මොකක්‌ද මේ ගුද භ්‍රංශය

ප්‍රශ්නය - පසුගිය දිනවල ඔබ සමඟ කළ සාකච්ඡාවලදී ගුද භ්‍රංශය හෙවත් Rectal Prolapse නමැති රෝගයක්‌ ගැන සඳහන් කළා. මෙය කුමක්‌ද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මෙය ගුද ගත රෝගයක්‌. Rectal කියන්නේ ගුදය. Prolapse කියන්නේ ශරීරාංගයක්‌. එය පිහිටා තිබීමට නියමිත තැනින් වෙනත් තැනකට යැමයි. මේ අනුව ගුදය සහ චර්මය එක්‌වන කොටස පිටතට පැමිණීම Rectal Prolapse හෙවත් ගුද භ්‍රංශය හැටියට හඳුන්වනවා. ගුද භ්‍රංශය හටගැනීම ශාරීරික වශයෙන් ලොකු අපහසුවක්‌.

ප්‍රශ්නය - ගුද භ්‍රංශය හටගන්නේ කොහොමද?

විශේaෂඥ වෛද්‍ය පුෂ්පකුමාර- නිදන්ගත මළ බද්ධය හෝ නිදන්ගත පාචන තත්ත්වය දිගින් දිගටම හටගැනීම 

2. බඩවැලේ හටගන්නා අස්‌වාභාවික චලනයන් හෝ බඩවැල් අධික ලෙස පහළට ඇදී යැමේ තත්ත්වය දීර්ඝ කාලීනව පැවතීම.

3. මහලු විය

4. ගුදයේ ස්‌නායු දුර්වල වීම

5. ගුදයේ ස්‌නායු හානියට පත්වීම

6. වෙනත් ආසාදන හෝ රෝග

7. ගුදයට හෝ ගුද මාර්ගයට හානි සිදුවීම.

ප්‍රශ්නය - ගුද භ්‍රංශය සුවපත් කිරීම සඳහා සැත්කමක්‌ සුදුසු බව ඔබ යෝජනා කරනවාද? සැත්කමක්‌ නොකර වෙනත් ප්‍රතිකාර මගින් මෙය සුවකළ හැකිද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ගුද මාර්ගයේ හෝ ගුදය ආශ්‍රිත රෝගවලට සැත්කම් කිරීමේදී පසුකාලීන අතුරු ආබාධ ඇතිවිය හැකියි. එනම්,

1. සැත්කම කිරීමට පෙර වේදනාව සමනය කිරීම සඳහා යොදන නිර්වින්දන ඖෂධ මගින් ආසාත්මිකතා හට ගැනීමේ ඉඩ 

2. විවිධ ආසාදන හට ගැනීම.

3. රුධිර වහනය.

4. ගුද මාර්ගයේ හෝ එය ආශ්‍රිත රුධිර නාල සහ ස්‌නායුවලට සිදුවිය හැකි හානිය.

5. ගුදය හෝ මුත්‍රා බොක්‌කට සිදුවිය හැකි හානිය.

6. Prolapse තත්ත්වයක්‌ හටගැනීම, එනම් ගුද බිත්තිය මියයැම.

7. සැත්කමින් පසුවත් නැවත වතාවක්‌ ගුද භ්‍රංශය හටගැනීම.

එහෙත් ආයුර්වේදය, සැත්කමකින් තොරව ගුද භ්‍රංශය සුවපත් කරනවා. ආයුර්වේදය මගින් ශල්‍යකර්ම බැහැර නොකරන බව මෙහිදී සඳහන් කිරීම වැදගත්. ආයුර්වේද ශාස්‌ත්‍රය තුළ ශල්‍ය චිකිත්සා ලෙස හැඳින්වෙන වෙනම කොටසක්‌ තිබෙනවා. මේ ශල්‍ය චිකිත්සාව යොදන්නේ අත්‍යවශ්‍යම තැනකදී විතරයි. ආයුර්වේද ප්‍රතිකාරවල මූලික සිද්ධාන්ත මෙසේ විමසා බලමු. එනම්,

1. රෝගයක්‌ සුව කිරීම සඳහා මූලික වශයෙන් සැත්කම් අවශ්‍ය නැත.

2. රෝගයක්‌ සඳහා දෙන ඖෂධවලින් පසුකාලීන අතුරු ආබාධ හටගන්නේ නැත.

3. ඖෂධ මගින් කරන ප්‍රතිකාර නිසා අවදානම ඉතා අඩුයි.

4. රෝග ලක්‍ෂණ මර්දනය කර යට ගැසීම වෙනුවට රෝග මූලය හඳුනාගෙන ප්‍රතිකාර මගින් එය ඉවත් කිරීම සිදුකෙරේ.

ඉහත සඳහන් කරුණු කියෑවීමෙන් ගුද භ්‍රංශයේදී සැත්කමකට යනවාද නැත්නම් ආයුර්වේද ඖෂධ මගින් ප්‍රතිකාර කරනවාද යන්න තීන්දු කිරීමට රෝගියාට පුළුවන්.

ගුද භ්‍රංශයේදී හටගන්නා තවත් නරකම තත්ත්වයක්‌ තමයි රෝගියා මළපහ කිරීමට බිය වීම. මොකද, ඔහු දන්නවා මළපහ කරන විට ගුදය එළියට එන බව. මෙහෙම මළපහ කරන විට ශරීරයේ පහළ කොටසෙහි පිරෙන මළ නිසා අයහපත් ප්‍රතිඵල ඇති විය හැකියි. ඒ නිසා රෝගියා අමාරුවෙන් හෝ මළපහ කළ යුතුයි.

Post a Comment

0 Comments