දියවැඩියා පාලනයට බෙහෙත් වට්‌ටෝරුවක්‌


ප්‍රශ්නය - ඔබ පාරම්පරික ඖෂධ නූතන තාක්‍ෂණය සමඟÊඑක්‌කර පර්යේෂණ කරන වෛද්‍යවරයෙක්‌. ඔබ විසින් සාදන ලද ගොරක චූර්ණය මගින් ස්‌ථුලභාවය අඩුවන බව චිකිත්සාගාර පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා. එසේම ගොරක චූර්ණය සඳහා පේටන්ට්‌ බලපත්‍රය තිබෙන්නේ ඔබටයි. පසුගියදා අපට දැන ගන්නට ලැබුණා ඔබ දියවැඩියා රෝගය සම්බන්ධයෙන් පර්යේෂණයක්‌ කර තිබෙන බව.

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මා කළේ පාරම්පරික වට්‌ටෝරු කිහිපයක්‌ අරගෙන ඒවායේ ගුණ නූතන තාක්‍ෂණය සහ ඇගයීම් ක්‍රම අනුව සමීක්‍ෂාවට ලක්‌ කිරීමයි. ඒ වට්‌ටෝරුව මේ ලිපිය අගදී විස්‌තර කරනවා. හැබැයි බෙහෙත් කොතරම් පානය කළත් වැඩක්‌ නැහැ සුදුසු ක්‍රමයට ආහාර ගන්නේ නැත්නම්.

ප්‍රශ්නය - මොනවද මේ සුදුසු ආහාර

වෛද්‍ය මුහන්දිරම් - මුලින්ම අධික සීනි සහිත ආහාරවලින් වැළකිය යුතුයි එක්‌ වරකට විශාල වේල් 3 ක්‌ වශයෙන් ආහාර ගිල දැමීම වෙනුවට කුඩා ප්‍රමාණයේ ආහාර වේල් වැඩි ගණනක්‌ ලබා ගත යුතුයි. ඔබ ගන්නා කොබෝහයිඩේ්‍රට්‌ ප්‍රමාණය ගැන පරීක්‍ෂාවෙන් සිටිය යුතුවා වගේම ඒවා දවසේ කවර වේලාවක ගන්නවාද කියන එක ගැනත් කල්පනා කළ යුතුයි. උදාහරණයක්‌ වශයෙන් නින්දට යැමට පෙර අල බතල මCඳ්ෙC¹ක්‌කා බත් වැනි කාබොහයිඩේ්‍රට්‌ බහුල ආහාර ගත්තොත් දිරවීමට අපහසු නිසා ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒ අතර කුරුට්‌ට සහිත බත් සහ එළවළු පරිභෝජනය කළ යුතුයි. තෙල් අඩුවෙන් කෑ යුතුයි. මධ්‍යසාරයෙන් සහ දුම් පානයෙන් වැළකිය යුතුයි. ලුණු පරිභෝජනය අඩු කළ යුතුයි. ආහාර පාලනය කළා කියන්නේ දියවැඩියාවෙන් 50% ක්‌ සුවපත් වීමයි.

මෙය සවිස්‌තරාත්මකව කියනවා නම් පහත සඳහන් ආහාර වර්ග නොගත යුතුයි. බත්, අර්තාපල්, පැණි රස පලතුරු වර්ග, තිරිඟු, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, හරක්‌ මස්‌, එළු මස්‌, ඌරු මස්‌, බැටලු මස්‌ යනාදිය. ඒ වගේම පහත සඳහන් ආහාර සුදුසුයි. කඩල, මුංඇට, පරිප්පු, මුං ඇට පරිප්පු, සෝයා බෝංචි නිෂ්පාදන, නිවිති, කොළ වර්ග, ලබු, පිපිCඳ්C¹, පතෝල, කරවිල, කොල්ලු, බාර්ලි යනාදිය. දියවැඩියා රෝගියාගේ වකුගඩුවල තත්ත්වය එතරම් යහපත් නැත්නම් බහු ප්‍රොaටීන සංයුතිය අඩු අලුත් එළවළු වර්ග පාවිච්චි කළ යුතුයි.

ප්‍රශ්නය - දියවැඩියා ආහාර වේල (Diabetic Diet) යනුවෙන් සංකල්පයක්‌ බටහිර ලෝකයේ තිබෙනවා නේද?

වෛද්‍ය මුහන්දිරම් - ඔව්. 60% එළවළු, 30% ප්‍රොaටීන, 10% කාබොහයිඩේ්‍රට්‌ වලින් සමන්විත ආහාර වේලකට තමයි ඔය නම යොදන්නේ. ඒ වගේ පැය භාගයක්‌ සුළු ව්‍යායාමයක නිරත විය යුතුයි. එය දවසකට වරක්‌ කළාම හොඳටම ඇති. ඒ සමගම ප්‍රමාණවත් පරිදි නිදා ගත යුතුයි.

ඒ අතර දියවැඩියාව සඳහා ඉන්දියානුවන් බහුල වශයෙන් පානය කරන සුළු අත් බෙහෙතක්‌ කියන්නම්. උළුහාල් ග්‍රෑම් 10 ක්‌ වතුර වීදුරුවක දමා රැයක්‌ පහන්වනතුරු තබා උදේ පාන්දර හිස්‌බඩ එම වතුර ටික බී උළුහාල් අනුභව කළ යුතුයි. එහෙමත් නැත්නම් උළුහාල් ග්‍රෑම් 100 ක්‌ කහ ග්‍රෑම් 25 ක්‌ සමඟ අඹරා කිරි වීදුරුවක කලවම් කර දවසට දෙවරක්‌ පානය කළ යුතුයි. මෙය මාසයක්‌ පමණ කළ විට දියවැඩියාව පාලනය වීමට පටන් ගන්නවා.

දැන් මා ඔබට කියන්නේ පසුගිය දවසක මා පර්යේෂණයට ලක්‌ කළ වට්‌ටෝරුවක්‌ ගැනයි. කිරිවැදුණු එහෙමත් නැත්නම් නොමේරූ බෙලි කොළ ටිකක්‌ කඩා පවනේ වේලා කුඩුකර ගෙන තේ හැන්දෙන් එකක්‌ උණුවතුර කෝප්පයකට දමා (උතුරන වතුර නොවෙයි) දිනකට දෙවරක්‌ උදේ හවස පානය කළ යුතුයි. මාස 2 ක්‌ මේ විදියට කළාම දියවැඩියාව පාලනය වෙනවා. මෙය සාමාන්‍ය දියවැඩියාවට කරන ප්‍රතිකර්මයක්‌.

Post a Comment

0 Comments