අවුරුදු කාලයේ ෆැටි ලිවර් හැදුනොත්

ප්‍රශ්නය - සිරෝසිස්‌ රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් ගත හැකි අත් බෙහෙත් කිහිපයක්‌ ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. දැන් ඇවිත් තිබෙන්නේ සිංහල අවුරුදු කාලයයි. මත්පැන් සහ අධික තෙල් සහිත ආහාරවලින් ආහාර මේස වැසී ගිය සිංහල අවුරුදු කෑම සුබ දායක වුවත් සිරෝසිස්‌ රෝගීන්ට කිසිසේත් ම සුවදායක නැහැ නේද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කට පරිස්‌සම් කර ගන්නවා නම් අවුරුද්ද කිසිදුÊආකාරයක වරදක්‌ තිබෙන කාලයක්‌ නොවෙයි. වරද තිබෙන්නේ අවුරුදු කාලයේ නොව කට කියන ඉJද්‍රිය තුළයි. සිරෝසිස්‌ රෝගියකුගේ ශරීරයට මත්පැන් ගිය විට හටගන්නා තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. විශේෂයෙන් ම වුවමනාවට වඩා තෙල් ශරීරය තුළට ගියාම ෆැටි ලිවර් තත්ත්වයකට අක්‌මාව යොමු වෙනවා.

ප්‍රශ්නය - මොකක්‌ද මේ ෆැටි ලිවර් තත්ත්වයක්‌ කියන්නේ.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අක්‌මාවේ මේදය තැන්පත්ව තිබීම සාමාන්‍ය දෙයක්‌. ඒ නිරෝගී අයකුගේ අක්‌මාවේ බරින් 5% - 10% දක්‌වා ප්‍රමාණයක්‌ මේදය තිබෙනවා. ඒ ප්‍රමාණය ඉක්‌මවා, අක්‌මාව තුළ මේදය තිබෙන විට එය Fatty Liver තත්ත්වයක්‌ ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් Fatty Liver වර්ග දෙකක්‌ තිබෙනවා එනම්,

1. Alchoholie Liver හෙවත් මත්පැන් නිසා අක්‌මාව තුළ හට ගන්නා රෝගී තත්ත්වය.

2. මත්පැන් හේතුවක්‌ නොවන ෆැටි ලිවර් තත්ත්වය.

මෙයින් පළමුවැන්න, එනම් මත්පැන් නිසා හටගන්නා ෆැටි ලිවර් තත්ත්වයට ප්‍රමුඛ හේතුව කිසිදු සීමාවක්‌ නැතිව මත්පැන් පානය කිරීමයි. ඉතා කෙටි කලක්‌ තුළ විශාල වශයෙන් මත්පැන් පැනය කරන විට කෙටි කලක්‌ තුළ මෙහි රෝග ලක්‍ෂණ හට ගන්නවා. ඊට අමතරව දෙමාපියන් වෙතින් ඔබට මාරුවන ජාන නිසාත් මේ රෝගය හටගත හැකියි. ඔබ පානය කරන මධ්‍යසාර ශරීරයට අවශෝෂණය කරන රටාව ඔබේ ජාන නිසා වෙනස්‌ විය හැකියි. මේ රෝග තත්ත්වය හටගැනීමට බලපාන තවත් සාධක කිහිපයක්‌ තිබෙනවා. එනම්

1. ඔබට හෙපටයිටිස්‌ රෝගය වැළඳීම.

2. ඔබේ ශරීරය තුළ වුවමනාවට වඩා යකඩ ප්‍රමාණයක්‌ තිබීම.

3. ඔබ අධික ස්‌ථුල භාවයෙන් පෙළීම.

මත්පැන් නොවන හේතුන් නිසා හටගන්නා ෆැටි ලිවර් තත්ත්වයට හරියාකාර හේතුවක්‌ දැක්‌වීමට බැහැ. එහෙත් මැදි වයසේ අයටත් ශරීරයේ බර නියමිත ප්‍රමාණය ඉක්‌ම ගිය අයටත්, අධික කොලෙස්‌ටරෝල් ප්‍රමාණයක්‌ සිරුරේ තිබෙන අය සහ දියවැඩියා රෝගය තිබෙන අයටත් ෆැටි ලිවර් රෝග තත්ත්වය ඇති වෙනවා. මීට අමතරව ඖෂධ වර්ග ප්‍රමාණය ඉක්‌මවා ගැනීම නිසාත්, ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශරීරයට එරෙහිව යැමෙන් හටගන්නා රෝගී තත්වය නිසාත් මන්දපෝෂණය නිසාත් ෆැටි ලිවර් තත්ත්වය ඇති වෙනවා.

ගර්භනී සමයේදීත්, සමහරුන්ට ෆැටි ලිවර් රෝගයට මුහුණ දෙන්න සිදුවෙනවා. මෙය ඉතාම කලාතුරකින් සිදු වෙන්නක්‌. එහෙත් අවදානම් තත්ත්වයක්‌. මන්ද රෝගියාගේ වකුගඩු නරක්‌ වීම මේ නිසා සිදු විය හැකියි.

නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments