ඇමරිකානු ජාතික සරසවි සිසුවෙක් වූ මාක් ෂුකර්බර්ග් තම හිත මිතුරන් සමඟ ගනුදෙනු කිරීමට අලුත් ක්‍රමයක් සොයමින් සිටි මොහොතක ඔහුගේ සිතට අලුත් අදහසක් පහළ විය. එනම් තම හිත මිතුරන් අතරේ බොහෝ දේ බෙදා හදා ගැනීමට හැකි ලෙස අන්තර්ජාල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. ඔහුගේ මෙම නව තාක්‍ෂණිsක මිතුරු සමාජයට මුලින්ම එක්‌වූයේ තමා ළඟින්ම ඇසුරු කරන මිතුරු මිතුරියන් පමණක් වුවත් පසුව එය ඔහු අධ්‍යාපනය හැදැරූ සරසවිය පුරාම ඉතා වේගයෙන් ප්‍රචලිත වීමට ගත්තේ ඉතා කෙටි කාලයකි. පසුව මාර්ක්‌ගේ මෙම අපූරු වෙබ් අඩවිය සීමා මායිම් නැතිව මිතුරු මිතුරියන් පසසන්නට පටන් ගත් අතර, එය ඇමරිකාව පුරාත්, ඉන් එපිට ලෝකයටත් හමා ගියේ මාක් ෂුකර්බර්ග්ටත් සිතා ගැනීමටවත් ඒ ගැන සිතීමටවත් ඉඩ නොතබා ය. ඔහුගේ මෙම අමුතු ආකාරයේ අපූරු මිතුරු හවුල ලෝකය හැඳින ගන්නේ Faජැඉදදන නමින්. මෙහි තිබෙන ආකර්ශනීය ස්‌වභාවයම එහි ජනප්‍රියතාව ඉතා ඉක්‌මනින් ඉහළ යැමට ප්‍රමුඛ සාධකයක් වූ අතර ඒ හරහා යහපත් දේ මෙන්ම අයහපත් දේ ද සිදු වන්නට විය. ලෝකයේ නව සොයා ගැනීම් බොහොමයක් බිහිවූයේ මිනිසුන්ගේ යහපතට වුවද එය අහිතකර වන්නේ ඔවුනොවුන් එය භාවිතා කරන ආකාරය අනුවය. FACE බුක් සමාජ වෙබ් අඩවියට ද සිදු වී ඇත්තේ මෙයයි. ඒ හරහා බොහෝ යහපත් දේ සමාජයටත්, ලෝකයටත් ලබා දිය හැකි වුවත්, බොහෝ දෙනෙක් එය භාවිතා කරන්නට පෙළඹී ඇත්තේ එම පරමාර්ථයෙන් නොවෙති. FACE ස්‌බුක් සමාජයට අහිතකර වන්නේ එවන් අවස්‌ථාවන්හිදී ය. තම ජීවිතයේ මතක සැමරුම්, තම හැකියාවන්, නිර්මාණශීලී හැකියාවන් ආදී බොහෝ දේ මේ මගින් සමාජගත කිරීමටත්, එමගින් තමන් කවුද, තම හැකියාවන් කවරේදැයි සමාජය වෙත විශාල පණිවුඩයක් රැගෙන ගමන් කළ හැකිය. ලෝක ප්‍රකට නව යොවුන් ගායක ජස්‌ටින් බීබර් ලෝකය හඳුනා ගත්තේ තම FACE බුක් ගිණුම හරහා ය. එලෙස FACE බුක් හරහා තම සැඟවුණු හැකියාවන් ලෝකයට පෙන්වා ජීවිතය සාර්ථක කරගත් බොහෝ දෙනෙක් අපට පෙන්වා දිය හැකිය. සමහරුන් තම ජීවිත සහකාරිය හෝ සහකරු පවා සොයා ගන්නේ මේ හරහා ය. නමුත් ජීවිතයේ එවැනි තීන්දු තීරණ ඉතා ප්‍රවේසම් සහගත ලෙස සිදුකළ යුතු බව මතක් කළ යුතුය. කලක් තම ජීවිතයේ ළඟින් ඇසුරු කළ යහළු යෙහෙළියන් කාර්ය බහුල ජීවිතයේදී අපට මඟ හැරුණු සේ අමතක වුණු නෑ හිතවතුන් ආදී බොහෝ දෙනෙක් මේ හරහා යළි තම මිත්‍ර සමාගම ඇතිකර ගැනීම ආදී අත්දැකීම් මෙය භාවිත කරන කාහට වුවත් නුහුරු නොවන අත්දැකීම් ය. නමුත් අප මුලින් ද සඳහන් කළාක් මෙන් යහපත මෙන්ම අයහපත ද මේ හරහා ඕනෑම මොහොතක අප වෙත පැමිණීමට ඉඩ තිබේ. අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව අප දැනුවත්ව සිටීම පමණි. මෙලෙස එහි අයහපත් අත්දැකීමක් අප ඔබට කියන්නේ නවකයන් ඒ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍ය වන නිසා ය.
උමාලි වයස අවු. 28 ක රූමත් එක් දරු මවකි. ඇය තම සැමියා සහ කුඩා දරුවා සමඟ පාදුක්‌ක ප්‍රදේශයේ නිවසක වාසය කළාය. ඇය රැකියාවක් නොකළ අතර නිවසට වී සුරතල් දරුවා සමඟ කාලය ගත කළාය. සැමියා
රැකියාවට ගොස් යළි නිවසට එන තෙක් ඇය දරුවා සමඟ සිටියේ තනිවමය. මෙම පාළුව තනිකම නැතිකර ගැනීම සඳහා තම සැමියා විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් ලබා දී තිබුණි. දැන් ඇයට පාළුවක් තනිකමක් නැත. ඇය ඉඩ ලැබෙන සෑම වෙලාවකම එය භාවිතා කළාය. ඇය FACE බුක් සාමාජිකාවක් වී මිතුරු මිතුරියන් රැසක් අතර තවත් එක් මිතුරියක් වන්නීය.
පාදුක්‌ක ප්‍රදේශයේම දිලීප නමැති 20 හැවිරිදි තරුණයකු ඇයගේ FACEබුක් යහළුවකු වන්නේ එය අතරය. පසුව දෙදෙනා හොඳ යාළුවන් බවට පත්විය. දවස ගානේ ඇය FACE බුක් හරහා සැපදුක් විමසීය. කල්ගත වෙත්ම දෙදෙනාගේ යාළුකම ආදරයකට පෙරළෙන්නේ නොදැනුවත්වය. දැන් දිලීපට උමාලිගෙන් තොර ලොවක් නොමැත. උමාලි වෙනුවෙන් ලියූ කවි ගී වලින් දිලීපගේ FACE බුක් පිටු පිරී ඇත. මේවා දැකීමෙන් උමාලිගේ හිත තව තවත් දිලීප වෙත ළං වූවාය.
නමුත් මේ සෑම දෙයක්‌ම කල්ගත වෙත්ම උමාලිගේ සැමියාට ආරංචි වන්නට විය. එහිදී ලැප්ටොප් පරිගණකය පොළොවේ ගසා කඩා දැමූ මුත් උමාලිගේ අසම්මත පෙම නතර කිරීමට ඔහුට නොහැකි විය. මෙසේ කාලය ගතවත්ම දිලීප එවූ කෙටි පණිවුඩයක් කියවා එය දරා ගැනීමට නොහැකි වූ උමාලි තම දරුවාද, සැමියා ද අමතක කර දමමින් සියදිවි නසා ගත්තාය. අන්තිමට FACE බුක් පෙම නිසා හය හතර නොතේරෙන කිරිසප්පයකුටත් වන්දි ගෙවීමට සිදුවිය.
මීට මාස කිහිපයකට උඩදී මොරටුව ප්‍රදේශයෙන් ද අපට අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන පුවතකි. FACE බුක් හරහා හඳුනාගත් තරුණියක හා විවාහ වීම සඳහා තම ආදරණීය බිරිඳ හා සුරතල් දරු දෙදෙනා මරා දැමූ අමනයෙකු පිළිබඳවයි. ෙමේ දේ සිදුවූයේ ද FACE බුක් භාවිතා කිරීම නිසා ය.
තමා අතහැර ගිය පෙම්වතියගෙන් පළි ගැනීමට පෙම්වතා ඇයගේ නිරුවත් පිංතූර කිහිපයක් FACE බුක් හරහා අන්තර්ජාලයට මුදා හැරියේය. මෙයින් කම්පාවට පත් වූ එම තරුණිය දිවි නසා ගත්තාය. මෙය වාර්තා වූයේ ඇමරිකාවෙන් ය.
FACE බුක් හරහා නිරුවත් කාන්තා පිංතූර, අසභ්‍ය වීඩියෝ දර්ශන දැකීමෙන් මනස වියවුල් වූ සහෝදරයන් තම සොහොයුරියට ලිංගික අඩන්තේට්‌ටම් කළ අවස්‌ථා බොහොමයක් වාර්තා වී ඇත. FACE බුක් නිසා කැඩී බිඳී ගිය පවුල් ඕනෑ තරම් තිබේ. තම මුදල් දේපළ ආදිය ද FACE බුක් වංචාකාරයන්ට හසු වී නැති කරගත් අය ද බොහෝ වෙති.
චීනය හා තවත් මුස්‌ලිම් රටවල් කිහිපයක FACE බුක් තහනම් කර ඇත. එයට හේතුව FACE බුක් මගින් සිදුවන අපරාධ හා හානිය වැඩිවීම නිසා එයින් තම ජනතාව බේරා ගැනීම සඳහායි.
සෑම දෙයකම හොඳ නරක දෙපැත්තක් තිබේ. අප කළ යුත්තේ හොඳ දේ පමණක් රැගෙන නරක විසිකර දැමීමයි. FACE බුක් භාවිතා කිරීමේදී අප කළ යුත්තේ එයයි. එවිට අපටත් අපෙන් සමාජයටත් වන හානිය යම් පමණකට හෝ වළක්‌වා ගැනීමට අපට හැකි වෙයි.
ගයාන් සමරසිංහ
0 Comments