ශ්‍රී ලංකාවේ වානරයින්ගේ විවිධත්වය


විද්‍යාත්මක වර්ගීකරණයට අනුව මිනිසා සහ වානරයින් අයත්වන්නේ ප්‍රයිමේටා ගෝත්‍රයටයි. ශ්‍රී ලංකාවේ වෙසෙන වානරයින් (ප්‍රයිමේටාවන්) විශේෂ පහක්‌ ලෙස හැඳින්විය හැකියි. මිනිසුන් සමඟ ගැටුම් ඇතිකර ගන්නේ මින් විශේෂ තුනකි. අනෙක්‌ විශේෂ දෙක උණහපුළුවන්. එසේම වානර විශේෂ තුනක්‌ අප රටට ආවේණිකයි.

රිලවා (Toque macaque) මිනිසුන් සමඟ ගැටුම් ඇති කරන එක්‌ විශේෂයක්‌ වන අතර උප විශේෂ තුනක්‌ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී තිබෙනවා. වඳුරු විශේෂ දෙකෙන් එක්‌ විශේෂයක්‌ හැලි වඳුරා (Grey langur) වන අතර ඔවුන් වියලි කලාපයෙහි සහ අතරමැදි කලාපයෙහි රංචු ලෙස වාසය කරනවා. අනෙක්‌ වඳුරු විශේෂය දම් මුහුණැති කොළ වඳුරා නොහොත් කළු වඳුරා (purple-faced leaf monkey) කළු වඳුරන්ගේ උප විශේෂ හතරකි. උණ හපුළුවන් විශේෂ දෙක, අළු උණ හපුළුවා (grey slender loris)  සහ රත් උණ හපුළුවා (Red slender loris) මොවුන් කුඩා නිශාචර වානරයින්. පර්යේෂක සමන් ගමගේ මහතා ඇතුළු පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් නුවරඑළිය සහ දුම්බර කඳුවැටිය ආශ්‍රිතව වෙනස්‌ රූපීය ලක්‍ෂණ සහිත උණහපුළුවන් වර්ග කිහිපයක්‌ මීට වසර කිහිපයකට පෙර සොයා ගනු ලැබුවා. රිලවා, කොළ වඳුරා සහ රත් උණහපුළුවා ලංකාවට ආවේණිකයි. එනම් එම වානර විශේෂ තුන ලොව වෙනත් රටකදී හමු නොවේ.

කළු වඳුරන්ගේ උප විශේෂ හතරෙන්, විශේෂ තුනක්‌ තෙත් කලාපයෙහිද එක්‌ උප විශේෂයක්‌ වියලි කලාපයෙහිද දිවිගෙවති. වනාන්තර වාසි කළු වඳුරන් රංචුවක සතුන් 7, 8 පමණද ගම්මාන ආශ්‍රිතව වෙසෙන වඳුරු රංචුවල සතුන් 10, 15 පමණද සිටී. මෙම රංචුවක එක්‌ පරිනත පිරිමි සතෙකු පමණක්‌ සිටින අතර ලිංගික පරිනතභාවයට පත්වන පිරිමි සතුන්ව එම නායක වඳුරා විසින් රංචුවෙන් පන්නා දමනු ලබයි. වඳුරකු වසර දෙකකින් පමණ පරිණතභාවයට පත්වන අතර සාමාන්‍ය ආයු කාලය වසර 18-20 පමණ වෙති.

රිලවුන් උප විශේෂ තුනක්‌ දිවයින පුරා ව්‍යාප්තව ඇත. රන්වන් රිලවා macaca sinica sinica වියළි කලාපයෙහි ද, අඳුරුවන් රිලවා (macaca sinica aurifrons) පහතරට තෙක්‌ කලාපයෙහිද, (macaca sinica opisthomelas) මධ්‍යම කඳුකරයෙහි ද ව්‍යාප්ත වී ඇත. රිලවුන් පවුල් ඒකක කිහිපයකින් සමන්විත විශාල රංචු ලෙස වාසය කරයි. මෙම එක්‌ පවුල් ඒකකයකට එක්‌ පිරිමි සතෙකු සිටින අතර මුළු රිලා රංචුවටම නායකත්වය දරන පිරිමි සතෙකුද සිටී.

කළු වඳුරු උප විශේෂ අතරින්, බස්‌නාහිර පළාත තුළ බහුලව ව්‍යාප්ත වී සිටින උප විශේෂය ඔර්ජයහචසඑයෑජමි ඩැඑමකමි බැsඑදර වඳවීයැමේ තර්ජනයට ලක්‌ව තිබෙනවා. කුරුණෑගල හා කෑගල්ල දිස්‌ත්‍රික්‌ක වල ඇතැම් ප්‍රදේශ වලද වාසය කරන මෙම බටහිර කළු වඳුරු උප විශේෂය ගම්මාන හා නාගරික ප්‍රදේශ වලට පැමිණීම ගැටළුවක්‌ වී ඇත. දක්‍ෂිණ කළු වඳුරු උප විශේෂය ඔර්ජයහචසඑයෑජමි ඩැඑමකමි ඩැඑමකමි ගාල්ල, මාතර දිස්‌ත්‍රික්‌ක වල, රත්නපුර, බලංගොඩ ප්‍රදේශ වල ව්‍යාප්තව ඇත.

වියළි කලාපීය කළු වඳුරු උප විශේෂය ඔර්ජයහචසඑයෑබජමි ඩැඑමකමි චයසකඉරසනස අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු රට මැද පුළුල් ප්‍රදේශයක ව්‍යාප්තව ඇත. මෙම උප විශේෂ තුනෙහිම වඳුරන්ගේ ශරීරයෙහි පිටුපස සුදු පැහැති ශ්‍රොaණි ලපයක්‌ පිහිටා තිබෙන අතර දක්‍ෂිණ කළු වඳුරන්ගේ එම ලපය වැඩි දීප්තිමත් බවක්‌ දක්‌වයි.

නුවරඑළිය, සිරිපා අඩවිය ඇතුළුව මධ්‍යම කඳුකරයෙහි වෙසෙන කඳුකර කළු වඳුරා (වලස්‌ වඳුරා) ඔර්ජයහචසඑයෑබජමි ඩැඑමකමි පදබඑසජදක්‌ ගේ ශරීරය ඝන ලෝම සහිත තද වර්ණයක්‌ පෙන්වයි. තවද සුදු පැහැති ශ්‍රොaණි ලපය මොවුන්ගේ පිහිටා නැත.

එම උප විශේෂවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්‌ ශරීර වර්ණයක්‌ තිබෙන කොළ වඳුරන් කාණ්‌ඩයක්‌ විල්පත්තු, තන්තිරිමලේ ප්‍රදේශවල දිවි ගෙවයි. රන්වන් දුඹුරු පැහැයක්‌ ගන්නා ලෝම සහිත ශරීරයක්‌ තිබෙන මෙම වඳුරු කාණ්‌ඩය වෙනත් උප විශේෂයක්‌ද යන්න තවම තහවුරු කර නැත. අපගේ පරිසරවේදීන් (හරිත දියත) මෙම වඳුරන්ව තම්මැන්නා කොළ වඳුරන් ලෙස හඳුන්වයි.

ඇතැම් අවස්‌ථාවලදී ඇලි භාවයට පත්වූ වඳුරන්, රිලවුන් හමුවූ බව වාර්තා වන අතර, ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමය මගින් සිදු කරන ලද ගවේෂණයකදී 2011 වසරේදී සිංහරාජ වනාන්තරයෙන් සුදු වඳුරන් කණ්‌ඩායමක්‌ සොයා ගනු ලැබුණා. එම වඳුරන් දක්‍ෂිණ කළු වඳුරු උප විශේෂයෙහි වර්ණ ප්‍රභේදයක්‌ ලෙස සැලකෙයි.

වානර විශේෂ 424 ක්‌ ලොව පුරා ව්‍යාප්තවී ඇත. ඔවුන් අතර උප විශේෂ 658 ක්‌ සිටී. ශ්‍රී ලංකාව තුළ වානර විශේෂ 5 ක්‌ සහ උප විශේෂ 12 ක්‌ සිටිති. ලොව වෙසෙන වානර විශේෂ 25 කට වැඩි ප්‍රමාණයක්‌ වඳවීයැමේ තර්ජනයට ලක්‌වී තිබෙන බව ලෝක සංරක්‍ෂණ සංගමයෙහි (ෂඹCභ) රතු දත්ත වාර්තාවෙහි සඳහන් වෙයි. ශ්‍රී ලංකාවේ බටහිර කළු වඳුරු උප විශේෂය රත් උණහපුළුවා සහ රිලවා වඳවීයැමේ තර්ජනයට ලක්‌වී තිබෙනවා. මෙම වානර විශේෂ තුනම ආවේණික විශේෂවීම ගැන සැලකිලිමත් විය යුතුයි.

ලොව වෙසෙන විශාලම වානරයා අප්‍රිකාවේ වෙසෙන කඳුකර ගෝරිල්ලායි. උගේ බර කිලෝග්රෑම් 180-200 පමණ වෙයි. කුඩාම වානර විශේෂය හමුවන්නේ මැඩගස්‌කරයෙන්. ඒ ග්රෑම් 30 ක්‌ පමණ බර ඉතා කුඩා ලීමර් විශේෂයක්‌. එම සතකු මිනිසකුගේ ඇඟිලි තුඩක තබා ගැනීමට පවා පුළුවන්. වානරයින්, ගෝරිල්ලා, චිම්පන්සි, ඔරංඋටං, ගිබන්, බැබුන්, වඳුරන්, රිලවුන්, ලීමර්. උනහපුළුවන්, ටාසියර් ලෙස අධික විවිධත්වයක්‌ පවතිනවා.

වානරයින්ගේ ව්‍යාප්තිය, මධ්‍යම ඇමරිකාවේ, දකුණු ඇමරිකාව, අප්‍රිකා මහද්වීපය, දකුණු ආසියාව, චීනය, උතුරු ජපානය, මැලේසියාව ඇතුළු ආසියාතික රටවල් වන අතර යුරෝපීය රටවල වානරයන් හමුනොවේ. මිනිසාද ඇතුළුව ගෝරිල්ලා, චිම්පන්සි, ඔරං උටං, බොනෝබෝ, ගිබන් යන වානරයින් අයත් වන කාණ්‌ඩය aචැs ලෙස හැඳින්වෙයි.

ඔවුන්ගෙන් ගිබන් හැර අනෙක්‌ සතුන් ශරීර ප්‍රමාණයෙන් විශාලයි. මෙම වානරයින්ගේ මොළය සෙසු වානරයින්ට වඩා දියුණුයි. එනම් ඔවුන්ගේ බුද්ධි වර්ධනය වැඩියි. අතෙහි මාපට ඇඟිල්ල අනෙක්‌ ඇඟිලි වලට ප්‍රති විරුද්ධ දිශාවට පිහිටා තිබීම නිසා යමක්‌ තදින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත. මේ නිසා ආයුධ හා උපකරණ පරිහරණය කිරීම ඇතුළුව දැත් වලින් සියුම් වැඩ කිරීමට පුළුවන් වෙනත් වානරයන්ට මෙන් වලිගයක්‌ නොතිබීම පැහැදිලිව දක්‌නට ලැබෙන බාහිර ලක්‍ෂණයක්‌. මොළය දියුණු නිසා aචැs කාණ්‌ඩයේ වානරයින්ට සිතීමේ හැකියාව නිර්මාණශීලීත්වය අදහස්‌ හුවමාරු කරගැනීම ඇතුළු සමාජීය චර්යාවන් වෙනත් වානරයින්ට වඩා දියුණුයි.


කල්යාන් කාරියවසම්
(හරිත දියත පරිසර සංවිධානය) 

ස්‌තූතිය - 
සමන් ගමගේ මහතා
වානර සංරක්‍ෂණ ව්‍යාපෘතිය කොළඹ විශ්වවිද්‍යාලය

Post a Comment

0 Comments