ආතතිය වැඩි නම් ආත්‍රයිටිස්‌ වැඩි වෙනවා


ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය සඳහා යොදා ගත හැකි දේශීය ශාකසාරමය ප්‍රතිකාර කිහිපයක්‌ ගැන අප පසුගිය සති කිහිපය තුළ සාකච්ඡා කළා. තවත් එවැනි ප්‍රතිකාර ගැන විස්‌තර කළොත් එය පාඨකයාට නිශ්චිතවම ප්‍රයෝජනවත් වේවි.

වෛද්‍ය වසන්ත උදයජීව - ඉන්දියානු ආයුර්වේදය අද ශ්‍රී ලංකාව තුළ ස්‌වදේශ ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙස වර්ධනය වෙමින් පවතිනවා. එයට හේතුව ශ්‍රී ලංකාවට ආවේණික පැරැණි වෛද්‍ය ක්‍රමය හෙවත් සිංහල වෙදකම සමඟ එය සම්මිශ්‍රණය වීමයි. ඉන්දියානු ආයුර්වේදය තුළත් අද වන විට ගුරුකුල කිහිපයක්‌ තිබෙනවා. සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ඒ ගුරුකුල අතර සුළු සුළු වෙනස්‌කම් තිබුණත් ප්‍රතිකාර ක්‍රමවල වැඩි වෙනසක්‌ නැහැ. ඉන්දියානු ආයුර්වේදයට අනුව ආත්‍රයිටිස්‌ අවස්‌ථාවකදී රෝගියා කටයුතු කළ යුත්තේ පහත සඳහන් ආකාරයටයි.

1. උදැසනින් අවදි වෙන්න. ඊට පසු ඇල් මැරුණ උණු වතුර වීදුරුවකට දෙහි බෑයක යුෂ එකතු කර හිස්‌බඩම පානය කරන්න.

2. උළුහාල් කියන්නේ ආමය නැති කිරීම සඳහා යොදා ගත හැකි ප්‍රබල නිෂේධකයක්‌. එසේම වාත දොෂ නිවැරැදි කිරිම සඳහා යොදන ඖෂධයක්‌. ඔබේ ආහාරයට නිතරම උළුහාල් එකතු කර ගත යුතුයි. උළුහාල් මේස හැන්දක්‌ ගෙන තලතෙල් වලින් අඹාරා ආත්‍රයිටිස්‌ රෝගය පවතින සන්ධිවල උදේ හවස ආලේප කිරීමෙන් විශාල සහනයක්‌ ලබාගත හැකියි.

3. උණු කරන ලද පොල්තෙල් සහ තලතෙල් මද රස්‌නය පිට සන්ධිවල ආලේප කිරීමෙනුත් සහනයක්‌ ලබා ගත හැකියි. බුලත් කොලයක්‌ ගෙන කැබලි කර පිත්තල හැන්දකට දමා එයට පොල්තෙල් පුරවා බුලත් කොළ පැහැය පොල්තෙල්වලට එනතුරු පොල් තෙල් පහනකට අල්ලා රත්කර මද රස්‌නය පිටින් සන්ධිවල ආලේප කළ යුතුයි. මෙය දිනකට දෙවරක්‌ උදේ සවස කිරීමෙන් සන්ධිවලට සහනයක්‌ ලබා ගන්නට හැකියි.

4. ඔබ තුළ ආතතිය වැඩි නම් ආත්‍රයිටිස්‌ තත්ත්වය ඉහළ යනවා. මෙය වළක්‌වා ගත හැක්‌කේ කිසියම් භාවනා ක්‍රමයකට පුරුදු වීමෙනුයි. ඔබේ මනස ලිහිල් වුණ තරමට සිරුරත් ලිහිල් වෙනවා. එවිට සන්ධිවල දැඩි ගතිය නැතිව යනවා.

5. වේලාසනින් නිදා ගැනීම සහ වේලාසනින් අවදි වීම ශරීරයට ඉතා හොඳයි. නින්ද ක්‍රමවත් කර ගැනීමෙන් ශරිරයේ දොaෂ තත්ත්ව නැති කර ගන්නට පුළුවන්.

6. අඹරන ලද ඉඟුරු ග්‍රෑම් 2 ක්‌ මිශ්‍ර කරන ලද එඬරු තෙල් මේස හැන්දක්‌ දිනපතා රාත්‍රි ආහාරයට ප්‍රථම පානය කරන්න. උළුහාල් කුඩු මේස හැඳි භාගයක්‌ උණුවතුර වීදුරුවකට මිශ්‍රකර උදය ආහාරයට පෙර පානය කරන්න. නිතරම ආහාරවලට කහ කුඩු මිශ්‍ර කරන්න.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ පවත්නා අවස්‌ථාවේදී ශරීරයට නුසුදුසු ආහාර ලෙස ආයුර්වේදයේ නිර්වචනයක්‌ තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ සඳහන් වන පරිදි මුදවපු කිරි, ඔමේගා 3 සංඝටක නැති මත්ස්‍ය වර්ග, නිවිති, ශීත කළ වතුර, ශීතකළ බීම වර්ග, ශීතකළ ආහාර (අයිස්‌ ක්‍රීම්) විරුද්ධාහාර (මසුන් අනුභව කර කිරි බීම) චින්තාමනී කඩල නමැති තද දුඹුරු පැහැති කඩල වර්ගය ආත්‍රයිටිස්‌ රෝගයට සුදුසු නැහැ. එසේම නිදි මැරීම, අධික තෙල් සහිත මස්‌ වර්ග (එළු මස්‌, බැටළු මස්‌, ඌරු මස්‌, හරක්‌ මස්‌) තෙල් වර්ග යොදා ශරීරය සම්භාහනය කිරීම යනාදියත් සුදුසු නැහැ.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 
0718341834, 0372230667 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us