මතින් තොර ලොවක්‌


මත්වීම ඇති කරවන ඕනෑම රසායනිකයක්‌ හෝ ද්‍රව්‍යයක්‌ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. මොළය තුළ ඇතිවන රසායනික වෙනස්‌කම් හේතු කොටගෙන චර්යාත්මක හා ප්‍රජානන අංශවල වෙනස්‌කම් මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතු කොට ගෙන දක්‌නට ලැබේ. කෙටි කාලයක්‌ තුළ ශරීරයේ රුධිරයට ද මත් රසායනිකයන් බලපානු ලබන අතර, එය සමස්‌ත ජීවන රටාව කෙරෙහි ද බලපෑම් ඇති කරවයි. නීතියෙන් තහනම් කළා වූද. වෛද්‍යමය වශයෙන් සුවය ලබාදෙන යමක්‌ අවභාවිතයේ යොදා ගනීද, ස්‌වභාවික ශාක වර්ගයක්‌ මත් ගතිය ඇති කිරීම සඳහා යොදාගනීද. මානව චර්යාවෙහි විකෘති ප්‍රතිචාර දැක්‌වීම සඳහා යම් උත්තේජකයක්‌ ඉවහල් වේද එය මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ලෙස සඳහන් කළ හැකිය.

මේවා දිගු කාලීනව ලබා ගැනීම මගින් මිනිසා තුළ ඇබ්බැහිගත චර්යා ඇති වේ. මෙම ඇබ්බැහිගත චර්යාව

1. දුම්පානය

2. මත්පැන් පානය

3. මත්ද්‍රව්‍ය භාවිතය ලෙස දැක්‌විය හැකිය. මෙම තුන්වර්ගයටම ඇබ්බැහි වූ අය දක්‌නට ලැබෙන්නේ සුළු ප්‍රමාණයක්‌ වන අතර වැඩි ප්‍රමාණයක්‌ එක්‌ දෙයකට ඇබ්බැහි වී තිබේ.


මිනිසාගේ මධ්‍ය ස්‌නායු පද්ධතියේ අවපීඩන තත්ත්වයන් ඇතිකරවන මත්ද්‍රව්‍ය ලෙස අබිං, මෝµSන්, කංසා, තොඩේයින්, තොබේන්, හෙරොයින්, මර්ජුවානා, හෂීස්‌ යනාදී ද්‍රව්‍ය සඳහන් කළ හැකිය.

චර්යාවෙහි ප්‍රතිචාරමය වෙනස්‌කම් ඇති කරන උත්තේජක වර්ගයේ මත්ද්‍රව්‍ය ද දක්‌නට ලැබේ. මේවා ස්‌නායු පද්ධතියට බලපෑම් ඇති කරවනු ලැබේ. කොකේන්, ඇම්පිටමීන්, මෙතිල්පෙනිඩේට්‌ දැක්‌විය හැකි අතර, අනුවේගී ස්‌නායු පද්ධතියට බලපෑම් කරනු ලබන ද්විතීයික උත්තේජක මට්‌ටමේ මත්ද්‍රව්‍ය ලෙස නිකොටීන්, කැෙµaන් යන මත්ද්‍රව්‍ය සඳහන් කළ හැකිය.

බොහෝ පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ මායා හා භ්‍රාන්ති නිසා ය. මායාවන් යනු පවතින දේවල් වෙනස්‌ වී පෙනීමයි. භ්‍රාන්ති යනු ලොව නොමැති දේවල් පවතින දේවල් ලෙස පෙනීමයි.

මේ අනුව ඇතැම් පුද්ගලයන් සිහින ලෝකවලට සමවැදී භ්‍රාන්ති දැකීම තුළින් කෙටි කාලීන සුවයක්‌ විඳීම සඳහා පුරුදු වී සිටින්නේ ද මත්ද්‍රව්‍ය නිසාය. පෙසෝට්‌, මෙස්‌කලීන්, සිලොසිබන්, පෙන්සයික්‌ලිඩ්න් යන මත්ද්‍රව්‍ය වලින් මෙවැනි භ්‍රාන්ති හා මායා දකිනු ලැබේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා මානව වෙනස්‌කම් අංශ 2 කට බෙදිය හැකිය

1. වේදනීය

2. අවේදනීය

වේදනීය අංශය සුඛ හා දුක වශයෙන් බෙදනු ලැබේ. කෙටි කාලීනව ලබන සොම්නස නිසා මේ සඳහා පුද්ගලයා ඇබ්බැහි වේ. නමුත් දිගු කාලීනව බලන විට මෙහි දක්‌නට ලැබෙන්නේ පීඩාකාරී. වේදනාත්මක අංශයකි. දුක වේදනාව පීඩනය මිනිසාට දිගු කාලීනව දක්‌නට ලැබේ. ඒ වන විට බොහෝ පුද්ගලයන් ඇබ්බැහි වී අවසන් ය. අනුවේදනීය අංශය ගත් විට කෙටි කාලීනව මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන මොහොත හා සුළු කාලයක්‌ තුළ හැඟීම් ඇති නොවේ. ඇතැමුන් මෙම තත්ත්වය සඳහා ද කැමැත්තක්‌ දක්‌වනු ලැබේ.

මත්පැන්, මත්ද්‍රව්‍ය නිසා වන වේදනීය අංශයෙහි අහිතකර ප්‍රතිඵල 1 ශාරීරික. 2 මානසික 3 සාමාජික වශයෙන් බෙදා දැක්‌විය හැකිය. ශාරීරික වශයෙන් ඇතිවන අහිතකර ලක්‍ෂණ මෙසේ දැක්‌විය හැකිය. නිදිබර ගතිය, ඔක්‌කාරය, ඇස්‌වලින් කඳුළු ගැලීම, නාඩි වේගය වැඩිවීම, ඇස්‌ රතුවීම. වේගයෙන් හුස්‌ම ගැනීම, පේශිවල ඇතිවන වෙනස්‌කම්, අධිකව ඇතිවන හිසරුදාව, ශරීර ගැස්‌ම, කොකේන් හා නිකොටින් භාවිතය නිසා මධ්‍ය ස්‌නායු පද්ධතියට බලපැම් කිරීමෙන් ලේ ගමනයේ අවහිරතා, හුස්‌ම ගැනීමේ අපහසුතා ඇති වේ. අබිං භාවිතය නිසා මතක ශක්‌තිය, ආහාර රුචිය අඩු වී යයි. මර්ජුවානා මගින් පුද්ගල සන්තානය කෙරෙහි බලපෑම් ඇති කරවයි. මධ්‍යසාර නිසා මොළයේ සංයුතිය හා ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් ඇති කරයි. ගංජා මගින් මොළයේ සෛල විනාශ වේ.

මානසික වශයෙන් ඇතිවන බලපෑමට

මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට බොහෝ මිනිසුන් ඇබ්බැහි වන්නේ එමගින් සහනයක්‌ හෝ ලිහිලනයක්‌ ලැබිය හැකිය යන විශ්වාසය අනුවයි. කෙසේ වුවද, මත්පැන් මත්ද්‍රව්‍ය නිසා

ò චින්තනය, අමතක වීම. අවධානය පිළිබඳ ගැටලු ඇතිවීම, බුද්ධිය හා පෞරුෂත්වය පිළිබඳ ප්‍රජනන ගැටලු මතුවීම, ඒ අතර ස්‌වයං මෙහෙයුම් ගැටලු, තීරණ ගැනීමේ ගැටලු, නිර්මාණ චින්තනය පිළිබඳ ගැටලු, නිර්මාණ චින්තනය පිළිබඳ ගැටලු, සැලසුම් කිරීම පිළිබඳ ගැටලු ආත්ම විශ්වාසය පිළිබඳ ගැටලු, ස්‌වයං ගෞරවය හා ස්‌වයං ප්‍රතිරූපය පිළිබඳ ගැටලු, අසුභවාදී සිතුවිලි ඇතිවීම ආදිය මූලික වේ.

මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා වන සමාජ බලපෑම්

ප්‍රධාන වශයෙන් ඇබ්බැහිගත චර්යාවන් පුද්ගලයාගේ මනෝ - සමාජ ගැටලු කෙරෙහි බලපානු ලැබේ.

ò පවුලේ සමගිය බිඳවැටීම හා පවුල් ගැටුම් ඇතිවීම.

ò අපරාධවලට මූලික හේතුවක්‌ වීම

ò ආර්ථික ප්‍රශ්න ඇතිවීම

ò සියදිවි නසා ගැනීම

ò අධික ණයබර

ò දික්‌කසාදය

ò ලිංගික ගැටලු ඇතිවීම.

ò වෘත්තීය ගැටලු ඇතිවීම.

ò සමාජයෙන් කොන්වීම

ò හුදකලාවීම

ò අඹුදරුවන්ගෙන් ඈත්වීම.

ò දෛනික ජීවන රටාව අක්‍රමවත් වීම.

ò සමාජ අනාරක්‍ෂිත බව ඇතිවීම

නිවාරණය - වැළැක්‌වීම හා මනෝ ප්‍රතිකාර

මත්පැන්, දුම්වැටි හා මත්ද්‍රව්‍ය ගැටලුව වර්තමානය වන විට මනෝ සමාජ ගැටලු අතරින් ප්‍රධාන ස්‌ථානයක්‌ ගෙන ඇති ජාතික ප්‍රශ්නයක්‌ බවට පත් වී තිබේ. මෙහි භයානකකම වන්නේ පාසල් දරුවන් ද මෙම තත්ත්වයට ඇබ්බැහි වී තිබීමයි. මේ සඳහා පොළඹවන පරිසරයක්‌ ද වත්මන් සමාජ පරිසරය තුළ දක්‌නට ලැබේ. නිවාරණය, වැළැක්‌වීම සම්බන්ධව සලකා බලන විට මූලික කරුණු දෙකක්‌ දක්‌නට ලැබේ.

(1) මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා වන සැපයුම අවම කිරීම.

(2) මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම අවම කිරීම.

සැපයුම අවම කිරීමේදී රාජ්‍ය අංශය ප්‍රධාන ස්‌ථානයක්‌ ගනු ලැබේ. මේ පිළිබඳ නීති සම්පාදනය, වැටලීම්, බන්ධනාගාරගත කිරීම්, අධිකරණ ක්‍රියාමාර්ග, දඩ ගැසීම හා දණ්‌ඩනය හා මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්‌වීම සැපයීම අවම කිරීමේ සාධක අතර වේ. මෙහිදී පොලිසිය අධිකරණය ආදී අංශ සක්‍රීය දායකත්වයක්‌ දරනු ලැබේ.

නිවාරණ ආකල්ප

බොහෝ දෙනෙක්‌ මත්පැන්, මත්ද්‍රව්‍යවලට ලොල් බවක්‌ දක්‌වන්නේ එමගින් සතුටක්‌ ඇතිවන බව සිතීමෙන්ය. ඒ තුළින් කෙටි කාලීන ලිහිලනයක්‌ ලැබුණ ද එය ඇබ්බැහිගත චර්යාවක්‌ වූ විට එයම වේදනාකාරී අද්දැකීම්වලට හෝ අසාර්ථක ජීවන රටාවකට උරුමකම් කියනු ලැබේ.

මත් ගතිය සිතින් මවාගනු ලැබූවක්‌ ද?

සත්‍ය වශයෙන් ම මිනිසුන් දක්‌වන මත් ප්‍රතිචාර යථාර්ථවාදී වන්නේද, ලොව කර ඇති පර්යේෂණ අනුව මත්පැන් සුවඳ එම වර්ණකයම සහිත මත්පැන් නොවන රසායනිකයන් පානය කළ විට මත් ප්‍රතිචාර දක්‌වා ඇත්තේ මෙහි ව්‍යාජ ආදේශනයක්‌ (ඡක්‌ජසකිද) පවතින නිසා ය. සමහරු මත් සුවඳට මත්වෙති. කෙසේ වුවද මොළයට බලපෑම් මේ තුළින් සිදුවන නිසා මත්පැන් හා මත්ද්‍රව්‍ය තුළින් මානසිකත්වයේ ද ප්‍රබල වෙනස්‌කම් ඇති වේ. බොහෝ අපරාධවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ ද මත්පැන් හා මත්ද්‍රව්‍යයි. එසේම මත්පැන් පානය විශාදය  භින්න උන්මාදය පෞරුෂ ආබාධ ආදී මානසික අවප්‍රමාණතා සඳහා ද බලපානු ලැබේ.

මේ අනුව මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පදනම් වූ සමහර දුර්මත මුලින්ම බැහැර කළ යුතුය.

ò මත්පැන් නිසා ඉදිරිපත්වීමේ හැකියාව වැඩි වේ.

ò මත්පැන් ප්‍රශ්න අමතක කරවයි.

ò මත්පැන් නිසා ගැටලු විඳදරා ගත හැකිය.

ò මත්පැන් නිසා ආත්ම ශක්‌තිය වැඩි වේ. මෙවැනි මත ඇතැම් කරුණු පුද්ගලයන් තුළ ද පවතී, මෙවැනි වැරදි ආකල්ප පාසල් මට්‌ටමින් වැරදි බව පෙන්වා දිය යුතුය. ඒ වෙනුවට 

ò මත්පැන් ගත් පුද්ගලයාට යමක්‌ හරියට කළ නොහැක.

ò මත්පැන් පානය කරන්නේ උසස්‌ පෞරුෂයක්‌ නැති නිසාය.

ò මත්පැන් කායික, මානසික, අධ්‍යාත්මික සතුට උදුරා ගනියි

ò මත්පැන් පුද්ගල හැකියාවන් විනාශ කර දමයි. ආදී ආකල්ප මිනිසුන් තුළ වර්ධනය කළ යුතුය.

නිවාරණ වැඩසටහන්

නිවාරණය මගින් සිදුවන්නේ ද මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා ජනතාව තුළ ආකල්ප වෙනසක්‌ ඇති කිරීමයි. මේ තුළින් මත්ද්‍රව්‍ය හා මත්පැන් පිළිබඳ ඉල්ලුම අවම කිරීමක්‌ ද වේ. මේවා කෙරෙහි ඉල්ලුමක්‌ ඇති වන්නේ මානසික සාධක අනුවය. මෙහිදී මිනිසා මතින් තොර ජීවන රටාවක්‌ සඳහා මෙහෙයවීම සඳහා වැඩසටහන් දියත් කිරීම වැදගත් වේ. නිවාරණ වැඩසටහන් රාජ්‍ය මට්‌ටමින් හා රාජ්‍ය නොවන මට්‌ටමින් සිදුවේ. එසේම නිවාරණය පුද්ගල කණ්‌ඩායම් තුනක්‌ සඳහා ඉලක්‌ක ගත විය යුතු වේ.

* සාමාන්‍ය සිවිල් සමාජ

** මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අවදානම්ගත කණ්‌ඩායම්.

*** ඇබ්බැහිගත වූ අය

සාමාන්‍ය සිවිල් සමාජය සඳහා පොදුÊවැඩ සටහන් මගින් ඒවායේ ආදීනව ප්‍රතිවිපාක ආදී වැඩසටහන් දියත් කිරීම වැදගත් වේ.

මේ සඳහා 

(*) විද්යුත් මාධ්‍ය

(**)  මුද්‍රිත මාධ්‍ය යොදාගත හැකි වේ.

මේ තුළින් ජනතාව තුළ නිවාරණ ආකල්ප ඇති කිරීම සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම වැදගත් වේ.

මනෝ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය

ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපනය ක්‍රියාත්මක වුවද, මනෝ ප්‍රතිකාර ප්‍රවේශයන් එතරම් සාර්ථකව සිදුවන්නේ නැත. මත්පැන්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අය සඳහා මෙම පුනරුත්ථාපනය දිගු කාලීSනව යොදා ගැනීම වැදගත් වේ. මෙහිදී

(1) මනෝ උපදේශනය  ඇබ්බැහි වූ අය සඳහා එයින් මිදීමට අවශ්‍ය අන්තර් කුසලතා සන්නිවේදනය හා එය වර්ධනය කිරීමට අවශ්‍ය කෙටි කාලීන මනෝවිද්‍යා මැදිහත්වීම් මේ යටතේ ඉදිරිපත් වේ. මෙහිදී ඇබ්බැහි වූ අයගේ පවුලේ සාමාජිකයන් ද උපදේශනය සඳහා අවශ්‍ය වේ.

(2) චර්යා ප්‍රතිකාර

මෙමගින් මත්පැන්, මත්ද්‍රව්‍ය වැළැක්‌වීම හෝ එපා කරවීම සඳහා පුද්ගල ප්‍රතිචාරය වෙනස්‌ කිරීම සඳහා උත්තේජක පරසරය පදනම් වූ ප්‍රතිකාර යොදා ගැනීම වැදගත් වේ. මේ යටතේ

ò එපා කරවීමේ ප්‍රතිකාරය මත්පැන් මත්ද්‍රව්‍ය සඳහා සුවිශේෂ ප්‍රතිකාරයන් ලෙස යොදා ගත හැකි වේ.

(3) ප්‍රජනන චර්යා චිකිත්සාව 

ඇබැබ්හි වූ අය සඳහා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය එපා කරවීමේ සිතුවිලි මෙන්ම නව චර්යාවන් ගොඩනැඟීම මෙහිදී වැදගත් වේ. මේ යටතේ

චර්යා නවීකරණය   හා සිතුවිලි නවීකරණය යොදා ගනු ලැබේ. මේ තුලින් මත්පැන් හෝ මත් ද්‍රව්‍ය වෙනුවට චර්යා ආදේශකයන් මගින් නව චර්යාවන් ගොඩනඟනු ලැබේ. ප්‍රතිකාර වලට අමතරව

ò සමූහ මනෝ ප්‍රතිකාරය

ò කලා ප්‍රතිකාරය

ò සංගීත ප්‍රතිකාරය

ò ලිහිලනය හා සංයම අභ්‍යාස

ò මෝහන චිකිත්සාව

ò චිත්තවේග පාදක හා චිත්තවේග 

මුදාහැරීමේ ප්‍රතිකාර (EFඔ)

ò EඵෘR

ò භාවනා අභ්‍යාස විශේෂයෙන් පුනරුත්ථාපනය සඳහා 

වැදගත් වේ. මෙම ප්‍රතිකාර මගින් ඇබ්බැහි වු අයගේ

ò ස්‌වයං ගෞරවය වර්ධනය කිරීම

ò අවධානය දියුණු කිරීම

ò ආත්ම විශ්වාසය ඇති කිරීම

ò ඉලක්‌ක ගොඩනැඟීම

ò පිරිවිත කළමනාකරණය ගොඩනැඟීම

ò සුභවාදී ආකල්ප ඇති කිරීම

ò මෘදු කුසලතා වර්ධනය අපේක්‍ෂා කරනු ලැබේ.

මත්පැන් මත්ද්‍රව්‍ය උවදුර නිසා ශ්‍රී ලංකාවේ වඩාත්ම වින්දිත භාවයට පත්ව ඇත්තේ කාන්තාවන් ය. පිය පුතුන් වෙනුවෙන් හඬා වැළපෙන මව්වරුන් සඳහා ද ස්‌වාමිපුරුෂයන් නිසා පීඩනයටය පත් භාර්යාවන් සඳහා ද මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් අත්‍යවශ්‍ය වේ.

මහාචාර්ය ඥානදාස පෙරේරා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සභාපති - මානසික සෞඛ්‍ය පදනම

ගෘහස්‌ථ හිංසනයට පත්වන්නෙ 
කාන්තාව පමණක්‌ නොවේ
පීතෘත්වය අසම සමයි

අපි සිතන අයුරින් ගෘහස්‌ථ හිංසනයට ලක්‌ වන්නේ ගැහැනිය පමණක්‌ද?

මා දන්නා පුංචි පවුලකි. කසාදයෙන් එක්‌ මසක්‌ ගිය තැනදී ආරම්භ වූ ගෘහස්‌ථ හිංසනයට ලක්‌ වූයේ ස්‌වාමියයි. නිතරම අඬ දබර විටෙක එක්‌ වෙමින් තවත් විටෙක වෙන් වෙමින් මේ වන විට අවුරුදු 12-13 ක්‌ ගෙවා විඳිමින් විඳවමින් දියණියන් දෙදෙනකුගේද දෙමාපියන් වෙයි. පිටතින් මෙදෙස බලන ඕනෑම කෙනකුට සිතනුයේ මේ ගැහැනියගේ අත්මාර්ථකාමීකම සහ කෲරත්වය හමුවේ මේ පිරිමියා නිවට - නියාලු පිරිමියෙක්‌ බවයි.

නැත. ඒ ඔහුගේ නොබිඳිය හැකි සංස්‌කෘතිකමය අගය හා අසමසම පීතෘත්වයයි. එය මට දැනුණේ කිසිවකුට පක්‍ෂග්‍රාහී නොවී විපරමින් තර්කානුකූලව මා එදෙස බැලූ නිසාවෙනි. ගැහැනියගේ කෲරත්වය හමුවේ ඔහු අතක්‌ එසෙව්වද ඇය රෝහල්ගත වෙයි. දෙපාර්ශ්වයේ නෑසියන් එක්‌ වෙයි. ගැහැනියගේ බුද්ධියෙන් අඩු වැඩි පිරිස්‌ බලය හමුවේ ස්‌වාමියාගේ සහ නෑසියන්ගේ සාධාරණත්වය යටපත් වෙයි. අවසන පොලිසියේ පිහිට පතයි. ස්‌වාමියා රිමාන්ඩ් භාරයට ගන්නා තුරු බිරිඳගේ වෑයම අත් නොහරියි. පසුව දරු දෙදෙනාද අවුරුදු 2-3 ක්‌ යන තෙක්‌ හංගගෙන සිටියි. යන්තමින් නීතියේ පිහිටෙන් මසකට එක්‌වරුවක්‌ නඩත්තු මුදලක්‌ ගෙවීමෙන් පසු දරුවන් දකියි. නීතිය හමුවේ දරුවන් අසරණ වෙයි.

මෙතනදී අපි මේ කතා කරන ගෘහස්‌ථ හිංසනයට ලක්‌ වන්නේ බිරිඳ නොව ස්‌වාමියයි. 

එහෙත් අපේ ලංකාවේ නීති කෙටුම්පත්වලට අනුව වැඩි වාසියක්‌ ඇත්තේ කාන්තා පාර්ශ්වයටයි. මමද ගැහැනියකි. එහෙත් මේ අයුරින් ගැහැනියගේ අධම බලය හමුවේ තම ස්‌වාමියා පමණක්‌ම නොව අහිංසක දරු දෙදෙනාද මොන තරම් තාඩන පීඩනවලට ලක්‌ වී තිබේද? මීට පිළියම කුමක්‌ද? මේ ගැහැනිය නොව ස්‌වාමියා හා දරුවන් පීඩනයට ලක්‌ වෙන ගෘහස්‌ථ හිංසනයයි.

ඉන්ද්‍රdනි රත්නසේකර

Post a Comment

0 Comments