දරුපල ගෙන දෙන හාතාවාරිය, සතකුප්ප, කලුදුරු

ප්‍රශ්නය - දරුපල නැති කාන්තාවන්ට දරුපල ලබා ගැනීම සඳහා කළ හැකි ප්‍රතිකාර කිහිපයක්‌ ගැන පසුගිය සතියේ අප මේ තිරය ඔස්‌සේ සාකච්ඡා කළා. දරුපල ප්‍රමාදයට බලපාන තවත් හේතු තිබෙනවාද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - කාන්තාවන්ට දරුපල ප්‍රමාද වීමට බලපාන ප්‍රමුඛ හේතුවක්‌ තමයි ඩිම්බ නොමේරීම. නොමේරූ ඩිම්බයකට බැහැ ශුක්‍රානුවක්‌ සමඟ එක්‌ව නිසි පරිදි කලලයක්‌ සාදන්න. ඩිම්බ නොමේරීමේ තත්ත්වය හඳුනා ගන්නට කාන්තාවන්ටම පුළුවන්. දරු ගැබක්‌ අපේක්‍ෂාවෙන් ඉන්න කාන්තාවකගේ මාසික ඔසප් ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ නම්, ප්‍රමාද වේ නම් මාසයක කාලයක්‌ තුළ වාර කිහිපයක්‌ පුරා සිදු වේ නම් එය ඩිම්බ නොමේරූ තත්ත්වයක්‌ ලෙස හඳුනාගත හැකියි. මෙයට කළයුතු හොඳ දේ තමයි වෛද්‍යවරයකු වෙත යොමු වීම.

ප්‍රශ්නය - ඩිම්බ ශක්‌තිමත් කරගැනීමට සුදුසු ඖෂධීය ශාක වර්ග මොනවද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - හාතවාරිය අල ඉතාම ගුණ බවයි කියෑවෙන්නේ. එම අල එලකිරි සහ එළඟිතෙල් සමඟ එකතු කර හදන දොaසි වර්ග ඉන්දියානු ආයුර්වේදය සමයේ එනවා. එසේම හාතාවාරිය චූර්ණය එළකිරි සමඟ පානය කිරීම. එළඟිතෙල් සමඟ ගැනීම යනාදියත් ඉතාම ගුණදායකය.

ඊට අමතරව සතකුප්ප ඇටවලින් හදන චූර්ණයත් ඉතාම සුදුසුයි. කලුදුරු, අශ්වගන්ධ යනාදියත් දරු පල හටගැනීමටත් ඩිම්බ මේරීමටත් පසුබිම සකස්‌ කර දෙනවා. හැබැයි කලුදුරු පරිහරණය කළ යුත්තේ වෛද්‍ය උපදෙස්‌ අනුවයි. වැරදි මාත්‍රාවන් ගත්තොත් අක්‌මාව නරක්‌ වෙනවා.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us