අනවශ්‍ය තරබාරුව අනතුරුදායකයි

බටහිර රටවල වැසියන් හැකි සෑම විටම බටහිර ඖෂධවලින් ඈත් වී සිටීමට, වැළකී සිටීමට උත්සාහ දරන අතර, අප සෑම විටම ස්‌වභාවික ශාක සාර අතහැර දමා බටහිර ඖෂධ ගිල දැමීමට පොරකති. එහෙත් අනවශ්‍ය පරිදි බටහිර ඖෂධ දිගින් දිගටම ලබා ගැනීම අහිත කර දේහ ක්‍රියා සිරුර තුළ ඇති කරන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

අපගේ ආහාර මාර්ගය තුළ හිතකර බැක්‌ටීරියා වර්ග මිලියන සංඛ්‍යාවක්‌ වෙති. එහෙත් බැක්‌ටීරියා වර්ගවල හෙට දවස සම්බන්ධව මේ වන විට උදා වී ඇත්තේ ඉතා කනගාටුදායක ඉරණමකි. මේ සඳහා දොරටු විවර කර ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ අධි භාවිතාවයි.

ප්‍රතිරෝධීතාවය සහිත බැක්‌ටීරියාවන් බිහිවීමට අමතරව බැක්‌ටීරීයාවල ක්‍රියාකාරිත්ව වෙනස්‌ කිරීමට ද ඔවුන් සමත්ව ඇත. මෙහි අවසාන ප්‍රතිඵල අපගේ තරබාරු භාවය ඉහළ යාම බව පර්යේෂණ අදහසයි. 

ප්‍රතිජීවික ඖෂධ භාවිතාව පසුගිය වසර 70 ක කාලය පුරා සීග්‍රයෙන් ඉහළ යන ලදී. නිසි පරිදි හඳුනාගත් රෝගවලට මෙන්ම හඳුනා නොගත් රෝග සඳහා ද ප්‍රතිජීවක ඉවක්‌ බවක්‌ නොමැතිව සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇත. නිව්යෝර්ක්‌ නුවර සරසවියේ ක්‌ෂුද්‍ර ජීව විද්‍යාඥ මාර්ටින් බෝල්ස_ සඳහන් කරන්නේ මෙහි අවස්‌ථා ප්‍රතිඵලය -හොඳ - Good බැක්‌ටීරියාවන් විනාශ වී යාමයි. 

මෙහිදී සමස්‌ථ ප්‍රතිඵලය දිගුකාලීනව බලපානු ලැබේ. Helicobacota Pylori ආදී ආමාශයේ වාසස්‌ථානය කරගත් බැක්‌ටීරීයාවන් මගින් සම්පූර්ණයෙන් වඳ වී යයි. මෙහි යහපත් පැතිකඩ මෙම බැක්‌ටීරියාවන් මගින් ආම්ලික ස්‍රාවය සිදුකර නිසා ආමාශයේ පිළිකා හා ආමාශය අනු ඇති වීම ඉන් අඩු වීමයි. මෙසේ ඒ සමඟ ගල නාලය ආශ්‍රිත පිළිකා ඇති වීමේ අවදානම ඉහළ යයි. එයට හේතුවH Pylon ආමාශයෙන් ඉවත් වන විට ඉතිරි කළ ආම්ලිකතාවයේ ප්‍රතිඵලයන්ය. 

අධික ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිතය තරබාරු භාවයට බලපනා බවද හෙළිවී ඇත. විද්‍යාගාර මීයන් කණ්‌ඩායමකට අඩු මාත්‍රා පෙනිසිලින් ලබා දුන් විට ඔවුන්ගේ බර අනෙක්‌ මීයන්ට වඩා 10-15% ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇත. 

මෙහිදී මීයන්ගේ ආහාර මාර්ගය පරීක්‍ෂා කිරීමේ දී හෙළිවී ඇත්තේ ප්‍රතිජීවක ලබාදුන් මීයන්ගේ ආහාර මාර්ගයේ බැක්‌ටීරියාවල මෙසේ ලබා නොදුන් මීයන්ට වඩා වෙනස්‌ බවයි. විශේෂයෙන් මිනිසාට හිතකර ඛ්ජඑද ඉaජසකකමි ආදී බැක්‌ටීරියා වර්ග ප්‍රතිජීවක හමුවේ විනාශ වී ගොස්‌ ඇත.

සාමාන්‍යයෙන් ආහාර මාර්ගය තුළ බැක්‌ටීරීයාවන් නොමැති තත්ත්වයක්‌ වර්ධනය වූ මීයන්ට ද මේ අන්දමට ප්‍රතිජීවක ලබා දුන් බැක්‌ටීරියාවන්ගේ ආකල්ප තුළ වීම ඔවුනේගේ බර ද සියයට 35% ප්‍රමාණයන් ඉහළ ගොස්‌ ඇත. 

උපතේ දී සිටම ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් මීයන් වඩා විශාල වන බවද හෙළි වී ඇත. මීයන් යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනයෙන් හෙළි වන්නේ මෙයට මීයන්ට පමණක්‌ නොව කුඩා දරුවන්ට ද හානිවන බවයි. ප්‍රතිජීවක මගින් දරුවන්ගේ ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය විශාල ලෙස අඩාල වෙයි. 

මීයන් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයන මගින් හෙළි වී ඇත්තේ ප්‍රතිජීවතක ඖෂධ ලබා දුන් විට ප්‍රතිශක්‌තීකරණයට බලපාන ඔ සෛවල ක්‍රියාව අඩාල වන බවයි. මෙය ඉතා වැදගත් සොයා ගැනීමකි. 

ආහාර මාර්ගයක සිටින ඇතැම් බැක්‌ටීරීයාවන් වල ප්‍රතිජීවක ඖෂධ හමුවේ දරුවන්ගෙA ශරීර බර ඉහළ නැංවීමට ක්‍රියාකරන බවයි. විශේෂයෙන් උපත ලබා පළමු මාස 06 ඇතුළත අධික ලෙස ප්‍රතිජීවකවලට ඉලක්‌ක වූ දරුවන් ඔවුන්ගේ බර වයස අවුරුදු 07 වන විට අධික තරබාරු ස්‌වභාවය දමා ඇත. 

එකකින් නොනැවතී අනාගත පරපුර සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුව ඇත. කුඩා ළදරුවන්ගේ ශරීරයට බැක්‌ටීරීයාවන් ඇතුල් වන්නේ දරු උපත අවස්‌ථාව දී මවගේ දරු ප්‍රසූත මාර්ගය හරහා සහ රෝහල් පරිසරය හරහා ය. මේ නිසා කුඩාම අවධියේ දී නිරන්තරව ප්‍රතිජීවකවලට ලක්‌වූ ගැහැනු දරුවකුගේ දරු ප්‍රසූත මාර්ගය ද මෙම බැක්‌ටීරියා වෙනස්‌ වන නිසා ඔවුනට දාව උපත ලබන කුඩා දරුවන්ගේ ප්‍රතිශක්‌තියට ද මෙය සෘජුවම බලපායි. 

අප වසර මිලියන ගණනාවක්‌ පරිණාමය ප්‍රතිඵලය වන අතර අපගේ ආහාර මාර්ග පද්ධතිය ද පසුවන්නේ ඒ අන්දමට මිනිසාට ගැළපෙන ලෙස පරිණාමය වූ බැක්‌ටීරියාවන්ය. මේ නිසා ප්‍රතිජීවක හමුවේ අපට ආවේණික බැක්‌ටීරියාවන් පරිණාමය වෙනස්‌ වීම බරපතළ ගැටලු ඇති කරනු ඇත. මේ අන්දමට ප්‍රතිජීවක හමුවේ බැක්‌ටීරියාවන් වෙනස්‌ වීම අපගේ රෝග අවධානය ද ඉහළ දමයි. 

මේ අනුව හිතුමනාපයෙන් ඔබේ දරුවාට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පෙර දෙවරක්‌ සිතීමට කාලයයි මේ.

* වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

Post a Comment

0 Comments