කතරගම කිරි වෙහෙර අබියස පිළිමය මහසෙන් දෙවියන්ගේද


ප්‍රතිමාව සොයා ගන්නා විට එය බොහෝ දුරට මතු පිටට ගෙවි යාම නිසා මෑත යුගයේ කිරි වෙහෙර ප්‍රතිසංස්‌කරණයට මුල් වූ සිරිබද්ධන නම් උපාසකතුමා ඇතුළු ක්‍රියාකාරීන්ගේ අපරීක්‌ෂාකාරී වීම නිසා නිවැරදිව හඳුනා ගැනීමට ඉවහල් වන ලක්‌ෂණ බොහෝමයක්‌ මැකී විනාශ වී ගොස්‌ තිබිණ. 

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෙසු පුරාවිද්‍යාඥයන් බොහෝ දෙනෙකුගේ අදහස වුයේ මෙය බෝධිසත්ව ප්‍රතිමාවක්‌ බවය. 

ලක්‌දිව මහායාන වාදය පැතිරී ගිය අවධිය රුහුණේa වෙහෙර විහාර රාශියක මහායාන බලපෑම් දක්‌නට ලැබේ. යටාල වෙහෙර, මාලිගාවිල, දඹේගොඩ, බුදුරුවගල ආදී බෞද්ධ සිද්ධස්‌ථානවල මේ මහායාන බලපෑම් ප්‍රබල බව පෙනී යයි. මේ සියලු ස්‌ථාන පිහිටියේ කිරිවෙහෙර ආසන්න ප්‍රදේශයන්හි නිසා කතරගම කිරි වෙහෙර ද ඊට හසුවන්නට ඇතැයි ඇති වූ උපකල්පනය අනුව මේ ප්‍රතිමාව බෝධි සත්ව ප්‍රතිමාවකැයි යන මතය ගොඩ නැඟීමට හේතු විය. මේ නිසාම කිරි වෙහෙර සෑ බිමෙහි වූ මේ ප්‍රතිමාව ස්‌ථූපය ප්‍රතිසංස්‌කරණය කරන්නවුන්ගේ අවධානයටද ලක්‌ නොවීමෙන් සෑ ම`ළුවේ පසෙක තැන්පත් කර තිබිණ. එය ක්‍රමවත්ව ස්‌ථාපනය කළේ බොහෝ කාලයකට පසුවය. 

අව්වට වේලෙමින් වැස්‌සට තෙමෙමින් පින්නට නිරාවරණය ව පැවති මේ ප්‍රතිමාව බොහොදෙනාගේ අවධානයට ලක්‌ වූයේ මහාචාර්ය මැන්දිස්‌ රෝහණදීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ශාස්‌ත්‍රීය මතයක්‌ නිසාය. 

ප්‍රතිමාවේ සියලු ලක්‌ෂණ ඉතා සියුම්ව නිරීක්‍ෂණය කර මහාචාර්යතුමා මේ ප්‍රතිමාව බෝධිසත්ව ප්‍රතිමාවක්‌ නොව රාජ ප්‍රතිමාවක්‌ බවට තහවුරු කළේය. 

බුදුරදුන් තෙවැනිවර ලක්‌දිවට වැඩම කළ අවස්‌ථාවේ රහතුන් පිරිවරා කතරගමට පැමිණ, එහි වූ කිහිරි උයනක සමවත් සුවයෙන් කල් ගෙවා එම ස්‌ථානයේ ආරක්‌ෂාව එවකට කතරගම පුරාණ දේශීය පාලකයාව සිටි මහාඝෝෂ නම් ප්‍රභූවරයාට පැවරු බව ධාතු වංශයෙහි සඳහන් වේ. එහි සැබවින්ම කිහිරි වනයක්‌ වූ බව දිව්‍යවධානයේ නම් පැරණි සංස්‌කෘත ග්‍රන්ථයෙහිද ස`දහන් වේ. 

මේ සියලු කාරණා පදනම් කරගෙන මහාඝෝෂ යනු තෙරුවන් සරණ ගොස්‌ බුදුරදුන්ගෙන් දහම් අසා සෝවාන් වූ පුද්ගලයෙන් යෑයි ජනතාව අතර විශ්වාසයක්‌ ගොඩ නැගුණ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින්ද පෙන්වා දුන්නේය. 

මේ අනුව බුදුරදුන් වැඩ සිටි ස්‌ථානයේ ස්‌මාරකයක්‌ ලෙස කිරි වෙහෙර ස්‌ථූපය ඉදිකරවන ලද්දේ මහාඝෝෂ නම් කතරගම ක්‍ෂ්aත්‍රිය පාලකයා විසිනැයි ජනප්‍රවාදයක්‌ ද ගොඩනැඟිsන. ඓතිහාසික සාධක සහිතව මේ කරුණු තහවුරු වී නැතත් සැම ජනප්‍රවාදයක්‌ම නිර්මාණය වන්නේ සත්‍ය වූ මූලාශ්‍රයක්‌ මතය යන මූලධර්ම යටතේ කිරි වෙහෙර ස්‌ථූපයත් මහාඝෝෂ අතර සබඳතාවක්‌ පැවතිය හැකි බවට විද්වතුන්ගේ විශ්වාසයක්‌ ද ඇති විය. 

අනුරාධපුර මහා විහාර සංකීර්ණයෙහි මහා ථූපය ලෙසින් හැඳින්වෙන රුවන්වැලි මහා සෑය ඉදිකරවන ලද්දේ දුටුගැමුණු මහ රජතුමන් විසිනි. ඒ නිසා එම ස්‌ථූප මළුවෙහි දුටුගැමුණුq මහ රජුගේ ප්‍රතිමාවක්‌ ඉදිකරනු ලැබිණ. රුහුණේ සියලු ආගමික ඉදිකිරීම්වල පූර්වාදර්ශය වූයේ අනුරාධුපරයේ ආගමික ඉදිකිරීම්ය. ඒ අනුව කතරගම කිරිවෙහෙර ඉදිකරවන ලද්දේ මහාඝෝෂයන් විසින්ය යන ප්‍රතිවාදයට අනුව එකී සෑ ම`ළුවෙහි මහාඝෝෂ ප්‍රතිමාවක්‌ ඉදිකිරීමේ සම්භාවිතාවක්‌ තිබේ. 

මහාචාර්ය රෝහණදීර ශූරීන්ගේ තහවුරු කිරීම අනුව කිරිවෙහෙර සෑ මළුවේ පිහිටි ප්‍රතිමාව නිසැකවම රාජ ප්‍රතිමාවක්‌ නම් එය මහාඝෝෂගේ ප්‍රතිමාව විය යුතු බවට පිළිගැනීමක්‌ ඇති විය. 

මේ හෙළිදරව් කිරීම්වල ප්‍රතිඵලය වූයේ එතෙක්‌ කිසිවකුගේ අවධානයට යොමු නොවී පැවති මේ ප්‍රතිමාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වීමය. ප්‍රතිමාවේ ආරක්‌ෂාව සඳහා සැදැහැවතුන්ගේ ආධාර උපකාර ඇතිව සෙවණක්‌ ගොඩනැඟුනේද ඒ අනුවය.

කිරි වෙහෙර ස්‌ථුපයට වැඳුම් පිදුම් කරන්නන් ඒ ස්‌ථුපයේ නිර්මාපකයාණන් වූ මහා ඝෝෂකගේ ප්‍රතිමාවට ද ගරු බුහුමන් දක්‌වන්නට වූයෙන් එම ස්‌ථානය ද ක්‍රමයෙන් පූජනීය පරිශ්‍රයක්‌ ලෙස ජනතාවගේ ගෞරවයට පාත්‍ර්‍ර විය. එසේ නොමැතිව එහි පැරණි දේවාලයක්‌ හෝ පාරම්පරික කපු පරපුරක්‌ ද නොවීය. 

සාමාන්‍යයෙන් අපේ රටේ සම්ප්‍රදාය අනුව කිසියම් ස්‌ථානයක්‌ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව වන විට එය ජනතාවගේ ආගමික අවශ්‍යතා සපුරා ලීම සඳහා ගිහි පැවිදි පිරිස්‌ ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක්‌ බවට පත් ව තිබේ. ඒ අනුව කිරි වෙහෙරට ද පුද පූජා පවත්වන්නවුන්ට සහාය වන ගිහි පැවිදි පිරිස්‌ මෙන් ම මෙහෙනිවරුද සිටිති. මහාඝෝෂ ප්‍රතිමාව ආශ්‍රය තව නිර්මාණය වි ඇත්තේ ද එවන් පසුබිමකි. 

නෛතික වශයෙන් කෙසේ වෙතත් සම්ප්‍රදාය අනුව දේව ගැති පරම්පරාද පිය පුතු උරුමයන් අතීතයේ පැවතින. මහාඝෝෂ මන්දිරය ආශ්‍රිතව ද එවන් තත්ත්වයක්‌ ඇති විම නොවැලැක්‌විය හැකිය. විශේෂයෙන් වැදගත් වන්නේ එය නෛතික උරුමයක්‌ නොව සම්ප්‍රදාය අනුගමනය කිරීමකි. මහාඝෝෂ ප්‍රතිමාවට පුද පූජා පැවැත්විමට එන බැතිමතුනට සහාය වීම සදහා සේවකයන් යොදවා ඇත්තේ ද ඒ අයුරිනි. 

මහසෙන් දේවාලය යනු දෙස්‌ විදෙස්‌හි සුපතල රුහුණු කතරගම මහා දේවාලයයි. දුටුගැමුණු මහරජතුමන් විසින් ඉදිකරවන ලදැයි පැවසෙන මේ මහා දේවාලය කෝට්‌ටේ රාජධානි සමයේ දී පවා හඳුන්වා ඇත්තේ දකුණේ මහසෙන් මහා දේවාලය නමිනි. සැළලිහිණි සංදේශයේ එන, "පෙනේ දකුණු මහසෙන් දෙව්රදපාය" යන්නෙන් ඒ බව තහවුරු වේ. කතරගම මහා දේවාලය අදත් හඳුන්වන්නේ රුහුණු කතරගම මහසෙන් මහා දේවාලය නමිනි. 

ජනප්‍රවාදවලට අනුව මහසෙන් මහා දෙවියා ලෙස ජනතාවගේ වැඳුම් පිඳුම්වලට පාත්‍ර ව සිටින්නේ ඉහත ස`දහන් කළ පරිදි ලාංකික බෞද්ධ ප්‍රදේශාධිපතියෙක්‌ ලෙස ජනතා ප්‍රසාදයට පාත්‍රව සිටි මහාඝෝෂ නම් පාලකයාය. 

මරණින් පසු එතුමා දේවත්වාරෝපණයෙන් පිදුම් ලබන්නට වූයේ මහසෙන් මහ දෙවියා නමිනි. එතුමා වෙනුවෙන් දුටුගැමුණු රජු ඉදිකරවූ දේවාලය මහසෙන් මහා දේවාලය වන්නේ ඒ අනුවය. එය පිහිටා ඇත්තේ කිරි වෙහෙරේ සිට කිලෝමීටරයක්‌ පමණ දුරිනි. ඉන් පැහැදිලි වන්නේ කිss§රි වෙහෙර සෑ ම`එවේ පිහිටා ඇත්තේ මහසෙන් දේවාලයක්‌ නොව මහාඝෝෂ මන්දිරයක්‌ බවය. 

කිසියම් ස්‌ථානයක්‌ පිළිබඳව ජනතා ආකල්ප නිර්මාණය වන්නේ ජනතා විශ්වාසයන් පදනම් කරගෙනය. අපේ ආගමික ඉතිහාසය දෙස බලන විට අතීතයේ පවා ජනතාව මහ වනයේ පිහිටි වනස්‌පතී වෘක්‌ෂයන් ට පුද පූජා පැවැත්වීමෙන් විවිධ වරප්‍රසාද ලබාගත් බවට තොරතුරු තිබේ. ඒ අනුව කිරි වෙහෙර ම`එවේ පිහිටි මහාඝෝෂ ප්‍රතිමාවට පුද පූජා පවත්වා යම් යම් ප්‍රතිඵල ලැබූවන් සිටිය හැකිය. විශ්වාසා පරමා ඥාති යන බුදු වදන අනුව එසේ සිදුවීමේ අරුමයක්‌ ද නැත. ඒ සියල්ල ජනතා විශ්වාසයන් අනුව පදනම් වන තත්ත්වයන්ය. එබැවින් ඒවායේ සත්‍ය අසත්‍යයේ භාවය පිළිබඳව අපට යමක්‌ කිව නොහැකිය. 

මෙහි දී අපට අවධාරණය කරන්නට අවශ්‍ය වන්නේ කිරි වෙහෙර පරිශ්‍රය තුළ ඇති මහාසේන දේව ප්‍රතිමාවට සම්ප්‍රදායානුකූලව පැවතෙන කපු පරම්පරාවත් හෝ භාරකරුවන් නොමැති බවයි. එවැනි අතීත ඉතිහාසගත පරම්පරා චාරිත්‍ර විකෘති කිරීම අපරාධයකි. 

කිරි වෙහෙර යනු සාංඝික දේපලකි. එහි අයිතිය නීත්‍යානුකූල ඔප්පුවකින් කිරි වෙහෙරට පැවරී තිබේ. ඒ අනුව කිරි වෙහෙර පූජා භූමිය පිළිබද සියලු කාරණා වලදී අවසාන තීරණය ගැනීsමේ බලය පැවරී ඇත්තේ ද කිරි වෙහෙර රාජමහා විහාරාධිපති ලෙස කටයුතු කරන නාහිමියන් ට බව සඳහන් කළ යුතුමය. 

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති 
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක 
කොබවක ධම්මින්ද නාහිමි

Post a Comment

0 Comments