ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඇසේ සුද හට ගැනීම ගැන සාකච්ඡා කළා. තමාට තිබෙන රෝගය ගැනත් එහි ස්‌වභාවය ගැනත් ඒ සඳහා ගත යුතු ඖෂධවල අඩංගු ද්‍රව්‍ය සහ එමගින් සිදුවිය හැකි පසුකාලීන හානි ගැන දැන ගැනීමත් රෝගියාගේ අයිතියක්. අප මේ ලිපි පෙළ මගින් කිසියම් රෝගයක් හඳුන්වා දී එයට දෙන කසාය වර්ග, තෙල් වර්ග හෝ කල්ක වර්ගවල අඩංගු ද්‍රව්‍ය ගැනත් ඒවායේ උද්භිද විද්‍යාත්මක අගයන් ගැනත් විස්‌තර සඳහන් කරන්නේ එම අයිතිය තහවුරු කිරීමටයි. අද මේ ලිපිය මගින් ග්ලූකෝමා (Glaucoma) නමැති අක්‍ෂි රෝගය ගැන කතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ග්ලූකෝමා රෝගයට කියන සිංහල නම නීලකාච රෝගයයි. මෙයින් ඇස තුළ තිබෙන Optic Nerve හෙවත් දෘෂ්‍ය ස්‌නායුව හානියට පත් වී පෙනීම නැතිව යනවා. ග්ලූකෝමා වර්ග කිහිපයක් තිබෙනවා. මෙයින් පළමුවන වර්ගය වන Open angle ග්ලූකෝමාව තමයි ඉතාම බහුල වශයෙන් තිබෙන වර්ගය. මෙය ඇසට කිසිදු හානියක් නොකර ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. මෙහිදී ඇසේ පෙනීමේ පරාසය ක්‍රමානුකූලව දෙපැත්තෙන් අඩුවෙමින් ගොස් අන්තිමට නොපෙනීම යනවා. දෙවනි වර්ගය වන Closed angle ග්ලූකෝමාව ක්‍රමයෙන් නොව හදිසියේ ඇතිවන රෝගයක්.
ප්‍රශ්නය - ග්ලූකෝaමා රෝගයෙන් ඇස් පෙනීම නැතිව ගියත් යළි පෙනීම ලබාගත හැකිද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කොහොමටවත් බැහැ. මොකද මෙහිදී හානියට පත් වන්නේ දෘෂ්‍ය ස්‌නායුවයි. ඇසේ කාචයෙන් ලබාගන්නා ආලෝක සංඥ මොළය තුළට ගමන් කරන්නේ දෘෂ්‍ය ස්‌නායුව ඔස්‌සේයි. ඔබ දන්නවා අප ඇස්‌වලින් දුටුවාට පෙනෙන්නේ මොළයෙන් බව. දෘෂ්‍ය ස්‌නායුව විනාශ වෙනවා කියන්නේ මොළයට ආලෝක සංඥ රැගෙනයන විදුලි රැහැන් පද්ධතිය විනාශයට පත් වීමයි. හැබැයි ග්ලූකෝමාව යන්තම් හැදීගෙන එනවිට රෝග ලක්‍ෂණ තේරුම් අරගෙන ප්‍රතිකාර ගත්තොත් ප්‍රශ්නය ඔය තරම් දුරදිග යන්නෙ නැහැ.
ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Open angle ග්ලූකෝමාව හැදෙන විට වේදනාවක් නැති වුණත් පෙනීමේ පරාසය අඩුවන බව අප මුලින් කිව්වා. Closed angle ග්ලූකෝමාව හැදුනාම ඇසේ වේදනවා, ඇසේ බබා විශාල වීම, ඇස නිරන්තරයෙන් රතු පැහැ ගැනීම, ඔක්‌කාරය ඇතිවෙනවා, සමහරුන්ගේ ඇහේ බබා ගෝලාකාර නොව ඕවලාකාර ස්‌වරූපයක් ගන්නවා.
ප්‍රශ්නය - මෙය හට ගන්නේ ඇයි?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ලොකුම හේතුවක් තමයි ඇසේa රුධිර පීඩනය වැඩි වීම, රුධිර පීඩනය, අධික ස්‌ථුලභාවය, ඉරුවාරදය යන රෝගවලින් පෙළෙන අය ග්ලුකෝමා අනතුරක් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. එසේම ජපානය, චීනය, කොරියාව වැනි නැගෙනහිර ආසියානු ජනයා අතර මේ රෝගය බහුල ලෙස තිබෙනවා. විටමින් ඌණතා නිසා ග්ලූකෝමාව හටගන්නා බව සමහරු කීවත් එම මතය තහවුරු කිරීම සඳහා අවශ්‍ය කිසිදු සාධකයක් නැහැ. එහෙත් ජානමය උරුමයෙන් මේ රෝගය එන අවස්‌ථා තිබිය හැකියි. ඒ අතර දීර්ඝ කාලීනව ස්‌ටිරොයිස් අඩංගු ඖෂධ වර්ග ගත්විටත් ග්ලූකෝමාව ඇති වෙනව. ඇසට රුධිරය යැමට බාධා කරන දියවැඩියාවත්a ග්ලූකෝමාවට හේතුවක්.
ප්‍රශ්නය - මෙය සුවපත් කිරීම සඳහා පාරම්පරික වෙදකමේ ක්‍රමවේදයක් තිබෙනවාද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සුවපත් කරනවා කියන එකේ අර්ථකථනය කුමක්‌ද? ග්ලූකෝමාව නිසා දෘෂ්‍ය ස්‌නායුවට හානි වී අන්ධභාවය ඇති වුණොත් එය සුවපත් කිරීමට පාරම්පරික වෙදකමට තබා අනෙක් වෛද්‍ය ක්‍රමවලටත් බැහැ. එහෙත් අන්ධ භාවයට නොගොස් මග තැනක සිටින රෝගීන් සුවපත් කරන්නට පුළුවන්. මේ සඳහා අප යොදා ගන්නේ 100% ක් ස්‌වාභාවික වූ ශාක කොටස් විතරයි.
නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව
0 Comments