ප්රශ්නය - පසුගිය දින කිහිපය තුළ අප හෘද රෝග ගැනත් පාරම්පරික ඖෂධ මගින් හෘද රෝග සුවපත් කරන ආකාරය ගැනත් කතා කළා. අද දින ඔබ සමඟ කතා කරන්නට සූදානම් වන්නේ cerebrovascular disorder හෙවත් මස්තිෂ්ක වාහිනී ආබාධය ගැනයි. මොකද්ද මේ රෝගය...
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඉතාම සරලව කිවහොත් මෙහි තේරුම වන්නේ මොළයට රුධිරය ගමන් කිරීම අවහිර වීම යන්නයි. මොළය තුළ විනාඩියකට රුධිරය මිලිලීටර් 750 ක් සංසරණය වෙනවා. මෙය හෘදයෙන් නිකුත් වන සමස්ත රුධිරයෙන් 15% ක් හැටියට සලකන්නට පුළුවන්. මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යැම සඳහා ධමනි මගින් ග්ලූකෝස් සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ සමඟ මිශ්ර්ර වූ ඔක්සිජන් සහිත රුධිරය මොළයට සපයනවා. මොළය එම ඔක්සිජන් උරාගත් විට ලේ නහර මගින් ඒවා ආපසු පාදයට යවනවා. මේ ක්‍රියාවලිය යම් තැනකින් කැඩුණොත් මොළයට අනතුරු සිදු වනවා. ඒවාට තමයි අප මස්තිෂ්ක වාහිනී අනතුරු කියලා කියන්නේ. ආඝාතය කියල කියන්නෙත් ඒ තත්ත්වයටමයි. ආඝාතය හැදුණම Vascular dementia කියන රෝග තත්ත්වය ඇති වෙනවා. මෙයට කියන සරල සිංහල නම තමයි අංශභාගය.
ප්රශ්නය - ආඝාත වර්ග කිහිපයක් තිබෙන බව අන්තර්ජාලය පිරික්සන විට අපට දැන ගන්නට ලැබුණ.
වෛද්‍ය වික්‍රමාරච්චි - වර්ග තුනක් තිබෙනවා. මේ ගැන මේ තරම් ගැඹුරට අප සාකච්ඡා කළ යුතුද කියන එක ප්‍රශ්නයක්. පළමුවන වර්ගයේදී මොළයේ රුධිර නාලයක් අවහිර වෙනවා. එවිට එතැනින් එහාට ඔක්සිජන් යන්නේ නැහැ. දෙවැනි වර්ගය පළමුවැනි වර්ගය තරම් බරපතළ නොවන අර්ධ රෝගී තත්ත්වයක්. මෙය ඉක්මනින් නිවැරැදි වන අතර ඒ සමඟම රුධිර සංසරණය යථා තත්ත්වයට පත්වීම නිසා එය හට ගැනීමේදී මොළයේ පටකවලට හානි වුණා නම් එම හානිය වහාම සුවපත් වෙනවා. තුන්වැනි තත්ත්වයේදී මොළයේ ලේ නහරවලින් රුධිරය කාන්දුවීම සිදු වෙනවා.
ප්රශ්නය - ආඝාතයට බලපාන හේතු මොනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - අධික රුධිර පීඩනය, දුම්පානය, ස්ථූලභාවය සහ දියවැඩියාව තමයි මෙයට මූලිකම හේතුව.
ප්රශ්නය - මෙයට අත් බෙහෙත් තිබෙනවද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. හැබැයි ඒවා රෝගය හැදෙන්නට පෙර කළ යුතු අත්බේත්. පළමුවැන්න තමයි දුම්පානය අත්හැරීම. දෙවැන්න මත්පැන් පානයෙන් වැළකීම. තෙවැන්න තෙල්කෑම. දියවැඩියාවට මුල වන අධික සීනි අනුභවය අත්හැරීම. මේ ටික හරියට කළොත් රෝගය හැදෙන්නෙ නැහැ.
ප්රශ්නය - මේ රෝග තත්ත්වය සඳහා පාරම්පරික දේශීය ප්‍රතිකාර තිබෙනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්· මෙයට මාස 8 කට විතර ඉස්සර අවුරුදු 58 ක් වයස අංශභාග රෝගියෙක් මා වෙත ගෙනාවා. ඔහු ඉතා දුෂ්කර අවස්ථාවකයි සිටියේ. මම මුලින්ම කළේ මා දෙන ප්‍රතිකාර නිසි පරිදි කරන්නට ඔහුගේ භාරකරුවන් කැමැති කර ගැනීමයි. අප පාරම්පරිකව හදන තෙල් වර්ග කිහිපයක් සහ හෘද කන්නකි තෙල් ඔහුගේ සිරුරේ ආලේප කළා. රාජකන්නති තෙල් වර්ගය ශරීරයේ සියුම් ශ්වේද ග්‍රන්ථි හරහා රෝගය පවතින තැන්වලට කි¹ බහිනවා. මාස 8 ක ප්රතිකාරවලින් පසු ඔහු අද මගෙන් ප්‍රතිකාර ගන්න එන්නේ ඇවිදගෙන. තව මාස 4 කින් ඔහු හොඳටම නිරෝගී පුද්ගලයෙක් බව පත් කරන්නට මට පුළුවන්.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0713464276/ 0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
0 Comments