ආදරය යනු අවබෝධයයි


ආදරය කියන්නෙ විශ්ව සනාතන සම්බන්ධතාවක්‌ විවිධ අර්ථයෙන් ආදරය විස්‌තර කළ හැකියි. පෙම්වතුන්ගේ ආදරය විවාහකයන්ගේ ආදරය, දෙමාපියන්ගේ හා දරුවන්ගේ ආදරය, සහෝදරත්වයේ ආදරය, අනුකම්පාව මුසුවූ ආදරය, ගෞරවය මුසු වූ ආදරය, වියපත් වූවන්ගේ ආදරය නන් ලෙසින් ආදරය අරුත් දක්‌වන වියත්තු විවිධ වූ අදහස්‌ දක්‌වති. "සියල්ල බොළඳය සියල්ල රසවත්ය. ගොළු හදවත නම් කෘතියේ කරුණාසේන ජයලත් මහතා ආදරය අර්ථවත් කරන්නේ එලෙසය. .ඛදඩැ ප්නැs එයෑ අදරකා ටද රදමබා. "මාස්‌ටර්ස්‌ සහ ජොන්සන් තම කෘතියක ආදරය එලෙස අර්ථ දක්‌වයි." කිසියම් වචනයකින් ආදරයේ දිග පළල ගැඹුර ප්‍රකාශ නොවේ. ප්‍රකාශ කිරීමට භාෂාව අපොහොසත් වේ. කාලයෙන් සීමිත නැත. ජාති කුල භේද, පන්ති භේද නැත. අතීතය හෝ අනාගතයක්‌ නැත. කිසිවකුට දෙවැනි නැත. "ක්‍රිෂ්ණමූර්ති තුමා ආදරය අර්ථකථනය කර ඇත්තේ එසේය." මිනිසුන් වෙනස්‌ කිරීමට නම් ඔවුන්ට ආදරය කළ යුතු බව ඊවා හෙබර් නම් කතුවරිය දක්‌වා ඇත.

කවුරුන් කෙසේ කීවත් සියල්ල තීරණය වන්නේ අවබෝධය මතය. ආදරයේ වැඩි අයිතිය යොවුන් පරපුරටයි. නමුත් අද යොවුන් පරපුර ආදරය කරන්නේ අවබෝධයෙන්ද යන්න ප්‍රශ්නාර්ථයකි. ඔවුන්ට ආදරය පිළිබඳ පාඩමක්‌ ඉගැන්විය යුතුව ඇත. යොවුන් පරපුර යනු රටක අනාගතයයි. ඔවුන් විනාශ වී යැමට ඉඩ දිය යුතු නොවේ. ආදරයේ ආකර්ශනීයබවින් මුලාවී ජීවිත විනාශ කර ගත් තරුණ තරුණියන්ගේ ශෝකාලාපයන් මනෝ විද්‍යා උපදේශන සේවා සඳහා යොමු වූ පිරිස්‌ අතර සුළභය. ලස්‌සන සිනහවක, ආකර්ශනීය බැල්මක ආදරය සැඟ වී සිට එබිකම් කරන්නේ වෙස්‌වලාගෙනය. බොහෝ යෞවන යෞවනියන් වෙස්‌මුහුණුවලට රැවටෙති. මංමුලා වූ ඔවුන්ගේ ජීවිත ඉලක්‌ක දිය වී බොඳ වී යයි. ආදරය කරන්නන්ගේ සැබෑ සිත් පිළිබඳව අවබෝධ වන විට ඔවුන් යථාර්ථයෙන් ද ඉවත්වී ගොස්‌ය. ජීවිතයක වටිනාකම පිළිබඳ හැඟීම් බොඳ වී ඇත. බොහෝ අය වෙස්‌මුහුණු දිගුකල් දරා සිටීමට සමත් වන්නෝය. වෙස්‌මුහුණු පිළිබඳ අවබෝධ වූවන් සමහරු විවාහයට පෙර ආදරයෙන් සමුගෙන ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන හොඳ මගකට අවතීර්ණ වෙති. ඔවුහු ඥනවන්තයෝය. තවත් සමහරු සැබෑ මුහුණ වෙනස්‌ කිරීමට උත්සාහ දරමින් තව තවත් පඹගාලේ පැටලෙති. තවත් සමහරු වෙන කරන්නට දෙයක්‌ නොමැති හෙයින් අප්‍රසන්න, කටුක සැබෑ මුහුණ සමග ජීවන අරගලයක යෙදෙති.

ආදරය මෙවැනි ෙ€දාන්තයක්‌ විය යුතු නැත. ආදරය ආධ්‍යාත්මික වටිනාකමක්‌ ඇති, උසස්‌ මිහිරි වින්දනයක්‌ ඇති දස දහස්‌ ගණනින් ජීවිත ජීවත් කරවීමට තරම් මහා බලසම්පන්න ශක්‌තියක්‌ ඇති උත්තරීතර අපූර්වතම හැඟීම් සමුදායකින් යුක්‌තයි. මෙවන් හැඟීම් සමුදායක්‌ භුක්‌ති විඳීමට නම් ආදරය කරන්නන් එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් අන්තර් සම්බන්ධතා පැවැත්විය යුතු ව ඇත. සොබාදහමින් ඉවත්වන්නට ඉවත්වන්නට, ජීවිතයේ යථාර්ථයම එපිටින් සිතන්නට - සිතන්නට අවබෝධය දුරස්‌ව ඈතින් ඈතට පලා යයි. වර්තමාන තරුණ පරපුර සහ වැඩිහිටියන් ද නිල් චිත්‍රපට සහ වෙනත් අසාමාන්‍ය ලිංගික චර්යා සහිත වීඩියෝ පට බැලීම තුළ ආදරය ලිංගිකත්වයේ සීමාන්තික හැඟීම් තුළින් දූෂණය වී ඇත. මේ නිසා කෙතරම් ජීවිත විනාශ මුඛයට ගොස්‌ ඇත්ද? බොහෝ සිද්ධීන් ලැ-ජාව නිසා සැඟවී ඇත. තවත් ජීවිත අකාලයේ මියගොස්‌ ය. වත්මන් මනෝවිද්‍යා උපදේශන සේවාවල ව්‍යාප්තිය නිසා සේවා ලබා ගැනීමට යොමු වූ තරුණ තරුණියන් ජීවිතාවබෝධය ලබා ඉදිරි ජීවිත සාර්ථක කර ගැනීමට මං පෙත් පාදා ගත්හ.

අනෙකාගේ සිතුම් පැවතුම්වලට ඉඩක්‌ නැති තැන සවන් නොදෙන තැන සතුටක්‌ නැත. හොඳ අවබෝධයක්‌ ද නැත. සිතන්නේ වැරැදි ලෙසටය. අවබෝධ කරගන්නේ ද වැරැදි ලෙසටය. වැරැදි අවබෝධය තුළ තව තවත් බොහෝ වැරැදි සිදුවන්නට ඉඩ ඇත. වැරැදි එකින් එක තට්‌ටු ගසමින් වැඩිවෙයි. ආදරය කරන දෙපාර්ශ්වයම එකිනෙකාට ප්‍රතිචාර දක්‌වන්නේ ගොඩගසාගත් වැරැදිවල එල්බ සිටගෙනය. එවිට දෙපාර්ශ්වයම තව තවත් දුරස්‌ වෙයි. ආදරය ඈතින් ඈතට පළායයි. යළි ලං නොවන්නටම පලා යයි. පලා ගිය ආදරය පෙරටු කොට යන මග ඉදිරියට හමුවන්නේ කටුක අමිහිරි අත්දැකීම්ය.

ආදරය හුවමාරු කර ගතයුතු දෙයක්‌ වාගේම රැක ගත යුතු දෙයකි. එසේ රැකගන්නට නම් පළුදු වන හැම මොහොතකම යළි පිළිසකර කර ගත යුතුයි. පිළිසකර කිරීමේ සීමාවක්‌ ද ඇත. සාර්ථක අදහස්‌ හුවමාරු කර ගැනීම් සහ යහපත් හැසිරීම් තුළින් පළුදු වූ සිත් පිළිසකර කර ගත හැකියි. පාපොච්චාරණය සහ සමාව තුළින් ආදරය තව තවත් අලුත් වෙයි. හැමවිටම අනෙකාගේ අදහස්‌වලට සවන් දෙන්න. ගරු කරන්න. මුවින් පිට නොවන හැඟීම් සහ චර්යා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න. පරස්‌පර තැන්වලදී සාමකාමීව මුදු මොළොක්‌ ලෙස සංවාදශීලී වන්න. එකිනෙකාගේ හැඟීම් මුදා හැරීමට අවස්‌ථා සම්පාදනය කර ගන්න. නියපොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කැපීමට ඉඩ නොතබන්න. අවශ්‍ය විට මනෝවිද්‍යා උපදේශන සේවාවන්හි සහය ලබාගන්න. මනෝවිද්‍යා උපදේශනයේදී දෙදෙනාගේම අදහස්‌වලට ගරු කරමින් දෙදෙනාම අවබෝධ කර ගනිමින් ගැටලුවලට හේතු ගවේෂණය කර ගෙන මධ්‍යස්‌ථව සිට සුදුසු විසඳුම් මාර්ග සොයා ගැනීමට කටයුතු කරයි. ආදරවන්තයන්ගේ දිනය සැමරීම පමණක්‌ නොව කළ යුත්තේ එදින නව ඇරඹුමකින් ආදරය සුරැකෙන පරිදි කටයුතු කිරීමයි. එවිට ආදරය සදාකාලිකවම ඔබ අතරේ මිහිරි සිතිවිල්ලක්‌ව සුරැකිව පවතිනු ඇත.

සරෝජිනී මුතුකුමාර,
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා.

Post a Comment

0 Comments