දිවයින පුරා වෙසෙන මූල්‍යමය පහසුකම් නොමැති හෘද රෝගීන්ගේ බලාපොරොත්තු රැුසක් ඉටුකරදීමට හදට හදක් භාරකාර අරමුදල සමත්වී තිබේ. ප‍්‍රතිකාර කටයුතු සඳහා මූල්‍යමය පහසුකම් නොමැති අවස්ථාවන්හිදී, එම අරමුදල මගින් හෘද ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් පහසුකම් ලබාදී ඔවුන්ගේ අපේක්‍ෂාවන්වලට ජීවය දෙයි. මෙලෙසින් හෘද රෝගීන්ට මූල්‍යමය ආධාර සපයමින් ඔවුන්ගේ හෙට දවස දීප්තිමත් කිරීම සඳහා සිදුකරනු ලබන මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳව ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ, වෛද්‍ය රාජිත වයි ද සිල්වා මහතා මෙලෙසින් සිය අදහස් දැක්වීය.
හදට හදක් භාරකාර අරමුදලට මූලික වුණු හේතුව කුමක්ද?
හදට හදක් අරමුදල බිහිවන්නේ වෛද්‍ය රුවන් ඒකනායකගේ සහ මගේ සංකල්පයකට අනුවයි. ලොව පුරා සිදුවන මරණවලින් බොහෝමයකට ප‍්‍රධාන හේතු බවට හෘද රෝග පත්වී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ සිදුවන කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම මරණ බොහෝමයකට හේතු වී ඇත්තේත් එයයි. රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා ස්ටෙන්ට් ස්ථානගත කිරීම සහ බයිපාස් වැනි ඉතාමත් සංකීර්ණ මෙන්ම මිල අධික ශල්‍යකර්ම නොපමාව සිදුකිරීමට අවශ්‍ය වෙනවා. එම නිසා ක්‍ෂණික ප‍්‍රතිකාර කිරීම ඉතා වැදගත්. සත්‍ය වශයෙන්ම එය රෝගියාගේ ජීවිතය සහ මරණය පිළිබඳ ප‍්‍රශ්නයක්.
පෞද්ගලික අංශය පනවා ඇති ඉහළ ගාස්තු දැරීමට නොහැකි මූල්‍යමය අපහසුතා ඇති රෝගීන් විවෘත හෘද සැත්කම් මෙන්ම චිකිත්සක කිරීටක මැදිහත්වීම් :ඡුක්‍ෂ*,එනම් රුධිරවාහිනී එක්ස්රේ පිටපත්, රුධිරවාහිනී අවහිරතා ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය, පටක ඉවත් කිරීම, කෘත‍්‍රිම නාළ ඇතුළත්කිරීම සහ පේස්මේකර් අධිරෝපණය වැනි ශල්‍ය නොවන ක‍්‍රියාවලීන් සිදුකරන සුදුසු රජයේ රෝහලක් වෙත යොමු වනවා. මෙම ප‍්‍රතිකර්ම කොළඹ ජාතික weda8 2රෝහල, මහනුවර, ගාල්ල සහ යාපනය ශික්‍ෂණ රෝහල් තුළ සිදු කරන අතර, චිකිත්සක කිරීටක මදිහත් කිරීම් කුරුණෑගල, අනුරාධපුර, සහ පොළොන්නරුව යන රෝහල්වලද සිදු කෙරෙයි. ළමා රෝගීන්ගේ ශල්‍යකර්ම රිජ්වේ ළමා රෝහලේදී ගාස්තු අය නොකර සිදු කරනවා.
හෘද රෝගීන් ඇතුළු සියලූම රෝගීන් සඳහා නොමිලේ ප‍්‍රතිකර්ම පහසුකම් ලබාදීම පිණිස රජය විසින් සෞඛ්‍ය අංශය තුළ ආයෝජන සිදුකරන අතර හදට හදක් භාරකාර අරමුදල මගින් රජය ලබා දෙන සේවාවන්ට අතිරේක හෝ අනුපූරණ සේවාවන් ලබාදීමට කටයුතු කරන ආකාරය පිළිබඳව ඔබට විස්තර කළ හැකිද?
හෘද සැත්කම් සහ ඡුක්‍ෂ වැනි අවමව කැපුම් සහිත සැත්කම් සිදුකිරීමට ඇති පහසුකම් සලකා බලනවිට, ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල් බහුතරයක් අතරින් ඉදිරියෙන් සිටින බව ආරම්භයේදීම අප මතක තබාගත යුතුයි. සාමාන්‍ය වශයෙන් බි‍්‍රතාන්‍යය සහ ඇමරිකාව වැනි දියුණු රටවල පවා හෘද සැත්කම් සඳහා මසක්, දෙමසක් හෝ ඇතැම්විට ඊටත් වඩා වැඩි කාලයක පොරොත්තු ලේඛනයක් තිබෙනවා. ඉන්දියාවේ බොහෝ ප‍්‍රදේශවල රෝගීන් හට හෘද රෝග සඳහා ප‍්‍රතිකාර සේවා ලබා ගැනීමට අපහසු වන අතර, අප‍්‍රිකානු රටවල් බොහෝමයක මෙම පහසුකම් කිසිසේත්ම පිහිටුවා නැහැ. ශ‍්‍රී ලංකාවේදී අප මුහුණපාන ගැටලූව වන්නේ ගාස්තු අය නොකරන රජයේ රෝහල්වල ඇති දීර්ඝ පොරොත්තු ලේඛනයයි. කොළඹ ජාතික රෝහලෙහි බොහෝවිට අවුරුද්දක් හෝ ඊට වඩා කලක් ද, නුවර, ගාල්ල සහ යාපනය රෝහල්වල අවුරුදු දෙකක් හෝ ඊට එහා කාලයක් ගත වෙනවා. හෘද රෝග සඳහා ප‍්‍රතිකර්ම කිරීමේදී කාලය වැදගත් වන නමුත්, රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනය මෙසේ දීර්ඝවීමට සාධක තුනක් බලපානවා. ඒවා නම්, හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ඇති ඇඳන් ගණන සහ ශල්‍ය වෛද්‍යවරුන් සඳහා ඇති ශල්‍යාගාර ගණන සහ හෘද රෝග වෛදවරුන් හට කෘත‍්‍රිම නාළයක් මගින් කිරීටක ධමනි අවහිරතා ඉවත් කිරීම :ිඑැබඑසබට*ල කෘත‍්‍රිම පේස්මේකර් අධිරෝපණය සඳහා කැතීටකරණ සඳහා
පර්යේෂණාගාර ප‍්‍රමාණවත් නොවීම, හෘද සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණක් සිටීම යන කරුණුයි. රජයේ රෝහල් සියල්ලේම සිටින හෘද සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ගණන 13 කි. ශ‍්‍රී ලංකාවට සමාන ජනගහණයක් සිටින ඕස්ටේ‍්‍රලියාවේ සුදුසුකම් ඇති හෘද සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 200 පමණ සිටින අතර සංවර්ධනය වන රටවල් බහුතරයකම හෘද රෝග වෛද්‍යවරු නැහැ.
ඒ නිසා, ජීවිතයත් මරණයත් අතරේ සිටින රෝගියා රැුකගැනීමට ඉක්මන් හා කාලෝචිත මැදිහත්වීමක් අවශ්‍ය අවස්ථාවක දිගු පොරොත්තු කාලයක් ඔවුන්ට ලබාදුන්විට රෝගියාට ඇති එකම විකල්පය වෙන්නේ ගාස්තු අය කරන රෝහලක් වෙත ගොස් ප‍්‍රතිකාර ලබාගැනීමයි. එවන් අවස්ථාවල, පෞද්ගලික රෝහලක රෝගියාට දරන්නට වන වියදම, ශල්‍යකර්මයක් නම් භාවිතාකළ ක‍්‍රමය :නැහයදකැරැුදෙෙ චමපචරැුදබ චමපච* සහ ශල්‍යකර්මයට පසු සංකූලතා ඇති වුවහොත් ඒ සඳහා වන වියදම, රුපියල් 550,000 සිට රුපියල් 900,000 අතර විය හැකියි. එනමුත් සාපේක්‍ෂව ගත්විට අර්ධ රාජ්‍ය රෝහලක් වන ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ගාස්තු අඩුයි. එය සාමාන්‍යයෙන් රුපියල් 350,000 සිට රුපියල් 550,000 අතර වෙනවා.
ධනවත් රෝගීන් ඒ නිසා, පූර්ණ කාලීන ශල්‍ය වෛද්‍යවරු හත් දෙනෙකු (ඉන්දියානු වෛද්‍යවරුන් සමඟ* සහ පස්වරු හතරෙන් පසු ඔවුන්ගේ රජයේ නියමිත සේවා කාලය නිමවූ පසු පැමිණෙන වෛද්‍යවරු සිටින පෞද්ගලික අංශයේ රෝහල් කරා පැමිණෙනවා. ඉතා දීර්ඝ සහ වෙහෙසකාරී අයදුම් කි‍්‍රයාවලියකින් පසු, මෙම විකල්පය හරහා ඔවුන්ගේ දිවි රැුකගැනීම පිණිස මූල්‍යමය දුෂ්කරතා ඇති රෝගීන්හට ජනාධිපති අරමුදල මගින් රුපියල් 200,000 දක්වා ආධාර ලබාගත හැකියි.
හදට හදක් භාරකාර අරමුදල රෝගියාගේ පිහිටට පැමිණෙන්නේ මේ අවස්ථාවේදීයි. ජනාධිපති අරමුදල විසින් සහාය ලබාදෙන රෝගීන් වෙත අප විසින් වැඩිදුරටත් රුපියල් 150,000 සිට රුපියල් 200,000 හෝ සමහර අවස්ථාවලදී ඊටත් වඩා වැඩි පරිත්‍යාග ලබා දෙනවා. ඉතිරි මුදල තමන් සතු මුදලින් කරගැනීමට එවිට ඔවුන්ට හැකියාව ලැබෙනවා. වසර ගණනාවක පළපුරුද්දක් ඇති හෘද සහ උරස් පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස, මූල්‍ය දුෂ්කරතා නිසා සිය ජීවිත රැුකගැනීම සඳහා කලට වේලාවට ප‍්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව මානසික පීඩාවට පත්වන රෝගීන්ව මා දැක තිබෙනවා. වෛද්‍යවරයකු ලෙසින් එවන් අත්දැකීම් ඉතා දුක්මුසුයි.
මම මේ යථාර්ථයට මුහුණ පෑවේ කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස රාජකාරියේ සිටින විටයි. එවන් අත්දැකීම් හරහා තමා මෙවැනි අරමුදලක් පිහිටුවා මූල්‍යමය වශයෙන් දුර්වල රෝගීන් හට රජයේ රෝහල්වල ඇති දීර්ඝ පොරොත්තු ලේඛනයේ තමාගේ වාරය එනතුරු බලා සිටීම අවදානම් සහ අනතුරුදායී වනවිට, ගාස්තු අයකරන රෝහලකින් සහය ලබා ගැනීමට උදව් කිරීමේ සංකල්පය මම දියුණු කළේ. ඒ වනවිට ජාතික රෝහලේ හෘද සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රුවන් එ්කනායක මහතාත් මා මෙන්ම ආර්ථික අපහසුතා ඇති හෘද රෝගීන්ගේ දිවි රැුක ගැනීම ගැන උනන්දු වූවා. ඒ නිසා අප දෙදෙනා එකතුවී 2014 වසරේදී හදට හදක් භාරකාර අරමුදල පිහිටුවූවා. අපි විශ්වාස කරනවා දිවයිනේ සිටින කිසිම රෝගියෙකු හෘද රෝගයක් නිසා සිය දිවියෙන් වන්දි නොගෙවිය යුතුයි කියා. මේ උතුම් අදහස තමයි හදට හදක් භාරකාර අරමුදලට ජීවය ලබා දුන්නේ.
ශ‍්‍රී ලංකාවේ හෘද රෝග සඳහා වන පොදු හේතු මොනවාද?
අපේ රටේ හෘද රෝගයට ප‍්‍රධානම හේතුව වන්නේ ජනතාවගේ නූතන ජීවන රටාවයි. පසුගිය දශක කිහිපය තුළ සිදුවූ ජනගහණ වෙනස්කම් සහ ඒ ආශ‍්‍රිත සමාජ ආර්ථික වෙනස්කම්, ඉතා ඉක්මනින් ඉහළ යන අපේක්‍ෂාවන්, සීමිත සම්පත් සඳහා ඇති තරඟකාරිත්වය, නාගරීකරණයත් සමඟ ඇතිවූ සමාජ හුදකලාව, විස්තෘත පවුල් වැනි සාම්ප‍්‍රදායික සහායක ජාලයන් බිඳ වැටීම, විශේෂයෙන්ම නාගරික ප‍්‍රදේශවල න්‍යෂ්ටික පවුල් බිඳ වැටීම, සාම්ප‍්‍රදායික ප‍්‍රජා ව්‍යුහයන් විසිරීයාම වැනි සාමාජීය සහ ආර්ථික වෙනස්කම් හේතුවෙන් සැහැල්ලූ දිවියක් වෙනුවට මානසික පීඩා ඇති දිවියක් ඇතිවීම සමඟ ක්‍ෂණික ආහාර, පෝෂණීය නොවන ආහාර රටාවක්, දුම්පානය සහ මත්පැන් භාවිතය, අවශ්‍යතා බොහෝමයක් සපුරාගැනීමට නොහැකිවීම, අහිතකර නූතන ජීවන රටාවක් පිළිබඳ දර්ශකයන් යන සෑම දෙයක්ම පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන අතර ඒවා අප රටේ හෘද රෝග සඳහා බලපානවා.
මානසික පීඩනය හෘදයාබාධ සඳහා බලපාන ප‍්‍රධාන සාධකයක් වෙනවා. දීර්ඝ කාලීන මානසික පීඩනය නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවන අතර, රුධිර පීඩනය පවා ඉහළ යනවා. මානසික ආතතිය හැර වෙනත් කිසිදු අවදානම් තත්ත්වයන් නොමැති රෝගීන් අපට හමුවී තිබෙනවා. දකුණු ආසියා කලාපය පුරාවටම වසංගත මට්ටමට පැතිරී ඇති දියවැඩියාව තවත් ප‍්‍රබල සාධකයක්.
මෙම පරිමාණයේ පුණ්‍ය අරමුදලක් පවත්වා ගෙන යාමට එහි සාමාජිකයන්ගේ කැපවීම මෙන්ම නිසි සම්පත් ගලායෑමක්ද සිදුවිය යුතුයි.
හදට හදක් භාරකාර අරමුදල ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔබට විස්තර කළ හැකිද?
අඛණ්ඩ විශ්වාසයක් සහිත කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයේ මගපෙන්වීම යටතේ අපගේ මෙහෙයුම්වල විනිවිදභාවය ඉහළින්ම පවත්වාගෙන යනවා. භාරකාර මණ්ඩලය වෛද්‍යවරු මෙන්ම නීතිඥ, ඖෂධ, රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය මෙන්ම සමාජ විද්‍යාවන් වැනි වෘත්තීමය ක්ෂේත‍්‍ර නියෝජනය කරන වෛද්‍ය නොවන පුද්ගලයන්ගෙන්ද සමන්විතයි.
භාරකාර මණ්ඩලය තුළ ජ්‍යෙෂ්ඨ හෘද ශල්‍ය විශේෂඥ, වෛද්‍ය රුවන් ඒකනායක, හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ, වෛද්‍ය රාජිත වයි ද සිල්වා, හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ, වෛද්‍ය අරුණ කපුරුගේ, හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ, වෛද්‍ය මහේන්ද්‍ර මුණසිංහ, හෘද නිර්වින්දන උපදේශක, වෛද්‍ය කණිෂ්ක ඉන්ද්‍රරත්න, ජ්‍යෙෂ්ඨ හෘද සහ උරස් පිළිබඳ ශල්‍ය විශේෂඥ, වෛද්‍ය රවී පිල්ලෙයි සහ ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති, වෛද්‍ය අතුල කහඳලියනගේ යන අය වෛද්‍ය ක්ෂේත‍්‍රය නියෝජනය කරනවා.
වෛද්‍ය නොවන වෙනත් වෘත්තීන් නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහලේකම් ජයන්ත ධනපාල, හිටපු නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප‍්‍රනාන්දු, හිටපු නීති කෙටුම්පත් සම්පාදක අරුණශාන්ත ද සිල්වා, ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරි මෙන්ම දානපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ 2007/08 වසරවල හිටපු ජාත්‍යන්තර සභාපති මහේන්ද්‍ර අමරසූරිය, කර්තෘවරියක මෙන්ම සමාජ සේවිකාවක වන වෛද්‍ය කුමාරි ජයවර්ධන, සුදත් තෙන්නකෝන්, ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලූතිනන් ජෙනරාල් (විශ‍්‍රාමික* ජගත් ඩයස් සහ සුනිමල් ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් භාරකාර අරමුදලට මග පෙන්වනවා.
අපගේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්ට අමතරව, අපගේ ස්වේච්ඡුා සේවකයන් අප හට ඉතා කැපවී සේවය සහ උදව් ලබාදී තිබෙනවා. එම පිරිස අතරින් මම සඳහන් කරන්න කැමතියි චම්පා සමරසිංහ හෙදි සොහොයුරිය, ශාරදාමීන් සහ කරීම් අමත් සහ අපගේ ගෞරවනීය විධායක සම්බන්ධීකාරී ශාන්ති ප‍්‍රනාන්දු.
අරමුදල් සහ පරිත්‍යාග මුදල් පවත්වාගැනීමේදී ඉහළම විනිවිදභාවයක් පවත්වාගෙන යාම අපගේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුවක්.
අපගේ ඉලක්ක සහ අරමුණු ළඟා කර ගැනීමට අප හට අරමුදල් ලබාගැනීමේ ක‍්‍රම තුනක් තිබෙනවා. පුද්ගලයන් ලබාදෙන අරමුදල්, ආයතන සහ සංස්ථා විසින් ලබාදෙන අරමුදල් සහ හෘද රෝගවලින් සුවපත් වී අප සමඟ ස්වේච්ඡුා වැඩ කරන පුද්ගලයන් ඉතා කැපවී සංවිධානය කරන අරමුදල් රැුස්කිරීමේ වැඩසටහන්. එමෙන්ම අප සිංහ සමාජ වැනි සංවිධාන සමඟද එක්ව අරමුදල් එකතු කිරීමට කටයුතු කරනවා. අභයදාන වැඩසටහන අප සංවිධානය කළ තවත් වැඩසටහනක්. අපගේ භාරකාර අරමුදල හරහා දිවයින පුරා හෘද සැත්කම් 160 කට පමණ උපකාර කර තිබෙනවා.
මූල්‍යමය සහයෝගය ලබාදීම පිණිස අප රෝගීන්ගේ යෝග්‍යතාවය සලකා බලන විට ඔවුන්ගේ සායනික අවශ්‍යතාවය සහ මූල්‍යමය පසුබිම වැනි සාධකවලට ප‍්‍රමුඛතාවයක් දෙනවා. පවුලේ මූල්‍ය බර තම උරින් දරන අයට ප‍්‍රමුඛතාවය දෙනවා. විවෘත හෘද සැත්කමකින් මාස දෙකකටත්, අවම කැපුමකින් සිදුකරන හෘද සැත්කමකින් :නැහයදකැ ජ්රාස්ජ* සති දෙකකටත් පසු මුදල් උපයන්නාට ඔහුගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු කිරීමට හැකිවන අතර සිය පවුලට සහය දෙනවා මෙන්ම ජාතියේ සංවර්ධනයටද දායක විය හැකියි.
අපගේ කාර්යාලය දැනට පිහිටුවා ඇත්තේ ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේයි. අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ගාස්තු අය කරන එම රෝහලේ අද වනවිට සැත්කමට මූල්‍ය පහසුකම් නොමැති කිසිම රෝගියෙකු නැවත හරවා නොයන බව. පෞද්ගලික අංශයේ වෙනත් රෝහල්වලද හදිසි සැත්කම් අවශ්‍ය මූල්‍යමය අපහසුතා ඇති රෝගීන් හටද අපට දැන් මේ ආකාරයට මූල්‍යමය පහසුකම් ලබා දීමට හැකිවී තිබෙනවා.
අභයදාන වැඩසටහන කුමක් ද?
හෘද රෝගියෙකු කියන්නේ ජීවිතයත් මරණයත් අතර අරගලයක සිටින අයෙක්. ඔවුන්ට නිසි වෙලාවට සැත්කම නොකළහොත්, ඔවුන්ගේ ජීවිතයටත් එය තර්ජනයක් වෙනවා. මූල්‍යමය උපකාරයක් මඟින් ඔවුන්ගේ දිවියට ඇති තර්ජනය මඟ හරවා, ඔවුන්ගේ දිවි සුරැුකිය හැකියි. එය පරිත්‍යාගශීලියාටද අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් විය හැකි කටයුත්තක්. අභයදානය වශයෙන් හඳුන්වන්නේ මෙයයි. සංවත්සරයක්, විවාහ උත්සවයක් හෝ උපන්දිනයක් වැනි විශේෂ අවස්ථාවන්් සැමරීමේදී විනෝදය සහ ආශ්වාදය සඳහා නිකරුණේ වැය කරන මුදලින් කොටසක් හෘද රෝගියෙකුගේ ජීවිතය බේරාගැනීමට යෙදවීමට වඩා යහපත් ක‍්‍රියාවක් තියෙනවද?
හෘද සැත්කමක් සඳහා මූල්‍යමය උපකාර අවැසි වන රෝගීන් සඳහා හෘද සැත්කමකට වැයවන සම්පූර්ණ මුදල හෝ එම මුදලෙන් කොටසක් තනි පුද්ගලයන් ලෙසින්, පුද්ගල කණ්ඩායම් ලෙසින්, ආයතන සහ සංස්ථා සාමාජිකයන් ලෙසින් පරිත්‍යාග කළ හැකියි. හදට හදක් භාරකාර අරමුදල මගින් තනි පුද්ගල අනුග‍්‍රාහකයන්/අනුග‍්‍රාහක කණ්ඩායම් සහ රෝගියා අතර සෘජු සම්බන්ධයක් මෙන්ම මුහුණට මුහුණ හමුවීමට අවස්ථාව සලසනවා. ඔවුන්ට රෝහලේදී රෝගියා හමුවී තමන් විසින්ම ඔහුට/ඇයට පරිත්‍යාග මුදල ලබාදී හෘද සැත්කම සිදුකර හෘද රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට ඉවහල් විය හැකියි.
ශිෂ්‍ය කණ්ඩායම් හා ආදි ශිෂ්‍ය කණ්ඩායම් වැනි කාරුණික පුද්ගලයන්/ පුද්ගල කණ්ඩායම් විසින් උපන්දින, සංවත්සර සහ අනෙකුත් විශේෂ අවස්ථාවලදී අභයදාන වැඩසටහන හරහා රෝගීන් සඳහා පූර්ණ පරිත්‍යාගයක් හෝ අර්ධ පරිත්‍යාගයක් කිරීම දැක ගත හැකියි. සංස්ථා සහ ආයතනික කණ්ඩායම්වල වාර්ෂික මහා සභා රැුස්වීම් සහ නව ව්‍යාපාරයක් ආරම්භකිරීම වැනි විශේෂ අවස්ථාවන්හිදී මෙයට සම්බන්ධ විය හැකියි. කාරුණික පුද්ගලයන්/ පුද්ගල කණ්ඩායම් රෝගීන් වෙත පැමිණ ඔවුන් ගැන සොයාබලා, ඔවුන්ගේ දිවි සුරකින හෘද සැත්කමකට වැය වන වියදම වෙනුවෙන් පරිත්‍යාගයක් ලබා දෙන අවස්ථාව ඉතාමත් හැඟීම්බර මෙන්ම දිරිගන්වන මොහොතක්. මෙම නව වැඩසටහන ඉතා ජනප‍්‍රියවී තිබෙනවා.
හදට හදක් භාරකාර අරමුදලෙහි ඉදිරි පියවර කුමක්ද?
අපි තවමත් බොහොම අලූත් වැඩසටහනක්. සිව් වසරකදි ශ‍්‍රී ලංකාවේ සැබෑ ජීවන සන්ධර්භය තුළ මූල්‍යමය වශයෙන් අපහසුතාවයට පත්වූ හෘද රෝගීන් ඉලක්ක කරගෙන සාර්ථක පුණ්‍යායතනයක් කළමනාකරණය කරන ආකාරය පිළිබඳව වෛද්‍යමය පැතිකඩකින් මෙන්ම වෛද්‍යමය නොවන පැතිකඩයන්ගෙන් අප ලැබූ අත්දැකීම් බොහොමයි. දැන් අප යන ගමනේ පළමු සන්ධිස්ථානයට පැමිණ තිබෙනවා. හෘද සැත්කමකට වැය වන වියදම දරා ගත නොහැකි කුමන ආර්ථික මට්ටමක ඕනෑම රෝගියකු, ගාස්තු අය කරන ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලෙන් දැන් හරවා යවන්නේ නැහැ. එමෙන්ම ආර්ථිකව අපහසුතාවයට ලක්වූ වෙනත් පුද්ගලික රෝහල්වල සිටින හෘද රෝගීන්ට මෙම අරමුදලෙන් සහය ලබාදීමට අපි සූදානම්.
හෘද රෝග ඇතිවීමේ ප‍්‍රවණතාව අවම කිරීම සඳහා අරමුලට හැකි අයුරින් රටේ විවිධ ප‍්‍රදේශවල ප‍්‍රජා මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
රජයේ රෝහල්වල දීර්ඝ පොරොත්තු ලේඛන කෙටි කිරීම සඳහා දැඩි සත්කාර ඒකකවල පහසුකම්, හෘද
ශල්‍යාගාර ගණන, කැතීටකරණ පර්යේෂණාගාර වැනි පහසුකම් වැඩි දියුණු කිරීමත් තමයි ඉදිරි අනාගතය වෙනුවෙන් ඇති බලාපොරොත්තුව. ඒ සඳහා ශ‍්‍රී ලංකාව තුළ තව තවත් හෘද සහ උරස් සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන් පුහුණු කළ යුතුයි.
හෘද සහ ළය සම්බන්ධ ශල්‍ය පහසුකම් නොමැති රටවල්වලට තාක්‍ෂණික සහය සහ වෛද්‍ය පුහුණුවීම් ලබාදී, ඔවුන්ට හෘද සම්බන්ධ මධ්‍යස්ථාන පිහිටුවීමට අරමුදල් ලබාදීම අපගේ තවත් ඉදිරි බලාපොරොත්තුවක්. ලොව වෙනත් තැන්වල ඇති හෘද පුණ්‍යාධාර රෝහල්වලට සමාන පුණ්‍යාධාර රෝහලක් පවා අපට ඉදිරි අනාගතයේ පිහිටුවීමට සමහරවිට හැකියාව ලැබේවි.
අපගේ අත්දැකීම් ශක්තිමත් කරගෙන, අරමුදල ආරම්භ කළ අරමුණු සහ ඉලක්ක පිළිබඳවත් ශ‍්‍රී ලංකාවේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳවත් ඉදිරි දැක්ම අහිමි නොකරගෙන, උත්සාහවන්තව මෙන්ම යථාර්ථවාදීව අප පියවරෙන් පියවර ගමන් කරනවා.
ඉරිදා දිවයින
0 Comments