ගුද පිළිකාව අර්ශස්‌ රෝගය පටලවා ගත්තොත්

ප්‍රශ්නය - අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ගුද්‍ර විද්‍රදි හටගන්නා බව පසුගිය සතියේදී ඔබ අපට විස්‌තර කළා. එසේම සැරව තිබෙන තත්ත්වයේ විද්‍රදියක්‌ පුපුරුවා හැරීම සඳහා යොදා ගත හැකි සරල ඖෂධ කිහිපයක්‌ ගැනත් විස්‌තර කළා. ගුද්‍රදියත් ලෙස සැක කරන අවස්‌ථාවක රෝග විනිශ්චය සිදුවිය යුත්තේ කොයි ආකාරයටද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - බාහිර ගුද්‍රදියක්‌ නම් ඇසට පෙනෙනවා. එහෙත් අභ්‍යන්තර ගුද්‍රදියක්‌ නම් එහෙම නැහැ. බොහෝවිට අභ්‍යන්තර ගුද්‍රදියක්‌ සහ අර්ශස්‌ ගෙඩි පටලවා ගන්නා අවස්‌ථා එනවා. එවැනි විටක අර්ශස්‌වලට බෙහෙත් කරන්නට ගියොත් විශාල අවුලක්‌ හට ගන්නවා. සමහර විට අර්ශස්‌ ගෙඩියක, එහෙමත් නැත්නම් විද්‍රදියක පෙනුම තිබෙන ගුදගත පිළිකාවක්‌ හටගන්න පුළුවන්. එය අර්ශස්‌ ගෙඩියක්‌ හැටියට හඳුනා ගත්තොත් මොකද වෙන්නේ? රෝග විනිශ්චය හරියට කරගත් විට ප්‍රතිකාර කිරීම එතරම් සංකීර්ණ කාරණයක්‌ වෙන්නේ නැහැ. ගුද විද්‍රදිය සහ අර්ශස්‌ රෝගය පටලවාගෙන අවුරුද්දක්‌ ප්‍රතිකාර ලබාගත් රෝගියෙක්‌ මට හමු වුණා. අර්ශස්‌ රෝගය සඳහා දෙන ඇතැම් ආලේප වර්ග සහ ඖෂධ ගුද විද්‍රදියට සුදුසු නැහැ. විශේෂයෙන්ම මෙහිදී අප සැළකිල්ලට ගත යුතු කාරණයක්‌ තිබෙනවා. ගුද විද්‍රදිය හෝ අර්ශස්‌ ගෙඩි තිබෙන්නේ රෝගියාට පෙනෙන තැනක නොවෙයි.

ප්‍රශ්නය - ගුද පිළිකාවක්‌ කියන්නේ මොකක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර - ආහාර ජීර්ණ පද්ධතියේ අවසන් කොන වන ගුද විවරයෙහි හටගන්නා පිළිකාවක්‌ ලෙස ගුද පිළිකාව හැඳින්විය හැකියි. මෙය ඵ්කසටබ්බඑ හෙවත් උග්‍ර එහෙමත් නැත්නම් මාරක පිළිකා තත්ත්වයක්‌.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය පුෂ්පකුමාර - ගුදය තුළ වේදනාවක්‌ හට ගැනීම, මළ පිට කිරීමේ ක්‍රියාවලියේ වෙනස්‌කම් හට ගැනීම, ගුදය ආශ්‍රිතව ගෙඩියක්‌ හට ගැනීම, එය කැසීම හෝ එතැනින් ස්‍රාවයක්‌ නිකුත් වීම හෝ එම කාරණා දෙකම සිදු වීම, ඇතැම් විට රුධිරය වහනය වීම යනාදිය මෙහි රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි. අර්ශස්‌ රෝගය වැළඳුනාමත් ගුද පිළිකාවට ආවේණික සමහර ලක්‍ෂණ පහළ වෙනවා. උදාහරණයක්‌ ලෙස මළ මාර්ගයෙන් රුධිරය පිටවීම දක්‌වන්නට පුළුවන්. මෙහිදි එම පිළිකාව, අර්ශස්‌ රෝගය හැටියට වරදවා වටහාගෙන බෙහෙත් කළොත් මොකද වෙන්නේ? රෝගය බරපතළ වී රෝගියා විශාල අමාරුවකට පත්වීම නේද සිදුවන්නේ?

ප්‍රශ්නය - මේ ලක්‍ෂණ සහිත ගුද පිළිකාවක්‌ අර්ශස්‌ රෝගයෙන් වෙන් කරගෙන ඔබ හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර - මේ සඳහා ගුදගත පරීක්‍ෂාවක්‌a කළ යුතුයි. ගුද ගත පිළිකාවක හැඩය අක්‍රමවත්, ඒ වගේම එය ස්‌පර්ශ කරන විට ඝන ස්‌වභාවයකින් තමයි හසුවන්නේ. හරියටම ගල් මලක්‌ වගේ. ඒත් අර්ශස්‌ ගෙඩි එහෙම නැහැ. ඒවා රවුම්. ඝන ස්‌වභාවයත් එහි නැහැ. 

ප්‍රශ්නය - එවිට ඔබ බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවද?

වෛද්‍ය පුෂ්පකුමාර - මූලික අවස්‌ථාවේදී නැහැ. එහෙත් අප තුළ කිසියම් සැකයක්‌ හට ගන්නවා නම් බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවා. ඊට අමතරව තවත් පරීක්‍ෂණ කිහිපයක්‌ කළ යුතුයි. මෙහිදී වැදගත් වන කාණයක තමයි ගුදගත පිළිකාව හරිහැටි හඳුනා ගැනීම.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us