ප්‍රශ්නය - පසුගිය සතියේදී අප කතා කරමින් සිටියේ දියවැඩියාව නිසා හටගන්නා තුවාල සුවපත් කර ගැනීම සඳහා යොදා ගන්නා ශාකමය ද්‍රව්‍යවල ඖෂධීය ගුණයයි. ඒ අනුව අප රත්හඳුන්, සුදු හඳුන් සහ වෙනිවැල්ගැට ගැන කතා කළා. අද අප කතා කරන්නේ එවැනි තවත් ඖෂධීය ශාක වන කහ (අත්කහ/ බිම්කහ) හෙවත් Curcuma Longa,Moringa Olefera හෙවත් මුරුංගා, Commiphora mnkul හෙවත් ගුගුල් නමැති මැලියම් වර්ගය ලබාගන්නා ගස ගැනයි.
විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - මුලින්ම අප කතා කරන්නේ Curcuma Longa හෙවත් කහ ගැනයි. මෙය අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැති අපගේ එදිනෙදා ආහාර වේල තුළ නොවරදවාම තිබෙන දෙයක්. මේ මගින් කෙරෙන ප්‍රධානතම කාර්යය වන්නේ විෂබීජ නැසීමයි. කහ වතුර කියන්නේ ලෝකයේ ආරම්භක විෂබීජ නාශකය බව ඇතැම් ඉන්දියානු විද්වතුන් පිළිගන්නවා. ඒ අතරම මේ මගින් රුධිරයේ යුරික් අම්ල ප්‍රතිශතය පහත හෙළනවා. එවිට වාතරක්‌ත රෝගය හීන වනවා. ආත්‍රයිටිස් රෝගය සඳහා පාවිච්චි කරන නූතන ඖෂධ වට්‌ටෝරු රැසක කහවලට ප්‍රධාන තැනක් හිමි වනවා. කහවලට පුළුවන් පිළිකාව මර්දනය කරන්නට. ඒ වගේම පිළිකා සෛල විනාශ කරන්නට. ආසියාවේ හා මැදපෙරදිග තිබෙන විකල්ප ඖෂධ ක්‍රම ගණනාවකම කහ වලට සුවිශේෂ තැනක් ලැබෙනවා. සාම්ප්‍රදායික දෙමළ ඖෂධ ක්‍රමය වන සිද්ධ වෙදකමට අයත් වන ප්‍රධාන බෙහෙතක් තමයි කහ. ඒ අතරම ආයුර්වේදයේදී අජීර්ණය, උගුරේ හටගන්නා ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, අක්‌මා රෝග, සම මතුපිට හටගන්නා තුවාල සහ සම විදගෙන මස ඇතුළට කාවැදී තිබෙන තුවාල යනාදියට ප්‍රතිකාර කිරීම සඳහා කහ යොදා ගන්නවා.
ඊළඟට අපි Moringa Olefera හෙවත් මුරුංගා ගැන කතා කරමු. අපේ ගෙවල්වල ඉස්‌සො කකුළුවෝ දැල්ලෝ වැනි උෂ්ණ ආහාර පිසින විට නොවරදවාම එකතු කරන දෙයක් තමයි, මුරුංගා කොළ. එයට හේතුව එම පත්‍රවල අම්ල නාශක ගුණයක් තිබෙන බව ගැමි පාරම්පරික දැනුම මගින් ගෘහණියන්ට උගන්වා තිබීම කැඩ්මියම් වැනි හානිකර විෂ සහිත ලෝහ වර්ග ජල පහරකට මිශ්‍ර වෙලා නම් එය වළක්‌වා ගැනීම සඳහා එම ජල පහර අසල මුරුංගා ගස් සිටුවන ලෙසත්, එම ජල පහරට මුරුංගා කොළ සහ ඇට කොටා දමන ලෙසත්, පැරැණි ඉන්දියානු වෛද්‍ය සම්ප්‍රදායන්වල සඳහන් වෙනවා. ඒ අතර ජලය පිරිපහදු කිරීම සඳහා ඇලුමිනියම් සල්ෆේට් වැනි රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරනවා වෙනුවට මුරුංගා ගසේ පස් පංගුව මිශ්‍ර කිරීමෙන් අතුරු ආබාධ රහිත පිරිපහදුවක් ලබාගත හැකි බව ඇතැම් රටවලදී ඔප්පු වී තිබෙනවා. මුරුංගා මිශ්‍ර ඖෂධ දියවැඩියා තුවාල මතට යෙදූ විට ඒවායේ විෂ තත්ත්වය නැසෙනවා.
අප තුන්වැනුව කතා කරන්නේ ඤපපසචයදර් ඵමන්ක නමැති ශාකය ගැනයි. දියවැඩියා තුවාල සඳහා ප්‍රතිකාර කරන විට මේ ශාකයේ මැලියම්වලට විශේෂ තැනක් හිමිවෙනවා. එම මැලියම් අප හඳුන්වන්නේ ගුගුල් යන නාමයෙන්. මේ ගසේ තිබෙන ඖෂධීය ගුණය නිසා බෙහෙත් හැදීම සඳහා ඉවක් බවක් නැතිව කපාගෙන යැම නිසා වඳ වී යැමේ තර්ජනයට ලක් වූ ශාකයක්. පසුගිය වසර 3000 තිස්‌සේ ම යුනානි සහ ආයුර්වේද ඖෂධ සඳහා මේ ශාකය පරිහරණය කළා. මේ මැලියම් මගින් සාදන ඖෂධ මගින් අක්‌මාවේ කොලෙස්‌ටරෝල් මට්‌ටම පහත දැමීමට පුළුවන්.
නොමිලේ විස්‌තර සඳහා 0766739977, 011-5288055
0 Comments