දියවඩන නිලමේ තනතුර


ක්‍රි.ව. 4 වැනි සියවසේ මෙරටට වැඩම මොහොතේ පටන් ශත වර්ෂ 17 ක්‌ මුළුල්ලේ දළදා වහන්සේ පිළිබඳව කටයුතු කළ ආකාරය ලංකාවේ ඓතිහාසික හා ආගමික ග්‍රන්ථවල විස්‌තර වේ. එම විස්‌තරවලට අනුව පැහැදිලි වන කරුණක්‌ වන්නේ ලක්‌දිව සිංහල බෞද්ධ නරපති හැම විටම දළදා වහන්සේගේ ආරක්‍ෂකයා ලෙස කටයුතු කළ බවත්, රජ මාලිගය තුළම සාදන ලද විශිෂ්ට මණ්‌ඩපයක වඩා හිඳුවා දළදා වහන්සේට පූද පුජා කළ බවත්ය. මේ නිසාම දළදා වහන්සේ සතු වීම සිංහල රජවරුන්ගේ රාජ්‍යත්වය ස්‌ථීර කරන සාධකයක්‌ ද විය. එහෙයින් මහනුවර රජ වූ පළමුවන විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ ලබාදෙන ලෙස මහා සංඝයා වහන්සේලාගෙන් ඉල්ලීමක්‌ කළේය.

පළවෙනි රාජසිංහ රජතුමාගේ ශාසන ෙද්‍රdaහී ක්‍රියා කලාපය නිසා දළදා වහන්සේ රැක ගැනීමට කුරුවිට දෙල්ගමු විහාරයේ කුරහන් ගලක්‌ යට සඟවා තිබු තැනින් මහනුවරට වැඩම වූයේ ඉන් අනතුරුවය. මෙය සිදු වූයේ ක්‍රි. ව 1679 දීය. එතැන් සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන් විසින් සිර භාරයට ගන්නා අවස්‌ථාව දක්‌වා දළදා වහන්සේගේ භාරකාර වූයේ මහනුවර රජතුමාය.

ඉංග්‍රීසීන් මහනුවර ආක්‍රමණය කළ විගස ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අස්‌ගිරි මහා විහාරයේ අනුනායක වාරියපොල සුමංගල හිමි කැඳවා දළදා වහන්සේ රැක ගන්නා ලෙස භාර දෙන ලදී. වාරියපොල හිමි දළදාව රැගෙන දඹුලු කැලයේ සැඟවී සිට ඉංග්‍රීසීන් උන්වහන්සේ ඇල්ලීමට වරෙන්තු නිකුත් කළ විට කැලයෙන් එළියට විත් දළදා හිමි ඉංග්‍රීසි පාලකයනට බාර කළහ.

1815 මාර්තු 02 දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ උඩරට ගිවිසුමට අනුව උඩරට රාජ්‍ය එතැන් සිට එංගලන්තයේ රජු සතු වු බැවින් ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර තම රජු නමින් දළදා වහන්සේ භාර ගත්තේය. ඉන් අනතුර දළදා වහන්සේ යළිත් මහනුවර දළදා මාලිගයට වැඩමවන ලදී. මේ අවස්‌ථාවේ ජෝන් ඩොයිලි මහතාම භික්‍ෂූන් වහන්සේලාට දන් පිළිගැන් වු අතර ලංකාවේ ආණ්‌ඩුකාරයා බ්‍රිතාන්‍ය රජතුමා වෙනුවෙන් දළදා වහන්සේට පඬුරු එවීය.

මේ ලෙස දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමට ඉංග්‍රීසි පාලකයන් බාර ගැනීම එංගලන්ත සභාවේ පූජකවරුන්ගේ අප්‍රසාදයට හේතු විය. ඔව්හු රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාට දොස්‌ පැවැරූහ. මෙම කාරණය ක්‍රිස්‌තු ලබ්දීයේ ජීවයටද?

1848 දී ලංකාවේ ආණ්‌ඩුකාර ධුරය දැරූ ටොරින්ටන් සාමි සහ යටත් විජිත බාර මහලේකම් ධුරය දැරූ " එමර්සන් ටෙනන්ට්‌" යන අය මහනුවර රජ ගෙදරදී 1815 උඩරට ගිවිසුමේ වගන්ති නොසලකා හැරීමට කතිකා කර ගත්හ. එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වීමත් සමගම උඩරට වැසියන් තුළ මහත් නොසන්සුන් කමක්‌ පැන නැගුණි. එහි ප්‍රතිඵලය වූයේ 1848 උඩරට කැරැල්ල ඇති වීමයි. එය ඉතා කෲර ලෙස මැඩ පැවැත් වූ ටොරින්ටන් සාමි දළදා වහන්සේ, විහාරස්‌ථාන දේපළ පාලනය, හා දිසාපතිවරු හා බස්‌නායකවරු පිළිබඳ සියලුම සම්බන්ධතා බිඳ දැමීය.

මේ ලෙස ටොරින්ටන් මේ රට තුළ කළ මහා විනාශය ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණ කළහ. එම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් මේ පිළිබඳව සොයා බැලීමට 1849 දී පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්‌ ලංකාවට එවූහ.

මෙම පාර්ලිssමේන්තු කොමිටිය 1848-1854 අතර කාලයේ සිදුවීම් සමීක්‍ෂණයට භාජනය කරන ලදී. ඒ අනුව දළදා වහන්සේගේ භාර කාරත්වය, ඒ පිළිබඳ දේපළ සහ මල්වතු අස්‌ගිරි දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් පත්කිරීම, යනාදී ප්‍රශ්න බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් දළදා වහන්සේගේ භාරකාරත්වය හා ඊට අයත් දේපළ පාලනය බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව වෙතින් දිසාපතිවරුන්ටත් විහාරාධිපතීන් වහන්සේලාටත්, බස්‌නායක නිලමේවරුන්ටත් පවරා දෙන ලදී. එකල විජිතභාර ලේකම්ව සිටි නිව්කාසල් ආදිපාදවරයා විසින් ලංකාවේ ආණ්‌ඩුකාර "ජෝර්ඡ් ඇන්ඩර්සන්ගේ" ලිපියකට එවන ලද. පිළිතුරෙන් දියවඩන නිලමේ තේරීම පිළිබඳව මෙසේ දැක්‌වේ.

"මෙතෙක්‌ ආණ්‌ඩුව මගින් පත් කරනු ලැබූ ගිහි පාලකයන් වන බස්‌නායක නිලමේවරුන් සහ දේව (දියවඩන) නිලමේව පත් කිරීමේ ලා ඔබ යොදා ඇති පිළිවෙත නම් ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල බස්‌නායක නිලමේවරුන්, දිසාපතිවරුන්, සහ රටේ මහත්වරුන් ඇතුළත් ඡන්ද කොට්‌ඨාස පිහිටුවා ඒ ඒ ඡන්ද කොට්‌ඨාසවලින් තෝරා ගන්නා ලද අයට ආණ්‌ඩුවේ අනුමැතිය දැක්‌වෙන සහතිකයක්‌ දීමයි. ඒ ක්‍රමය තෝරා ගැනීම සුදුසු යෑයි මම තීරණය කර එහෙයින් ඔබේ මෙම කාර්ය පද්aaaaධතිය අනුමත කිරීමට කැමැත්තෙමි.

වර්තමාන දියවඩන නිලමේ තෝරා ගන්නා ක්‍රමය ඇත්තේ මෙපරිද්දෙනි. එහෙත් 1815 සිට දළදා වහන්සේගේ ගිහි භාරකාර තනතුරෙන් රජතුමා ඉවත් වූ අවස්‌ථාවේ සිට මහානායක හිමිවරුන් දෙපළට අමතරව ගිහි භාරකාර තනතුරට කෙනෙක්‌. පත්කිරීම අවශය විය. මේ සඳහා කෙනෙක්‌ පත් කිරීම ගැන සලකා බලන විට එවකට දළදා මාලිගාවේ නිලතල ඉසිලූ පුද්ගලයන් ගැන සලකා බැලීමට සිදු විය.

මහනුවර රජතුමා අත්අඩංගුවට ගන්නා විට ඉතිරිවූ ප්‍රබල පුද්ගලයා මහ අධිකාරම්ය. ටික කලක්‌ මහ අධිකාරම් දළදා මාලිගාවේ ගිහි භාරකාර තනතුර දැරීය. එහෙත් ඉංග්‍රීසි පාලකයන් මහ අධිකාරම් ධුරය අවලංගු කරන විට මාලිගාවේ නිලධාරීන් අතර බලසම්පන්න උගතෙකු ලෙස ක්‍රියාකොට ඇත්තේ " දියවඩන රාල" ය. ඇත්තටම මාලිගාවේ රාජකාරි අතර ඒ වන විට වැදගත් පුද්ගලයා වූයේ "කාරිය කෝරාල" වූවත් ප්‍රබල පුද්ගලයා වී සිsටියේ දියවඩන රාලය, එබැවින් ඔහුට දළදා මාලිගාවේ පාලන පදවි නිරායාසයෙන් ලැබී ඇත. දියවඩන රාලට පැවැරී තිබුණ රාජකාරිය වූයේ රිදී කළෙන් රන් කෙණ්‌ඩියට පැන් වත්කිරීමය.

දළදා කඬුව ඇති කුටිය තුළ රන් කෙණ්‌ඩි 20 ක්‌ ඇත. එකක්‌ රඡ්ජුරුවන්ගේ කෙණ්‌ඩියයි. අනික ඇහැලේපොල අධිකාරම්තුමාගේ කෙණ්‌ඩියයි. බුද්ධ පූජාවට පැන් වඩන්නේ රජතුමාගේ කෙණ්‌ඩියෙනි. ඇහැලේපොල කෙණ්‌ඩියෙන් පැන් වඩන්නෙ නානුමුර සඳහාය. රිදී කළෙන් ජලය ගෙන මෙම කෙණ්‌ඩිවලට වත් කිරීම දියවඩනා රාලගේ රාජකාරිය විය. ඔහු දළදා මාලිගාවේ ප්‍රධාන පාලකයා බවට පත්වීමත් සමගම පැන් වැඩීමේ කාර්ය " ගෙබරාලට" පැවැරී ඇත. අද දියවඩන නිලමේ රජුගේ තත්ත්වය නිරූපණය කරන තැනැත්තා බවට පත්ව ඇත.

1814 සිට වර්තමානය දක්‌වා දියවඩන නිලමේ තනතුරේ සේවය කොට ඇති අය මෙසේය.

කපුවත්තේ අධිකාරම් නිලමේ 1814-1824, දෙහිගම ලොකු බණ්‌ඩා නිලමේ 1824-1827, කුඩා මොල්ලිගොඩ නිලමේ 1827-1828, කුඩා දෙහිගම නිලමේ 1828-1835, මුල්ලේගම අධිකාරම් නිලමේ 1835-1842, දුල්ලෑවේ නිලමේ 1842-1848, ලොකු බණ්‌ඩා දෙහිගම නිලමේ 

දියවඩන නිලමේ තනතුරේ

1848-1862, කුඩා බණ්‌ඩා ලුණුවිල නිලමේ 1862-1882, කුඩාමුදියන්සේ ගිරාගම නිලමේ 1882-1897, සෙනෙවිරත්න රත්වත්තේ නිලමේ 1897-1901, කුඩා බණ්‌ඩා නුගවෙල නිලමේ 1901-1916, පුංචිබණ්‌ඩා නුගවෙල නිලමේ 1916-1937, ටිකිරි බණ්‌ඩා රත්වත්තේ නිලමේ 1937-1947, කුඩා බණ්‌ඩාර නුගවෙල නිලමේ 1947-1961, හැරිස්‌ ලෙව්කේ. රත්වත්තේ නිලමේ 1961-1964, හීන් බණ්‌ඩාර උඩුරාවන නිලමේ 1964-1974, නිශ්සංක විඡේරත්න නිලමේ 1974-1985, නේරංජන් විඡේරත්න නිලමේ 1985-2005, ප්‍රදීප් නිලංග දෑල නිලමේ 2005- අද දක්‌වා.

දැනට පවතින නීතිය අනුව දස වසරකට වරක්‌ ඡන්දයෙන් දියවඩන නිලමේ කෙනෙකු පත්කරගත යුතුය. එක්‌ වරක්‌ තනතුර දැරූ අයෙකුට නැවත වරක්‌ තරග කිරීමට බාධාවක්‌ නැත. දියවඩන නිලමේ තෝරා ගැනීමේ රැස්‌වීමේ මුලසුන දැරුවේ ලංකාවේ මහා භාරකාර තුමාය. දැන් එය ඉටු කරනු ලබන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්‌ තුමාය. ඡන්දය දීමේ බලය ඇත්තේ මහනායක හිමිවරු දෙනම, බස්‌නායක නිලමේවරු, පැරණි උඩරටට අයත් ප්‍රදේශවල දිසාපතිවරු (දිසාපති වෙනුවට ඇති වූ ප්‍රාදේශීය උපදිසාපතිවරු (රටේ මහත්වරු වෙනුවට ඇති කළ) අටමස්‌ථාන කාරක සභාවේ සභාපති හා නායක හිමිවරු භාරකාර සිද්ධස්‌ථාන ලෙස නම්කර ඇති විහාරවල භාරකරුවන්, (මෙම විහාර ලෙස නම් කොට ඇත්තේ 1856 ගණන්වල අවුරුද්දකට රුපියල් 1000 කට වඩා ආදායම් ලද ස්‌ථාන) යන අයමය.

පැරණි උඩරට සීමාවට අයත් වන මාතර, ගාල්ල ත්‍රිකුණාමලය, පුත්තලම, අම්පාර, වව්නියාව වැනි දිස්‌ත්‍රික්‌කවලද ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්ද බලය හිමිවේ. ඒ අනුව මාතරින් කොටපොල දෙණියාය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලද, ගාල්ලෙන් හිනිදුම හා තවලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලද, ත්‍රිකුණාමලයෙන් පදවිය ශ්‍රීපුර, ගෝමරංකඩවල, මොරවැව, කන්තලේ හා සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලද, පුත්තලම සිංහල පත්තුවේද, අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන් දෙහිඅත්තකණ්‌ඩිය, පදියතලාව, උහන, මහඔය දමන, අම්පාර, හා ලාහුගල යන උපදිසාපති කොට්‌ඨාසවලද වව්නියාවෙන් සිංහල පත්තුවේද, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල යන උඩරටට අයත් දිස්‌ත්‍රික්‌කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්ද ඡන්ද බලය හිමිවේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ලේකම්වරු අතර අබෞද්ධ අය සිටී නම් ඔවුන්ට ඡන්ද බලය හිමි නොවේ.

එසේම ඡන්දය හිමි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ලේකම්වරියන් සිටි නම් ඔවුන්ටද ඡන්ද බලය හිමි නොවේ. එය අසාධාරණයකි. කාන්තාවකට දළදා කරඬුව කොණ්‌ඩයේ ගසාගෙන දළදාව සිරිලකට වැඩමවීම සුදුසු නම් උපදිසාපති බෞද්ධ කාන්තාවන්ද ඡන්ද බලය දීමේ වරද කීම? මේ අසාධාරණය තවදුරටත් පවත්වාගෙන යාම ලඡ්ජාවිය යුතු කරුණකි. කෙසේ වෙතත් මේ වන විට අදාළ ප්‍රදේශවල උපදිසාපතිනියන් 25 ක්‌ පමණ සිටින නිසා ඡන්ද සංඛ්‍යාව 300 කට පමණ අඩු වී ඇතැයි දැන ගැනීමට ඇත.

විඡේරත්න අතුරුපාන

Post a Comment

0 Comments