හැමෝම නොදන්නා කඩු ගැන විත්ති


ලොව වෙසෙන මිනිසුන් වන අප පමණක්‌ නොව සැම සත්ත්වයෙකුම ජීවත්වීමේ අරගලයේදී මූලිකත්වය දෙන කාරණා අතරින් ආහාර හැරිය විට ප්‍රමුඛ වන්නේ ආරක්‍ෂාවය. නූතන සමාජ රටාවට අනුගතව ආරක්‍ෂාව කී සැනින් පද පෙරැළෙන්නේ තුවක්‌කුවය. පිස්‌තෝලය ය. පොලීසිය ය, හමුදාවය ය. ආරක්‍ෂක අමාත්‍යංශය ය.

පුරාණ කාලය ඊට හාත්පසින්ම වෙනස්‌ය. එදවස ආරක්‍ෂාව උදෙසා මිනිසා ක්‍රියාත්මක වූයේ තමන්ගේ ශක්‌තිය යොදවමින්ය. අතේ පයේ හයිය ශක්‌තිය යොදවමින්ය. අතේ පයේ හයිය තව තවත් තීව්‍ර කර ගැනීම පිණිස ආධාරක කර ගත්තේ පොල්ලකි. හෙල්ලකි. කඩුවකි, කිනිස්‌සකි. ඒ අතරින් කඩුවට සුවිශේෂී වූ විස්‌තීර්ණ වූ ස්‌ථානයක්‌ හිමිව ඇත්තේ ඊට රාජකීයත්වය මුසුව ඇති නිසාය.

වචනයේ පරිසමාප්ත අරුතින් එකල රජවරුන් අසිපත් දැරුවෝහුය. ඔවුනට අසිපත දරන්නට නම් එය හැසිරවීමේ ශූරයෝම විය යුතුව තිබිණ. එය ද එකල රාජනියෝගයකි. කඩුව අතින් දරන්නා හට අසිත්ගාහක නම් වූ තනතුර දැරුවෝම පමණක්‌ වූහ. අසිපත දරන්නා යන අරුත ගැබ් වූ අසිත්ගාහක තනතුර ලබන්නා නම් හේ අතිවිශිෂ්ට අසිපත් හසුරුවන්නෙක්‌ම විය යුතුය. එහෙයින් මෙම තනතුර එකල හිමිව තිබුණේ රජුට හෝ දිසාවරුන්ට හෝ මුදලි මුහන්දිරම්වරුන්ට පමණකි.

අසිපත හෙවත් කඩුව ඔද තෙද ඇති ආයුධයක්‌ නිසාවෙන්ම එහි අගය අමිල විය. එදවස තමා සමීපයේ හිඳිමින් තමාගේ ආරක්‍ෂාව සැලසූ පරම හිතවතා වූ අසිපත විවිධ හැඩතල, ලියවැල්, මල්කම් ඔබ්බවා හැඩ වැඩ කොට අලංකෘතයෙන් අනූන කළේද එහෙයිනි.

අද දවසේදී කඩුව අමිල ආයුධයකි. ඉකුත් කල රටම කලම්බවා අගනුවර මධ්‍යයේ පිහිටි සුවිශාල ගොඩනැගිල්ලක පිහිටුවා ඇති මහා කෞතුකාගාරයේ තැන්පත් කොට තිබූ කඩු තුනක්‌ සොරකම් කළේ එහි පෞරාණික බව හා කැටි වූ අමිල ගුණය නිසාය. සොරාගේ සැලසුම්ගත වාසනාවේ මහිමයෙන් කෞතුකාගාරයේ වැජඹි නුවර දිසාවරුන්ට අයත් බව සැල එම අසිපත් තුන ගොඩනැගිල්ලෙන් අතුරුදන් වූයේය. ඇස්‌වල වැලි වැදුනේ අහිංසක මහජනතාවගේය. මහජනතාව කුපිත වී තඩිබෑවේ අහසින් වැටුණු කුඩුකාරයකුටය. ඔහු සොරගත් කඩු තිබුණේ කසළ බඳුනකය. ඒ කඩු සොරකම හරියටම කොටුවේ පිපිරු ණු බෝම්බය සේ මිනිස්‌ සිත තුළ විස්‌මිත විස්‌තෘතියක්‌ ඇතිකොට කාලයට ඉඩදී විස්‌මෘතියක්‌ ඇති කළේය.

දැනට සති කිහිපයක සිට යළිත් කඩුව ජනහදවත්වල කුහුල ජනිත කරවූයේය. නිධානයකින් ගත් කඩුවක්‌ හා කඩු කොපුවක්‌ විකුණන්නට සැරසෙද්දී හැටන් පොලිසියට හසුවිය. හැටන් පොලිසිය කඩුවේ ජන්ම පත්‍රය සෙවීම පිණිස පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වෙතට එය යොමු කළේය. කඩුව සහ කඩු කොපුව මහනුවර යුගයට අයත් වූවක්‌ බව එහිදී සනාථ විය.

පුරාවිද්‍යා නිරීක්‌ෂණවලින් සනාථ වූ පරිදි ඉපැරණිතම කඩුව හමුවූයේ පොළොන්නරුවෙනි. පුරාතනයේ කඩුවක්‌ වර්තමානයේදී සොරකම් කොටගෙන හෝ තමන් සතු කරගැනීමේ යටි අරමුණ කුමක්‌ විය හැකිද? අමිල වටිනාකමක්‌ සහිත මෙම ආයුධය තමන්ට සෑහෙන පමණ මුදලකට විකුණා දැමීමද? දේශීයත්වය විකුණා සිංහල ලකුණ අතුගා දැමීමද?

අරමුණ කුමක්‌ වුවද මෙය පාපතර ක්‍රියාවක්‌ වන්නේ හෙලගත හෙළ අභිමානය මෙය යෑයි දැක අතීත හුස්‌ම පිඹින්නට අනාගත වැසියන්ට ඉඩ නොතබා අත සෝදාගැනීම නිසාය. රජෙකු නම් රජකම පමණක්‌ නොව තමා සහ රට වැසියන් මේ සා දුරක්‌ පැමිණ හැරී බලද්දී පෙනෙන මාවතද රැකගත යුතුය. එසේ නොවන්නේ නම් ඉතිහාසය අතීතය දූවිල්ලක්‌ සේ වා තලයට මුසුවී යන්නේය.

ආයුධ අතරේ ප්‍රමුඛතාව ගන්නා කඩුව දූවිල්ලක්‌ සේ යා දිය යුතු නොවේ. ඊට ඇත්තේ අනුපමේය අත්‍යන්ත වූ ඉතිහාසයකි. එය නොදත් අධම හෙලයා  කඩුවක්‌ නම් දැන් කුමකටද?' යි සිතති. පහත් සිතින් සිතීම අපටම වළ කපා ගැනීමම ය. අද ජීවත්විය යුත්තේ අතීත අභිමානයේ දැවටෙමිනි. එසේ නොවන කල අනාගතය හිස්‌ බෙලෙක්‌කයක්‌ම ය.

රජ දවස රාජ අභික්‍ෂේකය සංකේතවත් කළේ පංචකකුද භාණ්‌ඩ පැළඳ සිටීමෙනි. කඩුව ඡත්‍රය හෙවත් සේසත, වල්විදුනාව හෙවත් චාමරය, නළල්පට සහ මිරිවැඩි සඟල යන පංචකකුද භාණ්‌ඩ අතරින් ශ්‍රේෂ්ඨතාවයේ ලා සලකන්නේ කඩුවය.

රජ කල කඩුව නිමැවූයේ නවන්දන්නා මිනිසුන්ය. එකල නවම් දන්නෝ රජුගේ ආයුධපට්‌ටලයේ වැඩ කළහ. ශිල්පීය ඥානය දත් මේ වැසියෝ ගලලදුකුලයේ ඉහළ ස්‌තරයේ වැජඹි උදවිය විය. මහනුවර යුගයේ අසිපත් නිපැදවූයේ මාවනැල්ල මංගලගම විසූ උදවිය ය. ඔවුන්ගේ හස්‌තකර්මය කිසිවකුට හෝ සොරාගත නොහැකි විණි යෑයි සඳහන්ය. එහෙයින්ම රජු මේ වැසියන්ට මංගලගම සන්නසද පිරිනමා තිබේ.

කඩුව කැපෙන මුවාතින් හා තියුණු තුඩකින් යුත් Rජු දිග තලයකින් ද ඊට ගැලපෙන මිටකින් ද සැදි ලෝහමය ආයුධයකි. පතපොතෙහි සඳහන් පරිදි ආදිතම කඩුව නවශිලා සමයෙහි ගිනිගල් අවියකට අනුරූපව සාදන ලදැයි අනුමාන කෙරේ. යුරෝපයේ බොහෝ ප්‍රදේශවලින් කොකේසස්‌ හා ඩැනියුබ් නිම්නවල සිදුකළ පුරාවිද්‍යා ගවේෂණවලින් සොයාගත් ලෝහ තහඩු ක්‍රිස්‌තු පූර්ව 1200 ට පෙර භාවිත වී ඇතැයි ද අනුමාන කෙරේ.

ආර්යයන්ගේ ගමන් මාර්ගයෙහි කළ පුරාවිද්‍යා ගවේෂණයෙනුත් වෛදික සාහිත්‍යයෙනුත් පෙන්වා ඇත්තේ ඉන්දියාවට ආයුධ ගෙන ආවේ ආර්යයන් බවයි. යකඩ සහ වානේ සොයාගත් පසුව මෙබඳු ආයුධ තැනීම දියුණු තලයකට පත්ව ඇත. සවිමත් අවි තැනිය හැකිවූයේ ලෝහ කාබනීකරණය සොයාගත් පසුවය. වානේවලින් තැනුණ වසර දෙදහසක්‌ පමණ පැරණි කඩු ශ්‍රී ලංකාවේ ස්‌ථාන කිහිපයකින්ම ලැබී ඇත. කාබනීකරණයට බඳුන් කළ කඩුව යුරෝපයට හඳුන්වා දී ඇත්තේ ස්‌කැන්ඩිනේවියාවෙන් පැමිණි බයිකිංවරු විසිනි.

ලංකාවේ කඩු හරඹය පිළිබඳ තොරතුරුවලින් පෙනී යන්නේ මෙම ආයුධ යුද්ධ කාර්යයේදී භාවිත කළ බවකි. සො`ඩින් ගත් කඩුවෙන් සටන් කිsරීමට පුහුණු කළ ඇතුන් පිළිබඳව ක්‌වේරෝස්‌ (1688) වාර්තා කර ඇත. 17 වන සියවසෙහි දෙගල්දොරුවේ බිතු සිතුවමක එවැනි ඇත්රූප සිතුවම් කොට තිබේ.

දෙවනපෑතිස්‌ රජුගේ අභිෂේක උත්සවයේදී ධර්මාශෝක රජු තිළිණකොට ඇත්තේ අසිපතකි. පැරණි සම්ප්‍රදායානුකූලව රජුගේ කඩුව ගිතෙලින් පන්නරය ලැබිය යුතුය. වීරයාගේ කඩුව ලෙයින් ද යුද භටයාගේ කඩුව කිරෙන්ද පන්නරය ලැබිය යුතුය. කඩු පාවිච්චි කළ යුතු, නොකළ යුතු දින සහ නැකැත් පිළිබඳ නැකැත් කී උදවියද සිට ඇත. කඩුවක්‌ අලංකරණය කළ යුතු ශුභ ලකුණු ද අශුභ ලකුණු ද තිබී ඇත. ඒ සියල්ල දත්තෝ නවම් දත්තෝ පමණකි.

අද කඩුව සොරා ගන්නෝ මේ සා වටිනාකම දත්තෝ පමණකි. එසේ නැතිනම් කඩුව උන්ට කොස්‌ කොටන්ටද? 

කඩුව නිල තත්ත්වයෙහි සකේතය වූ විට කඩු මිට සිංහමුහුණ සෙරපෙන්දිය සහ මිනිස්‌ රූ යනාදියෙන් ද කැටයම් කර ඇත. රජෙකුගේ කඩුවෙහි මිට පියුම් පෙත්තෙන් සුසැදි ගෙඩියෙන් ද ශූභ ලකුණින් හා මනහර කැටයමින්ද යුක්‌ත වෙයි. එම කඩු වෙනකෙකුට ස්‌පර්ශ කිරීම පවා අකැපය.

කඩු තලයේ වන වෙනස්‌කම් අනුව එය පාවිච්චි කළේ කවුරුද? කුමකටද? යන්න පවා දන්නා සෙයක්‌ රජමැදුරෙහි පැවතිනි. සිංහල රජුන් අතර පළමුවන විමලධර්මසූරිය, පළමුවන රාජසිංහ සහ දෙවන රාජසිංහ යන රජවරු අසිපත් ශිල්පයෙහි පෑ වික්‍රමයන් පිළිබඳව ඉතිහාස පොත පත කරුණු සනාථ කරයි.

පුරාණ පංචායුධ අතර කඩුවද විය. මේ සිරිලකෙහි අතීත රජ දවස තිබූ ආයුධ වර්ග තිස්‌ දෙකක්‌ පිළිබඳ දැක්‌වේ. කඩුව ඉන් එකකි. දඹදෙණි අස්‌නෙ හි සහ පූජාවලියෙහි කඩු වර්ග රැසක්‌ ගැන කියෑවෙයි. රන්කඩු, රිදී කඩු, මිණිකඩු, සත්රුවන් කඩු, අපරා කඩු, ගුදාජර කඩු, ප`ඩි කඩු, වඩිග කඩු, ජින කඩු, මලය කඩු, මඳුර කඩු, තෙළිගු කඩු, ජාවක කඩු, වංග කඩු, ධවල කඩු, වක්‌ කඩු, දික්‌ කඩු, ඉන් කිහිපයකි.

වසර 1807 කෝඩ්නර්ගේ වාර්තාවලට අනුව මෙරට නිලතල දැරූ උදවිය රිදියෙන් කළ මිටකින් හා කොපුවකින් ද දීප්තිමත් තාරකාවකින් හෝ මැණික්‌වලින් අලංකෘත කඩු පැළැඳි බව කියෑවේ. කඩු පැළැඳීමෙහි සම්මත ක්‍රමද පැවත තිබේ.

ලොව සෑම රටකම පැරණි ද`ඩුවම් ක්‍රමවලදී වධකයා භාවිත කර ඇත්තේ කඩුවය. ලංකාවේ අන්තිම වධකයා පාවිච්චි කළ කඩුව කෝරා වර්ගයට අයත් වූවකි. එය මහනුවර කෞතුකාගාරයේ තබා තිබිණි. මේ මොහොත වන විට එය එපරිද්දෙන්ම ඇත්දැයි නොදනිමි. මද්දුම බණ්‌ඩාරගේ හිස ගසා දමන ලද්දේද කඩුවෙනි. මහනුවර සමයේ ලංකාවේ රජුන්ගේ භෂ්මාවශේෂ මහවැලි ගඟේ පාකර යෑවීමේ කුරාලේ නැංවීම නම් වූ චාරිත්‍රය පැවැත්වීමේදී අ`ඵ බඳුන බි`දීම චාරිත්‍රය පැවැත්වීමේදී අ`ඵබඳුන බි`දීම සඳහා කඩුව උපයෝගී කරගෙන ඇත. දේවාල පෙරහැර උත්සවයේදී දිය කැපීමටද කඩු භාවිත කරන්නේ අතීතයේ පමණක්‌ නොවේ.

මේ සා විරාජමාන අතීතයක්‌ සේ පතළ රාජඓශ්චර්යයක්‌ ඇති කඩුව අද සොරාගන්නේ තම තමන්ගේ බඩ වඩා ගනු පිණිසම විය යුතුය. එසේ කරන්නවුන් යන්නේ නිරයට නොවේ. ජීවන හුස්‌ම දුන් අතීතයට නිගරු කොට එය කෙළෙසන වුන්ට අන්තදුක්‌ත මිනිස්‌ ආත්මයක්‌ තබා ආත්මයක්‌ පවා නොලැබිය යුත්තේම ය.

මුතුමාලී මුතුබණ්‌ඩාර 

Post a Comment

0 Comments