අල බෝගවල විවිධත්වය


අලබෝග සතුව පවතින ආහාර නිෂ්පාදනයට මුහුණදීමට සුදුසු ප්‍රධාන විභවයන් වන

* වැඩි ආහාර නිෂ්පාදනයන් සඳහා ආවේනික බෝග කාණ්‌ඩය සතු භෞතික හා ජෛව හැකියාව.

* පුළුල් පරාසයක පවතින පාරිසරික අනුවර්තිතතාව

*  බෝග නිෂ්පාදනය සඳහා පවතින නම්‍යශීලී ශිෂ්‍ය බෝග පාලන ක්‍රම 

*  දීර්ඝ කාලයක්‌ පුරාවට අල වර්ග සහ මානවයා අතර පවතින අෙන්‍යාන්‍ය සම්බන්ධතාවය ආදී කරුණු හේතු වී ඇත (සිල්වා 2011)

මෙම ලිපිය සම්පාදනය කරන ලද්දේ කොළඹ 7 අංක 114, විෙ-රාම මාවතේ පිහිටි හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතිරේක ආහාර බෝගයක්‌ වශයෙන් දේශීය අල වර්ග නිෂ්පාදනයේ පවතින විභවතා හා බාධක හඳුනාගැනීම එස්‌. ඈපාසිංහ, පී. ආර්. වීරක්‌කොඩි, සාගරිකා හිටිහාමු යන පර්යේෂණ නිලධාරින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය ඇසුරිනි.

ප්‍රධාන ශක්‌ති ජනක ආහාර කාණ්‌ඩයක්‌ ලෙස සැලකෙන අල බෝගයන්හි පෝෂණීය විවිධත්වය පිළිබඳව සැළකීමේදී එය ප්‍රොaටීන්, අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවන හා ජීර්ණමය තන්තු වලින් පෝෂිත ආහාරයක්‌ බව හඳුනාගත හැක. එමෙන්ම ධාන්‍ය හා මාංශ බෝග වලින් නිශ්චිත කාලයකදී අස්‌වැන්න ලබාගත හැකි වුවද අල වර්ග වරින් වර වසර පුරාම අස්‌වැන්න නෙළාගත හැකි යෑපුම්, ගෘහස්‌ත ආහාර සුරක්‌ෂිත කර ගැනීමේ ස්‌වභාව ධර්මයේ අපූර්ව දායාදයකි. අල බෝග සඳහා පවතින ආවේනික වර්ධන ප්‍රචාරණය එනම් සෑම බෝග කන්නයක්‌ සඳහාම නව බීජ සොයා ගැනීම හෝ මිලදී ගැනීම අවශ්‍ය නොවීම, පුළුල් වගා රටාවක්‌ ඇති කිරීමේ හැකියාව, එනම් සීමාකාරී භූමිය බාධාවක්‌ කර නොගෙන විවිධ වූ ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු ප්‍රධානතම කෘෂිකර්ම මූලධර්ම වන අතුරු බෝග, බහු බෝග, මිශ්‍ර බෝග හෝ බහු ස්‌ථර බෝග වගාවන් සඳහා යොමු වීමේදී අල බෝග හිතකර දර්ශනීය බෝග කාණ්‌ඩයක්‌ වන බව හඳුනාගෙන ඇත. එමෙන්ම වගා රටාවක නිෂ්පාදනයට අහිතකර අවදානම් සහිත සාධකයක්‌ වූ.... තරගකාරී බව, රෝග හා පළිබෝධ හානි සඳහා මනා ඔරොත්තුදීමේ හැකියාවක්‌ සහිත අල බෝග වගාව වත්මන් ලෝකය පත්ව සිටින ආහාර නිෂ්පාදනයේ අවදානමට මුහුණදීම උදෙසාත් පෝෂණ විවිධත්වයක්‌ ලබාගැනීම උදෙසාත් පුළුල් වශයෙන් ව්‍යාප්ත කළ යුතු බෝග කාණ්‌ඩයකි. ඒ සඳහා වර්තමානයේ ඌණ ගවේෂණයක මෙන්ම අඩු අවධානයට ලක්‌ව පවතින මෙම බෝග කාණ්‌ඩයේ ඉහළ අස්‌වනු විභවය උකහා ගැනීමට පුළුල් පර්යේෂණ හා සංවර්ධන කටයුතු දියත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. (සිල්වා 2011)

දේශීය අල බෝග භාවිතය සමාජයෙන් බොහෝ දුරට ඉවත්වයාමට බලපා ඇති ප්‍රධාන හේතූන් ලෙස විවෘත ආර්ථික ක්‍රමය හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදන වල සමාජමය වටිනාකම් අඩුවීම, දේශීය අල වර්ග පිළිබඳ ගොවීන් දැනුවත් නොකිරීම හා අල වර්ග සංරක්‌ෂණයට ගොවීන් යොමු නොකිරීම, දේශීය අල බීජ බැංකු, ගොවීන්ට හඳුන්වා නොදීම මේ තුළ පවතින දේශීය අල පිළිබඳ පාරම්පරික දැනුම ලේඛණගත නොකිරීම, වන සත්ව උවදුර හා වගාවන් සඳහා යොමු වීමට සමාජය තුළ පවතින අනභිප්‍රේරණය හඳුනාගෙන ඇත. (ගොඩමුල්ල 2008)

දේශීය අල වර්ග සංරක්‌ෂණය

දේශීය අල වර්ග සංරක්‌ෂණය සඳහා කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ හා බදුල්ල රාජ්‍ය නොවන ආයතනයක්‌ මුල්වී කටයුතු කර ඇත. එනම්

1. අරණායක ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානය

2. කෑගල්ල පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‌ෂක මණ්‌ඩලය

3. බදුල්ල කාන්තා සංවර්ධන පදනම

එක්‌ එක්‌ අයාතනය විසින් දේශීය අල බෝග ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කළ සේවාවන් පහතින් විස්‌තර කර ඇත.

Ö අරණායක ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානය -

දේශීය අල බෝග වගාවේ උපනතීන් පිළිබඳ විමර්ශනයේදී අප නෙත ගැටුණු සුවිශේෂ ක්‍රියාකාරි ව්‍යාපෘතියක්‌ ලෙස 2008 වර්ෂයේ සමකය ආසන්න රටවල ජෛව විවිධත්ව සංරක්‌ෂණය උදෙසා ලබාදෙන Eqම්එදර සම්මානය දිනාගනිමින් විවිධ රටවල ව්‍යාපෘති 6000 කට අධික සංඛ්‍යාවක්‌ අතරින් ප්‍රථම සම්මානය හිමිකරගත් අරණායක ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානය හඳුනාගත හැකි විය.

අරණායක කල්වාන ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනය වඳවෙමින් යන දේශීය අල වර්ග සංරක්‌ෂණය කිරීම හා ඒවා නැවත ප්‍රජාවගේ භාවිතයට හුරු කරවීම තුළින් නව නිෂ්පාදන කරා යොමු කරවීම සඳහා මූලිකත්වය දී කටයුතු කරයි. මෙම අයාතනයේ අධ්‍යක්‌ෂ දමයන්ති ගොඩමුල්ල මහත්මිය විසින් මෙහි ආරම්භය පිළිබඳ ඇය විසින් රචිත සරුදිවියට දේශීය අල ග්‍රන්ථයේ මෙසේ දක්‌වා ඇත. අල වගාව ව්‍යාප්ත කරවීමට ප්‍රජාව පෙළඹවීම සඳහා "අල ප්‍රභේද සංරක්‌ෂණය තුළින් ජෛව විවිධත්වය" යනුවෙන් ව්‍යාපෘති වාර්තාවක ඇයි විසින් ඹභෘඡරැඨෑFරැSඨඡ වැඩ සටහන වෙත ඉදිරිපත් කර ඇත. එහි ප්‍රතිඵලය ලෙස 2001 වර්ෂයේදී කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තෝරා ගන්නා ලද ග්‍රාම නිලධාරී වසම් 10 ක්‌ තුළ ගොවීන් 100 ක්‌ සම්බන්ධ කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආධාර අනුබල ලැබී ඇත. මේ තුළින් වර්තමානය වන විට සීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇති ආල ප්‍රභේද 51 ක්‌ පමණ ගොවිබිම් තුළ සංරක්‌ෂණය කර ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික අඩිතාලම අරණායක ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානය විසින ගොඩනංවා ඇති අතර පප්‍රදේශයේ පාරම්පරික ගොවි මහත්ම මහත්මීන්ගේ ජන ජීවිතය හා බැඳී පවතින දේශීය අල ප්‍රභේද පිළිබද ආවේනික වූ දැනුම, ගොවීන් සමඟ ගවේෂණාත්මක සංවාදයන් හි යෙදෙමින් අවශ්‍ය විස්‌තරාත්මක දත්ත උකහාගෙන ඇත.

ඇය විසින් නැවත දෙවන ව්‍යාපෘති වාර්තාවක්‌ ලෙස "ජෛව විවිධත්ව සංරක්‌ෂණය තුළින් ගොවි පවුල් නිෂ්පාදනයට දායක කර ගැනීම" යන නමින් ඉහත ආයතනයටම ඉදිරිපත් කර ඇත. මේ තුළින් ඉහත සංරක්‌ෂණය කළ අල ප්‍රභේද තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබී ඇත. මෙහිදී දේශීය අල බෝග තුළින් ලබාගත් අස්‌වැන්න පරිභෝජනයට හුරු කරවීම ඒ තුළින් අතුරු නිෂ්පාදන සඳහා යොමු කරවීම සිදුකර ඇත. අළුවා, කැවුම්, කොකිස්‌, වැලිතලප, ඉඳිආප්ප, පිට්‌ටු, රොටී වැනි කෑම වර්ග ද කැඳ වර්ග ද සෑදීම සඳහා පුහුණුව ලබා දී ඇත. තවදුරටත් මෙම වගාව ව්‍යාප්ත කරවීම සඳහා ගොවීන්ට "බීජ බැංකු" ක්‍රමය හඳුන්වා දී ප්‍රජාවට අවශ්‍ය බීජ, පැළ ලබාදීමට කටයුතු කර ඇත. මෙම ආයතනය විසින් දේශීය අල වගා ව්‍යාප්තිය වෙනුවෙන් කරනු ලබන සේවාව අධ්‍යනය සිදු කරන ලද කාල පරාසය තුළ හඳුනාගැනීමට හැකි විය. මෙම ආයතන දත්ත සඳහන් කරන ආකාරයට 2001 වර්ෂයේ පවුල් 100 ක්‌ සමඟ ඇරඹි මෙම කාර්ය 2010 වන විට දිවයිනේ විවිධ දිස්‌ත්‍රික්‌ක හතක ගොවීන් 50000 කට නොවැඩි ප්‍රමාණයකට මෙහි දැනුම හා අත්දැකීම් ලබාදීමට හැකිව තිබේ.

අරණායක ප්‍රජා සංවර්ධනක මධ්‍යස්‌ථානයේ මෙම ව්‍යාපෘතිය හරහා වඳවෙමින් පවතින අල ප්‍රභේද සංරක්‌ෂණය, දේශීය බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම හා නව ආදායම් මාර්ග විවර කර ගැනීම, ගොවිබිම් තුළ කාන්තා ශ්‍රමය සවිබල ගැන්වීම, දේශීය අල බෝග මගින් නව ආහාර නිෂ්පාදන අත්හදා බැලීම හා අලෙවිය, දේශීය අලවල ඖෂධීය වටිනාකම් පිළිබඳ අධ්‍යනයන්හි නියෑලීම, ප්‍රජා සංවර්ධන කටයුතු සිදු කිරීම පමණක්‌ නොව ඔවුන් ප්‍රායෝගිකව අත්දැකීම් මඟින් උකහාගත් දැනුම් සම්භාරය ග්‍රන්ථකරණය මඟින් සමාජයට දායාද කරවීම ද හඳුනාගත් සේවාවන්ය. දැනට අරණායක ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානය විසින් දේශීය අල වර්ග 57 ක්‌ සංරක්‌ෂණය කිරීමට කටයුතු කර ඇත. එනම් 

සංරක්‌ෂණය කර ඇති අල වර්ග

1. උඩල 2. රාජඅල 3. බතල 4. ඇඟිලි අල 5.මඤ්ඤොක්‌කා

6. ගහල 7. කටු කුකුළල 8. කහ අල 9. කීඩාරන් 10. ගෝනල

11. කහට අගල 12. කිරිවැල් අල 13. රටල 14. කට අල 15.කොළකන අල

16. හිඟුරල 17. ලේන දන්දිල 18. සීරුවල්ලි 19. රත්න අල 20. රැවුලල

21. සෙවෙල් අල 22. දන්දින අල 23. ලොකු බතල 24. රතු බතල

25. කහ බතල 26. සුදු බතල 27. දෙහි අල 28. කැඳල 29. කොහිල

30. පණු අල 31. අතු අල 32. තුන්මස්‌ (රෝස) අල 33. තුන්මස්‌ (සුදු) අල

34. නාම්මල 35. පිට්‌ටු අල 36. ආටිඩෝක්‌ 37. පාන්තරා අල 38. යකු අල

39. කොළ හබරල 40. රුල බුරුල්ලා 41. ආවදම් 42. බිනර 43.කාබෙරි අල

44. වැලි අල 45. කිරිංගල 46. සව්කෙන්ද 47. බෝල බුත්සරණ

48. සුදු බුත්සරණ 49. දේශාල 50. ඉනිඅල 51. කළු අල 52. දෙමස්‌ අල

53. ඉනි අල 54. නිල් කීඩාරම් 55. ගොම අල 56. හුලං කීරිය 57. නිල් කිඩාරන්

මීට අමතරව සංරක්‌ෂණය කළ යුතු අල වර්ග 30 ක්‌ හඳුනාගෙන ඇත. මෙම අල වර්ග දේශීය වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇත. එනම්,

1.ජාවා අල 2.හබරල 3.හිරිතල 4.කම්බුකොඩොල්

5. කිරි කොඩොල් 6. රතු කොඩොල් 7. සුදු අල 8. බුත්සරණ

9. කිරි අල 10. කොකිස්‌ අල 11. කිරි හබරල 12. පේරාදෙණිය මඤ්ඤොක්‌කා 13. රතු මඤ්ඤොක්‌කා 14. රතු අල 15. සීනි අල 16. බෙලි බතල 17. උය 18. හොඩල 19. කිරි පබ්බල 20. සීනි කෙහෙල් අල 21. කන්ඩල

22. හාරමස්‌ අල 23. කිරිබරු අල 24. සුදු මඤ්ඤොක්‌කා 25.කහ මඤ්ඤොක්‌කා 26. ඉඹුල් අල 27. ඕවිට අල 28. ගොරොක්‌ අල 29.ගොටු අල 30. කිරි හිඟුරල 

සීමාකාරීව භූමිය පැවතීම වගාවට මහත් බාධකයකි. මෙම බාධකය මගහරවා දේශීය ආහාර නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට කළ යුතු කෘෂිකාර්මික ක්‍රමය වනුයේ බහු බෝග වගා කිරීමයි. ඒ මඟින් එක්‌ භූමියක්‌ තුළින් විවිධ බෝග තුළින් ඉහළ අස්‌වැන්නක්‌ ලබාගත හැකිය. මේ සඳහා වඩාත් උචිත බෝගය ලෙස දේශීය අල හඳුන්වා දිය හැකිය.

සරත් විජයගුණවර්ධන

Post a Comment

0 Comments