තරුණ විසේ නිරෝගී ලක්‍ෂණයකි


වර්තමානයේ අපි දුරකථනවල ඡැaන යදමරි එසේත් නැතිනම් වැඩිම ඇමතුම් සබඳතා පවතින කාල සීමාවන් සහ ධෙෙ ඡැaන යදමරි අඩුම ඇමතුම් සබඳතා පවතින කාලසීමාවන් පිළිබඳව පවසන්නෙමු. වැඩිම ඇමතුම් සබඳතා පවතින කාලයේදී අයකරන ගාස්‌තුද වැඩිය. ඊට හේතුවී ඇත්තේ එම දුරකථන පද්ධතියේ වැඩිම ක්‍රියාකාරිත්වයක්‌ පැවතීමය.

අපගේ ජීවිතවලද මෙලෙස ඡැaන ශැaරි එසේත් නැතිනම් වැඩිම ක්‍රියාකාරිත්වයක්‌ පවතින වයස සහ ධෙෙ ඡැaන ශැaරි අඩු ක්‍රියාකාරිත්වයක්‌ පවතින වයස ලෙස කාල සීමාවන් දෙකක්‌ පවතී. වැඩිම ක්‍රියාකාරිත්වයක්‌ පවතින්නේ වයස අවුරුදු 16 ත් 30 ත් අතර වියේදීය. මෙය තරුණ විය ලෙස හඳුන්වනු ලබයි. අඩු ක්‍රියාකාරිත්වයක්‌ පවතින්නේ වයස අවුරුදු 40 ත් 70 ත් අතර වියේදීය.

වැඩිම ක්‍රියාකාරිත්වයක්‌ පවතින තරුණවිය නාඹර විය. විසේකාර විය ලෙස හඳුන්වයි. මෙම කාලයේදී තරුණ තරුණියන්ගේ කාන්තා සහ පුරුෂ හෝමෝන ක්‍රියාකාරිත්වයද උපරිම තලයක පවතී. එනිසා දැඟලිල්ලද වැඩිය. තමුන්ගේ විරුද්ධ පාක්‌ෂිකයින් කෙරෙහි දක්‌වන ආකර්ෂණයද බොහෝය. ලිංගික උත්තේජනද එසේමය. එනිසා ලිංගික අවයවවල ක්‍රියාකාරිත්වයද උපරිම තලයක පවතී.

මෙම වයසේදී ගැහැනු ළමයකු පිරිමි ළමයකු සමග පෙම් සබඳතාවක්‌ ඇතිකර ගැනීම පිරිමි ළමයකු ගැහැනු ළමයකු සමග පෙම් සබඳතාවක්‌ ඇතිකර ගැනීම යනු ඔවුන්ගේ නිරෝගී බවේ ලක්‌ෂණය.

එනිසා එම හැඟීම්වලට වැඩිහිටියන් එරෙහිවීම යනු ඔවුන්ගේ නිරෝගී ක්‍රියාකාරිත්වයට බාධා එල්ල කිරීමකි. එහි ප්‍රතිඵලය වන්නේ තරුණ තරුණියන් මානසික පීඩාවට ලක්‌වීමය. තම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති හැඟීම නැතිවීමය.

මින් අදහස්‌ කරනුයේ තරුණ තරුණියන්ට පාසල් යන වියේදී පෙම් සබඳතාවල පැටලීමට අවස්‌ථා ලබාදීම නොවේ. ගැහැනු දරුවන් පිරිමි ළමුන් කෙරෙහි අවධානය යොමුකරයි නම් පිරිමි දරුවන් ගැහැනු ළමුන් කෙරෙහි අවධානය යොමුකරයි නම් ඔවුන්ගේ ලිංගික හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිරෝගීය. ලිංගික ඉන්ද්‍රියන්හි උත්තේජනයක්‌ මතුවේ නම් ඔවුන් වඩාත් නිරෝගීය. නමුත් ඔවුන් කායිකව නිරෝගී වූවත් අත්දැකිම්වලින් අසම්පූර්ණය. එනිසා වැඩිහිටියන් කළ යුත්තේ සහ තරුණ තරුණියන් කළ යුත්තේ මෙම අසම්පූර්ණ අත්දැකීම් සම්පූර්ණ කිරීමය.

එනම් තම දියණිය පාසල් වියේදී ප්‍රේමය ගැන පවසයි නම්, තරුණයකුගේ ආදරයක පැටලී සිටී නම් ඊට විරුද්ධ නොවී අප මූලිකත්වය දිය යුතු කරුණු ගැන අවබෝධ කරදීමය. පාසල් යන වියේදී අධ්‍යාපනයට මූලිකත්වය දීමෙන් හිමිවන අනාගත ප්‍රතිඵල ගැන වටහා දිය යුතුය. අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීමෙන් ඇතිවන අනාගත අඳුරද පැහැදිලි කර දිය යුතුමය.

තරුණ වියේදී ඔවුන් තුළ පවතින අධික්‍රියාකාරිත්වය සහ අත්දැකීම් අඩුකම නිසා ලැ-ජාව සහ බය උපරිම වශයෙන් දැනේ. එය තනිව විඳ දරා ගැනීමට තරම් හැකියාවක්‌ ඔවුන්ට නැත. දෙමාපියන් බැණ වැදුනහොත් ප්‍රසිද්ධියේ තරවටු කළ හොත් ඔවුන් ඉතා දැඩිසේ කම්පාවට පත්වේ. එසේම ඒ ගැන නිතර කල්පනා කරයි.

තරුණ දියණියක තම ශරීරයේ අලංකාරය ගැන උනන්දුවේ නම් තරුණ පුතකු මුහුණේ රැවුල වැවීම ගැන පපුවේ රෝම වර්ධනය ගැන ලිංගික ප්‍රදේශවල රෝම වර්ධනය ගැන උනන්දුවක්‌ දක්‌වන විට ඊට හේතුව වැඩිහිටියන් අවබෝධ කරගත යුතුය. ඔබ දැන් වැඩිවියට පත්වූ තරුණ තරුණියන්ය. දැන් ඔබගේ සිරුරුවල ක්‍රියාකාරිත්වය උපරිම අයුරින් සිදුවේ. එනිසා මෙම ශාරීරික වෙනස්‌කම් ගැන බියට පත් නොවන්න. ඔබ කළ යුත්තේ ඔබගේ මෙම ශරීර වර්ධනය හොඳින් පවත්වාගෙන යැමය. ඒ සඳහා සමබර ආහාර වේලක්‌ ගැනීම, ව්‍යායාම්වල යෙදීම මානසික සතුට පවත්වාගෙන යැම බව වැඩිහිටියන් ඔවුන්ට උපදෙස්‌ ලබාදිය යුතුය.

තරුණ වියේදී මතුවන සෑම හැඟීමක්‌ම සතපවා ගත යුතු නැත. මතුවන සෑම සිතුවිල්ලක්‌aම ක්‍රියාත්මක කළ යුතු නැත. ඒ සඳහා මානසික පාලනයක්‌ සහ සංයමයක්‌ ඇතිකර ගත යුතුය. එම සංයමය සහ පාලනය මතුවන්නේ නිරෝගී මනසක්‌ ඇති අයටය. තරුණ වියේදී ඇතිවන හැඟීම්වලට වහල්වීම යනු මනස නිරෝගී නොමැතිකමය.

ඇතැම් තරුණ තරුණියන්ට මතකය දුර්වලය. ඉවසීමට නොහැකිය. දැඩි ආවේගශීලී සහ කලහ බවක්‌ පෙන්වයි. මෙය මානසික පීඩනයේ ලක්‌ෂණයන්ය. එනිසා මෙවැනි තරුණ දූ දරුවන් ඇති දෙමාපියන් වැඩිහිටියන් වහාම ඔවුන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඇතැම් තරුණ දූ දරුවන්ගේ හෝමෝන අධි ක්‍රියාකාරිත්වය නිසා දැඩි කලබල ස්‌වභාවයක්‌ දක්‌වයි. මනස එක තැනක වැඩි වේලාවක්‌ රඳවාගත නොහැකිය. මතක ශක්‌තියද අඩුය. මෙවැනි තරුණ තරුණියන්ට දෙමාපිය වැඩිහිටියන් පළමුව කළ යුත්තේ පහරදීම බැණවැදීම වැනි දඬුවම් කිරීම නොවේ. පළමුව තම දූ දරුවන් හඳුනාගන්න. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අවබෝධ කරගන්න. ඉන් පසු ඔවුන්ගේ පවතින දුර්වලතා සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.

වර්තමානයේ බොහෝ දෙමාපියන් බලාපොරොත්තුවන්නේ පැත්තකට වී සිටින, වැඩිපුර ක්‍රියාකාරිත්වයක්‌ නැති දූ දරුවන්ටය. ඉන් ඔවුන්ට තම පෞද්ගලික ජීවිතය නිදහසේ ගත කළ හැකිය. නමුත් තරුණ දුවක හෝ පුතකු නිසි වයසේදී ක්‍රියාශීලි නැත්නම් එම දරුවන්ගේ සිරුරේ කුමන හෝ ඉන්ද්‍රියක අඩුපාඩුවක්‌ පවතී. විසේකාර දරුවන් යනු හොඳ නිරෝගී තරුණ තරුණියන්ය.

වෛද්‍ය උපදෙස්‌ ඇසුරිනි

උපාලි සේරම්

Post a Comment

0 Comments