මුත්‍රා බොක්‌කේ ගල් හැදුනොත්

ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ පුරස්‌ථිත ග්‍රන්ථිය සහ එහි හටගත හැකි රෝග තත්ත්වයක්‌ ගැන ඔබ අපට කළ පැහැදිලි කිරීම් ඉතාම වැදගත් බව ඒ සම්බන්ධයෙන් ලැබී තිබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. අද අප ඔබෙන් දැන ගන්නට බලාපොරොත්තු වන්නේ මුත්‍රා බොක්‌කේ ඇති වන ගල් සහ එමගින් හටගන්නා රෝගී තත්ත්වය ගැනයි. මොනවද මේ මුත්‍රා බොක්‌කේ ගල් කියන්නේ?

වෛද්‍ය පුෂ්පකුමාර - මුත්‍රා බොක්‌කට එන විවිධ ඛනිජ ද්‍රව්‍ය එකට එකතුවීමෙන් හට ගන්නා දෙයක්‌ හැටියට මුත්‍රා බොක්‌කේ ගල් හඳුන්වා දෙන්නට පුළුවන්. මෙම ඛනිජ ද්‍රව්‍ය එකට එක්‌ රැස්‌ වන්නේ ස්‌පටික එක්‌රැස්‌ වන ක්‍රමයකටයි. මුත්‍රා බොක්‌කෙන් මුත්‍රා බැහැර කිරීම සම්පූර්ණයෙන් ම සිදු නොකර යම් ප්‍රමාණයක්‌ ඉතිරි වුණාම, එහෙමත් නැත්නම් දිගු වේලාවක්‌ මුත්‍රා නොකර හිටියාම පෙර කී ඛනිජ වර්ග එකතු වීම සිදු වෙනවා. මෙවිට තමයි අවසාන වශයෙන් මුත්‍රා බොක්‌කේ ගල් කියලා අප කියන්නේ.

ප්‍රශ්නය - මේ රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය පුෂ්පකුමාර - දියවැඩියාව සහ පුරස්‌ථිත ග්‍රන්ථියේ ඉදිමීම යන රෝග තත්ත්ව දෙකටම පොදු වන නිතරම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, එහෙමත් නැත්නම් රාත්‍රි කාලයේදී නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම මෙම රෝගයේත් ලක්‍ෂණයක්‌. ඒ අතරම යටි බඩේ වේදනාව, මුත්‍රා කරන විට මුත්‍රා මාර්ගයේ අධික දැවිල්ලක්‌ හටගැනීම, රුධිරය මිශ්‍ර මුත්‍රා පිටවීම හෝ අඳුරු පැහැති මුත්‍රා පිටවීම, මුත්‍රා කිරීමට අවශ්‍ය වූ විට එය පාලනය කර ගන්නට බැරි වීම මේ රෝගයේ සෙසු ලක්‍ෂණ වනවා.

ප්‍රශ්නය - මුත්‍රා බොක්‌කේ ගල් තිබෙන කෙනකු මුත්‍ර පහ කරන විට අධික වේදනාවක්‌ දැනෙනවා. මෙසේ වන්නේ ඇයි?

වෛද්‍ය පුෂ්පකුමාර - මුත්‍රා පහ කරන විට එම ක්‍රියාවලිය පවත්වා ගෙන යැම සඳහා මුත්‍රා බොක්‌ක තුළ තිබෙන මාංශ පේෂීන් හැකිලිම සිදුවනවා. එවිට මුත්‍රා බොක්‌ක තුළ තිබෙන ගල් මුත්‍ර වාහිනිය දෙසට තල්ලුවී මාංශ පේෂිවල ගැටීම නිසා වේදනාවක්‌ හට ගන්නවා. මෙයට අමතරව මුත්‍රා බොක්‌ක තුළ ගෙඩි හටගැනීම, මුත්‍රා මාර්ගයේ ආසාදන හට ගැනීම. මුත්‍රා බොක්‌ක තුළ පිළිකා හටගැනීම යන කරුණු නිසාත් වේදනාව හට ගන්නවා.

නොමිලේ විස්‌තර සඳහා 0766739977, 011-5288055

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us