2019 වර්ෂයට ඉතාලියේ රැකියා අවස්ථාවන් 30850 අයැදුම් කිරීම සඳහා ඔබත් සුදුසුද ?
ඉතාලියේ මධ්‍යම රජය හරහා නීතිකෙටුම්පත් සම්පාදනය වෙමින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙර වසරවලට සාපේක්‍ෂව 2015 වර්ෂය සඳහා තෝරාගත් ලෝකයේ විවිධ රටවලින් එරට තුළ රැකියා අවස්ථා වැඩි ප‍්‍රමාණයක් ලබාදීමට මෙරව ද තීරණය කර ඇත.
DECRETO FLUSSI 2019 නමින් රැකියා අවස්ථාවන් 30850 ක් ද තෝරාගත් විවිධ රටවලට වෙන්කර ඇති
රැකියා අවස්ථාවන්වලට අනුව ස්වයං රැකියා සහ තාවකාලික රැකියා වශයෙන් කොටස් කර ඒ සඳහා අයැදුම්පත් යොමුවට https://nullaostalavoro.dlci.interno.it වෙබ් පිටුවක් ද හඳුන්වා දී ඇත. මෙම ක‍්‍රමවේදය මඟින් නීත්‍යානුකූලව
රැකියාවක් කිරීම සඳහා ඉතාලියට පැමිණීමට අවස්ථාව ලබාදී ඇති අතර ඒ සඳහා අදාළ ගැසට් පත‍්‍රය ද 2019 අපේ‍්‍රල් මස 08 දා ප‍්‍රකාශයට පත් කොට ඇත.
ඍතුමය නොවන රැකියා යටතේ අවස්ථාවන් 128 ක් ලබාදීමට කටයුතු කර ඇති අතර එමඟින් නීත්‍යානුකූල පදනම මත ස්ථිර රැකියා බලපත‍්‍රයක් ඉතාලිය තුළදී ලබා ගැනීමට ශ‍්‍රමිකයන්ට අවස්ථාව ලබාදීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අවස්ථාව සලසා දී ඇති අතර තාවකාලික ඍතුමය රැකියා සඳහා ඉතාලියට පැමිණීමට ලබාදී ඇති අවස්ථාවන් ගණන 18,000 කි. ඒ සඳහා අදාළ රැකියා ක්‍ෂේත‍්‍රයන් වන්නේ කෘෂිකාර්මික සහ සංචාරක හෝටල් කර්මාන්තයන් පමණි. නමුත් පෙර වසරවලට වඩා රැකියා සඳහා පැමිණෙන ශ‍්‍රමිකයන් හට ලබාදී ඇති වැදගත් අවස්ථාවන් තාවකාලික රැකියා අවස්ථාවන් සඳහා රජය මඟින් ලබාදෙන තාවකාලික රැකියා බලපත‍්‍රය ප‍්‍රකාශයට පත්කළ ගැසට් පත‍්‍රයට අනුව ස්ථිර රැකියා බලපත‍්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබාදීමයි.
මෙය මින් පෙර කිසිදු වසරක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මඟින් ලබා නොදුන් සුවිශේෂ අවස්ථාවන් ලෙස හැඳින්විය හැක.තාවකාලික ඍතුමය රැකියා අවස්ථාවන් ලබාදී ඇති රටවල් අතර ශ‍්‍රී ලංකාව ද ඇතුළත් වන අතර ඒ සඳහා අයැදුම්පත් සේවා යෝජකයා විසින්ම ඉහත සඳහන් කළ වෙබ් පිටුව
https://nullaostalavoro.dlci.interno.it මඟින් යොමු කළ හැකි අතර අයැදුම්පත් යොමුකළ හැක්කේ ීඡුෂෘ පරිශීලන පද්ධතිය හරහා පමණි.
ශ‍්‍රී ලංකාව සඳහා අයැදුම් කළ හැකි තාවකාලික ඍතුමය රැකියා සඳහා වන අයැදුම්පත‍්‍රය 2019 අපේ‍්‍රල් මස 24 දින සිට අයැදුම් කළ හැකි අතර අයැදුම්පත් යොමුකිරීම සඳහා ලබාදී ඇති කාලය 2019 දෙසැම්බර් මස 31 දා අවසන් වන අතර ඉල්ලූම් කළ සුදුසුකම් ලබන අයැදුම්කරුවන් සඳහා අදාළ රැකියා අවස්ථාවන් ඉල්ලූම් කළ හැකි කාලසීමාව අවසන් වීමට ප‍්‍රථම ලබාදීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අදාළ ගැසට් පත‍්‍රය මඟින් කටයුතු කර ඇත.
ලලිත් හෙට්ටිආරච්චි ඉතාලියේ සිට
0 Comments