය. ඔවුන්ගෙන් බිහිකරන පැටවාට බ්‍රොයිලර් යන නාමය යොදා ඇත. මෙම ක්‍රමය මීට අවුරුදු 60 කට පමණ පෙර ලෝකයේ කුකුළු පාලනය කරන දියුණු රටවල පරීක්‍ෂණයක ප්‍රතිඵලයකි.

මෙසේ බිහිවන බ්‍රොයිලර් පැටවාට විශේෂයෙන් ලබාදිය යුතු පෝෂණ රටාවක්‌ ඇත. එනම් පළමු සතිය තුළ 23% ක ප්‍රොaටීන් ප්‍රතිශතයක්‌ ද ශක්‌තිය කැලරි 2900 - 3000 ත් අතර 6.5% අඩු තන්තු ප්‍රමාණයක්‌ සහිතව ලයිසින් සහ මොනෝබයිටීන් වැනි ඇමයිනෝ අම්ලද හා විටමින් අඩංගු ආහාර සලාකයක්‌ ලබා දීමෙන්ය. පළමු දින තුළ පැටවකුට ලබා දිය යුතු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 33 කි. මෙය නිසි පරිදි ලැබෙනවා නම් දවසේ උපත් බර ග්‍රෑම් 40 ක්‌ වන පැටවා දින 7 ක්‌ අවසානයේදී ග්‍රෑම් 190 - 205 ත් අතර දක්‌වා බරකට වර්ධනය වේ. එම ක්‍රමයට සති 6 ක්‌ ඇතුළත සතියෙන් සතිය බර වැඩිවෙමින් දින 40 ක්‌ අවසානයේ සතෙකුගේ බර කිලෝ 2 ඉක්‌මවයි. බ්‍රොයිලර් සතුන් සඳහා හෝමෝන එන්නත් කිරීමක්‌ හෝ ආහාරයට එකතු කිරීමක්‌ කරන්නේ නැත. හෝර්මෝන සඳහා වියදම් කළහොත් එම වියදම සමඟ බ්‍රොයිලර් සතුන් රන් මිලකට විකිණිය යුතුය. එසේ හෙයින් එම කතාව පුහු මතයකි.

දින 28, 30 අතර කාලයක්‌ තුළදී සතුන්ගේ බර කිලෝ 1 ග්‍රෑම් 300 දක්‌වා වැඩි වේ. පරිසරය ආරක්‍ෂණ කොටුවල (ENVIRO NMENT CONTROL HOUSE) දින 30 දී සාර්ථක ලෙස වර්ධනය වේ. එම සතුන් ශුද්ධ බර කිලෝ 1 ත් 1.2 ත් අතර වේ. එයට වෙළෙඳපොළේ ඇත්තේ විශාල ඉල්ලුමකි. රෝස්‌ චිකන්, බුරියානි වැනි ආහාර සඳහා එම මස්‌ යොදා ගනු ඇත. අවහන්හල් හිමියන්ගේ ලාභය ලැබෙන්නේ ද මෙම බර පරාසයේ සතෙකු විකිණීමෙන් ය. ඒනිසා එයට වෙළෙඳපළ හොඳ ඉල්ලුමක්‌ ඇත.

ඊළඟට එම ලිපියේ ෆොaමලින් සම්බන්ධයෙන් ලියෑවී තිබිණි. ෆොaමලින් ද්‍රව හා කුඩු වශයෙන් වෙළෙඳපළේ අධිබලැති විෂබීජ නාශකයකි. සමහර ගොවිපළ ගොඩනැඟිලිවලට පැටවුන් ඇතුළත් කිරීමට දින 7 කට පෙර විෂබීජ හරණය සඳහා ෆොaමලින් භාවිතා කරනු ලැබේ. තවද ෆොaමලින් ද්‍රdවණය සමඟ පොටෑසියම් පර්මැංගනේට්‌ මිශ්‍ර කිරීමෙන් වායුවක්‌ නිපදවේ. එම වායුව බිත්තර රත්වන යන්ත්‍රාගාර හිස්‌ කිරීමෙන් පසු විෂබීජ හරණය සඳහා යොදා ගනු ලැබේ.

* ජී. එස්‌. බී. ප්‍රනාන්දු

Post a Comment

0 Comments