යහපත් සමාජයකට ජ්‍යෙතිශයේ මගපෙන්වීම


හැම මිනිසෙක්‌ම මරණය හිසින් ගෙන උපදී. එහෙත් හැම මිනිහෙක්‌ම මරණය ගැන නොසිතා අනෙක්‌ හැම දෙයක්‌ ගැනම සිතති. එයින් අදහස්‌ කළේ හැම කෙනකුම නැතොත් වැඩි දෙනකු තමා ධනවත් වීම, විවාහ වීම, උසස්‌ වීම, රැකියාව, බලය ආදී හැම දෙයක්‌ ගැනම වැඩියෙන් සිතති. යටත් පිරිසෙයින් තම ජීවිතයේ ඉන්ද්‍රියමය සිදුවීම් පිළිබඳව හිතන්නේ නැත.

පුද්ගලයකුගේ එක්‌ දිනෙක ආශ්වාස ප්‍රශ්වාස සංඛ්‍යාව දෙලක්‍ෂ හයදාහක්‌ පමණ සිදු වන බව වැඩි දෙනෙක්‌ නොදනිති. මේ ආශ්වාස කිරීමට ශරීරයේ අනෙක්‌ සියලුම (නහර, ස්‌නායු ආදී) ඉන්ද්‍රියයෝද දායක වෙති.

උපත ලද දා සිට මිය යන තුරුම "මයින හමක" ස්‌වරූපයෙන් ඇදගනු ලබන හා පිට කරනු ලබන මෙම හුස්‌මක දිග ප්‍රමාණය විවිධය. නින්දේදී හුස්‌ම ගැනීම හා හෙළීම ඒකාකාරය. බියක්‌ තැති ගැනීමක්‌ වීමේදී වේගවත්ය. මිය යන මොහොතේදී වඩාත් දීර්ඝ වේලාවක්‌ ගත කෙරේ. මේ සියල්ල සිදුවනුයේ නිරායාසයෙනි.

පුරාණාචාර්යවරු මිනිස්‌ සිරුර ග්‍රහමඬුqල්ල සමග සම්බන්ධ කළහ. සිතක ක්‍රියාකාරීත්වය කේන්ද්‍රයේ ත්‍රිකෝණ හා සම්බන්ධය. එහෙයින් තුන් කල් දක්‌නා ඉසිවරු කේන්ද්‍රයේ වැදගත්ම රාශි හය විෂ්ණු ස්‌ථාන හා ලක්‍ෂ්මි ස්‌ථාන වශයෙන් නම් කළහ.

ජන්ම කේන්ද්‍රයේ 6 ට 8 ට 12 ට දුෂ්ට ස්‌ථාන වශයෙන් නම් කළහ. එකී රාශි අධිපතියනුත්, එම රාශි ත්‍රයෙහි සිටි ග්‍රහයනුත් එම රාශි තුනට අයත් ග්‍රහයකුගේ නැකතක සිටින ග්‍රහයාත් පාපීන් වශයෙන් නම් කළහ. එම දශාවක්‌ යම් කෙනකුට ලැබුණ පසු එම රාශියට අයත් ශරීර අවයවයකට හානි පමුණුවන බව කීහ. අප මේ හැම නැටුමක්‌ම නටන්නේ එම ග්‍රහයන්ගේ පදය අනුවය. 

හරිහැටි ආශ්වාස ප්‍රශ්වාස කරතොත් මේ ඉරියව් කෙරෙහි පමණක්‌ අවධානය යොමු කළොත් බාහිර ලෝකයෙන් මොහොතකට හෝ වෙන්වී සිටිය හැකිය. භාවනාවෙන් ඉටු කරන්නේ එහි උපරිම ගුණාත්මක පැත්තයි.

සෙනසුරු ග්‍රහයා හැසිරෙන හැම රාශියකටම කිසියම් පීඩාවක්‌ දෙයි. පියයුරු පිළිකා, දෙන ප්‍රධානම ග්‍රහයා සෙනසුරු බව ප්‍රත්‍යක්‍ෂ වූ අවස්‌ථා බොහෝය. එක්‌ තැනෙක සෙනසුරු ගැන මෙසේ සඳහන් වේ. "ජන්මියා දෙව්ලොවට ගෙන යන්නේත් අපායට තල්ලු කරන්නේත් සෙනසුරාය. ඒ වැකියෙන්ම සෙනසුරු කවුරුන්දැයි හඳුනාගත හැකිය.

ශරීරයේ මළ ගබඩාවටත් මුත්‍රා ගබඩාවටත් අයත් රාශිය 7 වැන්නයි. සෙනසුරුට එම 7 වැන්නේ කාරක අයිතිය පවරා දීමෙන්ම පෙනීයන්නේ සෙනසුරු කසළ ශෝධකයකු බඳු ග්‍රහයකු බවය. ඒ නිසා සෙනසුරුගේ බලය වැඩිය. ශරීරයේ අපවිත්‍ර කොටස්‌ පිළිබඳ වගකීම අනෙක්‌ සියලුම ග්‍රහයන් අතහැර දැමුවොත් ජීවිතය එකම කුණු ගොඩක්‌ වෙයි. එය බැහැර කරන්නා සෙනසුරු නිසා අපට කලාතුරකින් හෝ හිනාවෙන්නට හැකිය.

මිනිස්‌ සිරුරට වැළඳෙන රෝග විවිධය. ඒ එක එක රෝගයකට එක්‌ එක්‌ ග්‍රහයා මුල් වෙයි. එසේම රෝගයට 6 අධිපතියා හෝ හයේ සිටින ග්‍රහයාත් දායක වෙයි. එයට වඩා පීඩා දායක හෙවත් සැත්කම් වැනි දෙයකට අට අධිපතියාත් 8 වැන්නේ සිටින පාපියාත් දායක වෙයි. 22 වැනි දෙර්කාණයට අධිපති ග්‍රහයා සිටින රාශියට අයත් ශාරීරික අවයවයට පීඩා කරයි. එහෙයින් ජන්මියකුට වැළඳිය හැකි එක්‌ එක්‌ රෝගය ගැනත් එයට දායක වන ග්‍රහයා ගැනත් වෙන වෙනම සාකච්ඡා කළ යුතු වේ. 

අපි අද මිනිසකුට වැළඳිය හැකි උමතු රෝගය පිළිබඳව සොයා බලමු. සිග්මන් ප්‍රොයිඩ්ට අනුව නම් හැම කෙනකුටම ටික ටික හෝ උමතු කල්පනා වෙයි. තවත් කෙනකුට උග්‍ර අයුරින් උමතුව මතුවිය හැකිය. 

ග්‍රහයන් නව දෙනා අතුරින් උමතු රෝගයට ප්‍රමුඛ වන්නේ සඳුය. එහෙම වන්නේ සඳු මනසට භාරකත්වය උසුලන ග්‍රහයා බැවිනි.

වා පිත් සෙම් යන තුනෙන් එකක්‌ හෝ කුපිත වූ අවස්‌ථාවක දුර්වල චන්ද්‍රයාගේ අයහපත් බලපෑමක්‌ වෙතොත් මානසික අවුලකට ලකුණු පළකරයි. ඒ අතරින් පිත් ධාතුව කැළඹීම වඩාත් නරකයි. දුබල සඳුට, අශුභ රාහුත් උමතු රෝගයට නැඹුරුය.

මානසික රෝග පිළිබඳ විමසා බැලීමේදී සඳුට අමතරව බුදටත්, පස්‌ වැනි භාවය හා පස්‌වැන්න අධිපතියාත් කෙරෙහිද විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුය. කුජ - ශනි ගුරු තිදෙනා ද මේ තත්ත්වයට යම් පමණකින් හවුල් වේ.

චන්ද්‍රයා, කුජගේ සහ ශනි ගේ පාප දෘෂ්ඨියට ලක්‌වී තිබීමත් පාප පීඩිත බුධ දොළොස්‌ වැන්නට ගොස්‌ සිටීමත් දුර්වල හෝ නීච පහ අධිපතියා පාප පීඩාවලින් තවදුරටත් පීඩා වී තිබීමත් ජන්මියාගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් කරන ග්‍රහ පිහිටීම්ය.

එසේ මනස දූෂණය වූ විට දෙවැන්නාට ගරු නොකරන, දෙවැන්නාට සිත් වේදනා දෙන ස්‌වභාවයක්‌ ඇති කරයි.

විවාහ වන යුවළකගේ මානසික තත්ත්වය විමසා නොබලා පොරොන්දම් කීපයක්‌ පමණක්‌ ගැලපුන පමණින් විවාහයට සුදුසු යෑයි නිර්දේශ කරන ඇතැම් ජ්‍යෙdතිෂවේදීන් නිසා අනාථ වූ විවාහයන් නිසා පරාජිත අත්දැකීම් ලබන්නෝ බහුල වෙති.

බිරිඳ, පුරුෂයාගේ ගෞරවයට පාත්‍ර විය යුතුය. ඇයට සිත් වේදනා නොදිය යුතුය. පුරුෂයාගේ පැත්තටත් එසේය. ඔවුනොවුන්ට හෙළා තලා කතා කරන අය දක්‌නට ලැබෙන්නේ එම සඳහන් කළ උමතු භාවයට නැඹුරු ග්‍රහ පිහිටීම් වූ විටය. 

නිදසුනක්‌ ගනිමු. බිරිඳ සිය සැමියාට දහසක්‌ වැඩපළ මධ්‍යයෙහි තේ කෝප්පයක්‌ පිළියෙළ කර ගෙන එයි. සමහර විට එම තේ එකට කහට වැඩි විය හැකිය. සීනි අඩු විය හැකිය. ඉඟුරු කෑල්ලක්‌ මිශ්‍ර නොවිය හැකිය. එවිට යකෝ මේ තේ එකක්‌ද කසායක්‌ දැයි වේගවත්ව තර්ජනාත්මකව ප්‍රශ්න කළොත් බිරිඳගේ සිත කලකිරෙයි. 

නොඑසේව මේ තේ එකට කහට ටිකක්‌ අඩු වුණානම් පංකාදුයි යනුවෙන් එම චෝදනාවම රසවත්ව ඉදිරිපත් කළ හැකිය. හොද්දට ලුණු මදිබවක්‌ දැනුණේ නම් පුත්තලමේ ලුණු ලේවාවල වැඩ වර්ජනයක්‌ දැයි ප්‍රශ්න කරමින් වරද යහපත් අයුරින් ඉදිරිපත් කළ හැකිය. ජන්ම කේන්ද්‍රයේ 2 වැන්නේ පාපියකුවූ විට ඔහුගේ වචන කිළිටිය. සිත් රිදවන සුළුය. ඒ සමගම උමතු මනසකට නෑකම් කියන ග්‍රහ පිහිටීමක්‌ වෙතොත් ඒ ජන්මියා මිනිස්‌කම් වලින් පරිබාහිර නරුමයෙක්‌ වෙයි.

චන්ද්‍රයා පාප සංයෝග සහිතව සිටීමද බුද නීච රාශියෙන් සිටීමද රාහු, කුජ යෝගයට සෙනසුරුගේ දෘෂ්ටි ලැබීමද මානසික අසහනකාරී තත්ත්වයකට මග පාදයි.

සියලුම ග්‍රහයන් පාප සංයෝග හෝ පාප දෘෂ්ටි ඇතිව සිටින අතර පහ අධිපතියාද දුබලව පාප සංයෝග සහිතව සිටී නම් එසේම ලග්නාධිපතිද පාප පීඩිතව සිටී නම් අවපස සඳු එම පාපීන් සමග සබඳතා ඇතිව සිටී නම්, තදබල මානසික පෙරැළි ඇති කරන්නට බලයි.

ජන්ම පත්‍රයක තුන, පහ 8 සහ 12 යන රාශිවල සියලුම ග්‍රහයන් වෙතොත් එයද මානසික රෝගයකට ඉඟි කිරීමක්‌ වෙයි.

මානසික ව්‍යාධීන් හෝ අස්‌වාභාවික මානසික තත්ත්වයක්‌ ඇති කරවීමට ඉවහල් වන ග්‍රහ පිහිටීම් කීපයක්‌ සඳහන් කළොත් මෙසේය.

1. හැම අතින්ම දුර්වල වූ සඳු 12 වැන්නේ වීම.

2. සඳු දුබලව සිටීමේදී බුද ලග්නයේ අස්‌නව සිටීම.

3. බුද පාපීන් කිහිප දෙනෙකු සමග සිටියදී නවාංශක සටහනෙහි කේන්ද්‍රස්‌ථානයන්, පාපියකු සතු නවාංශකයක්‌ වී අප පස සඳුද එහි වීම.

4. දුබල සඳු පාපියකු සමග යෝග වී ලග්නයේ පස්‌වැන්නේ හෝ නව වැන්නේ වීම.

5. දුබල හා අවපස සඳු රාහුත් සමග යෝගව අට වැන්නේ වීම.

6. දුර්වල හෝ සතුරුව සිටින සෙනසුරු සඳු සමග අටවැන්නේ වීම.

7. රාහු හා සඳු ඉතා කිට්‌ටු අංශකයක ලග්නයේ සිටියදී ත්‍රිකෝණස්‌ථාන වල පාපීන් වෙතොත් එම ජන්මියාට සුව කළ නොහැකි මානසික රෝග වෙයි.

8. නීච බුද පාප ග්‍රහයන් සමග සංයෝගව 3, 6, 8, 12 යන භාවයක සිටීම.

9. වෙනත් කිසිම ග්‍රහයකු සමග සංයෝග නොවී වෙනත් කිසිම ග්‍රහයකුගේ දෘෂ්ටියෙන්ද තොරව සඳු බුද යෝගය කේන්ද්‍රස්‌ථාන හතරෙන් එකක වීම.

10. හය අධිපතියා සහ සෙනසුරු යන දෙදෙනා ලග්නයේ සංයෝග වී පාප ග්‍රහයන්ගේ පූර්ණ දෘෂ්ටි ලැබ සිටීම.

ඉහත සඳහන් ග්‍රහ පිහිටීම වූ පමණින්ම ඔහු මානසික රෝගියෙකැයි එකවරම නිගමනය කළ යුතු නැත. එයට තවත් සාධක හේතුවෙයි. බලවත් රාජ යෝග වූ විට එය උමතුවකට නොව ඒකාධිපතිකමකට නැඹුරු වෙයි. උමතු ලක්‍ෂණ හෙළිකරන ග්‍රහ යෝග වූ විට එම ජන්මියා දුරදිග නොබලා කටයුතු කරයි. සඳු මනස පාලනය කරන ග්‍රහය බව මුලින් සඳහන් කෙළෙමි. එම සඳු ලග්නාධිපති සඳුගෙන් හෝ රාහුගෙන් පීඩා වීම උමතු කල්පනා මතු කරන්නකි.

මිථුන කන්‍යා හා මීන සංවේදී රාශි තුනයි. එම රාශි තුනම පාප ග්‍රහයන්ගෙන් පීඩාවී ඇත්නම් මනස වියවුල්ය. කෝපය මතු කරයි. එයත් උමතු ලකුණකි. එවිට දශා අතුරු දශා ආදියත් අශුභ වු විට උමතුව මත ඉබාගාතේ යයි. ගෙදරට යන පාර අමතක වෙයි.

රාහු හෝ ශනි තද බල පාපීන් වී ලග්නයේ සිටියදී තවත් පාපියෙකු ලග්නය හරහා ගෝචර වීමත් එසේය.

බුද බුද්ධියට නෑකම් කියන ග්‍රහයාය. එම බුද 3, 6, 8, 12 යන තැනෙක දුබලව හෝ පීඩිතව චන්ද්‍රයාත් එවැනි රාශියක දුබලව සිටීම නිසාත් මානසික රෝග මතු වෙයි. ලග්නය පෙර කී සංවේදී රාශියක්‌ වී ශනි රාහු දෙදෙනාම එකී රාශියක සංයෝග වීම වෙතොත් මනස අවුල්ය. මතකය දුබලය. උමතු කල්පනාය. සඳුත් බුදත් දෙදෙනාම පාප කර්තරි වීමත්, (පාප කර්තර් වීම යනු එම ග්‍රහයන් සිටින රාශියට දෙපස රාශිවල පාපීන් දෙදෙනකු සිටීමය) යහපත් නැත. අතිශයින්ම දුබල සඳු, බුද හා එක්‌ව ලග්නයේ වෙතොත් කල්පනා සොඳුරු නැත. ඇසුරට යහපත් නැත.

මෙසේ බලන විට සමාජයේ වැඩි දෙනෙකු උම්මත්තකයන් බවක්‌ පළවෙයි. සිග්මන් ප්‍රොයිඩ් හැම කෙනෙකුටම ටික ටික හෝ උමතු ලක්‍ෂණ වෙතැයි සඳහන් කළේ ඒ නිසා විය හැකිය. එය එසේ නොවේ යයි තර්ක කළ යුතු නැත. මේ සැත්කම් මගින් දරුවන්ගේ ප්‍රසූතිය සිදුකරනු ලබන යුගයයි. එහෙයින් උපත ලබන දරුවාගේ කේන්ද්‍ර සටහන යහපත් ග්‍රහචාරයකින් යුතු වේලාවක එය කර ගැනීම පහසුකම් වෙයි. ඒ සඳහා ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදියකුගේ උපදෙස්‌ මත ග්‍රහචාරය බලවත් තත්කාල කේන්ද්‍රයක්‌ කල්තබා හදා ගැනීමටද බැරි කමෙක්‌ නැත. ඒ සඳහා සැත්කම කරනු ලබන වෛද්‍යවරයාගේ සානුකම්පිත ඇප කැපවීමක්‌ අවශ්‍යය. එසේ වෙතොත් මේ සමාජය මේ තරම් දඩබ්බර නැත.

උපතට පූර්ව කර්ම ශක්‌තිය ප්‍රමුඛ වන බව හැබෑය. එහෙත් ඕනෑම අයහපතක්‌ අවම කර ගැනීමට මිනිසාට බැරි කමෙක්‌ නැත. තවත් අතීතයට යතොත් අප හැම දෙනාටම තවත් කේන්ද්‍රයක්‌ වෙයි. ඒ නිශේධා ලග්නය හෙවත් පිළිසිඳ ගනු ලබන අවස්‌ථාවේ තත්කාල ලග්නයයි. එය සැළසුම් කර ගැනීමට නම් මහත් ඉවසිලිකමකුත් බුද්ධියකුත් අවශ්‍යය. විවාහ නැකැත හදාදෙන ජ්‍යෙdතිර්වේදියාටත් මේ අවස්‌ථාවට දායක විය හැකිය. එහෙත් වැඩි දෙනෙකුගේ වෑයම ජන්මනැකතට පමණක්‌ ගැලපෙන විවාහ නැකතක්‌ සාදා දීම පමණි. මේ වකවානුව තුළ විවාහ වෙතොත් වාසනාවන්ත දරුඵල නැති බවක්‌ කියන්නේ නැත. එයට හේතුව ජ්‍යෙdතිෂය වෘත්තීය මෙහෙවරක්‌ බවට පත්ව තිබීමය.

නිදසුනක්‌ ගනිමු. බිරිඳ සිය සැමියාට දහසක්‌ වැඩපළ මධ්‍යයෙහි තේ කෝප්පයක්‌ පිළියෙළ කර ගෙන එයි. සමහර විට එම තේ එකට කහට වැඩි විය හැකිය. සීනි අඩු විය හැකිය. ඉඟුරු කෑල්ලක්‌ මිශ්‍ර නොවිය හැකිය. එවිට යකෝ මේ තේ එකක්‌ද කසායක්‌ දැයි වේගවත්ව තර්ජනාත්මකව ප්‍රශ්න කළොත් බිරිඳගේ සිත කලකිරෙයි. නොඑසේව මේ තේ එකට කහට ටිකක්‌ අඩු වුණානම් පංකාදුයි යනුවෙන් එම චෝදනාවම රසවත්ව ඉදිරිපත් කළ හැකිය. හොද්දට ලුණු මදිබවක්‌ දැනුණේ නම් පුත්තලමේ ලුණු ලේවාවල වැඩ වර්ජනයක්‌ දැයි ප්‍රශ්න කරමින් වරද යහපත් අයුරින් ඉදිරිපත් කළ හැකිය. ජන්ම කේන්ද්‍රයේ 2 වැන්නේ පාපියකුවූ විට ඔහුගේ වචන කිළිටිය. සිත් රිදවන සුළුය. ඒ සමගම උමතු මනසකට නෑකම් කියන ග්‍රහ පිහිටීමක්‌ වෙතොත් ඒ ජන්මියා මිනිස්‌කම් වලින් පරිබාහිර නරුමයෙක්‌ වෙයි.

Post a Comment

0 Comments