ඡේආර් නම් වූ ඒ ප්‍රතාපවත් නායකයා


යුග පුරුෂයන් රටක පහළ වනුයේ කලාතුරකිනි. හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ද මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසය කියවද්දී අපට හමුවුණ එබඳු යුග පුරුෂයෙක්‌මය. දේශපාලන, ආර්ථික, සාමාජීය අතින් ඡේ. ආර්¾ ජයවර්ධනයන් තරම් "විප්ලවයක්‌" මේ රට තුළ කළ රාජ්‍ය නායකයෙක්‌ පශ්චාත් නිදහස්‌ ශ්‍රී ලංකාව තුළ අපට මුණ නොගැසෙන තරම්ය. ආත්මශක්‌තිය, ආත්ම විශ්වාසය, නොපසුබස්‌නා ගුණය, අවංකභාවය, ප්‍රතිපත්තිගරුක බව හා සරල අල්පේච්ඡ දිවි පැවැත්ම යනාදී පැවැත්ම යනාදී ගුණාංග ඡේ. ආර්. ජයවර්ධන මහතා රටේ රාජ්‍ය නායක ධුරයට ඔසවා තැබීමට තරම් හේතුවූ අතර ඔහුගේ චරිතය හැදෑරීම සමාජ ජීවිතය තුළ ඉහළට යැමට උත්සාහ කරන ඕනෑම තරාතිරමක කෙනකුට හොඳ අත් පොතක්‌මය. 

ඡේ. ආර්. ජයවර්ධන මහතා මෙලොව එළිය දුටුවේ මීට වසර 108 කට ඉහතදීය. රටේ ප්‍රබල පවුලකට දාව උපන් ඡේ. ආර්. දේශපාලනඥයකු වීම විෂයෙහි මූලික බලපෑවේ තම ගෙදර පසුබිමය. ඔහුගේ පියා වූ ඊ. ඩබ්. ජයවර්ධන එවකට රටේ සිටි ප්‍රබල රාජ්‍ය නීතිඥයකු වූ අතර පොදුවේ ගත් විට ජයවර්ධන පවුල බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට එරෙහිව ඒ වන විට නැග එමින් ආ ජාතික නිදහස්‌ සටන් ව්‍යාපාරය තුළ කැපී පෙනෙන භූමිකාවක්‌ නිරූපණය කළේය. 

තම පියා මියයද්දී ඡේ.ආර්. ට අවුරුදු 26 ක්‌ වූවා පමණි. ඒ වන විට ඔහු අධිනීතිඥයකු ලෙස අධිකරණයේ දිවුරුම් දී වැඩි කාලයක්‌ ගතව නොතිsබුණි. ඡේ. ආර්. ජයවර්ධන මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඉගෙනුමට පමණක්‌ නොව ක්‍රීඩාවට ද ඔහු අති දක්‌ෂයෙකු විය. විද්‍යාලයීය රග්බි පාපන්දු කණ්‌ඩායමේ නායකයා වූ ඡේ. ආර්. පාපන්දු, ක්‍රිකට්‌, බොක්‌සිං, ටෙනිස්‌, ටේබල් ටෙනිස්‌ ආදී මේ සෑම ක්‍රීඩාවකම කෙළ පැමිණියෙකු විය. 

ආගම දහම කෙරෙහිද ඔහු තුළ වූයේ බලවත් වූ ගෞරවයකි. හැඟීමකි. තම මව සමග නිතර නිතර කැලණි විහාරයට, වජිරාරාමයට යැම තුළ බෞද්ධාගම පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ හෙතෙම ලබා ගත්තේය. බුදු දහමේ ඇති තාර්කිකභාවය, එහි විද්‍යාත්මක පදනම සම්බන්ධයෙන් වූ ගැඹුරු පොතපත කියෑවීමට ජයවර්ධන මහතා තුළ බලවත් උනන්දුවක්‌ පැවැති බව ඔහුගේ පෞද්ගලික පුස්‌තකාලයේ ඒ පිළිබඳ පොතපත රැසක්‌ තිබීමෙන් පෙනී යයි. ආගම ධර්මය ඉගෙන ගත්තා පමණක්‌ නොව ඒ අනුව තම ජීවන දර්ශනය ගොඩනඟා ගැනීමට ද හෙතෙම නිරතුරුවම වගබලා ගත්තේය. තම විරුද්ධවාදියෙකු වුවද ගර්හාවට, නින්දාවට, අපාසයට ලක්‌ කිරීම ඡේ. ආර්. ප්‍රතික්‌ෂේප කළේය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට නිසි විට නිසි පමණ කතා කිරීමට ඔහු හැමවිට වග බලා ගත්තේය.

ලන්ඩන් මැටි්‍රක්‍යqලේෂන් විභාගය ඉහළින්ම සමත් වූ ඡේ. ආර්. ජයවර්ධනයන්ට පහසුවෙන්ම යුරෝපීය ඉහළ නාමධාරී විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ ඉඩකඩ හැකියාව තිබුණද ඔහු තමන් උපන් රටේම උසස්‌ අධ්‍යාපනය හැදෑරීමට තීරණය කළේය. ඒ අනුව නීති විද්‍යාලයට ඇතුළුව නීතිඥයකු බවට පත්වූ ඡේ. ආර්. තම වෘත්තීමය පසුබිම රටේ නිදහස්‌ සටන වෙනුවෙන් තීරණාත්මක ලෙස යොදා ගත්තේය. නීති විද්‍යාලයට ඇතුල්වීමට පෙර ඔහු මහත්මා ගාන්ධිගේ දර්ශනය ගැඹුරින් හැදෑරුවේය. තරුණ වියේ සිටම හෙතෙම අවිහිංසා ධර්මය අගය කළේය. ඒ මඟ යැමට ඔහු උත්සාහ කළේය. 

නිදහස්‌ සටන් ව්‍යාපාරය තුළ ඡේ. ආර්. ජයවර්ධන එක්‌ අතකින් දැඩි මතධාරියෙකු විය. හුදු ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණවලින් එහා ගිය පරිපූර්ණ නිදහසක්‌ තම රටට අවශ්‍ය යන මතයේ ඔහු දිගටම එළඹ සිටියේය. සුප්‍රකට කැලණි සම්මේලනයේ දී ඡේ. ආර්., ඩී. එස්‌. සේනානායක මැතිතුමා සමග මතභේද ඇති කරගත්තේද මේ නිසාය. ඡේ.ආර්. ගේ එම සිsහිනය 1948 දී යථාර්ථයක්‌ බවට පත්වීමෙන් පසු අපේ පැරැණි සංස්‌කෘතික උරුමය ඒ විශිෂ්ට වාරි කර්මාන්ත ක්‍රම යළි නඟා සිටුවීමට හෙතෙම දැඩි උනන්දුවෙන් යුතුව කටයුතු කළේය. 

නිදහස්‌ සටනේ සිටි සෙසු බොහෝ නායකයන් මෙන් ඡේ.ආර්. ද වැඩි කලක්‌ නොගොස්‌ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. කැලණිය ආසනය නියෝජනය කරමින් 1942 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ඔහු නිදහස්‌ ශ්‍රී ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරයා විය. පශ්චාත් නිදහස්‌ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමනට දැඩි සේ බලපෑ සුප්‍රකට "කොළඹ ක්‍රමය" ව්‍යාපෘතිය තුළ කැපී පෙනෙන කාර්යභාරයක්‌ ඉටුකළ එහි හිස හා හදවත බඳු වූ ඡේ. ආර්. මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමාගේ අභාවයෙන් පසු පත්වූ ඩඩ්ලි සේනානායක රජයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයාද විය. 1953 හර්තාලය නිසාවෙන් ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඒ තනතුර ඡේ. ආර්. ට ලැබෙනු ඇතැයි බොහෝ දෙනකු අපේක්‌ෂා කළද එය හිමි වුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාටය. නමුත් ඉන් ඡේ. ආර්. ජයවර්ධනයන් කිසිසේත්ම කලබලයට පත් වූයේ නැත. 1956 ලද දැවැන්ත පරාජයෙන් අනතුරුව සර් ජෝන් පමණක්‌ නොව ඩඩ්ලි සේනානායකද පක්‍ෂයේ කටයුතුවලින් පස්‌ස ගැසුවේය. ඡේ. ආර්. ද කැලණිය ආසනයෙන් පරාද වී තිබුණ නමුත්, සැබෑ නායකයකු සතු ගති ප්‍රදර්ශනය කරමින් ඔහු පසු දින සිටම කොල්ලුපිටියේ සිරිකොත මන්දිරයට පැමිණ පක්‍ෂ සංවිධාන කටයුතු මෙහෙයුම ඇරැඹුවේ ය. එම වසරේදීම කොළඹ නගර සභාවේ බලය එජාපටය දිනා දුන් ඡේ. ආර්, ක්‍රමයෙන් එජාපය යළි ගොඩනැංවූවේය. 

පක්‍ෂ අභ්‍යන්තරයෙන් කෙතරම් පීඩනයක්‌ තමන්ට එල්ල වුවත් ඒ සියල්ල ඡේ. ආර්. ජයවර්ධනයන් ඉතාමත් ශූර ලෙස කළමනාකරණය කර ගත්තේaය. එහි කූටප්‍රාප්තිය වූයේ හයෙන් පහක බලයක්‌ ලබමින් 1977 දී එක්‌සත් ජාතික පක්‍ෂය ලද දැවැන්ත ජයග්‍රහණය යයි. රටේ රාජ්‍ය නායකත්වයට පත්වූ පසු තමන් සතුවූ සැලසුම් සියල්ල එකින් එක දිග හැරීමට ඡේ. ආර්. ඇරැඹුවේය. 

රට දියුණු කිරීමේදී ඔහු සතුව සැලසුම් අප හද මන බඳිනුයේ ඒවායේ තිබූ දැඩි ප්‍රායෝගික බව නිසාවෙනි. ලාභ උපරිම කර ගැනීම හෝ ලාභ සන්තානය තදින්ම පිළිකුල් කළේය. ඔහු සැබෑ ආදර්ශමත් සැමදා සැමරිය යුතු වටිනා ගෞරවනීය නායකයෙකි. 

කරු ජයසූරිය 
(පා.ම.) එක්‌සත් ජාතික පක්‍ෂ 
නායකත්ව මණ්‌ඩලයේ සභාපති

Post a Comment

0 Comments