ආතරයිටීස්‌ නිට්‌ඨාවට සුව කර ගත හැකි ප්‍රතිකාර


දණහිස රිදෙනවා. ආතරයිටීස්‌ ද දන්නේ නැහැ. දණහිසේ වේදනාවක්‌ ඇති වූ විට අප බොහෝ දෙනා පවසති.

වෛද්‍යතුමනි ආතරයිටීස්‌ රෝගය හඳුනා ගන්නේ කෙසේද?

ආතරයිටීස්‌ කියන්නේ (Arthritis) හන්දි ඇතුළත ඇති සිනිදු කොටසක්‌ වන හන්දි පටලයේ ඉදිමුව නිසා ඇතිවන රෝගයකි.

මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු අතර ශරීරයේ ප්‍රතිදේහ පද්ධතිය ශරීරයට එරෙහිව කටයුතු කිරීම සහ වෛරස බැක්‌ටීරියා වැනි විෂබීජ ආසාදනය බහුලව දැකිය හැකියි.

ආතරයිටීස්‌ රෝගය ඇතිවූ විට මතුවන රෝග ලක්‍ෂණ මොනවාද?

ආතරයිටීස්‌ රෝගයේ ප්‍රධානම ලක්‌ෂණය වනුයේ හන්දිය ඉදිමුම, අධික වේදනාව සහ හන්දිය නැවීමට දිගහැරීමට නොහැකිවීමයි.

ඊට අමතරව හන්දිය ඇල්ලූවිට වේදනාවක්‌ ඇතිවෙනවා. හන්දියේ වතුර පිරෙනවා.

ආතරයිටීස්‌ රෝගය දරුණු තත්ත්වයට පත්වූ විට උණ, කෑම අරුචිය, අලස බව සහ අධික තෙහෙට්‌ටුව මතුවෙනවා.

ආතරයිටීස්‌ රෝගයට බහුලවම ගොදුරු වන්නේ කුමන වයසේ අයද?

සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 ත් 40 ත් අතර වියේ පසුවන අය අතර ආතරයිටීස්‌ රෝගය බහුලව දක්‌නට ලැබෙනවා.

තරබාරු අයට ආතරයිටීස්‌ රෝගය මතු වූ විට ඇතිවන වේදනාව අධිකයි. ඒ අයගේ ශරීරයේ බර හන්දිවලට දැනීම ඊට හේතුවයි.

ආතරයිටීස්‌ රෝගය නිට්‌ඨාවට සුව කළ හැකිද?

ආතරයිටීස්‌ රෝගය මුල් අවස්‌ථාවේදී හඳුනාගත් විට මතුවිය හැකි වෙනත් අතුරු ආබාධ පාලනය කිරීමට පහසුයි. විශේෂයෙන්ම රුමැටොයිඩ් ආතරයිටීස්‌ රෝගය උත්සන්නවීම නිසා ඇතිවිය හැකි හෘදයට පෙනහලුවලට සහ ස්‌නායුවලට සිදුවන හානිය බලක්‌වා ගත හැකියි.

ආතරයිටිස්‌ රෝගයට දිගු කාලයක්‌ ප්‍රතිකාර ලබාගත යුතුයි. එනිසා මෙය දවසින් දෙකින් බෙහෙත් වඩියකින් දෙකකින් හොඳ කරන්න බැහැ.

ආතරයිටීස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට වකුගඩුවලට හානි සිදුවෙනවාද?

ඉස්‌සර වගේ නෙවෙයි දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණුයි. අතුරු ආබාධ ඇතිවිය හැකි අවස්‌ථා පාලනය කරමින් නිවැරැදි ඖෂධ ලබාදීමට අපගේ වෙද පරම්පරාව සතුව ඖෂධ වට්‌ටෝරු තිබෙනවා. ඒවා සකස්‌ කරන්නේ මගේම අතින්. එනිසා එම ඖෂධවල මාත්‍රාව වෙනස්‌ වීමක්‌ ගැන බියවිය යුතු නැහැ. ඔය ගොඩාක්‌ අතුරු ආබාධ ඇතිවන්නේ නිවැරැදි මාත්‍රාවට වඩා ඖෂධ පාවිච්චි කළ විටයි. එනිසා තමයි මා විසින්ම ඖෂධ නිපදවා රෝගීන්ට ලබාදෙන්නෙ.

මේ සම්බන්ධව වැඩිදුර විස්‌තර දැනගැනීම සඳහා දුරකථන අංක 0713009088 අමතා වෛද්‍යතුමන් හමුවිය හැකිය.

පෑලියගොඩ රන්පත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්‌ථානයේ 
වෛද්‍ය රුවන් රත්නායක

Post a Comment

0 Comments