සාරණ කැඳවලින් ග්ලුකෝමාවසුව කරගත හැකියි

ප්‍රශ්නය - පසුගිය දෙසතියේදී ඔබ අප සමඟ සාකච්ඡා කළේ ග්ලුකෝමා අක්‍ෂි රෝගය ගැනයි. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය නිසා දෘශ්‍ය ස්‌නායුවේ හටගන්නා දොaෂ සහ විකාශයන් හේතුවෙන් ඇස්‌ අන්ධ වන බවත් මෙවැනි රෝගීන් අත් බෙහෙත්වලට යොමු නොවී ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වීම අනිවාර්ය බවත් එම ලිපි මගින් ඔබ පැහැදිලි කළා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඒ මතයේ මම අදත් රැඳී සිටිනවා. ඇස්‌ කියන්නේ ශරීරයට ඉතාම වැදගත් අංගයක්‌. උපතේ සිටම පෙනීම නැති කෙනකු පරිසරයත් සමඟ ඒකාබද්ධ වන නිසා ඇස්‌ දෙකේ අවශ්‍යතාව විශාල වශයෙන් නැතුවා වෙන්නට පුළුවන්. එහෙත් උපන් දවසේ සිට ඇස්‌ පෙනෙන කෙනකුට ජීවිතයේ අතර මඟදී ඇස්‌ පෙනීම නැති වුණොත් විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවනවා. දෙඇස්‌ සමඟÊසෙල්ලම් නොකර අත්බෙහෙත් වලට නොයා යුතු බවට මා කියන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය - ඔබ පසුගිය සතියේ යෝජනා කළේ ප්‍රධාන ඖෂධ ධාරාව සමග උපකාරක ප්‍රතිකාර කරන ලෙසයි. මෙහිදී ඔබ කියනවා ආමන්ඩ්, මිරිස්‌ කුඩු සහ මී පැණි මිශ්‍ර ඖෂධයක්‌ ගැන 

වෛද්‍ය වික්‍රමාරච්චි - මෙහිදී අප සළකා බලමු ආමන්ඩ් ගැන මෙහි තිබෙනවා විෂ නාශක (Antioxidant) ගුණයක්‌. මැග්නීසියම්, තඹ, මැන්ගනීස්‌, කැල්සියම්, පොටෑසියම් වැනි වැදගත් ඛනිජ වර්ග මෙහි තිබෙනවා. මොළයේ දෘෂ්‍ය කොටස (එනම් දෘශ්‍ය ස්‌නායුව) මොළය සමඟ සම්බන්ධ වන කොටසට හානියක්‌ සිදු වනවා නම් එය ප්‍රකෘතිමත් කරන්නට හැකියාව ආමන්ඩ්වලට තිබෙනවා. එහි තිබෙන riboflarrin සහ  L-carnitine යන සංඝටක දෙක ස්‌නායු ආබාධවලට ඉතාම ගුණයි. ඇසේ ස්‌නායු ශක්‌තිමත් කරන්නට ආමන්ඩ්වලට පුළුවන්. ආමන්ඩ්වලින් ලබාගත හැකි ප්‍රධානතම වාසිය තමයි රුධිර සීනි මට්‌ටම් පාලනය කරන්නට එයට තිබෙන හැකියාව.

ඊළඟට අප සලකා බලමු මිරිස්‌ කුඩු ගැන. මා කියා තිබෙන්නේ ආමන්ඩ් ඇටයක්‌ ගෙන අල්පෙනිති තුඩක්‌ තරම් මිරිස්‌ ප්‍රමාණයක්‌ එයට එකතු කර පිරිසිදු ජලයෙන් අඹරා එයට ජලය කෝප්පයක්‌ මිශ්‍ර කර ෆිල්ටරයකින් පෙරා එම පෙරූ ජලයෙන් ග්ලුකෝමා රෝගය සහිත ඇස්‌ සෝදන ලෙසයි. මීළඟට අපි ගනිමු මිරිස්‌ යන ද්‍රව්‍යය. කැනඩාවේ පර්යේෂක කණ්‌ඩායමක්‌ පසුගියදා සොයා ගත්තා මිරිස්‌ නියමිත මාත්‍රාවලින් යෙදූ ඖෂධවලින් දියවැඩියාව සමනය කළ හැකිබව. මෙහිදී අපෙ ත්රුම් ගත යුතු වැදගත් ම දෙය තමයි ග්ලුකෝමාව හටගන්නේ දියවැඩියාවේ අතුරු පලයක්‌ ලෙසයි. හැමදාම මිරිස්‌ කරලක්‌ ආහාරයට එකතු කර ගත හැකි නම් දියවැඩියාව කවදාවත් හැදෙන්නේ නමෙහි අන්තර්ගතව තිබෙනවා.

ප්‍රශ්නය - ග්ලුකෝමා රෝගය සුවපත් කිරීම සඳහා ආයුර්වේදයේ භාවිතා කරන ශාඛසාරමය ඖෂධ මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - එක්‌ ශාක වර්ගයක්‌ තමයි සාරණ. BOERHAVIA DIFFVSA ලෙස හැඳින්වෙන සාරණ. මෙය ඇස්‌වලට ඉතාම ගුණ බව අපේ ගැමි ව්‍යවහාරය තුළත් කායි පලා වර්ගයත් ඇස්‌ වලට හොඳයි. කාබොහයිඩේ්‍රට්‌ (පිටි) සීනි සහ තෙල් අඩු කර පලා වර්ග සහ කෙඳි සහිත ආහාර වැඩිපුර ගත හැකි නම් අධික රුධිර පීඩනය අඩු කර ගත හැකි අතර එවිට ඇසේ පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් ග්ලුකෝමාවෙන් වැළකී ඉන්නට අවකාශ ලැබෙනවා. සාරණ කැඳ කියන්නේ ග්ලූකෝමාවට අත්දුටු ප්‍රතිකාරයක්‌.

ප්‍රශ්නය - සාරණ කැඳ හදන්නේ කොහොමද?

 වෛද්‍ය වික්‍රමාරච්චි - කොළකැඳ හදන විදියටමයි. සාරණ ග්‍රෑම් 100 ක්‌ ගෙන එය බ්ලෙන්ඩරයක දමා හොඳින් කොටා ගන්න.සුදුලූනු බික්‌ දෙකක්‌, අඟල් කාලක්‌ දිග ඉඟුරු කැබැල්ලක්‌ සමඟ අඹරා ගන්න. ඉන් පසු රතු කැකුළු හාල් හුණ්‌ඩු භාගයක්‌ ලිප තබා එයට සුදුසු පරිදි ජලය යොදා ඉහත සඳහන් සියල්ල දමා කොළකැඳ පිසින ලෙස පිස ගන්න. මිශ්‍රණය නිවුන පසු නැවත බ්ලෙන්ඩරයේ දමා ගසා ගන්න. උදැසන හිස්‌බඩ සම්පූර්ණ වීදුරුවක ප්‍රමාණයක්‌ පානය කරන්න. මෙය දිගටම කරන විට ග්ලූකෝමාව හැදිගෙන එන අයට බොහෝ දුරට ගුණය ලැබෙනවා. ග්ලූකෝමාව හැදුනු අයගේ දෘශ්‍ය ස්‌නායුව ක්‍රමයෙන් සුව වීමට පටන් ගන්නවා. හැබැයි මේ සමඟ සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌මත ප්‍රධාන ධාරාවේ ඖෂධ ගැනීම සහ ඒ අනුව පැවැත්ම අත්‍යාවශ්‍යයි.

මොකද්ද මේ සිරෝසිස්‌ - සනීප කරගන්නෙ කොහොමද?

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments