වසර හැටක්‌ ලංකාවට උදව් කල ජපානය


ජපානය හා ශ්‍රී ලංකා සබඳතාව ශතවර්ෂ ගණනාවක සිට පැවත එන්නකි. ලංකාව හා ජපානය අතර නිල සබඳතාව විධිමත්ව ආරම්භ වන්නේ 1954 වසරේ දී කාර්මික සහයෝගිතාවය පෙරදැරි කරගෙනය. ඒ කොළඹ ක්‍රමය යටතේය. එනම් හරියටම මෙයට වසර හැටකට පෙරය. අද වන විට ජපාන රජය, ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන රටවල් අතරින් මහා පරිමාණයේ ආධාර ප්‍රදානය කරනු ලබන රටකි. 

ජපානයේ අන්තර්ජාතික සමායතන කාර්යාංශය විශේෂයෙන් දියුණුවන හා නොදියුණු රටවල් සඳහා විශේෂ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ජපාන රජයේ නිල ආයතනයයි. ශ්‍රී ලංකාවේද තෝරාගත් ප්‍රධාන ක්‌ෂේත්‍රයන් හතරක්‌ සඳහා ව්‍යාපෘතීන් හඳුන්වාදී, එම ව්‍යාපෘතීන් වසර හැටක්‌ තිස්‌සේ ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම ආයතනය හරහා ය. මෙසේ පවසන්නේ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නියෝජිත ඉඩා ටෙට්‌සුජී මහතා ය.

ඔහු පවසන පරිදි, ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‌ෂේත්‍රයන් හතරක්‌ සඳහා ව්‍යාපෘතීන් හඳුන්වාදී එම ව්‍යාපෘතීන්a ක්‍රියාත්මක කිරීමට ජපානය දායක වෙමින් සිටී. 

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය 

වේගවත් කිරීමට උපකාරිවීම.

දුගීභාවය අඩු කිරීම වෙනුවෙන් හා ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මැදිහත්වීම.

උතුරු නැගෙනහිර ගැටුම්වලින් පීඩාවට පත්වූ ජන කොටස්‌වල ජීවන තත්ත්වය උසස්‌ කිරීම.

ආපදා කළමනාකරණය හා කාලගුණික විපර්යාසයන් වළක්‌වාලීම.

විධිමත් හා නීත්‍යානුකූල ආධාර ක්‍රමය අවස්‌ථා හතරක්‌ යටතේ මූලිකව ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

එනම් 

1. තාක්‍ෂණ සහයෝගිතා වැඩසටහන්, 2. ණය මත පදනම් වූ වැඩසටහන්, 3. ආධාරමය වැඩසටහන්, 4. ස්‌වෙච්ඡාමය වැඩසටහන් යනුවෙනි.

තාක්‍ෂණ සහයෝගිතාවය

පිළිගනු ලබන නිශ්චිත කාලරාමුවක්‌ තුළ ප්‍රායෝගික උපකාරයන් ලබාදීමට පියවර ගනු ලබන අතර විශේෂ ව්‍යාපෘති සඳහා විශේෂඥ දැනුම හා තාක්‍ෂණ සහයෝගිතාවයද සමග දේශීය නිලධාරීන්ගේ ශක්‍යතාවය ඉහළ නංවාලීම වෙනුවෙන් ශිල්පීය දැනුම, උපකරණ හෝ මූල්‍යමය ආධාර ලබාදීම ද සිදු කෙරේ. තාක්‍ෂණ සහයෝගිතාව සහිත ව්‍යාපෘතියක්‌ පිළිබඳ උදාහරණයක්‌ ලෙස ජාන තාක්‍ෂණය හා පෝෂණය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමුකර කුඩා පරිමාණයේ කිරි ගොවි කර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතිය දැක්‌විය හැක. එම ව්‍යාපෘතිය මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කුණ්‌ඩසාලයේ පිහිටුවා තිබේ.

ඉලක්‌කගත ප්‍රදේශ මුල් කරගනිමින් කිරි ගවයන්ගේ බෝවීම ඉහළ නැංවීම, පෝෂණ තත්ත්වය පවත්වාගෙන යැම හා කිරිපට්‌ටි පාලනය පිළිබඳව මඟ පෙන්වමින් කුඩා පරිමාණයේ කිරි ගොවි කර්මාන්තය කාලානුරූපව දිරිගැන්වීම හා කිරි නිෂ්පාදනය ඉහළ නංවාලීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මෙම ව්‍යාපෘතියේ ඉලක්‌කගත ප්‍රදේශ වනුයේ මහනුවර, මාතලේ, නුවරඑළිය හා කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌ක වේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වේ.

වසර පහක කාලරාමුවක්‌ තුළ නිම කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය 2009 වසරේ අප්‍රේල් සිට 2014 මාර්තු මස අවසන් වීමට නියමිතය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය අවසන් අදියර කරා ළඟාවී තිබේ.

කුණ්‌ඩසාලේ මධ්‍යම කෘතිම සිංචන මධ්‍යස්‌ථානය ප්‍රමුඛ කරගෙන අතිශය සාර්ථක ලෙස මෙම ව්‍යාපෘතිය මෙහෙයවීය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කරන පශු වෛද්‍ය විමලධර්ම අභයගුණවර්ධන මහතාට අනුව මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාව දියර කිරිවලින් ස්‌වයංපෝෂිත කිරීම වේ. ඒ සඳහා ජාන ශක්‌තියෙන් ඉහළ කිරි හරකුන් බෝකිරීම හා ගොවියන් අතර බෙදාදීම මේ වසර කීපය තුළ සාර්ථකව සිදුකළ බව ඔහු පැවසීය.

ඒ සඳහා ඕස්‌ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද නුමුහුන් වර්ගයේ සතුන් 10 දෙනකු භාවිතාවට ගෙන ඇත. පර්සි හා ප්‍රීසියන් එම සත්ව වර්ග දෙක වේ. මේ සතුන්ගෙන් විශේෂ පරීක්‍ෂාවක්‌ යටතේ වර්ධනය කරගන්නා ශුක්‍රාණු දේශීය එළදෙනුන්ට සිංචනය කිරීමෙන් පැටව් බෝකිරීමට කටයුතු කෙරේ. දේශීය කිරි ගොවියන්ට මේ ක්‍රමය මගින් සතුන් බෝකරදීම දිවයිනේ පශු වෛද්‍ය කාර්යාල හරහා සිදුකරන බවත් දැනටමත් පැටවුන් තිස්‌දහසකට(30,000) වැඩි ප්‍රමාණයක්‌ බෝ කරදී ඇත. මෙම ක්‍රමයට සතුන් බෝකර ගැනීමට උනන්දුවන ඕනෑම කිරි ගොවියකුට තමන්ගේ ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය හරහා එම කටයුත්ත සිදු කරගත හැකි බව අභයගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

යෙන් ණය ක්‍රමය

මෙම ණය යෝජනා ක්‍රමය ජපානයේ ව්‍යවහාර මුදල් නමින් හඳුන්වනු ලබයි. දීර්ඝකාලීන සහනදායක පොලියක්‌ මත මෙම ණය ලබාදෙන අතර සංවර්ධනය වන රටවල ස්‌වයං න්‍යාමන ව්‍යාපෘතීන් සඳහා සමාජ යටිතල පහසුකම් හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබාදෙනු ලැබේ. මෙම ණය ක්‍රම, ප්‍රධාන වශයෙන් මුදල්මය ප්‍රතිපාදන ලබාදෙන අතර අත්‍යවශ්‍ය ප්‍රදේශ සංවර්ධනයෙහිලා අවශ්‍ය සමාජ ආර්ථික හා මූලික යටිතල පහසුකම් සඳහා එම මුදල් වෙන් කෙරේ. මෙම මුදල්මය ණය 1976 සිට ව්‍යාපෘති 110 ක්‌ සඳහා බිලියන 740 ක්‌ ලංකාවට ලබාදී ඇත. ප්‍රමුඛතාව මත හඳුනාගත් ක්‌ෂේත්‍ර හතරක්‌ අතරින් ක්‌ෂේත්‍ර තුනක්‌ පිළිබඳව පහත පැහැදිලි කෙරේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් විශාල කොටසක්‌ වෙතින් ජලය පිළිබඳ ඉල්ලුම නිරන්තරයෙන් ඉහළ යමින් පවතී. ජපානය විසින් වසර ගණනාවක්‌ තුළ ශ්‍රී ලංකාවේ ජල සම්පාදන ව්‍යාපෘති 08 ක්‌ හා ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘති 05 ක්‌ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබාදී තිබේ. ජලය පිළිබඳ සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්‌ඩව මූල්‍යමය ආධාර ලබාදෙන අතර ජල සැපයීමේ ව්‍යාපෘති පුළුල් කිරීම ඉලක්‌ක කරගනිමින් කොළඹ හා මහනුවර නගරයන්හි ජල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, මහනුවර නගරයේ කසළ ශෝධනය කිරීමේ ව්‍යාපෘතියක්‌ද ක්‍රියාත්මක කොට ඇත.

මේ ජල යෝජනා ක්‍රම ව්‍යාපෘතීන් අතරින් මහනුවර ජල සැපයුම් ව්‍යාපෘතිය හොඳම උදාහරණයක්‌ ලෙස දැක්‌විය හැක. ජල පවිත්‍රාගාරය හා බෙදාහැරීමේ මධ්‍යස්‌ථානය පිහිටා ඇත්තේ කටුගස්‌තොට, පහළ කොණ්‌ඩදෙනිය ප්‍රදේශයේය. මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහනුවර ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ සරත් ගාමිණී මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබාදීම පමණක්‌ නොව ඔවුන්ගේ ශිල්පීය ඥනයද ලබාදී තිබේ. 1998 දී ආරම්භ කළ මෙම ජල ව්‍යාපෘතිය සඳහා වූ සැලැස්‌ම සකස්‌ කරන ලද්දේ ජපාන විශේෂඥයන්ගේ මඟපෙන්වීම හා උපදෙස්‌ මතය. මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් මුළු වියදම රුපියල් මිලියන පන්දහස්‌ පන්සිය හතළිස්‌ තුනකි (5543). මෙම මුළු ව්‍යාපෘතිය සඳහා ඇස්‌තමේන්තු ගත මුළු මුදල රුපියල් බිලියන තුන්සිය පනහකි (350).

1981 වසරේ දී ජපාන ස්‌වෙච්ඡා වැඩසටහන් සාමාජිකයන් පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම සාමාජිකයන් ඉහළම විනයක්‌ හා පුහුණුවක්‌ සහිත වෘත්තීයවේදීන් වේ. ඔවුහු බිම් මට්‌ටමේ සේවයේ යෙදෙන අතර එම රටවල ජන සමූහයාගේ අවශ්‍යතාවන් සපුරාලනු ලැබීය.

සමාජ ශුභසාධනය - ජාතික ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන

ජපාන ස්‌වෙච්ඡා සේවකයන් විශාල ප්‍රමාණයක්‌ විවිධ සමාජ සේවා වැඩසටහන්වල නිරත වේ. ශ්‍රී ලංකාවේ විවිධ වයස්‌තලයේ ආබාධිතයන් හා වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ මැදිහත්කමක්‌ ඔවුන් සිදු කරනු ලබයි. එයින් විශාල පිරිසක්‌ ජාතික ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන යටතේ සමාජ සේවා අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරේ. ඒ අතරින් ප්‍රධාන ව්‍යාපෘතිය වන රාජාංගන ව්‍යාපෘතියේ සේවයේ යෙදෙන මෙම ස්‌වෙච්ඡා සේවකයන් විවිධ ආබාධිත පවුල් හා ප්‍රජාවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපනය, දුගී බව අවම කිරීම හා විවිධ සමාජ සුබසාධන ක්‍රියාවලියන් සඳහා උපකාරී වේ. 

රාජාංගන ව්‍යාපෘතියේ ප්‍රධාන ස්‌වෙච්ඡා සේවකයා වනුයේ හිගෂිඨා මහතා ය. වසර ගණනාවක්‌ තිස්‌සේ රාජාංගන වැසියන් සමග ජීවත් වන මෙම ජපන් සේවකයන්ට සිංහල භාෂාව කතා කිරීමේ හැකියාවද දියුණු කරගෙන ඉතා දුෂ්කර ජීවිතයක්‌ ගතකරනු ලැබුවද ඉතා සතුටින් සිය රාජකාරි නොපිරිහෙළා ඉටු කරනු දක්‌නට ලැබිණ.

මෙම රාජාංගන ස්‌වෙච්ඡා සේවා ව්‍යාපෘතිය ආරම්භ කළේ 2009 වසරේ ජූනි මාසයේ දී. මෙයට අප එකමුතු සමිතිය කියල හඳුන්වන්නෙ. රාජාංගන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විවිධ ආබාධයන්ට ලක්‌වූ 400 ට ආසන්න පිරිසකට මෙයින් විශාල සහනයක්‌ ලැබෙනවා. එයින් ස්‌වයං රැකියාවන් සඳහා යොමු කෙරෙන පන්ති දෙකක්‌ තිබෙනවා. මේ දරුවන් සහ වැඩිහිටියන් කොහු ලණු, ඉදල්, ඉටිපන්දම් හා පහන්තිර වැනි දේවල් නිෂ්පාදනය කර රාජාංගන පොළේ හා නිවෙස්‌වලට ගොස්‌ අලෙවි කරනවා. මේ අය දැන් එකම පවුලක්‌ වගේ. කලින් තනි තනියෙන් හිටපු මේ ආබාධිත පිරිස්‌ හරිම සතුටකින් මේ වැඩසටහනත් සමග සම්බන්ධවෙලා ඉන්නවා. රාජාංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සමාජ සේවා නිලධාරිනී සරෝජා වෑත්තෑව මහත්මිය පවසනු ලබයි.

මෙම ස්‌වෙච්ඡා සේවාවන්ට අමතරව ජපාන විදේශ සහයෝගිතා ස්‌වෙච්ඡා වැඩසටහන ජාතික පාසල්a පද්ධතියේ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ද උපකාරී වේ. 

විවිධ පළාත්වල කලාප අධ්‍යාපන කාර්යාල හරහා ග්‍රාමීය පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නිරත වේ. මෙම ස්‌වෙච්ඡා ගුරුවරුන් විසින් පරිගණක තාක්‍ෂණය, විද්‍යාව, ගණිතය, ගෘහ විද්‍යාව, බටහිර සංගීතය සහ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ විෂයන් ඉගැන්වීමේ යෙදෙති. සාමාජිකයන් ඉහළම සුදුසුකම් හා පුහුණුවක්‌ යටතේ සේවයේ පිහිටුවා ඇත.

පොල්ගොල්ල විද්‍යා පීඨයේ බටහිර සංගීත උපදේශිකා කිඩෝ මෙනවිය පිළිබඳව පීඨාධිපතිනිය පැවසුවේ මෙවැනි අදහසක්‌. වසර 2000 දී සිට ජපාන රජය මගින් මෙම ස්‌වෙච්ඡා ගුරු සේවා වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ආදර්ශමත් ගුරුවරියක්‌. ඇය පන්ති කාමරයේ වැඩසටහන්වලට අමතරව එයින් බාහිරව පවා ශිෂ්‍යයන්ට උගන්වන්න වෙහෙසෙනවා. ඇය අපේ ගුරුවරුන්ට වඩා හුඟක්‌ වෙනස්‌. පන්ති කාමරය අවට පිරිසිදු කිරීම පවා ඇය කරනවා. ඇයගේ විෂය බටහිර සංගීතය. ඇයගේ සේවය ඉතාමත්ම ඉහළයි.

ජපානයේ මෙම වැඩසටහන් සහ උපකාර සේවාවන් තවදුරටත් අඛණ්‌ඩව ලබාදෙන බවත් විශේෂයෙන් බුදු දහම හා හිටපු ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන මහතා ජපානය පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව හමුවේ සෙන් ප්‍රැන්සිස්‌කෝ නගරයේ කළ ඓතිහාසික කතාව ජපානයට කිසිසේත් අමතක කළ නොහැකි බව ශ්‍රී ලංකා නියෝජිත ඉඩා ටෙට්‌සුජී මහතා වසර හැටක්‌ පිරුණු ජපාන ශ්‍රී ලංකා ආධාර වැඩසටහන් පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය. 

ධර්මසිරි ලංකාපේලි

Post a Comment

0 Comments