සිහලේ රජවරුන් කර වූ පේරාදෙණියේ මල් උයන


රාජකීය උද්භිද උද්‍යානය, යන්නෙන් ඇසෙන දකින හැම මොහොතකදීම සිතට නැගෙන්නේ බ්‍රිතාන්‍යයන්ගේ රාජකීය, බවය. නමුදු 'රාජකීය' යන පදය අතීතයේ සිංහලයේ රජකල රජවරුන්ගේ රාජකීයත්වයට සම්බන්ධ පදයක්‌ මිස බ්‍රිතාන්‍ය රාජකීයත්වයට සම්බන්ධ පදයක්‌ නොවේ.

තුන්වැනි වික්‍රමබාහු රජතුමා මේ හෙළයේ සිංහනාරූඪ වූයේ 1371 වර්ෂයේය. හෙතෙම සිය මාළිගය තනවා ගත්තේ පේරාදෙණිය මහවැලි ග`ග අසබඩය. ඒ අද උද්භිද උද්‍යානය පිහිටා ඇති භූ+මියේ ග`ග දෙසට වන්නටය. ඔහුගේ සෙනවියන් ඇමැතිවරුන් මාළිගය අසල අවට පදිංචි කරවා ගත්තේ රාජ්‍ය කටයුතු පහසු කරලීමේ අදහස ඇතිවය. එහිම ක්‍රමික විකාශනයෙන් රජ මාළිගය අවට ගබඩාගම් ඉදිවී ඇත. ගබඩාගමක්‌ යනු රජුගේ ප්‍රයෝජනය සඳහා නොමිලයේ වගා කොට ලැබෙන අස්‌වැන්න රාජකීය ගබඩාවට බාර දීම උදෙසා කැප වූ පිරිස්‌ වෙසෙන තැනය. මේවා මුත්තෙට්‌ටු ඉඩම් ලෙසද හ`දුන්වයි. රජුට එවන් සේවා සැපයූ වැසියෝ එහිම පෙදෙසක විසූහ.

එකල රජ මාළිගය අවට අසීමිත ලෙස බුලත් වැල් වවා තිබිණි. බුලත් කොළය හැඩයෙන් ගම්මිරිස්‌ කොළයට සමානය. පසුකාලීනව විදේශ ආක්‍රමණ වලදී , පේරාදෙණියේ ගම්මිරිස්‌ වගා කොට ඇතිය සිතා ඉංග්‍රීසින් කඩිමුඩියේ සොයා බලා ඇත්තේ මෙම බුලත් වැල්වලට රැවටීමෙන් බව කියෑවේ. 

රාජ තේජස කලින් කලට විහිදාලු පේරාදෙණියේ මේ භූමිය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා 1780 දී රාජකීය උද්‍යානයක්‌ ලෙසට ප්‍රකාශයට පත් කැර තිබේ. රජු මෙම උද්‍යානය ආශ්‍රිතව විවේකය ගත කිරීම ස`දහා මාළිගයක්‌ තනවා සිටි බවද කියෑවේ. ඒ අතරම රාජාධි රාජසිංහ රජතුමාත් වසර 1780 - 1798 කාලය තුළ තාවකාලික වාසස්‌ථානයක්‌ කරවා මෙහි විසූ බව කියෑවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු නිතර දෙවේලේ උද්‍යානය පුරා සක්‌මන් කිරීම ප්‍රිය කළ අයෙකි. ඔහු සෞන්දර්ය වාදියෙකි. ඒ බැව් ප්‍රකට වන තවත් කරුණක්‌ මහනුවර ශ්‍රී දළදා මාළිගය එළිපත්තේ Ñකිරී මුහුද, නමින් වැවක්‌ තැනවීම. දළදා මාළිගාවත් රාජකීය උද්භිද උද්‍යානයත් අතර සබැ`දියාව ගසට පොත්තක්‌ මෙන් සමීප කරවූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුමය. රජු රාජකීය උද්භිද උද්‍යානයට බෙහෙවින්ම ඇලුම් කළ අතරම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට දිවි දෙවැනි කොට ගෞරව කළහ. පුද පූජා කළහ. නමස්‌කාර කළහ. තමන් බුදින බත් පතට වඩා රසමසවුලින් වැඩි ආහාර පාන බුදුන්වහන්සේට පූජා කරන අටියෙන් දන්ත ධාතුන් වහන්සේට පූජා කළහ. 

දළදා පුද තේවාවන් උදෙසා වෙනම සේවක මඩුල්ලක්‌ පත්කොට තිබුවා සේම, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වගා කිරීම පිණිසද වෙනම පිරීසක්‌ යෙදවූහ. උද්භිද උද්‍යාන භූමිය වූ අක්‌කර 150 කට ආසන්න බිම ගබඩා ඉඩම් කිහිපයකට බෙදා වෙන් කර තිබිණි . ශ්‍රී වික්‍රම රාජසිංහයෝ මෙම ගබඩා ඉඩම්වල වගා කරවූයේ, රාජ මාළිගාවටත් දළදා තේවාවටත් අවශ්‍ය වන භව භෝගය. මේවායෙහි අස්‌වනු රාජකීය ගබඩාවේ තැන්පත් කෙරෙනුයේ හුදෙක්‌ම රජුන්ගේ සුඛවිහරණය උදෙසාම පමණක්‌ නොවේ. එහි අස්‌වනුවල අග්‍රගන්‍ය කොටස දොහොත් මුදුනින්ම පිළිගන්වන්නේ බුදු පුදටය.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ එකල වූ ගබඩා ගම් ගණන හතරකි. ඒවා නම් අගලකොටුවවත්ත, කන්දවත්ත, උඩවත්ත හා කරදගහවත්තයි. රජුට වී පොල් කොස්‌ කැකුණ සහ පලතුරු වගා කොට සැපයූවේ අගලකොටුවවත්තේ විසූ අයයි. අමුණකුත් දෙපෑලක්‌ වූ අගලකොටුවවත්ත වත්මන් උද්‍යානයේ ඉහළ කොටසේ ග`ග අසල පිහිටා තිබිණි. එහි අයිතිය රාජසිංහ රජු සතු විය. 

කන්දවත්ත කොටස අමුණකුත් පෑල් දෙකකි. එය ද රජ මැදුරටත් බුදු පුදටත් පොල් කැකුණ හා කොස්‌ ඵල ගැන්වූ ඓතිහාසික බිම්කඩකි. එහි විසුයේ රජුට යටහත් පහත් කන්දෙවත්තේ අප්පුය. හෙතෙම කලක්‌ නාථ දේවාලයට කුඩ සහ කිරි සැපයූ බව ද කියයි. පසුකාලීනව කන්දෙවත්ත අප්පු අටුවගෙවත්ත නම් වූ උද්‍යානයෙන් පිටත කොටසකට පදිංචියට ගොස්‌ ඇත. 

රජුට තොරතුරු ගෙන ආ ප්‍රබල පණිවුඩකරුවකු වූ උක්‌කුරාළ නවාතැන් ගත්තේ උඩවත්ත ගබඩාගම තුළය. ඔහු බලා කියාගත් හේනේ වගා කළේද කොස්‌ පොල් හා කැකුණයි. එයට අමතරව උක්‌කුරාළ මාළිගයට කුරුණි සැපයූවේය. 

කරදගහවත්ත ගබඩාගම අමුණක කොටසකි. එහි බොහොමයක්‌ අවස්‌ථාවල වගා කරනු ලැබුවේ එළවළුය . රජු නිතර දෙවේලේ ඇවිද ගිය එළවළු හේන කරදගහවත්ත අමුණයි. මෙහි වාසය කළ සේවා පිරිස්‌ නිතර දළදා තේවාවට සහභාගි වූ අයයි. හන්තාන කන්දෙන් පහළට ගලා හැලෙන දිය සීරාව එකල රාජකීය උද්භිද උද්‍යානයේ සශ්‍රීකත්වය වඩ වඩාත් තීව්‍රර කළේය. තරමක්‌ හෝ එහි බලපෑම අදටද වලංගුව ඇත.

මෙම උද්‍යානයේ වූ ගබඩා ගම් සියල්ල උද්‍යානය තුළින් ඉවත් කරන්නට සිදු වූයේ එංගලන්තයේ කිවි රාජකීය උද්භද උද්‍යානයේ අධ්‍යක්‌ෂ ජෝෂප් බෑන්ක්‌ මෙරටට එවූ විලියම් කර්, ආර්ථික වටිනාකමක්‌ ඇති උද්‍යාංගන ලංකාව තුළ ස්‌ථාපිත කිරීම ඇරඹීමත් සමගය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඇලෙක්‌සැන්ඩර් මූන් 1821දී පේරාදෙණිය උද්භිද උද්‍යානය ආර්ථික වටිනාකමක්‌ ඇති තැනක්‌ කළේය.

එසේ වුවද එංගලන්තයේ රජු යටතේත් හෙළ සම්ප්‍රදායන් දොර මුල්ලට විසි වුණේ නැත. ගබඩාගම් ලෙස පැවති ඉඩම් උද්‍යානයෙන් ඉවත් කරගැනීමට සිදු වූ විට ඊට කෘතගුණ සැළකීමක්‌ ලෙස වාර්ෂික පෙරහැර මංගල්‍යයට බඩු මුට්‌ටු සේවා සපයන ලෙස ඉල්ලීමක්‌ කළේය. ඒ අනුව, එකල සිට වාර්ෂිකව දළදා මාළිගාවට විවිධ දෑ සපයනු ලැබීය. අගලකොටුව වත්තෙන් මාළිගයට ලැබුණේ තෙල් නැලි විසිහතරකි. කන්දෙවත්තෙන් දළදා මාළිගයට ලැබුණේ කිරි කළගෙඩි තුනකි. උඩවත්තෙන් වාර්ෂිකව පෙරහැරට ලැබුණේ පොල් ගෙඩි තිහකි. කරදගහවත්තෙන් ලැබුණේ විවිධ වූ භාණ්‌ඩය. 

ඉංගී්‍රසින් වරින් වර මෙම සැපයුම් සංශෝධනය කර තිබූ අතර උද්‍යානය නවීකරණය කරද්දී අතීත ස්‌මාරක යට ගොස්‌ තිබේ. අද අපට හැකිව ඇත්තේ මේ මතකයන් යළි යළි සිහිකරමින් අපේකම පිළිබඳව උදම් ඇනීම පමණකි. 

මුතුමාලි මුතුබණ්‌ඩාර

Post a Comment

0 Comments