අදින් දශක 2-3 කට ඉහතදී උඩරට කඳුකර පෙදෙස්‌වල යන එන කාගේත් අවධානයට ලක්‌වූ ශාක විශේෂයකි වල් සූරියකාන්ත. නත්තසූරිය යනුවෙන් ගැමියන් විසින් හඳුන්වන මෙය උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ ඔසඑයදබස් dසඩැරිසදෙකස් (ටයිතෝනියා ඩයිවර්සිෙµdලියා) යනුවෙනි. මෙහි මල් මෙන්ම පත්‍ර ද සූරියකාන්ත ගසට තරමක් සමාන ස්‌වභාවයක් ගනී.
අතු ඉති අග සුපිsපි කහ පැහැති මල් දුටුවන් සිත් ඇදගන්නා මෙය ආක්‍රමණික ශාකයක් ලෙස ඇතැමුන් විසින් හඳුන්වන්නේ සීමා මායිම් රහිතව ඕනෑම තැනක මල් බීජ හෝ දඬු කැබලි මඟින් රෝපණය වීමට ඇති හැකියාව නිසාය. මධ්‍යම කඳුකරය සහ අන්තර් මධ්‍ය කලාපයට අයත් නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, රත්නපුර, කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කයන්හි මාර්ග, ගෙවතුවල වැට මායිම් ආශ්‍රිතව ඉතා සරුවට සුලභව වැවී ඇති මෙය අද වන විට දේශගුණ කලාප භේදයකින් තොරව මුඩුබිම්වල පවා ස්‌වාභාවිකව රෝපණය වී ඇත. මීටර් 1 - 2 තරම් උසට පඳුරු ලෙස වැඩෙන මේවායේ පත්‍ර මෘදුය.
යුරෝපීය වැවිලිකරුවන් විසින් අපේ රටට හඳුන්වා දෙන්නට ඇතැයි සිතිය හැකි මෙය උඩරට වතු කම්කරුවන් සිය ගෙවතු වගා බිම් සරු කර ගැනීම සඳහා කොළ පොහොරක් ලෙස යොදා ගැනීමට පුරුදුව ඇත. වැඩුණු ගසේ මල් පිපෙන්නට පෙර නොමේරූ දඬු හා පත්‍ර සහිත අතු ඉති කුඩා කැබලි ලෙස කපා කාබනික පෝරවල අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීමට දැන් නුවණැති ගොවීහු පුරුදුව සිටිති.
නයිට්‍රජන් (4.6 ) ක් පොටෑසියම් (2.7) ක් පොස්‌පරස් යන මහා පෝෂක හා ක්‌ෂුද්‍ර පෝෂක ගණනාවක් ද සහිත මෙම පැළැටි උඩරට එළවළු ගොවීහු සිය වගා බිම්වල මතුපිට වසුනක් ලෙස යොදා පස සරු කර ගනිති. අපගේ කුඹුqරු අක්‌කර 1 ක් සඳහා පළමු හීයට පෙර හොඳින් වැඩුණු ගස් 200 ක ළපටි දඬු හා කොළ අතුරා යෙදූ විට දින කීපයකදී ජීර්ණවීමෙන් පසට මුසු වේ.
අප රටේ විධිමත්ව සිදු කෙරෙන එළවළු, තේ, පොල් වගා සාර්ථක කර ගැනීම සඳහා කලකට පෙර යොදන්නට පුරුදුව තිබුණේ කෘත්‍රිම විෂ රසායනයන්ය. එම යෙදවුම්වලින් සිදුව තිබෙන හානිය තේරුම් ගෙන සිටින මෙකල කෘෂිකාර්මික පෝර සඳහා විකල්ප සොයන පර්යේෂකයන්ගේ අවධානය දිනා ගෙන තිබෙන නවතම අමුද්‍රව්‍ය ලෙස "වල් සූරියකාන්ත" හැඳින්විය හැකිය.
අපට අවශ්‍ය කොම්පෝස්‌ට් නිපදවා ගැනීමේදී මෙම සූරියකාන්ත කොළවල ඉහළ අගයක් සහිතව පවත්නා පෝෂක ප්‍රමාණයන් නිසා වෙනත් කොළ වර්ග සමඟ මේවා මිශ්‍ර කර ගැනීමෙන් මහඟු ප්‍රතිඵල ලබා ගත හැකිබව දැන් ප්‍රත්‍යක්‌ෂ කරුණකි.
මැනවින් වැඩුණු පඳුරකින් වසරක් තුළ අවස්‌ථා 4 - 5 කදී වැඩි කොළ ප්‍රමාණයක් ලබා ගත හැකිය. මෙම කොළද්‍රව පෝර සකසා ගැනීම පහසු කර ඇත. එමෙන්ම දැඩි බෑවුම් සහිත ප්‍රදේශවල වගාවන් රැක ගන්නා සුළං බාධකයක් ලෙස ද (දෙවැටි ක්‍රමයට) මෙම ශාකය වගා කිරීම විපුල ඵලදායක වන්නේ ඉන් වෙනත් මල් ශාක බෝවීම අඩු වන හෙයිනි. මේ අනුව වල් සූරියකාන්ත සොබාදහමින් අප ලද දායාදයක් ලෙස හැඳින්වීම යුක්‌තිසහගතය.
අශෝක හරිස්‌චන්ද්‍ර
0 Comments