ඩෙංගු රෝගීන්ගේ පණ රැකදෙන මහා බලසම්පන්න ඉසිවර තෙල


අතීතයේ ජීවත් වූ මිනිසුන් දෙස බලන කල, අද සමාජයේ ජීවත්වන පුද්ගලයින් නොයෙකුත්  රෝගාබාධයන්ට බොහෝ සෙයින් ගොදුරුවන බව අපට දැක ගත හැක. එයිනුත් බෝනොවන රෝගයන්ට ගොදුරුවන අවස්ථා වැඩිය. බොහෝවිට වෛද්‍යවරුන් අපට සිහිවන්නේ එබඳු රෝගයක් වැළඳුණු විටයි. එබඳු 
  
 රෝගීන් සුවපත් කිරීමෙහි සමත් දෙවිවරුන් බඳු වෛද්‍යවරුන් අද සමාජයේද අපට දැකගත හැකිය. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය එස්. පී. අදිකාරිගේ වෛද්‍යාචාර්යතුමා බෝනොවන රෝග වැළඳුණු අසාධ්‍ය රෝගීන් මරු තුරුලෙන් ගලවා ගත් ජීවකයෙකි. ඩෙංගු  රෝගීන් සුවපත් කිරීමේ ලා සුවිශේෂ දස්කමක් දක්වා ඇති අදිකාරි මහතා සමග අප පැවැත්වූ මෙම සාකච්ඡුාව බෝනොවන රෝග සුවපත් කරන එතුමාගේ දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවේදය පිළිබඳවයි. . 

 අතීත සමාජයේ ජීවත් වූ අයට වඩා අද සමාජයේ ජීවත්වන පුද්ගලයන් රෝගාබාධයන්ට ගොදුරුවීමේ ප‍්‍රවණතාවය වැඩිය. එයට හේතුව කුමක්ද?

 අද සමාජයේ ජීවත්වන පුද්ගලයන් නොයෙක් රෝගාබාධයන්ට ඉක්මනින් ගොදුරු වෙනවා. එයට හේතුව වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනකුගේ ශරීරයේ පවතින රෝගාබාධයන්ට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප‍්‍රතිශක්තිකරණයේ ඇති දුර්වලතාව. ප‍්‍රතිශක්තිය දුර්වලවීමට අපගේ චර්යාවනුත් බලපානවා. එපමණක් නොවෙයි, වැරදි ආහාර රටාවන් හා ඒවායේ ඇති විෂ සහිත බව, වාතය ¥ෂණය වීම, පීඩාකාරී ජීවන රටාව, ආතතිය වැනි දේත් බලපානවා. අපේ පැරැුන්නන් කොළකැඳ පානය කිරීමට පුරුදු වී සිටියා. රතු හාලේ බත් කෑවා. පයින් ගමන් බිමන් ගියා. කය වෙහෙසා වැඩ කළා. වැඩියෙන් වතුර පානය කළා. වස විසෙන් තොර ආහාර අනුභව කළා. එමඟින් ඔවුන්ගේ ශරීර ශක්තිය වර්ධනය වුණා. අද කාලේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටි බොහෝ දෙනා ක්‍ෂණික ආහාර වලට හුරුවෙලයි ඉන්නෙ. වැඩිපුරම අනුභව කරන්නෙ පිටි සහිත ආහාර. එමෙන්ම ශරීරයට සුවපහසුව ලබාදීම තුළිනුත් නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. අද සමාජයේ වැඩිදෙනා දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා, ආතරයිටිස්, කොලෙස්ටරෝල්, ගැna5 2ස්ට‍්‍රයිටිස්, හෘදයාබාධ වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වී සිටින්නේ ඒ නිසයි. මෙම රොගාබාධයන්ට නිසි ප‍්‍රතිකාර නොගැනීම නිසා අකාලයේ දිවියෙන් සමුගන්නා මිනිස් ජීවිත දිනෙන් දවසින් දවස ඉහළ යනවා.

 වර්තමානයේ බොහෝදෙනා මෙවැනි බෝනොවන රෝග සඳහා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවීමේ වැඩි ප‍්‍රවණතාවක් තිබෙනවා. එයට හේතුව කුමක්ද?

 අද බෝනොවන රෝග නමින් හඳුන්වන මේ රෝග සඳහා අපේ රටේ ඈත අතීතයේ සිටම පැවත එන සුවිශේෂ දේශීය ප‍්‍රතිකාර තිබෙනවා. අතීතයේ රජවරුන්ට වෙදකම් කළ වෙදුන් භාවිත කළ එම ඖෂධ තුළින් අදත් මෙම රෝගවලට ප‍්‍රත්‍යක්ෂ ලෙස සුවකළ හැකියි. මගේ වෙද පරම්පරාවත් රාජසිංහ රජතුමාටත් වෙදකම් කළ ඈත අතීතයකට නෑකම් කියන වෙද පරම්පරාවක්. මගේ තාත්තා, සීයා, මුත්ත ලා අප වෙද පරම්පරාව සතු මහා බලසම්පන්න තෙලක් සිඳ රෝගීන් සුවපත් කර තියෙනවා.

 එම තෙල සිඳගන්නේ කොහොමද? කවර රෝග සුවපත් කිරීම සඳහා එය යොදාගත හැකිද?

 මෙම තෙල ආවාට ගියාට සිඳිය නොහැකියි. එයට නිර්මාංශව, පේවී, තඹ භාජනයක ඖෂධ වර්ග 140 ක් හා රහස් ඖෂධ 20 කට අධික ප‍්‍රමාණයක් දමා එයට තැඹිලි තෙල් මිශ‍්‍ර කර මහා සංඝරත්නය විසින් ගිරිමානන්ද සූත‍්‍රය සජ්ජායනය කරන විටයි මෙම තෙල සිඳගත යුත්තේ. මෙම තෙල සිඳීමේදී තඹ භාජන ප‍්‍රයෝජනයට ගත යුතුයි. තඹ කියන්නේ මිනිස් ජීවිත වලට අතිශය වැදගත් වටිනා ලෝහ වර්ගයක්. අපේ පැරැුන්නන් ඖෂධ දැමීමට, වතුර බීමට ගන්නා කෝප්පයට පවා තඹ මිශ‍්‍රිත භාජන ප‍්‍රයෝජනයට ගත්තේ ඒ තුළින් නිරෝගීකමත් ශරීර ශක්තියත් වර්ධනය වූ නිසයි. අද මිනිසුන් හුරු වී සිටින්නේ ප්ලාස්ටික් හා ඇළුමිනියම් භාජන ප‍්‍රයෝජනයට ගැනීමටයි. එමඟින් ඔවුන්ගේ ජීවිත වලට වන හානිය කිව නොහැකිතරම්. මෙම තෙල සිඳීමේදී මදුරු විෂට ඔරොත්තු දීමේ හැකියාව ඇති ගස්ලබු කොළ, නික කොළ, මදුරුතලා, හීන් උඳුපියලිය, ලූණුවිල, කරපිංචා කොළ වැනි ඖෂධ ද භාවිතයට ගන්නවා. එමඟින් මදුරු විෂට මෙන්ම ශරීර ශක්තියද වර්ධනය වීම තුළින් මදුරුවන්ගෙන් බෝවන මැලේරියාව, බරවා, ඩෙංගු වැනි රෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ඇතිවෙනවා. මේ කාලෙ අපේ රට පුරා පැතිරී තිබෙන ඩෙංගු රෝගය වළක්වාගන්න මේ තෙල ප‍්‍රත්‍යක්ෂ ඖෂධයක්. මෙම තෙල සර්ව රෝග නිවාරණය මෙන්ම සර්ව දෝෂයන්ද නිවාරණය කරන මහා බලසම්පන්න තෙලක් 

 ඩෙංගු වැනි රෝගයක් වැළඳුනු විට බොහෝ දෙනකු මහත් බියට පත්වෙනවා. මේනිසාම ඔවුන් මානසිකව දුර්වල වෙනවා. රෝගියා මානසිකව දුර්වලවීම වළක්වාලීමත් ඔහුට ප‍්‍රතිකාර කිරීමේදී අත්‍යාවශ්‍ය කාරණයක් නේද?

 එය ඉතාමත්ම වැදගත් කාරණයක්. කිසියම් පුද්ගලයෙක් රෝගයක් වැළඳුනු විට බියට පත්වීම දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයේ හඳුන්වන්නේ සංකා විෂ ලෙසයි. අද බොහෝ දෙනෙකු ඩෙංගු මාරාන්තික බව දන්නවා. ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය යැයි යමෙකුට එකවරම පැවසුවහොත් ඒ නිසා ඔහුගේ මනස තුළ ඇතිවන බිය, කම්පනය හා සාංකාව තුළින් ඇතැම්විට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පවා අහිමි වීමට පුළුවන්. නමුත් ඔහුගේ සිත සැනසෙන ආකාරයෙන් ඔබගේ රෝගය අපට සුවකළ හැකිය කියා රෝගියාට පවසා ආත්ම විශ්වාසය හා ධෛර්යය සිතට ලබාදීම තුළින් රෝගියා සුවපත් කළ හැකිය. අතීතයේ සිට මේ දක්වා 

 සිදුකරන නූලක් දමා, දෙහි කපා, ශාන්තිකර්ම කළේ රෝගියාගේ සිත සුවපත් කිරීමටයි.

 ඩෙංගු රෝගයට මෙන්ම වෙනත් රෝගාබාධවලටත් ඔබ ප‍්‍රතිකාර කරනවාද?

 මම ප‍්‍රධානවශයෙන්ම සර්වාංග හා කැඩුම් බිඳුම් වලට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. මේ වන විට මම විශාල රෝගීන් පිරිසක් සුවපත් කර තිබෙනවා. මාගේ බලාපොරොත්තුව නිරෝගි සමාජයක් බිහිකිරීමයි. ඩෙංගු රෝගය අපේ රටේ උත්සන්නව පැවති කාලයේ මම සෑ¥ ඉසිවර තෙල පන්සල් වලට ගොස් නොමිලේ මිනිසුන්ට ලබාදුන්නා. එමඟින් ඩෙංගු 

 රෝගීන් සුවපත් කරගැනීමට හැකියාව තිබූ අතර, අනික් අය ඩෙංගු රෝගයට ගොදුරු නොවී බේරා ගැනීමට හැකියාව ලැබුණා. දැන් වුවත් දුෂ්කර පළාත් වලින් ලැබෙන ඇමතුම් වලට පන්සල් මුල්කරගෙන මෙම තෙල බෙදා හැරීම තුළින් බොහෝ පිරිස 

 රෝගයන්ගෙන් බේරා ගැනීමට මට හැකියාව ලැබී තිබෙනවා. අතීතයේත්, වර්තමානයේත් මදුරුවන් සිටියා. අනාගතයේත් ඉඳීවි. මදුරුවන් විනාශ කිරීම තුළින් ඩෙංගු රෝගය නැතිකළ නොහැකියි. අප කළ යුත්තේ මිනිසුන්ගේ ප‍්‍රතිශක්තිකරණය වැඩි කිරීමයි. මා සෑම පොහෝ දිනකම 

 රෝගීන් වෙනුවෙන් නොමිලයේ ප‍්‍රතිකාර ලබා දෙනවා. දැනුමින් හා ප‍්‍රතිශක්තියෙන් පිරිපුන් මිනිසුන් තුළින් නිරෝගිමත් සමාජයක් බිහිවේවා යන්න මාගේ පැතුමයි.

එස්.පී අධිකාරීගේ මහතා
පාරම්පරික ආයුර්වේධ වෛද්‍ය
ඉරිදා දිවයින

Post a Comment

0 Comments