ඇම්බර්ග්රීස් හෙවත් තල්මස් වමනය පිළිබදව කතාවක් පසුගිය සතියේ වාර්තා විය. මේ රටේ සමහරුන් පහසුවෙන් මුදල් සෙවීම සදහා භාවිතා කිරීමට උත්සාහ දරන හානිකර ක්‍රියා මාර්ග නිසා මින් පසු තල්මසුන්ට වස විෂ පොවා වමනය කරවීමට උත්සාහ දරාවිදෝ යන භීතිය, පරිසරයට ආදරය කරන පිරිස් වෙත ඇතිවී තිබුණි. සුවද විලවුන් කර්මාන්තය නිසා තල්මස් වමනය කෝටි ගණනක මිලකට අලෙවි වෙතත් ලෝකයට වැඩදායක වනුයේ තල්මසා මිස එම සත්ත්වයාගේ එක් එක් කොටස හෝ වමනය හෝ නොවේ. පරිසාරික සමතුලිතතාවයට සේම සංචාරක ආකර්ශනයක් ලෙස ද තල්මසා වැදගත් සත්ත්වයෙකි.
සමුද්‍රසන්න රටවල තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය වසරකට ඩොලර් මිලියන දෙකක පමණ වටිනාකමක් ඇති අතර සෑම වසර පහකට වරක් මෙය දෙගුණයක් වන බවට ගණන් බලා තිබේ.
තල්මසා පිළිබදව කීර්තියක් උසුලන ශීS්‍ර ලංකා මුහුද අවට මෙම සංචාරක කර්මාන්තය දැවැන්ත ලෙස දියත්ව තිබේ. ඒ හේතුවෙන් ලොව වටා සංචාරකයෝ තල්මසුන් නැරඹීම හෙවත් වේල් වොචින් සදහා ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටිති. ලෝක පාපන්දු ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන ස්‌පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක බාසිලෝනා පාපන්දු කණ්‌ඩායමේ හිටපු නායක කාර්ල්ස් පුයෝල් සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවට නිවාඩුවක් ගත කිරීම සදහා පැමිණියේ, තල්මසුන් සහ අලි නැරඹීම සදහාය.
තල්මසුන් යනු සාගරයේ ජීවත් වන පෙනුමෙන් මත්ස්‍යයෙකු වැනි ක්‌ෂීරපායිS සත්ත්ව විශේෂ කීපයක් සදහා පොදුවේ භාවිතාවන නාමයකි.
තල්මසා ක්‌ෂීරපායියෙකු ලෙස මිස මත්ස්‍යයෙකු ලෙස නොසැලකෙන ප්‍රධාන හේතුව වී ඇත්තේ, මසුන් මෙන් කරමල්වලින් නොව පෙණහළු මගින් තල්මසා ආශ්වාස ප්‍රශ්වාස කිරීමය. තල්මසාගේ හිසේ ඉදිරිපස නාසය පිහිටා ඇත. ඉදිරියට පිහිනන විට නාස් සිදුරු වැසී යයි. ආශ්වාසය සඳහා තල්මසා සෑම මිනිත්තු 5 කට 10 කට වරක් ජලය මතුපිටට පැමිණේ. ජලයේ මීටර් 600 ක් පමණ ගැඹුරට පිහිනිය හැකි තල්මසාට ජලය තුළ එක දිගට මිනිත්තු 45 ක් පමණ සිටිය හැක.
ඉන්පසුව ඔවුන්ට නැවතත් ජලය මතුපිටට පැමිණීමට සිදුවෙන අතර. එහිදී අපිරිසිදු වාතය පිඹීමෙන් ඉවතට දමනු ලබයි. තල්මසාගේ හිස අසලින් විහිදෙන යෝධ වතුර මලක් වැනි මනස්‌කාන්ත දසුන මැවෙන්නේ මෙම සංසිද්ධිය නිසාය. පිරිසුදු වාතය ලබාගැනීමෙන් පසුව ඔවුහු යළි ජලය කරා එළැඹෙති.
තල්මසුන්ගේ සහ ඩොල්ෆින්ගේ ඉදිරි පාද විශාල වරල් බවට පරිණාමය වී තිබීම නිසා, ඔවුන් සිය වලිගයත් සමඟ ඒවා පිහිනීම සහ කිමිදීම සඳහා උපයෝගී කර ගනි. ගොඩබිම වෙසෙන ක්‌ෂීරපායීන්ට තම සිරුරු උණුසුම්ව තබාගැනීමට ලොම් පිහිටා තිබෙන නමුත් ජලයේදී ලොම් පෙඟී යන නිසාත් සිසිල් වන නිසාත් ඒවා ජලජ ජීවිතයට යෝග්‍ය නොවේ. එම නිසා සාගරයේ වෙසෙන ක්‌ෂීරපායීන්ට තම සිරුරු උණුසුම්ව තබා ගැනීමට සමට යටින් ඝන මේද තට්‌ටුවක් හෙවත් තෙල් මන්දක් (Blubber) පිහිටා ඇත. තල්මස් සිරුරේ උණුහුම මිනිසාට සමාන වන සේ පිහිටා ඇති අතර එය සෙන්ටිගේ්‍රඩ් අංශක 37 ක් පමණ වේ.
මොළය හොඳින් වර්ධනය වි ඇත. සාමාන්‍ය තල්මසුන් විසින් කුඩා මසුන් ආහාරයට ගනිතත්, තල්මසුන්ගේ විශාලතම විශේෂ නිතරම ආහාරයට ගන්නේ සාගරයේ බහුලව හමුවන කුඩා ප්ලවාංග විශේෂයන්ය. මීටර් 30 කට වැඩි දිගින් යුත් ලෝකයේ විශාලතම සත්ත්වයා ලෙස සැලකෙන නිල් තල්මසා ද මේ ආකාරයේ ප්ලවාංග භක්‌ෂකයෙකි.
දළ තල්මසුන් ඔවුන්ට අවශ්‍යය අවස්‌ථාවන්හිදී ගොඩබිමට පවා පැමිණීමේ හැකියාවෙන් යුක්‌තය. එහිදී ඔවුන්ට තම සිරුරු ජලයේදී මෙන් චලනය කිරීමේ හැකියාවක් නොමැත. සහකාරිය තෝරා ගැනීsමේදි විවිධ ආකර්ශනයන් උපක්‍රම ලෙසින් තල්මසා විසින් යොදා ගන්නා අතර ගැහැනු සතෙකුගේ ගැබ් කාලය මාස 9 සිට 16 අතර වේ. ජලයට බිහිකරන පැටවා උපන් අවස්‌ථාවේ පටන් පිහිනීම සිදු කරයි. තල්මස් මව සිය පැටවුන් ප්‍රසූත කරනු ලබන්නේ ගොඩබිමේදීය. මෙම පැටවුන් ජලයට යාමට පෙර, දින කීපයක් ගොඩබිමේ වාසය කරමින් මවගේ කිරි බොමින් ජීවත් වන අතර සාමාන්‍ය තත්ත්වය යටතේ ඔවුන් ගොඩබිම වාසය කරන්නේ එම කාලයේදී පමණය. මේ තල්මසාගේ ජීවන හුරුවය.
පොසිල සාක්‍ෂි අනුව මෙම සතුන් සාගර ජීවිතයට අනුවර්තනය වූයේ කෙසේද යන්නට ස්‌ථිර සාක්‌ෂි නැතත් තමන්ගේ විශාල සිරුර නිදහසේ හැසිරවීමට, නව ආහාර සම්පත් සොයා ගැනීsමට සහ සතුරන්ගෙන් ගැලවීම සඳහා මේ අන්දමට සමුද්‍ර ජීවිතයට අවතීරණය වන්නට ඇතැයි අනුමාන කෙරේ.
සෙටාසෙයා ගෝත්‍රයට අයත් සමුද්‍රසතුන් අතරට තල්මසා, ඩොල්පින් සහ පෝපසා අයත්ය. තල්මසුන් ප්‍රධාන කාණ්‌ඩ දෙකකට බෙදෙන අතර එක් කාණ්‌ඩයක, තවත් අතුරු කාණ්‌ඩ ගණනාවක් සිටිති.
මුඛ පෙරණ විශේෂයට අයත් නිල් තල්මසා දිගින් මිටර් 27-30 අතර වේ. නිල් තල්මසා මිහිමත ජීවත් වන විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වේ. හොඳින් වැඩුනු නිල් තල්මසෙකු දිගින් මීටර් 30 ක් පමණ වේ. ටොන් 125 ක් පමණ බරය. උගේ වලිගය මීටර් 6 ක් පමණ පළල වේ. උගේ මාංශ පේශි වල පමණක් බර ටොන් 50 ඉක්‌මවන අතර අස්‌ථි වල බර ටොන් 20 ක් පමණ වේ. නිල් තල්මසාගේ දිවෙහි පමණක් බර ටොන් 2 ක් පමණ වේ. නිල් තල්මසාට විශාල ගොඩනැගිල්ලක් වුවද පෙරළීමේ සමර්ථකම තිබෙන බව පැවසේ.
තල්මසුන්ට ඔවුන්ට ආවේණික වූ රටාවන් ඇත. දෘෂ්ටි ශක්‌තිය හිSන වුවත් ශ්‍රවණ ශක්‌තිය ඉතා තියුණුqය. ඔවුන් ගැඹුරු මුහුදේ නගන හඬ කි. මී. 80 ක් පමණ දුරට විහිදී යයි. මොල්ලි තල්මසාගේ හඬ ගෙරවිල්ලකට සමාන වෙන අතර විටෙක ගීයකට සමානය. පැය කීපයක් පමණ වේලාවක් මෙම මිහිරි ගී ඇසෙයි. සුදු තල්මසාගේ හඬ ජලයෙන් පිටතට පවා ඇසේ.
ඇන්ටාටිකාව වැනි රටවල සිට නිල් තල්මසුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදට පැමිණීම අපේ වාසනාවකි. මෙම තල්මසුන්ගේ ප්‍රජනන කාර්යයන් ඝර්ම කලාපීය ප්‍රදේශවල සිදු වීම, මේ සදහා හේතුව ලෙස සාගර විද්‍යාඥයෝ සදහන් කරති. නිල් තල්මසාගේ අසූචි, සාගර පැළෑටි සදහා සාරවත් පොහොර ප්‍රභවයකි. මියයන තල්මසුන්ගේ මළකුණ පවා සාගර ජීවිතයට වැදගත් සාධකයක්‌ලෙස ක්‍රියා කරයි. තල්මස් කුණපය මීටර් 4000 ක් පමණ පතුලට ගමන් කරන අතර එය සාගර ජීවින්ට අවශ්‍යය ආහාරයක් බවට පත්වේ ඒ එසේම සිය ශ්වසන ක්‍රියාවලිය සදහා මුහුදේ මතුපිටට තල්මසා පැමිණීම, සයුර කැලතීමකට භාජනය කරනු ලබයි. එමගින් මුහුදේ පවතින ද්‍රව්‍ය මිශ්‍ර කරමින්, සමුද්‍රය ජීවී හිතකර තත්ත්වයකට පත්වීම මෙමගින් සිදුවේ. මේ ආකාරයෙන් සමුද්‍රය පෝෂණය කරනවාට අමතරව සංචාරක ආකාර්ශනයක් ලෙස තල්මසුන් නැරඹීම ජනප්‍රියවීමත් සමග එය ශ්‍රී ලංකාවට ආදායම් මාර්ගයක් බවට ද පත් වී තිබේ.
"තල්මසුන් නැරඹීම සදහා ශ්‍රී ලංකා මුහුදේ හොඳම ස්‌ථානය වන්නේ මිරිස්‌ස මුහුදු තීරයයි. මිරිස්‌ස මහද්වීපික තටාකයේ අන්තිම හරියේ තමයි තල්මසුන් වැඩිපුර ගැවසෙන්නේ. ඇත්තටම මෙම කලාපය තල්මසුන්ගේ සොඳුරු බිමක්. සර්මි තල්මසා තමයි වැඩිපුර දක්‌නට ලැබෙන්නේ. තල්මසුන් ගැවසෙන ප්‍රදේශයේ කූණිස්‌සන් තට්‌ටු විදියට කිලෝමීටර් දෙක තුනක් විහිදී තිබෙනවා. තල්මසුන් කූණිස්‌සන් ආහාරයට ගන්නවා. මිරිස්‌ස අවට ගැඹුරු මුහුදු තීරයේ ගැවසෙන, හම්බැක් තල්මසා දිය මතුපිට පිහිනමින්, ගසන පිනුම් ඉතා අලංකාරය. උගේ සිරුරෙන් හතරෙන් තුනක aපමණ මුහුදෙන් ඉහළට එසවෙයි. නැවත ඌ දියට වැටෙන්නේ පර්වතයක් දියට වැටෙන්නාක් මෙනි." ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසන ආකාරයට මිරිස්‌සේදී තල්මසුන් ආයාසයකින් තොරව නැරඹිය හැකිය. වැලිගම් බොක්‌ක අසළ වෙරළට ආසන්නව මෙසේ තල්මසුන් දර්ශනය වන බව සඳහන්ය. වසර 30 ක් පැවති යුද්ධය නිසා ධීවර කටයුතු ඉහළ වෙරළ තීරයේ සිදු නොවීම හේතුවෙන් එම කලාපයේ තල්මස් ගහණය වැඩි වී ඇති බව මේ වන විට සොයාගෙන තිබේ. ත්‍රි කුණාමලය, කල්පිටිය, යන මුහුදු තීර තුළ තල්මසුන් වැඩිපුර සහ පහසුවෙන් නැරඹිය හැකි බවත් මේ ප්‍රදේශ තුළ වෙරළට ආසන්නයෙන් ඇති ගැඹුරු මුහුද නිසා ඩොල්ෆිsන් හා තල්මසුන් බහුල ලෙස එම මුහුදු තීරවල ගොඩබිමට ආසන්නයෙන් ජීවත්වීම මෙම තත්ත්වය සදහා හේතුවකි.
ශ්‍රී ලංකාව අවට මුහුදේ තල්මසුන් විශේෂ 23ක් පමණ දකින්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සිටින නිල් තල්මසා ලොව විශාලතමයා නොවන අතර විශාලතම තල්මසා වාසය කරන්නේ කැලිෙµdaනියාවේ වෙරළාශ්‍රිත මුහුදේය. එහි වාසය කරන වැඩුණු සතකු මීටර 30 ක් පමණ දිග වුවත් ශ්‍රී ලංකා මුහුදේ වාසය කරන පිග්මි නිල් තල්මසුන්ගේ වැඩුණු සතකු මීටර 25 ක් පමණ දිගකින් යුක්‌තය.
ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශ්‍රී ලංකාවේ බව හෙළිවුයේ මෑතකදියි.
මේ ආඩම්බරය නැරඹීම අප කළ යුත්තේ අතිශය වගකීම් සහගතවය. මේ වගකීම අත් හරිමින් සමහර අවස්‌ථාවන්හිදී සංචාරකයන් හැසිරෙන ආකාරය දැක ගත හැකිය. එසේම මිරිස්‌ස මුහුදු තීරයේද මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක්‌ව සිටීම පිළිබදව ද අපගේ අවධානය යොමු කළ යුතුය.
"ධීවර කර්මාන්තය හේතුවෙන් මෙම සතුන්ගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වෙලා. ඊට අමතරව ගොඩබිමට ආසන්නයෙන් සිදුවන නාවික ගමනාගමනය වගේම ස්‌වභාවික විරෝපිකයන් නිසාත් තර්ජනයට ලක්‌වෙලා. විශේෂයෙන් ධීවරයන් මාලු ඇල්ලීම සඳහා භාවිතා කරන දිගින් වැඩි දැල් නිසා ඩොල්ෆින්, තල්මසුන් වැනි විශාල මත්ස්‍යයන්ට හානි සිදුවෙනවා. මෙම මසුන් නැරඹීමට පැමිණෙන පුද්ගලයන් රැගත් යාත්‍රා මත්ස්‍යයන් පිටුqපස හඹායාම හේතුවෙන් මත්ස්‍යයන් ඈත දියඹට ඇදී යනවා. එවිට එහි ගමන් කරන නෞකාවල ගැටීම නිසාත් සතුන්ට හානි සිදුවෙනවා. පසුගිය වර්ෂයේ පමණක් තල්මසුන්ගේ මළසිරුරු 12 ක් වෙරළට ගොඩගසා ඇති බවත් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ඉක්‌මනින් පිළියම් යෙදීම අත්‍යවශ්‍ය බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මාධ්‍යයට පවසා තිබුණි.
දැනට දශක හතරකට පමණ ඉහතදී ත්‍රිකුණාමලයේ තල්මසුන් නිසා ලංකාවට විශාල ප්‍රසිsද්ධියක් ලැබුණි. ත්‍රිකුණාමලය අවට මුහුදු තීරයෙන් සැලකිය යුතු තල්මසුන් ගහනයක් සොයා ගැනීම හේතුවෙන් මේ සඳහා දෙස් විදෙස් පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. 1983 වසරේදී ත්‍රිකුණාමලයේ තල්මසුන් ගැන පර්යේෂණ කිරීම සඳහා ලෝක වනසත්ව අරමුදලට අයත් "ටියුලිප්" නම් පර්යේෂණ යාත්‍රා නෞකාවක් ලංකාවට පැමිණියේය.
ඇමරිකානු, බ්‍රිතාන්‍යය, කැනේඩියානු රටවලට අයත් පර්යේෂකයෝ පර්යේෂණ කටයුතු සඳහා පැමිණි අතර ඔවුහු මාස ගණනාවක් "aටියුලිප්" යාත්‍රාවේ සිට පර්යේෂණවල යෙදුණෝය. ඔවුන් කළ පර්යේෂණවලින් සොයාගත් තොරතුරු නිසා තල්මසුන්ගේ ඇතැම් ජීවන චර්යා ගැන ලෝකයේ මුල්වරට සත්ව විද්‍යාඥයන්ට දැන ගැනීමට හැකි විය.
ටියුලිප් යාත්‍රාවේ පර්යේෂකයන් සමඟ ඇමරිකාවේ සිට පැමිණි, ලෝකයේ ප්‍රවීණතම දිය යට සිනමාකරුවෝ දෙදෙනෙක්‌ද වූහ.
ඔවුන් දෙදෙනා විසින් නාරා ආයතනයේද සහයෝගය ඇතිව ත්‍රිකුණාමලයේ තල්මසුන් ගැන වාර්තා චිත්‍රපටයක් නිපදවනු ලැබීය. එය නම් කොට තිබුණේ "තල්මසුනී නොවැළපෙනු" යන නමිනි. මෙම චිත්‍රපටිය ලංකාවේත් ඇමරිකාවෙත් මුල්වරට ප්‍රදර්ශනය කෙරිණි. වඳවී යෑමේ තර්ජනයට ලක්‌ව සිටින නිල් තල්මසුන් හා සර්චි තල්මසුන් ත්‍රිකුණාමලය අවට මුහුදු තීරයේ ගැවසෙන බවට මුලින්ම පෙනී ගොස් ඇත්තේද අසූව දශකයේදීය.
ඔසිත අත්තනායක
0 Comments