ජැමෙයිකා රාජ්‍ය


කැරිබියානු කලාපයේ පිහිටි ජැමෙයිකා රාජ්‍යයේ ජනගහනය මිලියන 2.8 කි. අගනුවර කිsංග්ස්‌ටන් ලෙස හැඳින්වේය. වර්ග සැතපුම් 4243 කට සීමා වූ ජැමෙයිකාවේ ප්‍රධාන භාෂාව ඉංගී්‍රසි වේ. ආගම කිතු දහමයි .මුදල් ව්‍යාවහාරය ජැමයිකා ඩොලරයයි. ප්‍රධාන අපනයන බෝක්‌සයිට්‌, ඇළුමීනියම්, ඇඳුම්, සීනි, කෙසෙල් සහ රම්

වර්ෂ 1655 ජැමෙයිකා දූපත බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. 1962 දී ජැමෙයිකාව නිදහස ලැබීය. ලේබර් පක්‍ෂයේ නායක ඇලෙක්‌සැල්ටර් බුස්‌ටාමන්වේ මුල්ම අගමැති විය. 

1972 වසරේද්‍රී මයිකල් මෑන්ලි අගමැති ධුරයට පත් වුණි. 

1976 දී මෑන්ලි යළිත් වරක්‌ ජය ලැබීය.

එහෙත් 1980 දී එඩ්වඩ් සීගා අගමැති ධුරයට පත් විය. ඔහු රජයේ ආයතන පුද්ගලීකරණය කළේය.

1958 දී ගිල්බට්‌ කුණාටුවෙන් ජැමෙයිකාවට බරපතල හානි සිදු විය.

1992 දී පර්සිවල් පැටර්සන් අගමැති ධුරයට පත් විය. 

2002 වසරේදී ඔහු ජය ගත්තේය.

2004 හරිකේන් කුණාටුව ජැමෙයිකාවේ නිවාස රැසක්‌ විනාශ කළේය.

2006 පෙබරවාරි මස ජනතා ජාතික පක්‍ෂයේ නායිකා පෝෂියා සිව්ප්සන් මිලර් ජය ලැබීය.

එහෙත් 2007 සැප්තැම්බර් මස කම්කරු පක්‍ෂ නායක බෘස්‌ හෝල්ඩින් ජය ලබා අගමැති ධුරයට පත් විය. 

2008 දී ලොව වැඩිම අපරධ සිදුවූ රට ලෙස ජැමෙයිකාව හඳුන්වනු ලැබීය.

2011 ඇන්ඩ්රු හෝල්නස්‌ අගමැති ධුරයට පත් විණි.

2011 දෙසැම්බර් මස ජනතා ජාතික පක්‍ෂයේ නායිකා පෝෂියා සිම්ප්සන් මිලර් ජය ලැබුවාය.

ජැමෙයිකාවේ වත්මන් රාජ්‍ය නායිකාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනයි.

කීර්ති වර්ණකුලසූරිය

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us