ප්‍රේමය කොතරම් සුන්දර දෙයක්‌ද යන්න බොහෝ පුද්ගලයන් විවිධ අයුරින් නිර්වචනය කර තිබේ. නමුත් කිසි දිනක එය හරියාකාරව නිර්වචනය කළ නොහැක. ඒ තරමටම ප්‍රේමය සුන්දර ගැඹුරු දෙයකි. එය දන්නේ සැබෑ ප්‍රේමවන්තයන් පමණි. ප්‍රේමය වෙනුවෙන් තම ජීවිත පවා පරිත්‍යාග කළ අය ඉතිහාසයේත්, වර්තමානයේත් සිටිති. අනාගතයේදී ද උපදිති. මේ තරුණියද එවැන්නියකි. ඒ තම පරම පිවිතුරු ප්‍රේමය හමුවේ ජීවිතය පරිත්‍යාග කළ නිසාය.
රුවිනි මේඛලා සුන්දර යුවතියකි. දිගැති ඇහිබැම, සිනහවන විට වකගැසුණු කම්මුල් දෙක ඇයට ගෙන ආවේ අමුතුම ලස්‌සනකි. උරහිසට මඳක් පහළින් වැටුණු කෙස් කළඹ, සිහින් සිරුර සහ රවුම් මුහුණ දෙවියන් විසින් ඇයට දුන් තිළිණයකි. දුටුවන් එක්‌වරක් නොව කිහිප වරක්‌ම ඇය දෙස හැරී බැලුවේ රූපශ්‍රියෙන් අග තැන්පත් වූ නිසාය.
වයස විසිපහක් පමණ වන රුවනිට සිටියේa බාල සහෝදරයෙක් සහ වැඩිමහල් සහෝදරයකු පමණි. යමක් කමක් තිබුණත් රුවනිලා කුඩාකළ සිට ගත කළේ සතුටුදායක ජීවිතයක් නොවේ. එයට ප්‍රධාන හේතුව රුවනිලාගේ පියාගේ බීමත්කමයි. කටගොන්නක් මත්පැන් පානය කරමින් පැමිණෙන ඔහු හැසිරෙන්නේ වියරු වෙන්ය. පියකුගෙන් ඉටුවිය යුතු යුතුකම් කිසි දිනක ඔහු ඉටු කළේ නැත. ඒ බීමත්කම නිසාය.
පියාගේ බීමත්කම වැඩිවීමත් සමඟ රුවනිලාගේ අම්මා තීරණයක් ගත්තාය. එනම් දරුවන් තිදෙනා
රැගෙන වෙනම ජීවත් වීමටයි. ඒ අනුව දැනට වසර අටක පමණ කාලයක සිට රුවනිලා පියාගෙන් වෙන්වී ජීවත් වූයේ මාදම්පේ ප්‍රදේශයේය. පියා නොමැති වුවත් තම දරුවන් තිදෙනාගේ යුතුකම් එම මව පැහැර හැරියේ නැත. තම දරුවන් පන දෙවැනි කොට ඇය රැකබලා ගත්තාය. පියාගේ අඩුව දැනුණත් එය ලොවට නොපෙන්වා ඔවුහු සතුටින් කාලය ගත කළෝය.
කාලය වේගයෙන් ගෙවී ගියේය. පාසල් අධ්‍යාපනය අවසන් කළ රුවනි, රැකියා කිහිපයකටම ඉල්ලුම් කළාය. අවසානයේ ඇය හලාවත ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක රසායනාගාර පරීක්‍ෂකවරියක ලෙස සේවය කළාය. රැකියාව ලැබුණු දිනය ඇයගේ ජීවිතයේ තවත් එක් සතුටුම සතුටු දිනයක් වූවාය.
කිසි දිනක ඇය අනවශ්‍ය ලෙස මුදල් වියදම් කළේ නැත. නවීන විලාසිතාවලට ඇය දැඩි කැමැත්තක් දැක්‌වූවත් ඒ සඳහා මුදල් වියදම් කළේ ඉතාමත් අරපිරිමැස්‌මෙන්ය. ඇය තමාට ලැබෙන මාසික පඩියෙන් යම් මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ස්‌කූටරයක්‌ද මිලදී ගත්තාය.
ෙµaස් බුක් මාරයාගේ මුහුණු පොතේ සැරි සැරීමද ඇයගේ එක් විනෝදාංශයක් විය. ඇයගේ ලස්‌සන නිසා මුහුණු පොතේ බොහෝ තරුණයෝ ඇයගෙන් ආදරය බලාපොරොත්තු වූහ. ඉන් බොහෝ තරුණයෝ අවංකවම ඇයගේ ආදරය බලාපොරොත්තු වූ අය ය. ඒ කිසි වෙකුටවත් රුවනි තම කැමැත්ත ලබා දුන්නේ නැත.
ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයකු කලක සිට රුවනිගේ ෙµaස්‌බුක් මිතුරකු විය. එම තරුණයාද වෙන තරුණයන් මෙන් රුවනි කෙරෙහි කැමැත්තක් දැක්‌වීය. මුලින් රුවනි එය ප්‍රතික්‌ෂේප කළත් පසුව ඔහු කෙරෙහි ඇයටද කැමැත්තක් ඇති විය. අන්තිමේදී නොදැනුවත්වම දෙදෙනා ප්‍රේමවන්තයෝ වූහ. ඒ දැනට මාස තුනකට පමණ ඉහතදීය.
රුවනි එම තරුණයාට තම පවුල පිළිබඳ සියලුම විස්‌තර පවසා තිබුණි. ඇය හදවතින්ම ඔහුට ආදරය කළාය. තම පියාගෙන් නොලද සෙනෙහස, ආදරය පවා ඇය එම තරුණයාගෙන් බලාපොරොත්තු වූවාය. ඇය තම නිවැසියන්ට මෙන්ම යහළු යෙහෙළියන්ටද තම පෙම්වතා ගැන පැවසුවේ මහත් ආඩම්බරයෙනි. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඇයගේ ශරීරය තුළ ඇති ඇට ලේ නහරවලට පවා කාවැදී තිබුණේ එම තරුණයාගේ ආදරයයි.
රටවල් දෙකක සිටියත් රුවනි දිනපතාම හැකි සෑම වෙලාවකම පාහේ ඔහු සමඟ විවිධ සන්නිවේදන ක්‍රම ඔස්‌සේ තොරතුරු හුවමාරු කර ගත්තාය. විශේෂයෙන්ම ඔවුහු ඒ සඳහා වයිබර් තාක්‍ෂණය භාවිතා කළෝය. රුවනිට වුවමනා වූයේ හැකි ඉක්‌මනින් එම තරුණයා තමාගේම කර ගැනීමටයි.
ඇය වෙත අවාසනාව ළඟා වූයේ නොසිතූ විදිහකටයි. ඒ එම තරුණයාගේ දෙමාපියන් කිනම් හෝ හේතුවක් මත රුවනිට අකමැති වීම නිසාය. ඒ සමඟම රුවනිගේ ප්‍රේම සම්බන්ධතාවද බිඳී ගියේය. දෙමාපියන්ගේ අකමැත්ත පිට විවාහ වීමට එම තරුණයා අකමැති වූවේය. රුවනි කොතෙක් බල කළත් තරුණයාට එහි වගක් නොතිබුණි. අවසානයේ ඔහු රුවනි සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමද නතර කළේය.
අවංකව ආදරය කළ රුවනිට එය දරාගත නොහැකි විය. ඇයගේ සිත කැඩී බිඳී සුණු විසුණු වී ගොස් තිබුණේ යළි සෑදිය නොහැකි ආකාරයටයි. තම සිතේ දුක සඟවාගෙන සිටීමට ඇයට නොහැකි විය. වැළහින්නක් සේ ඇය නිතරම හඬා වැළපුණාය. නිවැසියන්ට එය බලාගෙන සිටීමට නොහැකි විය. කොතරම් ඇයගේ හිත සැදීමට උත්සාහ කළත් එය ගඟට කැපූ ඉනි මෙන් විය.
ඇය බලාපොරොත්තු අත්හැරියේ නැත. වයිබර් හරහා දිනකට කෙටි පණිවිඩ සීය දෙසීය පවා යෑව්වේ එක හිතින් ආදරය කළ තම ප්‍රේමවන්තයාගේ සිත කෙසේ හෝ වෙනස් කර ගැනීමටයි. එහෙත් කිසිම කෙටි පණිවිඩයකට එම තරුණයා ප්‍රතිචාර දැක්‌වූයේ නැත. එවැනි තත්ත්වයක් උඩ ඇයගේ සිත තව තවත් අසරණ වූවාය. දුක් සාගරයක ඇය අතරමංවී සිටියාය.
රුවනි අවසාන පණිවිඩයද වයිබර් හරහා ඇය තම පෙම්වතාට යෑව්වාය. එහි සඳහන්ව තිබුණේ "ඔයා නැති වුණොත් මම මැරෙනවා" යන්නයි. ඇය සිතුවේ මෙය කියවා තම පෙම්වතා වෙනස් වේ යෑයි කියාය. නමුත් ඇය සිතූ දේ නොවුණි.
ජිවිතයේ අන්තිම බලාපොරොත්තුවත් ඇයට නැති විය. ඉන්පසු ඇය තනිකර පිස්‌සියක් වූවාය. තම පෙම්වතා කිසිසේත් අමතක කිරීමට ඇයට නොහැකි වූවාය. ජීවත්ව සිටියත් ඇයව දිස්‌වූයේ මළ මිනියක් මෙන්ය.
දවස් කිහිපයක් ඇය දැඩි ලෙස කල්පනා කළාය. ඒ ජීවත් වනවාද නැතිනම් ප්‍රේමය වෙනුවෙන් මියයනවාද යන්න සිතාය. අවසානයේ ඇය තීරණයකට එළැඹුණාය. ඒ ජීවිතයෙන් සමු ගැනීමටයි. කවුරුත් නිවසේ නැතිවුණු මොහොතක් බලා ඇය ගෙල වැළලාගෙන මියගියේ තම අවංක ආදරය, විරහ වේදනාව ඉවසා ගැනීමට බැරිවය. ඇය හරිද වැරැදිද යන්න තීරණය ඔබ සතුයි.
ගයාන් සමරසිංහ
0 Comments