විදිල්ලෙන් ඇතිවන කැසිල්ලෙන් වැනසිල්ලක් වන්නට යන ලකුණු පහළ වී තිබෙන්නේය. ඒ තවත් දරුණු ගණයේ රෝගයක් මුතු ඇටය වසා පැතිරෙන බවට සොයා ගත් තැන සිටය. ලීෂ්මනයිසිස් කැසියප්බස්‌සි නමින් හඳුන්වන සමේ රෝගය වැලි මැස්‌සා මගින් ලංකාව පුරා බාල මහලු කුඩා වැඩිහිටි කා අතරත් සීග්‍රයෙන් පැතිර යන බවට ඉකුත් සතියේ පළවූ පුවත් සමගින් සාමාන්‍ය ජනතාවගේ සිත්හි අමුතු කුකුසක් හටගත්තේ නිතැතිනි.
දියුණුවේ හිනි පෙත්තට යන්නට උත්සාහ දරණ මිනිස් සංහතිය සොබාදහම තුළ සමතුලිත කිරීමට කලින් කලට විවිධ ව්‍යසනයන් ඇති වන්නේය. මැලේරියා ඩෙංගු ඉන්µaලූවෙන්සා, මී උණ මේ සෑම රෝගයක්‌ම වැළඳුණු, තැන මිනිසා ජීවිත අවදානම නමැති තොටිල්ලේ එලොව මෙලොව පැද්දෙන්නට පටන් ගන්නේය. එවන් වූ රෝගයකි. මෙම සමේ හෙවත් චර්ම රෝගී තත්ත්වය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, පරපෝෂී විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ඩබ්ලිව්. ඩී. එස්. ජී. වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව සවිස්‌තර තොරතුරු ඉදිරිපත් කළේ සාමාන්‍ය ජනතාව මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම පිණිසය.
ලීෂ්මනයිසිස් යන එම චර්ම රෝගය දෙවැනි ලෝක යුද සමයේ සොල්දාදුවන්ට වැළඳී තිබියදී සොයා ගත්තේ ලීෂ්මාන් සහ ඩොනවානි යන පර්යේෂකයින් විසිනි. ඉන්දියාවේ කළු උණ හෙවත් ඉක්‌ජන ෙeඩැර ලෙස ද හඳුන්වන මෙම රෝගය කුඩා කෘමියකු වන වැලි මැස්‌සා (saබාකෙහ) හෙවත් ගැමි වහරේ¨ භාවිත වන හෝහපුටුවාගේ ගෑනු සතා මගින් මිනිසා ඇතුළු සත්ත්වයින්ට බෝවනු ඇත. වැලි මැස්‌සාගේ සාමාන්‍ය ආහාර රටාව ගහ, කොළ, මල්, පලයන්හි යුෂය. එහෙත් ගෑනු සතාට තම වර්ගයා පරපුරක් ලෙස පවත්වාගෙන යැමටත් සිය වර්ගයා බෝ කිරීම පිණිසත් රුධිර සෛලවල අවශ්‍යතාවයක්‌ද පෙන්නුම් කරයි. ඒ අනුව ගෑනු වැලි මැස්‌සා සාමාන්‍ය ජීවියෙකුගේ රුධිරය උරාබීමක් සිදු කරයි. එම අවස්‌ථාවේදී ගෑණු වැලි මැස්‌සාගේ සිරුරේ ලීෂ්මේනියා ඩොනවානි නමැති රෝගකාරක පරපෝෂිතයා සිටිය හොත් එම පරපෝෂිතයා මිනිසාගේ හෝ වෙනත් සත්ත්වයෙකුගේ සිරුරට ඇතුළු වනු ඇත. ඒ බව කිසිදු ලක්‌ෂණයකින් මිනිසාට නොදැනෙන අතර දින කිහිපයකින් කුඩා වතුර බිබිලකට සමාන පෙනුමැති බිබිලක් සිරුරේ නිරාවරණය වූ පෙදෙස්‌වල හටගනී. මුහුණ හෝ දෑත මත හට ගැනීමට වැඩි ඉඩක් ඇත. උණ හෝ කැසීමක් හෝ කිසිදු රෝග ලක්‌ෂණයක් මුල් අවස්‌ථාවල පෙන්නුම් නොකරයි.
වැලිමැස්‌සා නැතහොත් හෝහපුටුවා, මදුරුවා වැනි පෙනුමැති ඊට කුඩා දුඹුරු පැහැති සතෙකි. පියෙවි දෑසට පැහැදිලිව නොපෙනුණද ඇඟ පුරා රෝම රැසක් ඇත. ගංගා ඉවුරේ, ඇළ දොළ අයිනේ, අඳුරු සහිත වදුලු අස්‌සේ, කැලෑ පෙදෙස්‌වල කටුපඳුරු අස්‌සේ, හුඹස් අසල, මැටි සහිත ස්‌ථානවල, නිතර පොළොවේ තෙතමනය රැඳී ඇති තැන්වල, නිවෙස්‌වල මුළුතැන්ගෙයි පෙදෙසට වන්නට, වරිච්චි බිත්ති සහිත නිවාසවල, හේනේ, කුඹුරේ ආදී තැන්වල වැලි මැස්‌සෝ ගැවසෙති. උන් බිත්තර දමන්නේ ද දුඹුරු පැහැගත් මැටි සහිත තැන්වලය.
හොරි, දද, වන කුෂ්ඨ වැනි සමේ රෝග අතීතයේ දී නම් බහුලවම අසන්නට දකින්නට ලැබුණු නමුත් නවීන ප්‍රතිකාර හේතුවෙන් ඒවා බොහොමයක් දෙනාගෙන් ඈත්ව ගොස් ඇත්තේය. මෙම චර්ම රෝගය ශ්‍රී ලංකාවේදී හඳුනාගෙන ඇත්තේ, 1992 වසරේදීය. ඒ විදේශිකයෙකුට වැළඳී ඇති අවස්‌ථාවකය. පසුව යුද සටන් පැවති උතුර නැඟෙනහිර පළාත්වල සොල්දාදුවන්ට ද වැළදි තිබී සොයාගෙන ඇත. මේ පිළිබඳව කලින් කලට කළ සමීක්‌ෂණ වාර්තා අනුව මෑත කාලීනව සංඛ්‍යා දත්ත හෙළි කළේ, ලොව පුරා ලීෂ්මනයිසිස් රෝගින් මිලියන දෙසියයක් තුන්සියයක් වෙසෙන බවය. සංවර්ධනය වෙමින් පවතින රටවල රෝගය සීග්‍රයෙන් පැතිරෙන බවත්, අප්‍රිකා මහාද්වීපික රටවල ඉන්දියාව ඇතුළු තවත් රටවල් රැසක දරුණු ලෙසත් පැතිරෙන මෙම රෝගයේ භයානකකම ඇතිවන්නේ කාලයක් ගත වීමත් සමඟය. ලංකාවේ උතුර, උතුරු මැද, වයඹ, දකුණ, ඌව පළාත්වල කෙමෙන් ව්‍යාප්ත වී පැමිණි මෙම රෝගය මේ වන විට බස්‌නාහිර මධ්‍යම සබරගමුව වැනි පළාත්වලද පැතිරෙමින් යන බවට සාක්‌ෂි දරන්නේ රෝහල් සායනික වාර්තාය. බාහිර රෝගී අංශ වාර්තාය. එහෙයින්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සෑම රටකටමත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම සෞඛ්‍ය අංශවලටත් මෙවැනි රෝගීන් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් විමසිලිමත්ව දිගුකාලීන ප්‍රතිකාරවලට යොමුවන ලෙසද දන්වා තිබේ.
සම මතුපිට හට ගන්නා බිබිලක් සහිත තුවාලය, ඇතැමුන්ගේ සිරුරේ පවතින ප්‍රතිශක්‌තිකරණ මට්‌ටම් අනුව සුවවෙයි. ඇතැම් පිරිසකගේ මෙම තුවාල සුව වන බවක් පෙන්වුවද පරපෝෂිතයා සිරුරින් ඉවත් නොවී වරින්a වර විවිධ අවස්‌ථාවල විවිධ තැන්වලින් තුවාල ලෙස මතුවී එයි. මෙය දරුණු වන්නේ පරපෝෂිතයා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙත විවිධ බලපෑම් ඇති කරන අවස්‌ථාව වන විටය.
රෝගය ඇතිකරන අවස්‌ථා තුනක් පර්යේෂකයින් විසින් සොයාගෙන ඇත. ඒ අනුව,
කියුටේනියස් ලිෂ්මනයිසීස් ජමඒබැදමි කැසියප්බස්‌සි යන පළමුවැනි රෝග තත්ත්වය ලෝකය පුරාම ව්‍යාප්තව ඇත. මෙහි රෝග වාහකයා වැලිමැස්‌සා වන අතර රෝග කාරකයා ලිෂ්මේනියා ඩොනවානිය.
දෙවැනි රෝග අවස්‌ථාව මියුකෝ කියුටේනියස් ලිෂ්මයිසීස් පමජද ජමඒබැදමි කැසියප්බස්sසි ය. මෙම තත්ත්වය වැඩිපුර දක්‌නට ලැබෙන්නේ, දකුණු ඇමරිකාව වැනි රටවලය. මෙම තත්ත්වයේදී වැලි මැස්‌සා තොල වැනි සියුම් ස්‌ථානයක දෂ්ට කළහොත්, තුවාලය දිගින් දිගටම ව්‍යාප්ත වන ස්‌වරූපයක් සහ විරූපි වීම හෝ සමේ ඇතැම් කොටස් නැතිවී යන ස්‌වරූපයක් ගනී.
තෙවැනි රෝග අවස්‌ථාව විස්‌කාරල් ලිෂ්මනයිසීස් ඩසිජැර්ක කැසියප්බස්sසි රෝග තත්ත්වයයි. මෙම තත්ත්වය ශ්‍රීලංකාවේ දක්‌නට ලැබෙන අතර නිසි ප්‍රතිකාර නිසි පරිදි ලබා ගත නොහැකි වුවහොත් රෝග තත්ත්වය මාරාන්තික තත්ත්වයට වුවද පත්විය හැකිය. ඊට හේතුව මෙම රෝග කාරකය අක්‌මාව ප්ලීහාව ඇට මිදුළු දක්‌වා වර්ධනය වෙමින් අභ්‍යන්තර අවයව වෙත හානි ඇතිකිරීමට ක්‍රියාත්මක වන නිසාය. ඇතැම් විට මෙම තත්ත්වයේදී සම මතුපිට තුවාලයක් ඇති නොවීමටද ඉඩ ඇත. සාමාන්‍ය උණ තත්ත්වයක් ඇති විය හැකිය. රෝගය ඇග ඇතුළත වර්ධනය වන්නේද යන්න තහවුරු කර ගත හැක්‌කේ, රුධිර පරීක්‌ෂණයක් මගින් පමණි. එච්අයිවී ආසාදිතයන් හෝ රුධිර සෛල සම්බන්ධ කුමන හෝ රෝග තත්ත්වයක් ඇති පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි ඉඩක් ඇත.
තමන් මෙම රෝග තත්ත්වයට ලක්‌ව ඇත්දැයි පරීක්‌ෂා කරගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා ළඟම සිටින වෛද්‍යවරයා වෙත යැමට හෝ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යැමට කටයුතු කළ යුතුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරපෝෂී විද්‍යා අංශයේ වුවද පරීක්‌ෂණ කටයුතු සඳහා සියලු පහසුකම් ඇති බැවින් අප වෙත පැමිණීමට වුවද අවස්‌ථාව උදාවි තිබේ. සෙසු විශ්වවිද්‍යාලවල පරපෝෂී විද්‍යා අංශ වුවද සාමාන්‍ය ජනතාව වෙත සහයෝගය ලබා දෙනු ඇත. මෙයට අමතරව අනුරාධපුර, පදවිය, මහනුවර, කුරුණෑගල, නිකවැරටිය සහ පුත්තලම යන ප්‍රදේශවල ඇති රජයේ රෝහල්වලද රුධිර පරීක්‌ෂණ සිදුකොට රෝග නිරීක්‍ෂණය සිදුකර දෙනු ඇත. නිසි ප්‍රතිකාර වෙත නිසි කලට යොමු වුවහොත් අකාලයේ ජීවිතයට සමු නොදී සතුටින් කල් ගත කළ හැකිය.
වැලි මැස්‌සා හෙවත් හෝහපුටුවා වඳ කර දැමීම පහසු නැත. පහසු වන්නේ තම තමන්ගේ ආරක්‌ෂාව සලසා ගැනීමය. දහවලේ හේනේ කුඹුරේ වැඩ කරන අවස්‌ථාවල අත් දිගට ඇඳුම් අඳින්න ඕනෑ. මැටි සහිත බිත්ති ඇත්නම් සුදු හුණු ගාලා වර්ණ වෙනස් කළ යුතුයි. නිවස අවට පිරිසිදුව පවත්වාගෙන යැම අතිශය වැදගත්. ජලය ගලා බැස යන ස්‌ථාන ඇත්නම් ජලය රැඳී තිබෙන තැන් ක්‍රමවත්ව පවිත්‍ර කර වියෑළි ස්‌වභාවයක් ඇති කිරීමට කටයුතු කළ යුතුය. රාත්‍රි කාලයේ මදුරු දැල් පාවිච්චි කළ යුතුය. සමේ තැන තැන බිබිලි හෝ තුවාල ඇති වුවහොත් ප්‍රතිකාර ලබා ගත යුතුය.
රෝගය පිළිබඳව බොහෝ දෙනා උනන්දු නොවන්නේ, එහි දරුණු බව හෝ එහි දරුණු බව නිසාම ඇති වූ තත්ත්වයන් හෝ තම ළඟම ඥාතියා මෙයට නතුව ජීවිතය හැර ගිය බවට හෝ තවමත් අත්දැකීම් නොලැබූ පිරිසක් බැවිනි.
වැලි මැස්‌සා ගැන වැලි කැටයක් තරම්වත් අවධානය යොමු නොකරන්නේ නම් ජීවිතය දුහුවිල්ලක් සේ පාව යනතුරුම කිසිවක් කරගත නොහැකි වනු ඇත.
සමන්තී වීරසේකර
0 Comments