පාස්කු දූපතේ පිළිම නෙළුවේ කවුද ?


ස්වභාවධර්මයේ විසිතුර තුළ තිබෙන ගුප්ත දේ ගැන තොරතුරු විද්‍යාවට පවා නිසි පරිදි හසු වෙන්නේ නැහැ’ පාස්කු දූපතේ පිහිටා තිබෙන මෝයි පිළිමත් ඒ විදිහට නොවිසඳුන අබිරහස් ලැයිස්තුවට ඇතුළත් වෙනවා’

ලන්දේසි දේශගවේශක‘‘ යාකොබ් රොගෙවින්’’ 1772 වසරේ ගිනිකොනදිග පැසිෆික් සාගරයේ දූපතකට ගොඩ බැස්සා’ ගහක් කොළක් නැති මේ දූපතේ මේ විදිහට යෝධ පිළිම ඉදි කළේ කවුද කියන ප‍්‍රශ්නය යාකොබ්ගේ සිතට ඇති වුණා’ මුලින්්ම මෙතැනට පැමිණියේ යාකොබ් රොගෙවින් වෙන අතර ඔහු මේ දූපත පාස්කු දිවයින යනුවෙන් නම් කරනු ලැබුවා’ මෙම පිළිම ‘‘මෝයි පිළිම’’ යනුවෙන් හඳුන්වනවා’ මෙම දූපතේ ස්පාඤ්ඤ නිල නාමය depascua වන අතර එයින් අර්ථවත් වන්නේ ‘‘ පාස්කු දිවයින ’’ යන්නයි’ ඔහු තමන්ගේ වාර්තා පොතේ තබා ඇති සටහනට අනුව දූපතේ මුල් පදිංචි කරුවන් කවුද ? මේ පිළිම නෙළුවේ කවුද? ලී කොටන් හෝ කඹ නොමැතිව මේවා ගෙනාවේ කවුද? පිළිම නෙළන්නට භාවිත කරන ලද තාක්ෂණය කුමක්ද ? යන ප‍්‍රශ්න වෙනුවෙන් තවමත් පිළිතුරක් නැහැ’ පොලිසියානු ජාතිකයන් දැනට දූපතේ සිටින අතර ඔවුන් මෙම දූපත හඳුන්වන්නේ ‘‘රපා නුසි’’ හෙවත් ‘‘මහා දුපත’’ යන නමින්’

1888 වසරේදි මෙහි අයිතිය චිලි රාජ්‍යට තිබුණත් දැන් මෙම දූපත් පිහිටීම චිලි රටේ සැතැපුම් 2,237 ක් දුරින් පිහිටි ගනිකොනදිග පැසිෆික් සාගරයේයි’ මෙහි අකි‍්‍රය ගිනිකඳු තුනක් පිහිටා තිබෙන අතර යමහල් කුහරයන්හි පිහිටි විල් තුනකි’ සෞම්‍ය දේශගුණයක් සහිත මේ දූපතට වැසි ජලය අඩුයි’ උල්පත්” ළිං සහ විල් ජලය ලබා ගෙන සත්ව පාලනයේ නිරත වෙනවා’ වර්ග සැතැපුම් 63 - 9 ක් විශාල මේ දූපතේ තිබෙන මෝයි පිළිම නෙළන්න ඇත්තේ මෙහි වාසය කළ රපා නුයි ගෝති‍්‍රකයන් කියලා විශ්වාස කරනවා’ මිලියන තුනකට එපිටදි සිදු වුණ ගිනිකඳු පිපිරීම් වලින් මේ දූපත නිර්මාණය වුණා කියලා විශ්වාස කරනවා’ නමුත් අද වන විට මේ දූපතේ තිබෙන්නෙ බොහොම සෞම්‍ය දේශගුණයක්’ වැස්ස අඩු හින්දා වතුර ලබා ගන්නේ ගංගා ඇළ දොළවල් වලින්’ විශාල තණ බිම් ඈතට විහිදිලා තිබෙන අතර බැටලූවන් පාලනය මිනිසුන් ආර්ථිික රටාව වී තිබෙනවා’

වන ශතවර්ෂයේදි මේ දූපතට පැමිණි මානව විද්‍යාඥයෙකු වූ තෝර් හෙයඩාල් කියන්නේ මේ අය දකුණු ඇමරිකාවෙන් පැමිණෙන්න ඇති කියලයි’ අහු නමින් හඳුන්වන වේදිකාවන් පුරාණ දූපත්වාසීන් පුද පූජා පවත්වන ලද ස්ථාන විදිහට හෙයාඩාල් අනුමාන කරනවා’ මේ පිළිමවලින් පෙන්නුම් කරන්නේ දූපත් වැසියන්ගේ මුතුන්මිත්තන් වෙන්නැති කියලා අනුමාන කළත් ඒ මුතුන් මිත්තන් කවුද කියලා තවම තිරණයක් නැහැ’ මෙම මෝයි පිළිම තුළින් ඉන්කා සහ ටහිටි කලා නිර්මාණයන්හි ආභාෂය දැක ගත හැකි වුණත් පාස්කු දූපතේ තොරතුරු ගැන තවමත් අනුමානයන් ගොඩ නගා ගැනීමටවත් පුරාවිද්‍යාඥයන් අපොහොසත්ව සිටිනවා’ එරික් වොන් ඩැනිකෙන් විසින් රචිත Chariots of Gods කෘතියට අනුව නම් අනුමාන කරන්නේ මෙම පිළිම දූපතේ අතරමංවුන පිටසක්වල ජීවීන් විසින් ඉදි කරන්නට ඇත්ද යන්නයි’ එම අතරමංව සිටි කාලයේදි මෝයි පිළිම ඉදිකළ ඔවුන් පසුව එයින් නික්ම යන්නට ඇති බවත් අනුමාන කරනවා’ අද වෙන විට පිළිම 600 ක් විතර තිබෙනවා’ මේ දූපතේ පිහිටි ලෙන් තුළින් හමුවුන ඇටසැකිලි ගල් හා කැටයම් බොහොමයි’ ඒ වගේම ‘‘රොන්ගෝ රොන්ගෝ’’ නමින් හඳුන්වන චිත‍්‍ර අක්ෂර කොටන ලද පුවරු කීපයක් තිබුනත් කිසිම කෙනෙකුට ඒවා කියවන්න හැකියාවක් ලැබුනේ නැහැ’ නමුත් මේ අක්ෂර ඉන්දියානු” මිසර අක්ෂරයන්ට සමාන බැව් පර්යේෂකයන් සඳහන් කරනවා’ මෝයි පිළිමවල අභිරහස මේ අතරේ තවත් පැත්තකට ගමන් කළා’ පාස්කු දිවයිනේ මෝයි පිළිමවල හිස මුදුනත රතු පැහැති තොප්පි පළඳවලා තිබුනා’ මේ තොප්පි වෙනුවෙන් යොදා ගෙන තිබුනේ පිළිම නෙළුව පාෂාණ නෙවෙයි’ බි‍්‍රතාන්‍යයේ පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ අබිරහස සොයා ගෙන යන කොට දූපතේ කුඩා මාර්ගයක් දැක්කා’ මේ අතරෙ පැරණි ගිනිකඳු කුහරයක රතු ගල් පාෂාණ වර්ගයක් මේ ගල් වළේදි තොප්පි හදලා ලී කොටන් මත තබා ගෙන තල්ලූ කර මෝයි පිළිම පිහිටි තැනට පැමිණෙන්න ඇති කියලා ලන්ඩන්හි මැන්චෙස්ටර් විශ්ව විද්‍යලයේ පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා’ රතු යබොර හෙවත් යකඩ සහිත පස් සහ ඝනීභවනය වුණ ලාවා වලින් මේ තොප්පි හදලා අහු වේදිකාවේ තබා තිබුණු සිරස මත ටොන් ගණනක් බර තොප්පි පැළඳුවේ කොහොමද ?’’’’ කියන තැනට නම් තවමත් විසඳුමක් නැහැ’ මේ මෝයි පිළිම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙනවා’


පුන්‍යා චාන්දනි ද සිල්වා
ඉරිදා දිවයින

Post a Comment

0 Comments