ප්‍රශ්නය - පසුගිය සතියේදී අප අවධානය යොමු කළේ ආත්‍රයිටිස් රෝග සම්බන්ධයෙන් කරන ලද ඉන්දියානු පර්යේෂණ පත්‍රිකාවක් ගැනයි. එහිදී ආත්‍රයිටිස් රෝගීන් ආහාර විහරණ සහ ඖෂධ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කරුණු 9 ක් ගැන සාකච්ඡා කළා. අවසන් කරුණ වශයෙන් ඔබ සඳහන් කළේ දශමූලාරිෂ්ටය සහ ජලය සමඟ මිශ්‍ර කළ රස්‌නාදී ක්‌වාථය මගින් වේදනාව සමනය වන බවයි.
වෛද්‍ය වසන්ත උදයජීව - මේ සාකච්ඡාව ආරම්භ කරමින් මා කලින් සතියේ වගේම නැවතත් අවධාරණය කරන්නේ සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත පමණක් මේ ප්‍රතිකාර කළ යුතු බවයි. එවැනි තවත් ප්‍රතිකාර කිහිපයක් පහත සඳහන් වෙනවා.
1. මී පැණි සහ ඇපල් සයිඩර් විනාකිරි
මී පැණි ගැන අප ඉතා හොඳින් දැන සිටියත් ඇපල් සයිඩර් විනාකිරි අපට එතරම් පුරුදු නැහැ. එය ඕනෑම සුපිරි වෙළෙඳසලකින් ලබා ගත හැකියි. වතුර වීදුරුවකට මී පැණි මේස හැන්දක් සහ ඇපල් සයිඩර් විනාකරි මේස හැන්දක් දමා හොඳින් කලවම් කර හැමදාම උදේට පානය කළ හැකි නම් සන්ධි වේදනාව අඩු කර ගත හැකියි. මෙතැනදී සිදුවන්නේ මේ ආහාර මගින් සන්ධිවල තැන්පත් වන අම්ල ස්‌ඵටික මේ ද්‍රdවණය මගින් දිය වී යැමයි.
2. අබතෙල් කියන්නේ විවිධ රෝගවලට ප්‍රත්‍යක්‍ෂ ගුණදෙන විශ්වකර්ම ඖෂධයක්. ආත්‍රයිටිස් නිසා ඉදිමුqණ සන්ධි මත අබතෙල් ගා සෙමින් සම්බාහනය කළ විට වේදනාව පහව යනවා. මෙහිදී සිදුවන්නේ සන්ධි තුළට නිසි පරිදි රුධිරය ගලා යැම අබතෙල් මගින් සිදුවීමයි.
3. මැග්නීසියම් සල්ෆෙට් හෙවත් එප්සම් ලුණු ඕනෑම ෆාමසියකින් ලබා ගත හැකියිs. එප්සම් ලුණු මේස හැඳි 2 ක් ජලය ලීටර් 50 ක ප්‍රමාණයකට එකතු කර සෑම රාත්‍රියකම ඇඟ සේදීමෙන් සන්ධි වේදනාව අඩු කර ගත හැකියි.
මෙහිදී සිදුවන්නේ එප්සම් ලුණුවල තිබෙන මැග්නීසියම් සංයුතිය සන්ධිවලට අවශෝසනය වී වේදනාව නැති වීමයි.
4. කුරුඳු ආහාරයට ගන්න. කුරුදු කුඩු මී පැණි සමඟ එකට අනා හැම උදැසනකම තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න. එවිට සන්ධිවල පටක නැවත රෝපණය වීමට පටන් ගන්නවා.
5. ඉඟුරු හැකි පමණ ආහාරයට ගන්න. තේ, කෝපිවලට ඉඟුරු දමා බීම ඉතාම හොඳයි
6. සන්ධි වේදනාව ඉවසීමට බැරි තරම් දරුණු වුණොත් අයිස් බෑගයක් සන්ධි මත තබා තාවකාලික සහනයක් ලබා ගත හැකිය.
7. වැඩි දෙනා නොදන්නවාට මිරිස් යම් ප්‍රමාණයකට අන්තර්ගත කළ ආහාර මගිනුත් ආත්‍රයිටිස්‌වලට සහනයක් ලැබෙනවා. ඊට අමතරව මිරිස් යොදා තැනූ බාහිරව ආලේප කරන ආත්‍රයිටීස් නාශක බාම් වර්ග සෑදීම සඳහාත් ඉන්දියාව පර්යේෂණ කරගෙන යනවා.
ප්‍රශ්නය - ගෙදරදී සාදා ගත හැකි ශාක සාරමය ප්‍රතිකාරයක් කිව හැකිද?
වෛද්‍ය වසන්ත උභයජීව - අද ඔබට මා කියන්නේ සබරගමු පළාතට අයත් වසර සිය ගණනක් පැරැණි වෙද පොතකින් ගත් ප්‍රතිකාරයක්. එසේම මෙය කන්ද උඩරට රජ පරම්පරාවලට අයත් බවයි දැන ගන්නට තිබෙන්නේ.
කසාය - කොල්ලං කොල, වගපුල්, කළුදුරු, සිද්දිගුරු, එනසාල්, කුරුඳුපොතු යනාදිය සම සමව ගන්න. පසුව ඒවා පිරිසිදු කර, වියළා කුඩුකරගෙන ඒ සම්පූර්ණ බරින් අඩක් තිරස්‌වාළු සුනු එක්‌කරන්න. ඉන් පසු ඒ සියලු බර හා සමාන බරක් සීනි එක්‌කර වරකට තේ හැඳි භාගයක් ප්‍රමාණයක් මී පැණිවලින් අනා හිස්‌බඩ ආහාරයට ගන්න.
0 Comments